Dog Lovers

Dog Lovers This is a Reserved Page For Those of Who Love Animals

16/09/2022
25/05/2021

#සියලු_දෙනා_අවදානය_යොමු_කරන්න.

මේ එන සෙනසුරාදා සවස 6 ට සුරතලුන්ගේ ලෙඩ රෝග හා විවිද ගැටළු ගැන කතා කරන්න දක්ශ හැමෝම දන්න පශු වෛද්‍යවරයකු එනවා Online අපේ සමූහය හරහා. ඔයාල ඔයාලාගේ සුරතල් බල්ලන් පිලිබදව දැන ගැනීමට අවශ්‍ය කරුනු, ඔව්න්ට නිතරම වැලදෙන රෝග ගැන සදහන් කරන්න මේ පෝස්ට් එකේ.
ඒඅනුව වැඩි පිරිසකට දැන ගැනීමට අවශ්‍ය රෝග පිලිබදව වෛද්‍යතුමා ඔයාලාව දැනුවත් කරාවි. ඒ වගේම අපි එදිනට වැඩසටහනට අමතරව පැය බාගයක් වෙන් කරනවා ඔයාලාගේ ගැටලු ගැනත් පිලිතුරු සපයන්න.

-සුරතලාගේ පෝෂණය.-          අමු මස් ආහාරයට දීමෙන්,සුනඛයන් සැරපරුෂ වන බව ද,කිරි බීමට දීමෙන් පණු රෝගවලට ගොදුරු වන බව ද,ඇතැම...
16/03/2021

-සුරතලාගේ පෝෂණය.-

අමු මස් ආහාරයට දීමෙන්,සුනඛයන් සැරපරුෂ වන බව ද,කිරි බීමට දීමෙන් පණු රෝගවලට ගොදුරු වන බව ද,ඇතැමෙක් විශ්වාස කරති.එහෙත් මෙම මතවල විද්‍යාත්මක සත්‍යතාවයක් නැත.පසුගිය කාලයේ එක්තරා කාන්තා පුවත්පතක පළ වූ ලිපියක් මගින් සුනඛයන්ට ආහාරයක් වශයෙන් පාන් නුසුදුසු බවට මතයක් ඉදිරිපත් කර තිබුණි.මෙම ලිපිය කියවූ බොහෝ දෙනා ව්‍යකූලතාවයකට පත්ව සිටියහ.පැරණි ඉංග්‍රීසි ග්‍රන්ථ කීපයකින් පමණක් ඉදිරිපත්ව තිබූ මෙම මතය, අද යුරෝපයේ පවා පිළිනොගන්නා හණමිටි අදහසකි.මිනිසාට බොහෝ සේ සමාන වූ සරල ආමාංශයකට හිමිකම් කියන සුනඛයාට ආහාරයක් වශයෙන් පාන් ලබා දීමේ කිසිදු වරදක් නැත.කෙසේ වුව ද සුරතලාගේ පෝෂණය පිළිබඳව විද්‍යාත්මක කරුණු මත පදනම් වූ නිවැරදි අවබෝධයක් ඔබ ලබා තිබීම ඔබේ සුරතලාගේ මනා පැවැත්වීමට හා සෞඛ්‍යයට හේතු කාරක වනු ඇත.
සිය ජීවන චක්‍රය(Life Cycle )තුල දී, මව් කිරි වැරූ පසු සීග්‍රව වැඩෙන යුහයකින් ද, කායිකව පරිණත වූ යුගයකින් ද, ගර්භණී කාලය, කිරි දෙන කාලය, මද කාලය වැනි කාල ද අයත්වන ලිංගිකව පරිණත යුගයකින් ද,ඇතැම් විට රෝගී කාලයන් ද පසුකර අවසානයේ දී මහළු යුගයට එළැඹෙන සුනඛයාගේ පෝෂණ අවශ්‍යතාවයන් ද, ඒ ඒ යුග අනුව වෙනස් වේ.එමෙන් ම විවිධ සුනඛ විශේෂ අනුව ද,එක් එක් සුනඛයාගේ දිවි පැවැතම අනුව ද, ජීවත් වන පරිසරය හා ස්වභාවය අනුව ද, ආහාර ලබාදෙන පිළිවෙල සකස් විය යුතු වේ.
මිනිසා ද ඇතුළු අන් සෑම ජීවියෙකුට ම මෙන් සුනඛයාට ද සමබර ආහාරයක් අවශ්‍ය වේ.නිරෝගී දිවි පැවැත්මකට අත්‍යාවශ්‍ය වූ ආහාරයේ සමබරතාවය රදා පවතිනුයේ ,එහි අඩංගු විය යුතු පෝෂණ පදාර්ථවල ස්වභාවය මතය.
සමබර ආහාරයක අඩංගු විය යුතු පෝෂණ පදාර්ථ කීපයකි.
1)මාංශ ජනක ධාතු හෙවත් ප්‍රෝටීන්.
2)පිෂ්ඨ ජනක ධාතු හෙවත් කාබෝහයිඩ්‍රේට්.
3)මේද.
4)විටමින්.
5)ලෝහ ලවණ.

