13/04/2026
සිංහල අවුරුදු (Sinhala and Tamil New Year) සමයේ රතිඤ්ඤා හඬ නිසා සුරතල් සතුන් (විශේෂයෙන් බල්ලන්, පූසන් ) බියට පත්වීම ඉතා සාමාන්‍යයි. ඒ නිසා පශු වෛද්‍ය උපදෙස් අනුව ඔවුන් ආරක්ෂා කරගැනීම වැදගත්.
🔊 1. ආරක්ෂිත, නිශ්ශබ්ද ස්ථානයක් සකස් කරන්න
සතුන්ට නිවස ඇතුළත හඬ අඩු කාමරයක් (window close කරලා) සකස් කරන්න
curtain දමා හෝ fan/TV හරහා background sound දාලා රතිඤ්ඤා හඬ අඩු කරන්න
crate/bed එකක් තියලා “safe zone” එකක් හදන්න
🐕 2. සතුන්ට හුදෙකලා නොකරන්න
බල්ලන්ට තමන්ගේ අයිතිකරු ළඟ හිටියොත් බිය අඩුවේ
ඔවුන් බය වෙද්දී punish කරන්න එපා – calm voice එකෙන් කතා කරන්න
🦴 3. අවධානය වෙනස් කිරීම
chew toys, treats දීලා attention divert කරන්න
training games (simple commands) දීලා focus වෙනස් කරන්න
🚪 4. පැන යාම වැළැක්වීම
බල්ලන් බියෙන් පැන යාම common
gates, doors, fences හොඳින් lock කරන්න
collar + ID tag එකක් දාන්න
💊 5. වෛද්‍ය උපදෙස් යටතේ ඖෂධ
බිය ඉතා වැඩි නම් පශු වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අනුව
mild sedatives
anti-anxiety medication
ලබා දිය හැක
👉 තමන්ම drug දෙන්න එපා (dose වැරදි වෙන්න පුළුවන්)
🌿 6. Natural calming methods
pheromone sprays/diffusers (dog appeasing pheromone)
calming music (pet relaxation sounds)
⚠️ 7. අවධානය යොමු කළ යුතු ලක්ෂණ
අධික හුස්ම ගැනීම
කම්පනය (trembling)
හොඳට නොකන එක
hidden වීම / aggressive වීම
මෙවැනි ලක්ෂණ වැඩි නම් වහාම පශු වෛද්‍යවරයෙකු හමුවන්න.
Pet Care Animal Hospital Karawanella