සෙන්පති ථුස්සදේව

සෙන්පති ථුස්සදේව මිසදුටු බල නසන දහම් අසිපත බුදු දහම, සිංහල බෞද්ධ ජාතිකත්වය මේ හෙළබිමේ ඉපැරැණි ඉතිහාසය සහ ආර්‍යය රාවන රාජවංශය ගැන සිංහල බෞද්ධයින්ගේ අන්තර්ජාල කතිකාවත....

https://youtu.be/6yy62mVatQ4
08/02/2022

https://youtu.be/6yy62mVatQ4

සියලු Episode වල ලින්ක් ගැලරි ටික යටම කොටසේ ඇති.විශ්මිත වු අනාවැකි ඇති මහබැංකු දෙක හෙවත් අනාවැකි මධ්‍යස්ථාන දෙක හා ඒවා...

✨❇️“නමාමි බුද්ධං ගුණ සාගරන්තං... නමාමි ධම්මං සුගතේන දේසිතං...නමාමි සංඝං මුණිරාජ සාව‌කං... සත්ථා සදාහොන්තු සුඛී අවේරා"...
15/11/2019

✨❇️“නමාමි බුද්ධං ගුණ සාගරන්තං...
නමාමි ධම්මං සුගතේන දේසිතං...
නමාමි සංඝං මුණිරාජ සාව‌කං...
සත්ථා සදාහොන්තු සුඛී අවේරා" ✨❇️

ශ්‍රද්ධා සම්පන්න සිවුවනක් වූ බුද්ධ ශ්‍රාවකයිනි....
ප්‍රග්ඤාාසම්පන්න බුද්ධි ගෝචර සිංහලයනි.....

තුසිත දෙවුලොව වැඩවසන මත්තට බුදුවන්නා වූ ආර්‍යමෛත්‍රීනාථ මෙත්බෝසතුන් පලමුකොට වැඳනමස්කාර කර දෙදෙවු ලොවට අධිපති සක්‍රදේවේන්‍ඳ්‍රයානන් ප්‍රමුඛ වෛශ්‍රවන,දෲතරාෂ්ඨ,විරුඩ විරෑපාක්ශ සතරවරම් දෙවුරජුන් සිහිකොට...

ශුද්ධාවාසී බ්‍රහ්මාසහම්පති මහා බ්‍රහ්මරාජානෝ ප්‍රමුඛ සනත්කුමාර, ඝටීකාර,තිස්ස බ්‍රහ්මරාජයින් සිහිකොට...

මේ හෙලදිව සිරි සම්බුදු සසුන සුරකින සිරි උපුල්වන් සුරිඳුන් ප්‍රමුඛ
ඉන්ඳ්‍ර,උපේන්ද්‍ර,සමිද්ධිසුමන,සුමනසමන්,මහාසේන,
අටවිසි දෙවි සෙනවි සිද්ධරාජ දැඩිමුනි ත්‍රී විද්‍යා විජයාභිනන්දන සුරිදු ආදී සදෙවුලෝක වාසී සුද්ධාවාසී වූ මහේශාක්‍ය බෞද්ධ දේව මංඩලය මෙනෙහි කොට....
දීපේන්ද්‍ර මහ දෙව් රජුගේ අණ මුදුන්පත් කර මෙසේ පවසමි.

අප මුතුන් මිත්තන් ලේ දහඩිය වගුරුවා රැක ගත් මෙ හෙලදිව හා සිරි සම්බුද්ධ සාසනය නැවතත් අනතුරේය..⚡⚡⚡⚡⚡⚡

💥රට මේ අවුරුද්දේ අවසන් භාගය සහ දෙදහස් විස්සේ අග භාගයේ සිට අන්ත අරාජික තත්වයකට පත් වෙනවා ඒක වලක්වන්න කිසි ජගතෙක් නැත...

⚡දේශපාලන මඩ ගොහොරුවෙන් මෙතෙක් අහන්නට දකින්නට නොලැබූ නොඅැසු තරම් අති භයංකර කනගාටුදායක වික්ෂිප්ත දෑ අහන්න දකින්න සිදුවනු ඇත. ඉදිරියට රටේ නොයෙක් ප්‍රදේශ අධි ආරක්ෂක කලාප බවට පත්වීම,ජල ගැලුම් නිසා කඳු හෙල් නාය ගොස් ගිලාබැසීම්.ගිණි ගැනීම් ,ගිනි තැබීම් ඇතිවෙයි. ඉතා බහුලව මාරාන්තික රථවාහන අනතුරු ඉහල නගී. තැන තැන පොලු මුගුරු අතින්ගත් බිහිසුණු කැරලි කෝලාහල ඇතිවෙයි.ඒ අතර බුදු රුවට නිගාදෙන සියළු පිරිස් වලටද නොසිතූ ලෙස සිය ජීවිත වලින් සමුගෙන යන්න වේවි.ආගමික සිද්ධස්ථාන වලටත් තව විපත් ඇතිවේ.
මිසදිටුවන් අරක් ගත් උතුරු නැගෙනහිර දෙපලාතට ඉතා විපත්තිදායකයි.
නව නිපැයුම් කරන කම්හල් ආදිය ගිණිගෙන විනාශ වී යයි.
පංචශී ප්‍රතිපදාවෙන් තොර බොහෝ අයවලුන්ට හතර රියන අයිති වේවි.

ඒ සඳහා ස්වභාවධර්මය වරින් වර බොහෝ ඉඟි දී ඇතත් ආතක් පාතක් නොමැතිව උන්මත්තකයන් සේ රැල්ලට හැල්මේ දුවන මනුෂ්‍යයාගේ පරිසරයට ඇති සංවේදී බව මඳ නිසා ඒවා වටහා ගැනීමට කාලයක් හෝ උවමනාවක් නොමැති සෙයකි..
කීවද පලක් නැත.
සිදුවන්නට නියමිත සියල්ල යම් ක්‍රියාපටිපාටියකට අනුකූලව සිදුවනු ඇත .

💥⚡2019 නොවැම්බර් 17 වනදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර පත්වන නායකයා කවුරු වූවත් රටට බටහිර රටවලින් නොයෙක් තර්ජන ගර්ජන එල්ලවීම සිදුවේවි.රට කඩා ගැනීමේ අති සූක්ෂම උපක්‍රමශීලී වැඩ කටයුතු ඔවුන් සිදුකරයි.මේ සූක්ෂම වැඩපිළිවෙල මඟින් සිංහල ජාතියට බුදු දහමට මරු පහරක් එල්ලවිය හැක.