සුරතලාගේ කෑම
♦️සත්වයාගේ වර්ගය
♦️ක්‍රියාකරිත්වය
♦️වයස
කියන මූලික දේවල් අනුව වෙනස් වෙනවා

සාමාන්‍යයෙන් අපි සත්වයාගේ ශරීර බරෙන් 3% ක වගේ ප්‍රමායක් තමා ආහාර දෙන්න ඕනේ.

🔺මාස 1-6 පමන කාලයේදී වේල් 4-5 පමන
🔺මාස 6-9 දක්වා වේල් 3-4 පමන
🔺 මාස 9-13 දක්වා වේල් 3 පමන
🔺මාස 12 න් පසු වේල් 2ක් පමන

කැමදීම සිදුකරනවා.
10 kg සුනකයෙක්ට 3% නම් කෑම 300g පමන දීම ප්‍රමානවත් ඒ ප්‍රමානය වේල් ගනනින් බෙදල දෙන්න පුලුවන් එක වේලක ප්‍රමානය.

කෑම වලින් 1/3 ක් මස්,මාලු දීම සත්වයාගේ පෝෂණයට වැදගත්

මස් දෙනවිට chicken, beef දෙන්න පුලුවන් pork අනුමත කරන්නේ නෑ. ආසාද්මිකතා එන්න පුලුවන් නිසා.

කුඩා මාලු වර්ග සාලයන් වැනි දීම යෝග්‍ය වනවා.

එලවලු කැරට්, බතල, වට්ටක්කා වැනි එලවලු යෝග්‍ය වනවා.

🔴පිරිසිදු වතුර දවසපුරා දීම වැදගත්

කිරි වේලක් දීම සිදුකරන්න පුලුවන් බිත්තර දෙන්නේ නම් සතියට 4-5 කට සිමා කරන්න.

මෙකී පෝෂණ පදාර්ථ ජීවය පවත්වා ගෙන යෑමට අවශ්‍ය තාපය හා ශක්තිය සැපයීමෙන් ද,ශරීරික විවිධ ක්‍රියාදාමයන් පාලනය කිරීමෙන් ද,වර්ධනයට අවශ්‍ය අමතර දෑ සැපයීමෙන් ද, ක්ෂය වූ කොටස් වෙනුවට ආදේශක සැපයීමෙන් ද,ආදී වූ විවිධ මෙහෙවර සදහා මූලික වේ.

මේ වගේ තවත් වැදගත් කරුනු දැන ගන්න එකතු වෙන්න අපිත් එක්ක

Pets.lk
https://www.facebook.com/groups/378553416075774/?ref=share

මහමග ජීවිතය යදින අසරණ සත්වයෙකු හට සරණක් වීමට ඔබවෙත ගෙන්වා ගැනීමට හෝ වෙනත් තැනකට  ප්‍රවාහනය ආරක්ෂිතව කරගැනීමට අවශ්‍යද?එසේ...
28/10/2020

මහමග ජීවිතය යදින අසරණ සත්වයෙකු හට සරණක් වීමට ඔබවෙත ගෙන්වා ගැනීමට හෝ වෙනත් තැනකට ප්‍රවාහනය ආරක්ෂිතව කරගැනීමට අවශ්‍යද?
එසේත් නැතිනම් ඔබේ නිවසේ දැනට සිටින සුරතලා සුරක්ෂිතව වෙනත් ස්තානයකට ප්‍රවාහනය කරගැනීමට අවශ්‍යද?
දද කුශ්ඨ සහිත අසරණ සතුන් වෛද්‍ය ප්‍රතිකාර සදහා ප්‍රවාහනය කිරීමට රියදුරන් පැකිලෙනවාද?
ඔබ හට සුරතලුන් හැර වෙනත් සත්වයෙකු වනජීවී කාර්‍යාලයකට හෝ ස්වාභාවික පරිසරයට නිදහස් කිරීමට රැගනයාම පිලිබද ගැටලුවක්ද?
ඔබගේ මෙම සියලු ගැටලු අපගේ වගකීම් බවට පත්කරගනිමින් ඔබගේ පසුම්බියටද සහනදායී මුදලකින් සුරක්ෂිතව සහ විශ්වාසනීයව විසදාදීමට Pet Transport SL අප සූදානම්. කතාකරන්න අපහට

දුරකථන : 070 311 64 62

Address

Thewatta
Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when Dog Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category