Veterina Animal Clinic

Veterina Animal Clinic Veterinary care for ur loving pets+
*Consultation
*Treatments
*Vaccination
*Surgeries
*Pet Products

Permanently closed.
10/03/2025
07/12/2024

පින්නවල ගල්වල පාර, මාර්ග සංවර්ධන අධිකාරියේ රැදී සිටි අයාලේ යන සුණඛයෙකු මිය යාමෙන් පසු එම සත්වයාට ජලභීතිකාව ඇති බව තහවුරු කරගන්නා ලදී. එම සුණඛයා සපා කෑ පුද්ගලයින් හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමු කලද, 03/12/2024 දින හෝ ආසන්න දිනක පින්නවල ගල්වල පාර, මාර්ග සංවර්ධන අධිකාරිය අසලදී අදාල සුණඛයා සපා කෑ ත්‍රිරෝද රථ රියදුරු මහතා මේ වන තුරුත් හදුනාගත නොහැකි විය. ඔහුට ජලභීතිකාව වැලැක්වීමේ එන්නත් ලබාගැනීම අත්‍යවශ්‍ය බැවින් ඔබ බල ප්‍රදේශවල WhatsApp group හරහා හෝ සුදුසු ක්‍රමවේදයකට මෙම පණිවිඩය ලබාදෙන්න. අදාල දින හෝ ආසන්න දිනක මෙම සුණඛයා සපා කෑ අය සිටී නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට කටයුතු කරන්න.
ස්තූතියි
SPHI - MOH office, Rambukkana

20/11/2023

Why you should give fish oil supplements to your dogs!In addition to preventing heart diseases, it *soothes the pet's sk...
19/11/2023

Why you should give fish oil supplements to your dogs!
In addition to preventing heart diseases, it
*soothes the pet's skin🐶
*prevents fur off &🐩
*shines the fur coat🐕

Commercial preparations: Red dogs syrup, Quadra coat syrup, Nutri coat syrup, Advanced nutri coat syrup

ඔයත් මාළුවන්ගේ සම කෑමට කැමතිද? එහෙනම් ඔයත් හෘද සෞඛ්‍ය ගැන සිතන කෙනෙක් විය යුතුයි.

මාළු සම සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න ඔමේගා-3 මේද අම්ලවල හොඳ ප්‍රභවයක් ඉතිං මේ මේද අම්ල හෘද සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වෙනවා. සැමන්, මැකරල් සහ ට්‍රවුට් වගේ මේද මාළු වල ඇති ඔමේගා-3 මේද අම්ල ට්‍රයිග්ලිසරයිඩ (ඉතාම නරක දෙයක්) අඩු කිරීම මගින් හෘද රෝග අවදානම අඩු කරනවා.

කොලෙස්ටරෝල් සම්බන්ධයෙන් ගත් කල, ඔමේගා-3 මේද අම්ල ධනාත්මක බලපෑමක් ඇති කරනවා. ඒවා බොහෝ විට "හොඳ" කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන අධි-ඝනත්ව ලිපොප්‍රෝටීන (HDL) කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමට උපකාරී වෙනවා. HDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම හෘද රෝග ඇතිවීමේ අඩු කරනවා. ඔමේගා-3 මේද අම්ල, රුධිර ප්‍රවාහයේ තවත් ලිපිඩ වර්ගයක් වන ට්‍රයිග්ලිසරයිඩ අඩු කිරීමට ද උපකාර වෙනවා. ට්‍රයිග්ලිසරයිඩ ඉහළ යාම හෘද රෝග සඳහා අවදානම් සාධකයක් වෙනවා.

කොහොමවුනත්, මාළුවලින් ලැබෙන ප්‍රතිලාභ උපරිම කර ගැනීමට සෞඛ්‍ය සම්පන්න ආකාරයෙන් මාළු පිළියෙළ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මාළු බැදීමෙන් සෞඛ්‍යයට අහිතකර මේද හා කැලරි එකතු වෙන්න පුළුවන්, මාළු බැදීමට වඩා, පිළිස්සීම, ග්‍රිල් කිරීම හෝ තම්බා ගැනීම වඩාත් සුදුසුයි.