මනුෂ්‍ය නොවන ඇත්තන්ගේ පාලනයට යටත්වූ මහා බලවතෙකුගේ අනුමැතියෙන් සිදුවන මෙවැනි දෑ මනුෂ්‍යය වූ අපට තොපට විසඳා ගැනීමට අසීරු වනු ඇත.

⚡අනාගතයේ සිංහල බෞද්ධයන් එකසිය පනහේ කොටස් වලට ගත්තම ඉන් සතලිස් පහක් පමනක් ඉතිරිවන බවට ,උතුරු නැගෙනහිර දෙපලාත ජනශුන්‍ය වන බවට පෙර අතීතයේ රුහුණු රට මාගම් පුරවරයේ සිටි තුන්කල් ⁣දකින නුවණින් යුතුව වැඩසිටි යතිවරයන් වහන්සේලා පලකල අනාවැකි ඇත.
සියල්ලටම හේතුව දුස්ශීල කම පරිහානීය ධර්ම ,බෞද්ධ ප්‍රතිපදාවෙන් තොර වීම හා පංච ඉන්ඳ්‍රියට ගොචර නොවන ප්‍රතිවිරුද්ධ කඳවුරු දෙකක් අතර සිදුවන ලංකාභිශාපය මෙහෙයවන මහා බලසම්පන්න මාර පාක්ෂික ඇත්තන්ගේ ක්‍රියාකාරකම්ය.....

වසවර්ති මාර බල පරාක්‍රමය දස බල ආකාරයකින් බූත පෙලේ ඇත්තන්ට වරම් දී සිංහල බෞද්ධ භූමියට, ප්‍රාණයට එරෙහිව ක්‍රියාත්මකයි.

මේ සියළු විනාශයන්ගෙන් පණකෙන්ද රැකගැනීමට ඇති එකම පිහිට තිසරණ සරණයි, පංචශීල ප්‍රතිපදාවයි පමණයි එනම් දහමට අනුව ජීවත් වීමයි.
අන්‍යාගමික ඇත්තෝද සිතා බලත්වා...

කුසල් දහම් වඩවා පන්සිල් පොහොය අටසිල් දසසිල් සමාදන්ව ප්‍රතිපදාවෙන් කුසලයෙන් සන්නද්ධ පිරිසක් බිහිකර මේ හෙලදිව සුරකින මහේශාක්‍ය බෞද්ධ දේව මංඩලයටත් පිංපෙත් අනුමෝදන් කර රට ජාතිය ආගම බේරාගැනීමට සුදුසු ගිහි උතුමෙකු දේශපාලන මඩ ගොහොරුවෙන් එපිටින් බිහිකර ගැනීමට මැදිහත් වන ලෙස සියල්ලෝම සාමූහිකත්වයෙන් බලවත් අධිෂ්ඨානයක් කර ධර්මයේ අසිපත අතට ගැන්මෙන් තොරව නම් නුදුරු අනාගතයේ ඇරඹීමට නියමිත ව්‍යසනයන් ගෙන් අත් මිදීම උගහටය...
මරුගේ යෝග සහිත අනාගත ව්‍යසන කාලයෙන් අත් මිදීම උගහටය....

"මේ කාලය ගැන මනුෂ්‍යාට තෙරුම්කලාට තේරුම් ගන්න බැහැ ඊට හේතු බොහොම තියනවා"

"මහත්මයෝ කොපමණ කීවත් මේ විනාශය සිදුවන එක ගණනකට ගන්නෙ නැහැ, අපි පුළුවන් තරමක් නිදහස් කරගන්න බලමු."

☝මේ අපගේ ගුරුදේවයාණන් වහන්සේ වන 1970 දශකයේදී අප රටේ
අනාගතය ගැන අනාවැකි රාශියක් ප්‍රකාශකළ මාතර කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාම අධිදිපතිව වැඩ සිටි බෝධිසත්ව ගුනෝපේත පරම පූජනීය කපුදූවේ සිරිගුණාලංකාර ස්වාමීන්ඳ්‍රයන් වහන්සේ එකල පැවසූ අදහස් කිහිපයකි.උන්වහන්සේ පලකලඅනාගත වාක්‍ය බොහොමයක් වර්ථමානයේ සැබෑ වෙමින් පවතී ඉදිරියට සිදුවීමට නියමිත දෑ ගැනත් උන්වහන්සේ සඳහන් කර ඇත.

⚡වෛද්‍ය විද්‍යාවට අසුනොවන රෝගපීඩා බොහොම ඇතිවෙයි.
දුස්සීල සංඝයාටත් හොද නැහැ.
මනුෂයා සීලගුණධර්ම අතින් පිරිහිලා,ගහේ කොලේ ඵලදාවටඅඩුවෙයි ලෙඩ රෝග වසංගත පැතිරෙයි,
රට රටවල් වල අය අපේ රටට අයිතිය කියන්න ඒවි”

මේ 1970 දශකයේදී පමණ සිරි ගුණාලංකාර ස්වාමීන්වහන්සේ පැවසූ අද වන විට සෑබෑ වෙමින් පවතින කරුණු කීපයකි..

එකල දායක මහතෙකු විසින් උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදය ගැන කල විමසීමකදී උන්වහන්සේ මෙසේ පවසා අැත
“අපේ හාමුදුරුවනේ මේ කොටි ත්‍රස්තයන් රට දෙකඩ කරයිද..?”

“රටෙන් පංගුවක් කොහොම වෙතත් පංචශීල ප්‍රතිපත්තිය නැත්නම් හතර රියන අයිතිවෙයි.”

එම අනාවැකියත් අද සෑබෑ වී අැත.

මනුෂ්‍යයාට ඇතිවන විපත් අතර මිල මුදල් හානිය, දූ දරුවන් නොලැබීම, උපත ලබා සිටින දරුවන්ගෙන් දසවිධ ආක්‍රොස පරිභව නින්දා අපහාස, දුර රටවල වාසයට බැහැරව යාම, වාතකෝප, අත් පා අවසඟවීම, හිරි, විෂවාතගතිය, හතිය, කෝපය, දැවිල්ල, මළමූත්‍ර පීඩා, ඇස් ලෙඩ, මනාපවූවන් නොලැබීම, සිත් තැවුල්, සන්තානගත නොඉවසිලිමත්කම, බේබදු සල්ලාල ජීවිතයට පෙළඹීම, අංශභාග රෝග, අපස්මාර, විසිවීම, එකතැන ඉඳුම බැරිකම, කෑම අරුචිය, ඇඟ දිරායෑම, ආහාර අපත්‍ය වීම, ශරීරය ලෙඩ මැෂිමක් වීම, සිතේ එක එක ලෙඩ, දෙඩවීම, සිහිමුලාව, ක්ෂය, පීනස, කැසිල්ල, වන තුවාල, ඔඩුයාම, මූත්‍රාගල්වීම, ඉවසීම නැතිකම, නුවණ නැතිවීම සහ හානිය, උන් උන් අතරේම වාද විවාද, භේද අසමඟිය, විනාසය යනාදී රෝග දෝෂයන්ගේ උත්සන්න වීමක් ව්‍යාප්තවීමක් ඇතිවේ.

