Pinnawala zoo

Pinnawala zoo The first free ranging zoo in Sri lanka. Navin Dissanayaka minister of tourism and sports on 17 of April 2015.

Design and established by the department of national zoological gardens in line with national conservation objectives and modern zoo concepts has been declared open for the recreational pleasure of the general public by hon.

🐾🌿  වල් බළලා (Jungle Cat)! 🌿🐾ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරයේ ජීවත් වන අපූරු කුඩා බළල් විශේෂයක් වන වල් බළලා (Jungle Cat – F...
27/07/2026

🐾🌿 වල් බළලා (Jungle Cat)! 🌿🐾

ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරයේ ජීවත් වන අපූරු කුඩා බළල් විශේෂයක් වන වල් බළලා (Jungle Cat – Felis chaus) ගැන ඔබ දන්නවාද?

🐱 වල් බළලා පිළිබඳ ඔබ දැනගත යුතු කරුණු

🌿 ශ්‍රී ලංකාවේ වියළි කලාප, තෙත්බිම්, තෘණ භූමි සහ වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල වාසය කරයි.

🌿 මීයන්, කුරුල්ලන්, උරගයින්, මාළු සහ කුඩා ක්ෂීරපායීන් ආහාරයට ගනිමින් පරිසරයේ ස්වභාවික සමතුලිතතාවය පවත්වා ගැනීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

🌿 විශිෂ්ට පිහිනුම් සහ දඩයම් කිරීමේ හැකියාවක් ඇති මෙම බළලා දිවා සහ රාත්‍රී දෙකෙහිම ක්‍රියාශීලී විය හැකිය.

🌿 බොහෝ විට තනිව ජීවත් වන අතර ඉතා සුපරීක්ෂාකාරී හා ලැජ්ජාශීලී සතෙකි.

🌿 ස්වභාවික වාසස්ථාන විනාශ වීම සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන්ගේ ජනගහනයට තර්ජන එල්ල වෙමින් පවතී.

🐾 අපගේ වනජීවී උරුමය ආරක්ෂා කරමු. වල් බළලා ඇතුළු සියලුම වනජීවීන්ගේ ස්වභාවික වාසස්ථාන සුරැකීම අප සැමගේ වගකීමයි.

📍 පින්නවල සත්වෝද්‍යානයට පැමිණ මෙම අපූරු වනජීවියා සමීපයෙන් නිරීක්ෂණය කර එහි ජීව විද්‍යාත්මක වැදගත්කම පිළිබඳ වැඩිදුර ඉගෙන ගන්න.

🐾🌿 Discover the Jungle Cat! 🌿🐾

Have you ever seen a Jungle Cat (Felis chaus)? This fascinating wild feline is one of Sri Lanka's remarkable native carnivores.

🐱 Did You Know?

🌿 Jungle Cats inhabit grasslands, wetlands, forests, and scrublands across Sri Lanka.

🌿 They play an important ecological role by controlling populations of rodents, birds, reptiles, fish, and other small animals.

🌿 They are excellent hunters and swimmers, adapting well to a variety of natural habitats.

🌿 Jungle Cats are generally solitary, alert, and elusive animals.

🌿 Habitat loss and human activities continue to threaten their survival in the wild.

🐾 Protecting wildlife begins with protecting their natural habitats. Every species plays an important role in maintaining healthy ecosystems.

📍 Visit Pinnawala Zoo to observe the Jungle Cat and learn more about the importance of wildlife conservation.

Department of National Zoological Gardens - Sri Lanka Pinnawala zoo

27/07/2026

🖤🦢 පින්නවල සත්වෝද්‍යානයේ අලුත් සාමාජිකයෙකුට සාදරයෙන් පිළිගනිමු! 🦢🖤

අපගේ පින්නවල සත්වෝද්‍යානයේ පවුලට අලුතින් එක්වූ කළු හංස (Black Swan) පැටියා ඔබට සතුටින් හඳුන්වා දෙන්නෙමු! 🌿✨

මෙම කුඩා හංස පැටියා නිරෝගීව වර්ධනය වෙමින් සිටින අතර, එය අපගේ සත්වෝද්‍යානයේ තවත් සුවිශේෂී ආකර්ෂණයක් බවට පත්වී ඇත.

🦢 ඔබ දන්නවාද?

✔️ කළු හංසයා (Black Swan) ගේ විද්‍යාත්මක නාමය Cygnus atratus වේ.

✔️ මෙම සුන්දර ජලජ පක්ෂියාගේ මව්බිම ඕස්ට්‍රේලියාව වන අතර, අද වන විට ලොව බොහෝ සත්වෝද්‍යානවල සහ උද්‍යානවල දැකගත හැකිය.

