07/12/2022
දත් ගැන දැනගන්න.
බ්ව්වන්ටත් අපිට වගේම එයාලගේ ජිවිත කාලයේ දත් දෙවර් ගයක් එනවා. මුළින් එන දත් කිරි දත්(deciduous teeth). ඒවා හැලිලා ස්ථිර දත් එනවා (permanent teeth).
අලුත උපන් බලු පැටවුන්ගේ සති 2 ක් පමණ වනතෙක් කිසිම දතක් නැහැ. නමුත් සති 2-3 අතර කිරි දත් එන්න පටන් ගන්නවා. මේ කිරි දත් සති 6 පමණ වනවිට complete වෙනවා.
සති 12න් පස්සේ කිරි දත් හැලීම පටන් ගන්නවා. ඒ එක්කම ස්ථිර දත් එන්න පටන් ගන්නවා. කිරිදත් හැලිලා ස්ථිර දත් ඇවිත් complete වෙන්නෙ මාස 6 දී.
බව්වන්ට දත් 42ක් තියෙන්න පුළුවන්. උද ඇන්දේ 20ක් සහ යටි ඇන්දේ 22 ක් විදිහට. සමහර අයගේ මේ 42 ම එන්නේ නැහැ.
මිනිස්සුන්ගේ දත් කුහර එන එක බහුලව දක්නට ලැබෙනවා. නමුත් බව්වන්ගේ දත් කුහර කියන්නේ ඉතා කලාතුරකින් එන රෝගී තත්වයක්. මිනිස්සුන්ට වගේ common නැහැ. පැටවුන්ගේ දත් වල එන common ගැටළුවක් වෙන්නේ දත් කඩා ගන්න එක, ඒක බොහෝ වෙලාවට එක එක දේවල් හැපීම නිසා සිද්දවෙනවා. බව්වන්ගේ දත් ආශ්‍රිතව රෝගී තත්වයක් එනකොට දකින්න ලැබෙන ලක්ෂණ පහත දැක්වෙනවා.
1- විදුරුමස රතු පාට වෙනවා.
2- විදුරුමසින් ලේ ගලනවා.
3- Plaques එන්න පුළුවන්.
4- කට ගඳ ගහනවා
5- කන කෑම භාජන වල හෝ වතුර බොන භාජන වල ලේ තියෙන්න පුළුවන්.
6- කෙල ඝන වෙනවා
7- කටින් කෙල ගලනවා
8- සමහර වෙලාවට කනකොට කටේ එක පැත්තකින් විතරක් කනවා
9- කනකොට කටින් කෑම වැටෙනවා හපන්න අමාරු නිසා
10- මුහුණ ඉදිමෙනවා
11- අතින් කටට ගහ ගන්නවා, කට බිම අතුල්ලනවා
මේ වගේ ලක්ෂණ පේනවා නම් මුඛය ආශ්‍රිතව මොකක් හරි ගැටළුවක්. ඔයාට check කරලා බලන්න පුළුවන්. බැරිනම් Vet surgeon ගාවට යන්න. බොහෝ විට සිහි නැති කරලා හරි නැත්නම් sedate කරලා හරි බලන්න වෙනවා.
බව්වන්ගේ දත් මදින්න ඕනෙද?
දත් රෝග හැදීමේ අඩු සම්භාවිතාවක් තිබ්බත්, බව්වෝ අපි වගේම පිසූ, සකස් කරපු ආහාර ගන්න අය. ඒ නිසා දත් අවපැහ ගැනීම, විදුරුමස් අබාධ එන්න පුළුවන්. ඒ නිසා දත් මදිනවනම් එක දන්ත සෞඛ්‍යට හොදයි.
මේකට එයාව train කරගන්න ඕනේ. ඒ වගේම නියම technique එකට කරන්නත් ඕනේ. මේකට සුදුසු දත් බුරුසු pet shop වල තියනවා. ඒ වගේම බව්වන්ටම හදපු tooth paste එකක් ගන්න. අපි මදින ඒවා එච්චරම හොද නැහැ. දිනපතාම මදිනවානම් හොදයි.