බුදු දහමට එකඟ නොවූ සමාජය ගැන මෙසේ කියයි. මිනිස් යක් රකුස් වෙස් ගනී. අනුන් තලාපෙලන හිරිහැර කරන අධර්මවාදී පිරිස් බිහිසුණු විපත්තිදායක ක්‍රියාවන්ට ගොදුරුවේ.

අදමිටු ලෙස සිය බලතල පාවිච්චි කරන ධනය සූරාකන නායක කාරකාදීන්ටත් නොසිතූ විරූ දුක් කරදර ඇතිවේ. අමනුෂ උන්නැහෙලාගේ මාර්ගයෙන් සිත් සතන් පාලනය කොට මහ පොළොව නොඋසුලන අපරාධ සිදුවේ. ඛේදජනක සිදුවීම් දසතින් ඇසේ. මවු-පියන් නොහඳුනන දරුවන් ඇතිවේ. පංචශීල ප්‍රතිපත්තිය නැති මිනිස් සිත අමනුෂ්‍යය පාලනයට යටත් වේ. දුක් ගන්නා රාළලා ඇතත් සිත් සුවපත් කරන්නෝ විරලය.

⚡පැවිදි සමාජය ගැනද මෙසේ සඳහන් වේ.
භික්ෂු නමින් පෙනී සිටින අය අතර වාද විවාද හට ගැනෙනු ඇත. ඒවා ධර්මය පිණිස නොව බලය වැඩි දියුණුව පිණිසත්, තත්වය සඟවා උත්තම ගුණවතුන් සේ පෙනී සිටින්ටත් නොලැබූ තාන්න මාන්න ලබනු පිණිසත් මිස ධර්මය පිණිස නොවේ.

⚡කොටසක් අධර්මය, අවිනය නගනු පිණිස කෑ කෝ ගසනු ඇත. ධර්ම විනය නැතිවම යයි. ලී පොලු හුවමාරු, ගුටි බැට කෑම ඇතිවේ. ලැබීම ඉවර වේ. මෙවැනි සඟන පෙල සිඟන පෙලට ඇද හැලේ.

⚡රටේ සශ්‍රීකත්වය දුර්වල වේ. ගහකොල වියැලෙයි. කලට වැසි නොලැබේ. පලතුරු වියැලෙයි. ශෂ්‍යයෝ බොල්වෙති. වපුල බිජු නොපැලවේ. පැලවූ රෝපණය වූ බීජයෝ ඉරටු බවට පත්වේ. වී පැලවුනත් ගස මැරෙයි, පීදුනත් කරල සුදුයි, සරුවී ඇට තිබුණත් නියඟයෙන් වියැලෙයි. වැස්සෙන් සේදෙයි. කලට නොව අකලට වැසි වසී.පැසුණු ගොයම කුණුවෙයි. කුඹුරු හෑමට කෙටීමට ජලය නැතිවෙයි. එකම රටේ එක් පසෙක ජලයෙන් යටවී විපත් පැමිණෙන විට තවත් පැත්තක ජලය නැතිව විපත් සිදුවේ.

🙏 අද සිරිගුණාලංකාර සමිඳාණෝ මේ මනුලොව අප අතර නැති නමුත්
වර්තමානයත් සමඟ මේ කරුණු කොතෙක් සත්‍යදැයි නුවනැත්තෝ සිතා බලත්වා.🙏

"මහත්මයෝ කොපමණ කීවත් මේ විනාශය සිදුවන එක ගණනකට ගන්නෙ නැහැ, අපි පුළුවන් තරමක් නිදහස් කරගන්න බලමු."

"පිපි මල් සුවඳ සිල් සුවඳට එක් වෙද්දෙන්.......
කුපිතව නටන කඩි රැළ ඔහ ඉහි රෙද්දෙන්.......
කැපි කැපි වැටෙන මරු කැල බොල් හඩ දෙද්දෙන්.......
අපි යන ගමන අපි යමු බැරි අය නවතිද්දෙන්......."

☝අදහස් මඟින් උන්වහන්සේ මෙසේ ප්‍රකාශකර ඇතත් උන්වහන්සේ පෙර පැතුමකට අනුව මනුලොව පැමිණ සිවු හෙලයන්ට දායාද කර දුන් දියසෙන් ප්‍රදීපාලෝකයෙන් විවර කල බොදු මග නිහඩව යන අප අප⁣ගේ උත්සාහය අත් නොහරිමු.

කියවා බලා ඇහුම්කන් දෙන්නේ අතලොස්සක් විය හැක නමුත් යටත් පිරිසෙන් එක් අයෙක් හෝ බේරා ගැනීම පරම අභිලාෂය හා අභිප්‍රායයි.

දිනෙන් දින මේ ශ්‍රී ලංකාද්වීපයට හා සම්බුදු සසුනට සිදුවන අවාසනාවන්ත දෑ අසනමින් දකිමින් පස්චත්තාප වෙමුද...?
සැබෑ සිංහල බෞද්ධයන් ලෙස පිළිවෙත් පුරා පිළියම් සොයමුද....?

වර්ථමානයේ බොහෝ සිංහලයෝ උපතින් සිංහල නියාවෙන් අපි සිංහයෝ යැයි කියති, නමුදු තම පරම්පරාව ගැන නොදනී.ඉතිහාසය ගැන හෝ අපගේ ආදීතම හෙළ මුතුන්මිත්තන් ගැන නොදනී.

උපතින් බෞද්ධ වූ නියාවෙන් අපි බෞද්ධ යැයි කියති,නමුදු
භාගයවතුන් වහන්සේ වදාළ ධර්මයද හරි හැටි නොදනී.
ඉතින් යමෙක් යම් ජාතියක් තමන්ගේ පරපුරේ අභිමානය නොදනී ආගමේ වටිනාකම නොදනී නම් නම් ඒ පුද්ගලයා හෝ ඒ ජාතිය තවදුරටත් ඉදිරියට පැවතිය හැකි හැකියාව අඩුයි.
තම ජාතිය,ඉතිහාසය,ආගම ධර්මය අමතක කර ජිවත් වන්නට තනන්නාද හුදු හිස් පුද්ගලයෙක් පුස්සක් ලෙසයි අප දකින්නේ.

