මගේ උඩවැඩියා ගමන් මග ඉතාම දිග එකක්.!!! ඒක 1998 වර්ෂය දක්වා ඈතට යනවා. ඒ කියන්නෙ අවුරුදු 18 ක්. මට මුලින්ම ලැබුනෙ dendrobium පැල 13 යි. ඒකෙන් තමයි මම වගාව පටන් ගත්තෙ. ඒ කලේ දැන් වගේ බැංකොක් වලින් හැමෝම පැල ගෙන්වන්නෙ නැහැ. ගෙන්නුවත් ඒවා අපි වගේ පොඩි අයට ගන්න ලැබෙන්නෙත් නැහැ.
1998 අවුරුද්දේ මම පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් උඩවැඩියා වගාව ගැන පුහුණුව ලබා ගත්තා. පේරාදෙණිය මල් වත්තෙනුත් පැල ටිකක් ගන්න පුල
ුවන් උනා.
මගේ මිතුරියක් නුවර ඉන්නවා ලක්ෂ්මි කියලා. එයා ඒ කාලේ කැපූ මල් සදහා dendrobium වගාවක් කරමින් හිටියේ. එයා මට ගොඩක් උපදෙස් දුන්නා. ඒ දීපු උපදෙස් පස්සෙ කාලෙකදි ගොඩක් වැදගත් උනා.
ඉස්සෙල්ල මම විනෝදාංශයක් හැටියට තමා ඕකිඩ් වැව්වෙ. අත්දැකීම් ටිකක් ගත්තට පස්සේ තමා හිතුනෙ ආර්ථිකව වැඩි දියුණු කරන්න. පසුව මමත් මගෙ මහත්තයත් කොලඹ විහාරමහාදේවි උද්‍යානයේ තියෙන ප්‍රදර්ශන බලන්න ගියා. එතැනදි ලoකාවෙ ප්‍රසිද්ධ වගා කරුවන් අපිට මුනගැහුනා. ඒ කාලේ මෙහෙ විද්‍යාගාර වල හදන seed culture හා tissue culture පැල පමනයි අපට ලැබුනෙ. ගොඩක් පාටවල් ලැබුනෙත් නෑ. දම් හා සුදු තමයි වැඩිපුරම ලැබුණේ.
අපේ අතේ තිබුණු මුදල් වලින් වියදම් කරලා කැපූ මල් සදහා dendrobium වගාව පටන් ගත්තා. ඊට පසුව මම “Kandyan Flora” මල් සoගමයට බැදුණා. ඒක මධ්‍යම පළාතේ තිබුන ලොකුම මල් සමිතිය . අදටත් එලෙසමයි. මල් කැපීමට අමතරව බදුන් ගත පැල හදලා අපේ ප්‍රදර්ශන වල විකුණුවා. ඒවාට හොද ඉල්ලුමක් තිබුනා.
අපේ මේ වගාවට කාගෙන්වත් උදව් ලැබිලා නැහැ. රජයෙන් හෝ වෙනත් ආයතන වලින්. මේ කාලේ මගේ පුතාලා දෙන්නා පාසල් යන පොඩි ළමයි . ඒ දෙන්නත් පුලුවන් විදියට අපිට උදව් කලා. අදටත් එහෙමමයි.
වගාව වැඩි දියුණු කරන්න හිතුනාම බැංකු ණයක් ගත්තා. ලoකාපුත්‍ර බැංකුව අපිට උදව් කලා.
වගාව කරගෙන යන අතරේ ගොඩක් ප්‍රායෝගික ගැටලු ආවා. පේරාදෙණිය පුහුණු වේදී ප්‍රායෝගික පුහුණුවක් ලැබුණේ නැහැ. අපි වගාව තුලින්ම අත්දැකීම් ලබා ගත්තා. පසු කාලෙක මම ” උඩවැඩියා වගාව එක්දින පුහුණු වැඩමුළුව ” ආරම්භ කලෙත් අලුත් අයට අතදීමක් විදියට. මගෙන් ඉගෙන ගත්ත බොහෝ දෙනෙක් අද හොදින් එයාලගෙ ව්‍යාපාර කරගෙන යනවා.
නමුත් මේ දිනවල මම පුහුණු වැඩමුළුව තාවකාලිකව නතර කරලයි තියෙන්නේ. නමුත් මගෙන් පැල ගන්න අයට සියලු උපදෙස් සහිත පත්‍රිකාවක් නොමිලේ දෙනවා. ඒක මම ප්‍රදර්ශන වලට යන කාලේ සිට කරපු දෙයක්.
Alerts
Be the first to know and let us send you an email when සුබඉම උඩවැඩියා - Subaima Orchids posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.