BestVcare Animal Hospital

BestVcare Animal Hospital Veterinary Hospital. Wariyapola

30/06/2025
30/06/2025
30/06/2025
30/06/2025
14/05/2025
💉🐶සුරතල් සතුන්ට උපත් පාලන එන්නත් ලබා දීම.🐶💉💊ඔබත් ඔබගේ සුරතල් බලු පැටවාට හෝ පූස් පැටවාට " පැටවුන් හම්බවෙන එක නවත්වන්න inj...
31/03/2025

💉🐶සුරතල් සතුන්ට උපත් පාලන එන්නත් ලබා දීම.🐶💉

💊ඔබත් ඔබගේ සුරතල් බලු පැටවාට හෝ පූස් පැටවාට " පැටවුන් හම්බවෙන එක නවත්වන්න injection" දෙනවාද?

💊එහෙම නම් මේ ගැනත් පොඩ්ඩක් දැනුවත් වෙන්න...

🐕Depo- provera නැත්නම් පැටවුන් හම්බවෙන එක නවතින්න දෙන injection එක ඇත්තටම මිනිසුන් සදහා නිපදවපු Medroxy progesterone acetate කියන හෝර්මෝනයයි.

🐕වර්තමානයේ මේ එන්නත ගැහැණු බලු පැටවුන්ට වගේම පූස් පැටවුන්ට කෙටි කාලීන උපත් පාලනයට යොදා ගන්නා වියදම් අඩු, පහසුවෙන් භාවිතා කළ හැකි ක්‍රමයක් විදියට බහුලව භාවිතා කරනවා.

🐕මේ එන්නත, නිසි විෂය දැනුම්කින් තොරව නොසැලකිලිමත් විදිහට ලබා දීමෙන් ඉතා හානි දායක ප්‍රතිඵල ඇති වෙනවා.

🐕ඔබගේ සුරතලාට මෙම එන්නත ලබා දෙන මෙන් පශු වෛද්‍යවරයෙකුට ඔබ ඉල්ලීමක් කළහොත් එම පශු වෛද්‍යවරයා විසින් මෙම එන්නත ලබා දීමට පෙර ඔබගේ සුරතලා ප්‍රජනන චක්‍රයේ පසු කරන අවධිය, සුරතලාගෙ දේහ බර, මෙයට පෙර උපත් පාලන එන්නත් ලබා දී තිබේද, එසේ නම් ඒ කොපමණ කාලයකට පෙර ද, නුදුරු දිනකදී පිරිමි සතෙකු සමග සංසර්ගයේ යෙදුණේ ද, ගර්භනී තත්වයේ පසු වේද ආදී තොරතුරු බොහෝමයක් සලකා බලා එන්නත් දීම හෝ නොදීම තීරණය කරනවා.

🐕නමුත් මේ පිළිබඳ හරි හැටි නොදන්නා ඇතැමුන් අධික මාත්‍රාවකින් නුසුදුසු කාල පරිච්ඡේදවලදී මෙම එන්නත් දීම නිසා හෝ නිතර නිතර (වසරකට කිහිප වතාවක්) භාවිතා කිරීමට සිදුවන නිසා මෙයින් Pyometra තත්ත්වය ඇති වෙනවා.

🐕මේ හෝර්මෝන නිසා ගර්භාෂයේ ග්‍රන්ථිවල ශ්‍රාව නිපදවීම වැඩි වෙනවා.

🐕බාහිරයෙන් ගර්භාෂයට හෝ යෝනි මාර්ගයට ඇතුළු වෙන බැක්ටීරියා මේ ශ්‍රාව මත වඩා ක්‍රියාකාරී වීමෙන් ගර්භාෂයේ සැරව පිරීමේ (Pyometra) තත්ත්වයක් ඇති වෙන්න තියෙන හැකියාව ඉතාම ඉහළයි.

🐕සමහර ගැහැණු සතුන්ගේ ගැබ්ගෙල විවෘතව පවතින විට pyometra අවස්ථාවක් ඇති වුවොත් ගර්භාෂයේ වූ සැරව යෝනි විවරය හරහා පිළී ගදක් සහිත ශ්‍රාවයක් විදියට පිටවෙනවා දැක ගන්න පුළුවන්.

🐕ඒත් ගැබ්ගෙල වැසී පවතින අවස්ථාවකදී pyometra තත්ත්වය ඇතිවුවහොත් ගර්භාෂයේ සැරව පිරී පැවතුනත් පිටතට එන්නේ නැති නිසා තත්ත්වය තවත් බරපතල වෙනවා.

🐕ගර්භාෂය ඇතුළත සැරව එකතු වීම හේතුවෙන් උදර ප්‍රදේශය ඉතා විශාලව හා ඝනව පැවතීම, හුස්ම ගැනීමේ අපහසුව, කෑම අරුචිය, උදාසීන බව, අප්‍රාණික වීම, විජලනය, රුධිර සංසරණයට ගර්භාෂයේ නිපදවූ විෂ ද්‍රව්‍ය එකතු වීම සහ වකුගඩු අක්‍රමිකතා ඇති වෙන්න පුළුවන්.

🐕සුරතල් ගැහැණු සතෙකුට Depo provera දුන් පසුව මෙවැනි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබෙනවා නම් හැකි ඉක්මනින් ඔබගේ පශුවෛද්‍යවරයා හමුවට සුරතලාව රැගෙන යන්න.