ඔබේ නොදැනුවත්කම නිසාම වර්තමානයේ අප අතින් සිදුවන වැරදි නිවැරදි කර ගෙන මේ හෙළබිමේ මුතුන්මිත්තන් හා පෙර හෙලයින් ලෙස මනුසත් භව ලැබ බොහෝ කුසල් රැස්කර මියෑදී මේ හෙලබිම ආරක්ෂා කිරීමට වරම් ලද දිව්‍යදේවථාවන් හදුනාගෙන ඔවුන් කල කී ඒ ශුර වීර කම් අපේ හෙළ සම්ප්‍රදාය ආගමික පසුබිම නැවත ආවර්ජනය හරහා සිංහල බෞද්ධ හෙළ ජාතික අභිමානය නැවත ගොඩනගාගෙන බෞද්ධයන් හැටියට තිසරණ සරණ පමණක් පරම සරණ කොටගෙන සම්මා දුෂ්ඨියේ පිහිටා යලිත් අපි අභිමානවත් ජාතියක් හැටියට සම්මාසම්බුදුන්ගේ පා පහස ලද ගවුවක් ගවුවක් පාසා ඒ භාග්‍යයවතුන් වහන්සේගේ හා අප්‍රමාන මහරහතන් වහන්සේලාගේ හා අරිට්ඨ ඇමති ලෙස සිට මහා මහින්ද මහරහතන් වහන්සේ පාද පාමුල පෙර පැතුම් ඉටුකිරීමට පැවිදිව මෙරට ප්‍රථම මහරහතන් වහන්සේ වූ බෝසත් රාවන පරපුරේ අරිට්ඨ මහරහතන් වහන්සේගේ ධාතුන්වහන්සේලා වැඩසිටින වෙහෙර විහාර පිහිටි මේ හෙළබිමේ නැවත
බුදු පසේබුදු මහරහත්,දියසෙන් බලයෙන් බල ගන්වා අනාගත පරපුර වෙනුවෙන් ඔසවා තැබිය යුතු කාලයට අඩිතාලම දැමීමට කාලය දැන් එළබ ඇත..

💥⚡ඔබ නොදැන සිටියත් ඈත අතීතයේ පටන්ම තරු,බලි රාවන,පරපුරේ සිටම සෑම වසර දෙදහස් පන්සියයකට වරක් මේ සිවුහෙළය පිරීහී වැනසේ මෙතෙන් කල් එය මිත්‍යාදුෂ්ඨික දේවාල බලි බිලි පුදන හින්දු අසුර කොටස ඉටුකලත් මෙවර එයට හින්දූන්ට අමතරව මේ අපේම රටේ කොටසකුත් බටහිර අසුර බලවේගත් එක්රොක් වී ඇත.

⚡මෙය කියවන නමට පමනක් සිංහල වන සහ මිත්‍යාදුෂ්ඨික විෂ්ණුට බුද්ධ⁣ සාසනය ආරක්ෂා පැවරී ඇතැයි සිතමින් අපි රාවන වංශයේ යැයි කියාගන්නා විජය කුමරුන් තිරිසන් සතෙකුට ජාතක වූ පරපුරක පුරුකක් ,සල්ලාල මං පහරන්නෙක් උපන් රටින් පවා පිටුවහල්කල ත්‍රස්තවාදීයෙක් යැයි බැනවදිමින් "අප සිංහලයන් පැවත එන්නේ රාවන පරපුරෙන්, මහාරවණයන් ගෙන් යැයි " කියා පාරම් බාමින් අපි රාවන වංශයේ යැයි පවසන මනුලොව දෙවුලොව යා කරන සාසනාරක්ෂක දියසෙන් ක්‍රියාපටිපාටිය නොරුස්සන ජාතියේ අභාග්‍යට මෙලොව ජාතක වුන අසිංහල යමෙකු තුල සංවේගයක්, කණස්සල්ලක්,ක්‍රෝධයක් හටගත්තේ නම් එය යටපත් කරගන්නා මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිමි.

එමෙන්ම මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ තිසරණ සරණ එකම සරණ ලෙස සලකන රටට ජාතියට ආගමට ආදරය කරන සැබෑ සිංහල බෞද්ධයන් ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙනය.

බුදු දහම සිවුහෙළය ගැන උනන්දු අන්‍යයන්ටද කියවීමට කිසිදු බාධාවක් නැත. නමුත්, ත්‍රිවිධරත්නය හා දියසෙන් බෝසත් රාවන බලය කෙරෙහි ද්වේශ සහගත සිතින් හෝ සැලසුම් සහගතව අපහාස අවමාන වන ආකාරයේ ප්‍රතිචාර නොදක්වන ලෙසත් එසේ දුටුවහොත් ඒවැනි ප්‍රතිචාර ඉවත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

එනිසා ඔබ අන්‍ය ලබ්ධියක් හෝ නමට සිංහල බෞද්ධ වී මිසදුටු කල්ලි ඇදහිලි අනුගමනය දේශඳ්‍රෝහී දේශපාලුවන්ගේ අනුගාමිකයන් ලෙස කටයුතු කරමින් මෙහි අපහාස කරන්නට කටයුතු කරන්නේ නම් එසේ සිදුකොට බොහෝ දෙනෙකුට යහපත සැලසෙන යහපත් කතිකාවතක් අඩපණ කොට පව් පුරා නොගැනීම කටයුතු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු .

පින්වත් බෞද්ධ ඔබද සංවර අබෞද්ධ මිතුරන්ද ප්‍රතිචාර දැක්වීමේදී මෙහි සදහන් කරුනු කෙරෙහි නිගරු නොවන ලෙස ක්‍රියා කරන ලෙසත් මෙත් සිතින් නිහතමානීව ඉලා සිටිමි.

ඔබ සැමට තෙරුවන් සරණයි...!!
දියසෙන් බොසත් රාවන පිහිටයි....!!

සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදුවූයේ ලංකාවේද...?කුමණ සල් ගසක් යටද...?
15/05/2018

සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදුවූයේ ලංකාවේද...?
කුමණ සල් ගසක් යටද...?

04/10/2017

✨❇️“නමාමි බුද්ධං ගුණ සාගරන්තං...
නමාමි ධම්මං සුගතේන දේසිතං ...
නමාමි සංඝං මුණිරාජ සාව‌කං...
සත්ථා සදාහොන්තු සුඛී අවේරා" ✨❇️

ශ්‍රද්ධා සම්පන්න සිවුවනක් වූ බුද්ධ ශ්‍රාවකයිනි....
ප්‍රග්ඤාාසම්පන්න බුද්ධි ගෝචර සිංහලයනි....