✔️ වැඩුණු කළු හංසයන්ගේ සිරුර බොහෝ දුරට කළු පැහැයෙන් යුක්ත වන අතර, පියාසර කරන විට ඔවුන්ගේ සුදු පියාපත් පිහාටු ඉතා අලංකාර ලෙස දිස්වේ.

✔️ හංස පැටවුන් උපතේදී ලා අළු පැහැති මෘදු පිහාටු වලින් වැසී ඇති අතර, වර්ධනයත් සමඟ ක්‍රමයෙන් වැඩුණු කළු හංසයාගේ වර්ණයට පත්වේ.

✔️ කළු හංසයන් ජලජ ශාක, තෘණ වර්ග සහ කුඩා ජලජ ජීවීන් ආහාරයට ගන්නා සන්සුන් ස්වභාවයකින් යුතු පක්ෂීන් වේ.

🌿 ඔබත් ඔබේ පවුලේ අය සමඟ පින්නවල සත්වෝද්‍යානයට පැමිණ අපගේ මෙම අලුත් සාමාජිකයා දැක සොබාදහමේ අපූර්ව සුන්දරත්වය අත්විඳින්න.

📍 පින්නවල සත්වෝද්‍යානය
වනජීවීන් හඳුනාගනිමු – සොබාදහම සුරකිමු. 💚

🖤🦢 Welcome Our New Black Swan Chick! 🦢🖤

We are delighted to introduce the newest member of the Pinnawala Zoo family—a beautiful Black Swan Chick! 🌿✨

The chick is healthy and growing well, adding another wonderful attraction to our zoo.

🦢 Did You Know?

✔️ The Black Swan is scientifically known as Cygnus atratus.

✔️ It is native to Australia and is admired around the world for its striking beauty and graceful movements.

✔️ Adult Black Swans have elegant black plumage with distinctive white flight feathers that become visible when they spread their wings.

✔️ Black Swan chicks are born covered in soft grey down and gradually develop their characteristic black feathers as they mature.

✔️ They mainly feed on aquatic plants, grasses, and small aquatic organisms.

Visit Pinnawala Zoo with your family and meet our adorable new Black Swan chick while learning more about this remarkable bird.

📍 Pinnawala Zoo
Discover Wildlife – Protect Nature. 💚

Department of National Zoological Gardens - Sri Lanka Pinnawala zoo

27/07/2026

පින්නවල සත්වෝද්‍යානයේ ආඩම්බරකාරයා.
පින්නවල සත්වෝද්‍යානයේ සිටින අපූරු ආඩම්බරකාරයා ගේ සුන්දර සේයාරුවක්..

පින්නවල සත්වෝද්‍යානයේ සිටින බෙංගාල ව්‍යාඝ්‍රයාගේ තේජාන්විත බව කැමරාවේ සටහන් වූ මොහොතක් තමයි අද අපි ඔබත් එක්ක බෙදා ගන්නේ.

ප්‍රධාන වශයෙන් ආසියානු කලාපයේ ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය ආදී රටවල් කිහිපයක දැකගත හැකි අතර නිවර්තන වැසි වනාන්තර, කඩොලාන වගුරු බිම් (විශේෂයෙන් සුන්දරබන්ස් (Sundarbans) කඩොලාන වනාන්තරය) සහ තණබිම් වැනි විවිධ පරිසර පද්ධතිවල ජීවත් වන මේ සුන්දර දඩයක්කරුවන් ගැන අපි මීට කලින් කතා කරා.

පහළ link එකෙන් වැඩි විස්තර ඔයාලාට දැන ගන්න පුළුවන්.
https://www.facebook.com/share/p/1YBrbNqLtV/

Pinnawala zoo Pinnawala Elephant Orphanage Ridiyagama Safari Park

🐾🎉 අපේ හදුන් දිවි පැටවුන් තිදෙනාට ලස්සන නම් තෝරන්න! | Help Name Our Three Fishing Cat Cubs! 🎉🐾 (ගැහැණු සතුන් සදහා නම් 03...
21/07/2026

🐾🎉 අපේ හදුන් දිවි පැටවුන් තිදෙනාට ලස්සන නම් තෝරන්න! | Help Name Our Three Fishing Cat Cubs! 🎉🐾 (ගැහැණු සතුන් සදහා නම් 03 ක් හා පිරිමි සතුන් සදහා නම් 03 ක් ලෙස නම් 06ක් යෝජනා කරන්න )

ලෝක බිළාල සතුන්ගේ දිනයට සමගාමීව 2026 අගෝස්තු 8 වැනිදා පින්නවල සත්වෝද්‍යානයේදී අපගේ අලුත්ම Fishing Cat (හදුන් දිවි) පැටවුන් තිදෙනා ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට එක් කරනු ලබයි.