සාරාංශයක් ලෙස, සමතුලිත ආහාර වේලක කොටසක් ලෙස සම ඇතුළු මාළු ආහාරයට ගැනීම එහි ඔමේගා-3 මේද අම්ල අන්තර්ගතය නිසා හෘදයට සෞඛ්‍ය සම්පන්න තේරීමක් විය හැකිය. නමුත් මාළු පිළිස්සීම හෝ ග්‍රිල් කිරීම වැනි සෞඛ්‍ය සම්පන්න ලෙස පිළියෙළ කර පිසීම සහ බැදපු ආහාරවල ඇති සෞඛ්‍යයට අහිතකර මේද අධික ලෙස පරිභෝජනය කිරීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ.




















19/11/2023

Mother & the calf in good health after assisted calving❤️

Mange හෙවත් "කටුවා කෑම"   සුනඛයින්ගේ දක්නට ලැබෙන සුලබ රෝගයකි. නිසි ප්‍රතිකාර නොලැබෙන කල දේහය පුරා ව්‍යාප්ත විය හැක. බැක්...
19/11/2023

Mange හෙවත් "කටුවා කෑම"

සුනඛයින්ගේ දක්නට ලැබෙන සුලබ රෝගයකි. නිසි ප්‍රතිකාර නොලැබෙන කල දේහය පුරා ව්‍යාප්ත විය හැක. බැක්ටීරියා හා දිලීර ආසාදනත් සමග සංකීර්ණ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැක.
කටුවා කෑම ඇති කරන්නේ සමේ වෙසෙන අන්වීක්ෂීය මයිටාවෙකු මගිනි. වර්ග 02ක් ඇත.
Sarcoptes වර්ගයේ කාණ්ඩය:
මුලින් කන්පෙති, වැලමිට හා උදර ප්‍රදේශයේ ආසාදන ඇති කරයි. රෝම කූප මුල වෙසෙන බැවින් රෝම ගැලවී යයි, දැඩි කැසීම් ඇති වේ, සම ගොරෝසු වේ(crust like). මෙය මිනිසුන්ට බෝ විය හැක...

Demodex වර්ගයේ කාණ්ඩය:
ඇසිපිය, හොම්බ වටා, මුහුනේ කම්මල් මත මෙන්ම කන්පෙති මතද ස්තානීය වශයෙන් ආරම්භ වී පසුව දේහය පුරා ව්‍යාප්ත විය හැක. සමේ තැනින් තැන ලෝම රහිත ,රත් පැහැ ප්‍රදේශ ලෙස දක්නට ඇත. ප්‍රතිකාර නොකිරීමෙන් ද්විතීයික බැක්ටීරියා ආසාදන ඇතිවිය හැක.

ප්‍රතිකාර:
ඔබගේ සුරතලාගේ පශුවෛද්‍යවරයා හමු වී රෝගය ආරම්භයේදීම ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවකරගත හැකි තත්වයකි.
මේ සඳහා injection නැතහොත් විදින ප්‍රතිකාර ලබාගත හැක. නැතහොත් bravecto වැනි පෙති මෙන්ම mange cream වැනි ආලේපන, amitraz වර්ගයේ දියර(taktic, tickamit), antiparasitic shampoo වැනි බාහිර ප්‍රතිකාර ඇත. ද්විතීයික බැක්ටීරියා හා දිලීර ආසාදන හමුවේ ප්‍රතිජීවක ලබාදීම හා බැක්ටීරියානාශක/දිලීරනාශක ආලේපන ලබාදිය හැක.
ප්‍රතිකාර ක්‍රමය ඔබගේ සුරතලාගේ රෝගයේ තත්වය අනුව, සතාගේ වයස අනුව පශුවෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත.

-පශුවෛද්‍ය කිත්මිණි දුනුවිල-

Address

Pinnawala
Rambukkana

Telephone

+94788732795

Website

Alerts

Be the first to know and let us send you an email when Veterina Animal Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Veterina Animal Clinic:

Share

Category