තුසිත දෙවුලොව වැඩවසන මත්තට බුදුවන්නා වූ ආර්‍යමෛත්‍රීනාථ මෙත්බෝසතුන් පලමුකොට දෙදෙවු ලොවට අධිපති සක්‍රදේවේන්‍ඳ්‍රයානන් ප්‍රමුඛ වෛශ්‍රවන,දෲතරාෂ්ඨ,විරුඩ විරෑපාක්ශ සතරවරම් දෙවුරජුන් සිහිකොට...
හෙලදිව සිරි සම්බුදු සසුන සුරකින සිරි උපුල්වන් සුරිඳුන් මෙනෙහි කොට......
දීපේන්ද්‍ර මහ දෙව් රජුගේ අණ මුදුන්පත් කර මෙසේ පවසමි.

අප මුතුන් මිත්තන් ලේ දහඩිය වගුරුවා රැක ගත් මෙ හෙලදිව හා සිරි සම්බුද්ධ සාසනය නැවතත් අනතුරේය...

ඒ ව්‍යසනය පිටුපස ක්‍රියාත්මක වෙන්නේ වසවර්ති මාර බලය නොහොත් ලංකාභිශාපයයි

"අප සරණ ගිය ගෞතම බුදුරජානන්වහන්සේගේ ශාසනය වසර පන්දහසක්‌ කල් පවතින්නට පූර්ව සැලැස්‌මක්‌ ඇත. එම සැලැස්‌මෙහි කේන්ද්‍රස්‌ථානය ශ්‍රී ලංකාවයි. එහි අතිශය වැදගත්ම හවුල්කරුවන් වනුයේ මේ අපි ⁣තිසරණ සරණ ගිය සිංහලයන්ය.

බොහෝ ඈත අතීතයේ ශාක්‍යසිංහ සිද්ධාර්ථ සෘෂිගේ මූලිකත්වයෙන් සමනළ සිරස පාමුල අඩවිවය් බිහිවුන සිංහල ජාතිය බුදුදහම සමඟ ඉපිද බුදුදහමේ අවසානයත් සමඟ අවසන්ව ඉතිහාසයට එක්‌වෙයි.

සිංහලයෝ බුදුදහම රැක්‌මේ වගකීමෙන් බැඳුනාහු වෙති. යම් කලෙක සිංහලයන් බුදුදහම අත්හළේ ද එකල්හි බුද්ධ ශාසනයේ අන්තර්ධානය ද වෙයි. සිංහලයන්ගේ අවසානයද එ් සමගම වෙයි."

තුසිත දෙවුලොව වැඩ වසන ආර්‍යමෛත්‍රීනාථ මෙත්බෝසතුන් ප්‍රමුඛ ලංකාද්වීප ආරක්ෂාවට සැදී පැහැදී සිටින ඉන්ඳ්‍ර ,උපේන්ද්‍ර , ද්වීපඉන්ඳ්‍ර ,සිරිඋපුල්වන්,ආර්‍යය සමිද්දිසුමන , අටවිසි දෙවි සෙනවි සිද්ධරාජ දැඩිමුනි ත්‍රී විද්‍යා විජයාභිනන්දන සුරිදු ආදී මහේශාක්‍ය දේව මංඩලය විසින් නිතර නිතර අවධාරණය කරන පරිදි මේ පූර්ව සැලැස්‌ම උඩු යටිකුරු කරවන කුමණ්‌ත්‍රණයක්‌ ද වෙයි. ඒ කුමන්ත්‍රණය හරි යැමේ ඉඩක්‌ ද ඇත.

"වසවර්ති මාරයා ඔහුගේ සේනාධිපතියන් පිරිසක්ද තව සහචර දෙතුන් සියයක සේනාවක් වන මාර සෙනඟක්‌ද දිවා රෑ නොබලා සේවයේ යොදවමින් සිංහලයන් බුදුදහමෙන් වෙන් කිරීමට කුමන්ත්‍රණයක නිරතව සිටී. මේ වකවානුවේ බුදු බනයැයි අපබ්‍රංස දෙසන බොහෝ සිවුරු පොරවාගත්තෝද සර්වාගමික සහජීවනය ගැන තෙපලන සුදු ඇදගත් පිරිසද් ඒ මාර දූතයන්ට අයිතිය.

හෙතෙම
⚡️අමුතු බුදුවරු නිර්මාණය කරවයි ,

⚡️අමුතු රහතුන් නිර්මාණය කරවයි,

⚡️අමුතු නිකායවල් නිර්මාණය කරවයි.

⚡️අමුතු අමුතු පූජාවිධි නිර්මාණය කරවයි

⚡️බුද්ධාදී අට තැන් කෙරේ සැක උපදවන අමුතු දෙසුමි පතුරවයි,

⚡️තථාගතයාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු සැදැහැවතුන් විසින් දැක වැදපුදාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන පහන් සංවේගයට පත්ව සුගතියට යෑමට දොරටු විවර කරන ස්ථාන කෙරේ සැක උපදවා ඒවාට විකල්ප ආදේශක පෙන්වයි,

⚡️රුවන්වැලි මහා සෑය,ජයශ්‍රීමා බෝධිය,ශ්‍රී දළදාව,සමනොළ ගිර සිරිපතුල සහ පිරිවර සර්වඥ ධාතූන් වහන්සේලා යනු හෙලදිව සුරකින පින් කෙත වපුරන බුදුරජානන්වහන්සේ ජීවමාන පිළිඹිබුවන්ය.පරිනිර්වාණ මංචකයේදී කල අධිශ්ඨානයන් අනුව ලංකා භූමියෙහි ඒ සියල්ල ස්ථානගත විය.

එම සියලු ස්ථානයන් වූ කල්හි අටවිසි බුදු බලය ,රහත් අරහත් අධිශ්ඨානය ශක්තීන්,දියසෙන් බලපරාක්‍රමය ඒකරාශි වූ සම්‍යයක් දෘෂ්ටික දේව බලය මේ පොලොතලයට පතිත වන පුන්‍ය භූමීන්ය.
අමනුස්ස ලෝකයේ සිට වසවත් මාර අනුදැනුමින් පැමිණි අකුසල් පිරි සංවිධානාත්මක කල්ලිය විසින් හෙලදීපයට මේ උතුම් ත්‍රිවිධ භූමි නැති කිරිමේ ප්‍රයත්නයක නියැලෙයි.ඔවුන් දැනටමත් ක්‍රියාත්මක වී හමාරය.