🐕රෝග ලක්ෂණ නොසලකා හැරීමෙන් ඔබගේ සුරතලා මරණයට පත් වීමට බොහෝ ඉඩකව තිබෙනවා.

🐕පශුවෛද්‍යවරයා විසින් බොහෝ විට සැරව පිරුණු ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකර ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක ආදියද ලබා දෙනවා.

🐕මෙවන් අන්තරාදායක තත්ත්වයන් මග හරවා ගැනීමට නම් ඉතා සුදුසුම උපත් පාලන ක්‍රමය වන්නේ ගැහැණු සතුන් වන්ද්‍යාකරණය (වද සැත්කම්) කිරීමයි.

🐕මෙහිදී සම්පූර්ණ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හෝ ඉන් කොටසක් සැත්කම් මගින් ඉවත් කරන නිසා මෙය ස්ථිර උපත් පාලන ක්‍රමයක් ලෙස සලකන්න පුළුවන්.

🐕Depo provera එන්නත විදීම නිසා pyometra තත්ත්වය ඇති වීම හේතුවෙන් ගැහැණු සතුන් දෙදෙනෙකුගේ සැරව පිරුණු ගර්භාෂ අප විසින් ඉවත් කරන ලද අවස්ථාවලදී ගන්නා ලද චායාරූප පහත දැක්වෙනවා.

🐕ඉවත් කරන ලද ගර්භාෂ පිළිවෙලින් 2.6kg සහ 1.7kg පමණ වුණා.

👨🏽‍⚕️ඔබට දැනගැනීමට තවත් කරුණු ඇත්නම් දුරකතන මාර්ගයෙන්ද, comment හෝ whatsapp මගින් ද එසේ නොමැතිනම් අප ආයතනයට පැමිණීම මගින්ද විමසන්න.

👨🏽‍⚕️Best V Care - Animal Hospital, Wariyapola
👨🏽‍⚕️Contact No. & Whatsapp - 077 327 0677
037 227 0677

BestVCare Animal Hospital staff would like to express our sincere gratitude to Dr. Sujith Sudusinghe - Managing Director...
29/03/2025

BestVCare Animal Hospital staff would like to express our sincere gratitude to Dr. Sujith Sudusinghe - Managing Director of Vetpharma Biotechnology Pvt. Ltd. and his staff members who organized this dinner-out for us. It was a great pleasure that you reserved your valuable time and the effort you made was priceless. Thank you...

24/03/2025

ශ්‍රි ලංකාවේ සුරතල් සතුන් හා සම්බන්ධිත පශු වෛද්‍ය සංගමය ප්‍රථම වරට දිවයින පුරා විසිරී සිටින සුරතල් සතුන් අභිජනන ව්‍යාපාරිකයගේ ( dog and cat breeders) දැනුම හා අභිජනනය, ආනයනය හා අපනයනය සම්බන්ධ තාක්ෂණික ගැටලු සාකච්ඡා කිරීමේ අධ්‍යපනික වැඩමුලුවක් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන ඉන්දියවේ සුරතල් සතුන් අභිජනනය සම්බන්ධ විශාල කීර්තියක් හිමිකරගෙන ඇති කේරල විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශිබු සයිමන් මහතා මෙහෙයවයි( එම මොහොත්ම සිංහල භාෂා පරිවර්තනයක් සහිතව).

පැටුන් අඩුවීම
වදභාවය
වෘෂණ කෝෂ අභ්‍යන්තරව පිහිටින පිරිමි සුනඛයන් සංදර්ශණ සදහා සකස් කර ගැනීම
ගර්භනී තත්ව වලදී මල පැටවුන් ඇති වීම අවම කර ගැනීම, අලුත උපන් පැටවුන්ගේ මිය යාම අවම කර ගැනීම වැනි ප්‍රායෝගික ගැටලු වලට ප්‍රායෝගික පිලිතුරු සාකච්ඡාවක් සිදු කරනු ලබයි.

පාඨමාලව නොමිලයේ වන අතර සහභාගිවන්නන් සදහා වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

ඉඩකඩ සීමා සහිත බැවින් මුල් 100 දෙනා සදහා පමණක් අවස්ථාව හිමිවේ.

මේ සමග ඇති ගූගල් පෝරමය පුරවා හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.(ගූගල් පෝරමය ලබා ගැනීමට දුරකථන අංක 0710543085 ට ඇමතුමක් ලබා දෙන්න)

දිනය : මාර්තු 30
වේලාව: උදෑසන 8.30 සිට දහවල් 12.30
ස්ථානය: කඩවත රෝස් ගාර්ඩ්න් උත්සව ශාලාව

ස්තූතියි
ශ්‍රි ලංකා සුරතල් සතුන් සම්බන්ධ පශු වෛද්‍යවරුන්ගේ සංගමය
( Society of Companion Animal Practitioners Sri Lanka)

Lovely NISHU
22/03/2025

Lovely NISHU

Pet saloon ..   Animal Hospital
13/01/2025

Pet saloon .. Animal Hospital

Address

No 26 City Reach
Wariyapola
60400

Telephone

+94773270677

Website

Alerts

Be the first to know and let us send you an email when BestVcare Animal Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BestVcare Animal Hospital:

Share

Category