
27/09/2025
මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ අපි රුපියලක් වත් අය කරන්නෙ නැතුව කරපු zoom වැඩසටහන් 13ට අදාලව දාපු පෝස්ට් කිහිපයක්.පළවෙනි පාරට මෙහෙම screen shot දාන්න උනේ කොහේද ඉඳල ආපු නෙගටිව් සහ කුහකයො ටිකක් මගේ පේජ් එකෙන් යමක් ඔලුවට දාගන්න ආපු මගේ අලුත් මිත්‍රයින් නොමග යවන කමෙන්ට් කිහිපයක් දාල තව ඒව continue කරගෙනත් යන නිසා සහ අලුතින් පේජ් එකට එකතු වෙච්ච අයට මේ පිළිබඳව අවබෝධයක් නැති නිසා.ඒත් පේජ් එකේ පහලට ගිහින් බැලුවත් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් ඒ වීඩියෝ වල තියෙන්නෙත් දැනුම තමයි කියල.ඔය මඩ ගහන ගඳ ගහන කමෙන්ට් දාන මහා පරිමාන මිනිස්සුත් එහෙම කියල දීපු දේවල් තියෙනව නම් එකෙන්ම respect.ඒත් ගිහින් බැලුවම ප්‍රොෆයිලුත් ලොක් 😂.දැන් මාලු හදන්නෙත් නෑලු.තමන්ට කරගන්න බැරි උන එකට ලෝකෙ නැති හේතු කිය කිය අලුතින් හැදෙන්න එන අයත් නෙගටිව් කරවනවා.අත අරින කෙනා කොහොමත් හේතු හදාගෙන හරි අත අරිනවා.කරන කෙනා කොහොමත් කරනවා.මගේ ෆුල් ටයිම් රැකියාව මේක නිසා මන් වැය කරන කාලයට සහ මගේ දැනුමට මන් සාදාරන ගානක් ගන්නවා.මම හිතන්නෙ නැහැ මගේ පේජ් එකේ තරම්වත් දේවල් මෙහෙම වීඩියෝ දාල වෙලාව වැය කරල බෙටා මසුන් ගැන කියල දෙන කව්රුත් මේ වෙලාවෙ ඉන්නව කියලා.මත්පැන් බෝතලයක් ගන්න යන ගානවත් යන්නැති මුදලකට මාලු 50ක් විකුණල ගන්න ආදායමටත් අඩු මුදලකට ව්‍යාපාරයක් ගැන කිසි දෙයක් හංගන්නෙ නැතුව කියල දෙනකොට ඒකටත් ලෝබ වෙන මිනිස්සුන්ට කොහොමටත් මේක හරියන්නෙ නැහැ.ඒක නිසා කැමති කෙනෙක් ඉන්නව නම් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න.අනිත් අයට අර නෙගටිව් ඔස්තාර්ල කියන දෙයක් අහගෙන එයාල පෙන්නන පාරෙ ගියාට කිසිම අමනාපයක් නැහැ.