බොහෝ පුදබිම්වලින් සම්‍යයක්දෘශ්ටික දේව බලය නෙරපා දමා මිසදුටු මාරපාක්ශික බෙලි කපන ,පලි ගහන,අදෝනා නඟා යදින අයදින මිත්‍යාදුෂ්ඨික අමනුෂ්‍ය අසුර සේනාව අත්පත්කොටගෙන ඇත.

මොවුන්ගේ අරමුන ඉතිරිව නිරුපද්‍රිතව පවතින අනෙක් උතුම් පුන්‍ය ස්ථාන කෙරේ සාදූ ජනතාවගේ සිත්වල කුකුස ,විචිකිච්චාව මතුකර මිනිසාට පින් පිරෙන මාර්ග වසා දැමිමයි.
එවිට හෙලය සුරකින සම්‍යයක් දෘෂ්ටික දේව බැල්ම පොලොතලයෙන් දුරස්වේ.මාරයාගේ වාරය පැමිනේ.අදුරු වලාවෙන් හෙලදිව වැසී වැනසේ...
මෙයයි මාරයාගේ ඉලක්කය...

⚡හෙතෙම ️විකල්ප නිර්වාණ මාර්ග බිහිකරවයි.

⚡ලෝකෝත්තර නිවන් සුවය අගය නොකරන කර්මය- කර්ම විපාක පිළිනොගන්නා පරම්පරාවක්‌ බිහි කරවයි.

⚡️සියලු ආගම් ඇදහිලි එකක්ම යැයි සර්වාගමික සංකල්පයක් ඉතාම සූක්ෂමව සමාජගත කරවයි සිංහල බෞද්ධ අනන්‍යතාවය මොට කිරීමට වෙර දරයි,

⚡️වසවර්ති මාරයා ප්‍රමුඛ මේ මිසදුටු හමුදාව සියළු ගිහි පැවිදි බෞද්ධ නායකයන් භේද කරවයි. දිවෙන් දිව ගාගෙන සිටි බෞදධ නායකයන් සියලු දෙන නයි පොළඟුන් මෙන් වෛරීව හැසිරෙන තෙක්‌ම භේද කරවයි. එකම පිරිස එකම අරමුනක් වෙනුවෙන් වෙන වෙන කන්ඩායම් බෙදී එකිනෙකා මරා ගන්නා තෙක්‌ම ඒ භේදය දුරදිග යවයි.

⚡️ බුදුදහම බේරා ගැනීමේ වැඩපිළිවෙළක්‌ කවුරුන් හෝ ඇරඹුවොත් ඒ පිරිසට මතක හිටින පාඩම් උගන්වා අධෛර්ය කරවයි."
මාර සේනාවම සිංහල බෞද්ධ වේශයෙන් පිරිස අතරට පැමිණ තත්වය අවුලෙන් අවුලට පත්කරයි,

👉තුසිතයේ වැඩවසන මහේශාක්‍ය දෙවිවරු විසින් හෙළිකරන පරිදි තවත් විශාල අන්තරායක්‌ ඉදිරියට පැමිණෙයි. එයත් වසවර්ති මාරයාගේම සැලසුම් සහගත වැඩපිළිවෙළකි.

සුසුම් හෙලමින් වැළපෙමුද....?
පිළියම් සොයමුද ....?

බේරීමට ඇති එකම මග පිරිසිදු තථාගත ශ්‍රී සද්ධර්මය ,තෙරුවන් සරණ යාමයි අවම වශයෙන් පංචශීලයවත් රැක ලංකාද්වීපයත් සම්බුදු දහමත් රැක ගැන්මට බේද බින්න දුරලා කල්ලි කන්ඩායම් පක්‍ෂ භේදය දුරලා එකමුතුව ආධ්‍යාත්මිකව සන්නද්ධ වීමයි
ඒ හැර අන් සරණක්නම් නොමැත..

👉මා මෙය ඔබට පවසන්නේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුලින්ම මතුවෙන කඳ පනුවන් ඉවත හලන්න,පරසතුරු උවදුරු නසන්න රට ජාතිය පෙර පරිදිම නොහැකි වුනත් යම් තරමකට හෝ රැකගන්න හැකි ශක්ති ප්‍රමානයෙන් යමක් කලයුතු බව අවධාරණය සදහාය.

මේ පවසන දෙයට ඇහුම්කන් දෙන්නේ අතලොස්ස පමණක් බව මා ඉදුරා දනිමි නමුදු ඒ අතලොස්ස හෝ යමක් තේරුම්ගන්නේ නම් එය හෙද දවසේ ලොකු ජයග්‍රහණයක් වේවි .

අපි අවදියෙන් සිටිමු....
බුදු සසුන හා ශ්‍රී ලංකාද්වීපය චිරාත් කාලයක් බැබළේවා..!!!

තෙරුවන් සරණයි ....!!!

අපේ රට ජාතිය ආගම සුරැකීමට සුදුසු නායකයකු,රජකු ලබන්නට සිංහලයාට මෙකල භාග්‍යය නැති බවක් පෙනුනද , සිංහල බෞද්ධ අප හට ජාතියේ ප...
04/02/2017

අපේ රට ජාතිය ආගම සුරැකීමට සුදුසු නායකයකු,රජකු ලබන්නට සිංහලයාට මෙකල භාග්‍යය නැති බවක් පෙනුනද , සිංහල බෞද්ධ අප හට ජාතියේ පෙර පිනකින්ම උරුම වූ සම්බුදු සසුනේ උගන්වන ප්‍රතිපත්ති මාලාවේ පිහිටා කටයුතු කිරීමට තවම කාගෙන්වත් බාධාවක් නැහැ .

සිංහල බෞද්ධයාට හා මෙරට ජීවත්වෙන සුලු ජාතින්ට නිසි මගපෙන්වාදීමක් සිදුකර සැමට සාධාරනයක් ඉටකරන අතරම මේ රටට අතීතයේ පටන්ම තිබූ සිංහල බෞද්ධ රාජ්‍ය අනන්‍යතාවයේ මූලිකත්වය මතුවටත් ආරක්ෂා කල හැකි නායකයකු බිහිවන තුරු හෝ සිටින නායකයන්ගේ දෑස පෑදෙන තුරු තුෂ්නිම්බූතව බලා නොසිට පිළියම් සෙවිය යුතුයි

ඒ සදහා අප කල යුත්තේ කුමක්ද ?
බුදු සසුනත් , අපගේ අභිමානවත් ඉතිහාසයත් නායකත්වයේ තබා ගත යුතුයි .එවිට එම ප්‍රතිපත්තීන් රකින අභිමානවත් නායකත්වයක් මතු බිහි වනු ඇත ....