මෙම සුවිශේෂී අවස්ථාවේදී ඔවුන් සඳහා අලංකාර, අර්ථවත් නම් තුනක් ඔබෙන් යෝජනා කරන ලෙස ආරාධනා කරමු.

🎁 තෝරාගන්නා ලද හොඳම නම් යෝජනා කළ ජයග්‍රාහකයන්ට ලෝක බිළාල සතුන්ගේ දිනයේදී විශේෂ ත්‍යාග පිරිනැමේ.

📝 ඔබගේ නම් යෝජනා පහත Google Form එක හරහා යොමු කරන්න.
https://docs.google.com/forms/d/1iBUhG4FGSt5MbpGELrriWusieOJajyEkbbuWJjJpcNo/edit

📅 අවසන් දිනය: 2026 අගෝස්තු 7

ඔබගේ පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමඟ මෙම අවස්ථාව බෙදාගෙන අපගේ Fishing Cat පැටවුන්ට සුන්දර නම් තෝරා දීමට එක්වන්න!

────────────────────────

To celebrate World Cat Day on 8 August 2026, Pinnawala Zoo is delighted to introduce our three adorable Fishing Cat cubs to the public.

We invite everyone to suggest three creative and meaningful names for these beautiful cubs. (Please suggest 03 female names and 03 male names ,total 06 names)

🏆 The best name suggestions will be selected by a judging panel, and the winners will receive special prizes during our World Cat Day celebration.

📝 Submit your suggestions using the Google Form below:
https://docs.google.com/forms/d/1iBUhG4FGSt5MbpGELrriWusieOJajyEkbbuWJjJpcNo/edit

📅 Closing Date: 7 August 2026

Share this post with your family and friends and help us find the perfect names for our three Fishing Cat cubs!

Pinnawala zoo Department of National Zoological Gardens - Sri Lanka

17/07/2026

🐍🌍 ලෝක සර්ප දිනය – 2026 🌍🐍

2026.07.16 දිනට යෙදුණු ලෝක සර්ප දිනය නිමිත්තෙන්, පින්නවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමියගේ මගපෙන්වීමෙන්, පින්නවල සත්වෝද්‍යානය සහ පින්නවල ජාතික පාසලේ වනජීවී ගවේෂණ කණ්ඩායම එක්ව සර්ප සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, පින්නවල ජාතික පාසල, කෑගල්ල විද්‍යාලය, සුජාතා විද්‍යාලය යන පාසල්වල සිසු දරු දැරියන් මෙන්ම පින්නවල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් හා ගොවි මහතුන් ද සහභාගී වූහ.

මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය පින්නවල සත්වෝද්‍යානයේ සත්ව අංශයේ සංජීව මහතා සහ පින්නවල ජාතික පාසලේ වනජීවී ගවේෂණ කණ්ඩායමේ නිවහල් විමුක්ති මහතා විසින් ලබා දෙන ලදී.

මෙම වැඩසටහන මඟින් සර්පයන්ගේ පාරිසරික වැදගත්කම, ශ්‍රී ලංකාවේ සර්ප විවිධත්වය, විෂ සහිත හා විෂ රහිත සර්පයන් හඳුනා ගැනීම, මිනිස්–සර්ප ගැටුම් අවම කිරීම සහ සර්ප සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කරන ලදී.

🐍 "සර්පයන් සුරකිමු – ස්වභාවධර්මයේ සමතුලිතතාවය රැකගනිමු." 🌿

🇬🇧 English

🐍🌍 World Snake Day – 2026 🌍🐍

To commemorate World Snake Day on 16 July 2026, Pinnawala Zoological Garden, under the guidance of the Deputy Director, in collaboration with the Wildlife Exploration Society of Pinnawala National School, successfully conducted an awareness programme highlighting the importance of snake conservation.

The programme was attended by students from St. Joseph's Girls' School, Kegalle, Pinnawala National School, Kegalle Vidyalaya, and Sujatha Vidyalaya, together with officers and farmers from the Pinnawala Agrarian Service Centre.

The resource persons for the programme were Mr. Sanjeewa of the Animal Division of Pinnawala Zoological Garden and Mr. Niwahal Wimukthi of the Wildlife Exploration Society of Pinnawala National School.

The session focused on Sri Lanka's snake diversity, identification of venomous and non-venomous snakes, the ecological importance of snakes, reducing human–snake conflicts, and the vital role of snake conservation in maintaining healthy ecosystems.

🐍 "Protect Snakes – Preserve Nature's Balance." 🌿

Pinnawala zoo Department of National Zoological Gardens - Sri Lanka

Address

Pinnawala
Rambukkana
71100

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:00

Telephone

+94352266641

Alerts

Be the first to know and let us send you an email when Pinnawala zoo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pinnawala zoo:

Shortcuts

Share

Category