24/11/2019
🙂 Kuhli Loach fish
Kuhli ලෝච් Pangio kuhlii ලෙසින් දැන් හැඳින්වුවත් කලින් මෙයාලගේ විද්යාත්මක නාමය පැවතුනේ Acanthophthalmus Kuhlii ලෙසයි. මොවුන්ව හඳුනාගෙන තියෙන්නේ වර්ෂ 1846 දී Valenciennes විසින්. අග්නිදිග ආසියාවේ සුමාත්‍රා,සිංගප්පුරුව, බටහිර මැලේශියාව ,ජාවා, බෝර්නියෝ සහ තායිලන්තයේ දී මොවුන් ප්‍රික්ලි අයි, කූලි ලෝච්, ජයන්ට් කූලි ලෝච්,සිනමන් ලෝච් සහ ලෙපර්ඩ් ලෝච් කියල කියන්නෙත් මේගොල්ලන්ට ම තමා.
කොළ රොඩු සහිත කඳුකර දියසීරාවන් මෙන්ම වැලි සහිත සෙමෙන් ගලායන ගංගා තමා මේගොල්ලන්ගේ වාසස්ථානවෙන්නේ. සාමාන්යෙන් ගස් වියන් වලින් සෙවන වුනු පරිසරයට තමා මේ ගොල්ල කැමති. ස්වභාවිකව මේ ගොල්ලෝ කාණ්ඩ වශයෙන් හමුවුනත් මෙයාල රංචුවක් එක්කම ඉන්න මාළු වර්ගයක් නෙමේ.මෙම මසුන් රංචු වශයෙන් සිටින විට නම් මෙයාලගේ සාමාන්‍ය හැසිරීම් රටාව හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් . වන අතර තනිව සිටින විට නම් සැගවී සිටීමට කැමැත්තක් දක්වයි .නිශාචරයන් වන මෙම මසුන්ගේ ශරීර හැඩය වශයෙන් අඟල් 3-4.5 ක් (සෙන්ටි මීටර 7.8-12) පමණ වැඩෙන මොවුන් පණුවෙක් වගේ දිගටියි. උපරිම ආයු කාලය අවුරුදු 10ක් ලෙස වාර්තා වෙනවා.වර්ණයෙන් රෝස පැහැයට හුරු කහ පැහැයක් ගන්නා මොවුන්ගේ සිරුරේ සිරස් අතට තද පැහැයෙන් යුතු තීරු 12-17ක් පමණ තියෙනවා. එයින් තීරු තුනක්ම හිස ප්‍රදේශයේ දකින්න පුළුවන්. ඒ වගේම පොඩි රැවුල් ජෝඩු තුනකුත් පිහිටලා තියෙනවා. පෘෂ්ඨීය වරල ආරම්භ වන්නේ ටිකක් පිටුපසට වෙන්නයි. පෘෂ්ඨීය වරලේ අවසානයත් එක්කම ගුද වරල පිහිටනවා.
🐠 ගෘහස්තව ඇතිකිරීම
මසුන් ඇති කරන්නන් අතරත් බොහොම ජනප්‍රියයි.කුහ්ලි ලෝච් එහෙමත් නැත්නම් Pangio kuhlii කියන්නේ වසරකට මසුන් මිලියන ගණනින් අපනයනය කෙරෙන මත්ස්‍ය
ක්‍රියාශීලි ලස්සන සුටි මත්ස්‍යය විශේෂයක් වන මෙයා ගස් , ගල් වගේම ටැංකිවල විසිතුරු බඩු අස්සේ සැරිසරමින් තමා ඉන්න කැමති.ටැංකි පතුලේ ඉතිරි වෙලා තියෙන කෑම ආහාරයට ගෙන ටැංකිය පිරිසිදුව තියාගන්න ගොඩක් උපකාරී වෙන මාලුවෙක් .......