වසර 2600කටත් වැඩි කාලයක් තිස්සේ අපේ රට සිංහල ජාතිය හා ගෞතම සම්බුද්ධශාසනය රැකුණේ ධර්මය විනය සහිතව කටයුතු කල එවැනි නායකයන් නිසා.

මහින්දාගමනයේ සිට අනුරාධපුර යුගය තුල දේවානම්පියතිස්ස,දුටුගැමුණු, ආදී ගුණගරුක නිර්භීත සිංහල බෞද්ධ නායකයන් බිහිවුයේ රට එක් ධජයක් යටතේ පාලනය වී මේ සිරිලක ධන ධාන්‍යාදී සශ්‍රිකත්වයෙන් අභිමානයෙන් බැබලෙන්න පටන්ගත්තේ ඒ නිර්මල බුදුසසුන පිහිට සරණ කරගත් නිසා.

ලෝවාමහා පාය රුවන්වැලිසෑය ආදී දහසක් වෙහෙර විහාර අහස උසට විහිදෙන ගොඩනැගිලි බිහිවුයෙත් , මුළු ජන සමාජය මෙන්ම සතා සිව්පාව සහ පරිසරය පවා සුව විඳින මහා වැව් දාගැබ් බිහිවුයෙත් ඒ බුදු සසුනේ අානුභාවයෙන් ..අතීතයේ ඒ මිනිසුන්ගෙන් පිරිපුන් පිනෙන් බලවත් සිංහල ජාතිය සමාජ සංස්කෘතිය හා ආචාරධර්ම පද්ධතියක් බිහිවුයේ ඒ නිර්මල බුදු සසුන තුලින්.

නමුත් අද අපගේ සැබෑ උරුමය සහ අපට ජිවය ලබා දුන් ශක්ති ප්‍රභවය වුන ඒ නිර්මල බුදුදහමෙන් අපි බැහැරවූ සාපය නිසාය අද වර්තමාන ය වන විට ලෝකයට ණය වූ ජාතිය ගැන හැඟීමක් නැති,බේබදුකමට, සොරකමට සල්ලාල ,කමට ,බල ලෝභයට ගිජුවුන ප්‍රතිපත්තියෙන් පිරිහුන ,පරගැති කම අගයන රජයන සමාජයක් බවට පත්‍ෙවෙලා. එහෙම මංමුලා වූ පිරිසක් සිංහල බෞද්ධයින් තුලින්ම බිහි වෙලා .

බුදු දහමෙන් බෞද්ධ සංකෘතියෙන් සිංහලයා ඈත් වුනේ කවද්ද , වෙනස් හිස් මතවාද කරපින්නා ගත්තේ කවද්ද අන්න එදා ඉදන් ජාතියක් වශයෙන් හා පොදුවේ රටක් වශයෙන්ද අපේ පිරිහීම ආරම්භ වුනා ....ඒත් තවම වැරදි හදාගන්න ප්‍රමාද නැහැ...

අපි ජාතිවාදී වෙනව කියල හෝ ආගම්වාදී වෙනව කියල හෝ හෝ රට ගැන ජාතිය ගැන ක්‍රියා කිරීම අත් හැරිය යුතුද...?නැහැ කිසිසේත්ම නැහැ.
මොකද සියලු දෙනාට ගරු කරන්න, අවිහිංසාව අගයන්න,සකල ලෝක වාසී සියලු සත්වයා ට මෙත් වඩන්න උගන්වන ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය තුල පමණමයි අන් සියලු දෙනාටම බියක් සැකක් නැතුව ජිවත් විය හැකි වාථාවරණයක් සැකසෙන්නේ.

සිංහල බෞද්ධ කම කියන්නේ අනෙක් ජාතීන් හෝ මිසදුටු ඇදහිලි ක්‍රම,පරසතුරු ආක්‍රමනිකයින් ඇවිත් ඔලුවට අත හෝදනකන් බලන් ඉන්න නිවට නිවාලු කම නම් නෙමේ , ඒ වගේම අනෙක් ජාතීන් පාගල දාල තාඩන පීඩන කරල කොන් කිරීමවත් මහ ජාතියේ අතකොලු කරගැනීම ත් නෙමේ.

සිංහල බෞද්ධ සමාජයක් හෝ ඒ සමාජයට නායකත්වය දෙන නායකයිනුත් කවදාවත් එහෙම දෙයක් කල යුතු නැහැ ඒ වගේම බල ලෝභයට තමන්ගේ පටු අරමුණ වෙනුවෙන් සුලු ජාතීන්ගේ අතකොලුවක් වෙලා රට ජාතිය ආගම පාවා දෙනවනම් එතනත් සිංහල නායකයෙක් නැහැ.

නැවතත් අපේ රට ජාතිය ආගම සුරැකීමට සුදුසු නායකයකු හා ආචාරධර්ම සහිත ,ප්‍රතිපත්ති ගරුක සිංහල බෞද්ධ ජන සමාජයක අවශ්‍යතාවය දැන් මතුවෙලා තිබෙනව ඒ සදහා පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව බුද්ධියෙන් ඉදිරිය‍ෙදි අපි තිරණ ගත යුතුයි යහපත් ජන සමාජයක් පාලන තන්ත්‍රයක් බිහිකිරීමට

එහෙම වාථාවරණයක් යටතේ මේ රටට පමණක් නෙමේ මුළු ලෝකයටම යහපතක් සිද්ධ වෙනු ඇත ..
සොබාදහම ,පරිසරය සතා සිව්පාවා අැතුළු සියලු මනුෂ්‍ය වර්ගයා සැනසීම විඳිනු ඇත ..

යම් කිසි නායකයකු සිංහල බෞද්ධයන් රැකගැනීම බැහැර කරනවනම් ඔවුන් සිදුකරන්නේ ගෞතම සම්බුදු සසුන ශ්‍රීලංකාව තුල පවතින බවට බුදු රජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයට පිටුපා කටයුතු කිරීම

අපි එහෙම වාථාවරණයක් බිහි කරන්න එහෙම පරගැති නායකයන් බිහිකරන්න පටු අරමුනු වෙනුවෙන් පක්ෂ වලට කාන්ඩ වලට බෙදිලා කටයුතු කරොත්
හෝ ඇටුවම් බැහැපු මති මතාන්තර මත පිහිටල රටේ අනාගතය ගැන නොසිතා වර්තමානයේ ලැබෙන ලාබ ප්‍රයෝජන ගැන හෝ වෙනයම් කුමන හෝ දෙයක් නිසා නිශ්ශබ්ද වුවහොත් එදා ඉදල සිංහලයා පෝෂණය කරපු තථාගත ධර්මයෙන් ,ප්‍රතිපත්තියෙන් ආචාරධර්ම පද්ධතියෙන් ,හික්මීමෙන් බැහැරට ගියහොත් මේ ගෞතම සම්බුද්ධශාසනය ත් අභාවයට ගිහින් සිංහල ජාතියත් රටත් මුලු ජනසමාජයත් ඒ එක්කම අභාවයට යාවි ඒක වලක්වන්න බැහැ...

සිංහලයන්ගේ යහපත් පැවැත්මට හේතුව බුදුදහම වන අතර ලංකාවෙ අන්‍යාගමික අන්‍ය ජාතික අය හොඳින් ඉන්නෙත් සිංහල බෞද්ධයන් නිසයි. බුදුදහම නැති දාට බෞද්ධයන්ගෙ අනන්‍යතාවයයි පැවැත්මයි අවසානයි මේ ලක් පොලවත් තවත් එක් කාන්තාරයක් වේවි ඒකාන්තයෙන් ම.

අපි සියලුදෙනා එකතුවෙලා සාමූහිකත්වයෙන් ඒ සම්බුදු සසුන රැකීමට සිංහල ජාතිය සුරක්ෂිත කිරීමට තිසරණ සරණ හා පංචශීලයේ පිහිටල පියවර ගන්නවනම් ධාර්මිකව දිවිගෙවල මහේශාක්‍ය දිව්‍යදේවථාවන්ට පිං අනුමෝදනා කරනවනම් ඒ සම්බුදු අධිෂ්ඨානය සපල වීම පිණිස කටයුතු කරන සදෙවු ලොව වැඩසිටින මහේශාක්‍ය දෙව් බඹුන්ගේ ධාර්මික ආශීර්වාදය රැකවරණය අපට හිමිවනු ඇත ..
තමාටද මෙලෙව පරලොව යහපත හිමි වනු ඇත ..එම නිසා බෞද්ධ අප පිනෙන් බලවත් වෙමු ...නිසි ප්‍රතිපත්තියෙන් බලවත් වෙමු ..

බුද්ධ පරිනිර්වාණයෙන් පසු භාරතයෙන් ගිලිහුන නමුදු බුද්ධ අධිෂ්ඨාන පරිදි හෙලදිව ස්ථාපිත වූ සම්බුද්ධශාසනය ඔප්නම්වා අනූපමය මෙහෙවරක් කල දුටුගැමුණු මහරජතුමා ,කාවන්තිස්ස මහරජතුමා සුමනසමන් දිව්‍යරාජයා ඇතුලු මෛත්‍රී බෝසතාණන් වහන්සේ ප්‍රමුඛ බොහෝ පිරිස් වර්ථමායේ තුසිතපුරයේ වැඩසිට හෙලදිවට නෙත්යොමනව එම පිරිසෙන් කන්ඩායමක් මනුලොවට මෙත්බෝසතුන්ගේ අනුදැනුම මත එනව යනව වෙන්න යන විනාශ වලක්වන්න ක්‍රියාත්මක වෙනව.

සිංහල දේශය අවදි කරන්න බුදුදහම රකින්න කාලයෙන් කාලයට වාරියපොළ ශ්‍රී සුමංගල හිමි,මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාල,එස් මහින්ද හිමි ,මෑත කාලීනව රේරුකානේ චන්දිවිමල හිමි, සෝම හිමි ,නාඋයනේ අරියධම්ම හිමි වැනි පිරිස් හෙලදිවට පහලවුනා ඒ ක්‍රියාපටිපාටිය අනුකූලව .

වරින් වර මනුලොවට පැමිනෙන අධ්‍යාත්මික ගුණ වගාවක් හා චිත්ත ශක්තියකින් සිය බලය විසුරුවා හැර මහා පිරිසකට මාර්ගෝපදේශකත්වය දී රට, ජාතිය, ආගම සුරක්ෂිත කිරීමේ අති සූක්ෂම ක්‍රමවේදයක් පෙනෙන නොපෙනෙන දෙලොවක වැඩපිළිවෙලක් තිබෙනව නමුත් කෙලෙස් මළ දහරින් පිරුණු භෞතික සැප සම්පත් දැඩිව අල්ලාගත් හා මිත්‍යාදුශ්ථිකව හැසිරෙන අපේම සිංහල බෞද්ධ බහුතර පිරිසට ගෝචර නොවන.

පරම පූජනීය බලංගොඩ ආනන්දමෛත්‍රී ස්වාමීන්වහන්සේ කපුදූවේ සිරිගුනාලංකාර ස්වාමීන්වහන්සේ පැහැදිලිව මේ බව ප්‍රකාශ කරා උන්වහන්සේලා පවා කාලානුරූපව සුදුසුකල මනුලොව පහලවෙලා උන්වහන්සේලාට පැවරුන රාජකාරි අහවර කරල නැවත තුසිතපුරයට ගියා

ඒ වගේම සිංහල දේශයට ජාතියට සිය ජීවිතය පවා කැපකල මොණරවිල කැප්පෙටිපොලමහ දිශාව ,ගොන්ගාලේගොඩ බණ්ඩා වීර පුරන් අප්පු ,කුඩා පොළ හාමුදුරුවෝ,අනගාරික ධර්මපාල තුමා ,වලිසිංහ හරිස්චන්ද්‍ර වැනි උදාර ජාතික වීරයන් බිහිවුනේ ඒ අපේ තිබුන පරාර්ථකාමී බොදු ජන සමාජය තුලින්.

යම් හෙයකින් දැන් සිටින නායකයින්ගේ දෑස නොපෑදුනත් හෝ අපි අතරින්ම සුදුසු නායකයෙක් ඉදිරිපත් නොවුනොත් එවිට කලින් කල බුදු සසුන අනතුරෙහි පවතින කාල වකවානුවලදී දෙව් ලොවින් මිහිබටව සම්බුදු සසුන රට ජාතිය සුරැකු පෙර සිල් ගුණදම් පිරු ස්වාමින්වහන්සේ නමක්ව වැඩ සිට විහාරමහා දේවියගේ ආරාධනයෙන් ලක්බිමේ ඉපිද ලක් බිම සුරක්ෂිත කල ගැමුණු නිරිඳුන් වැනි යුග පුරුෂයින් නැවත බිහිවනු ඇත ...

ඒ සඳහා සුදුසු පරිසරය පතිරුප දේශය සම්බුදු මග යාමෙන් අප සකස් කරමු ..හේතුව සකස් වන විට ඵලය නිරායාසයෙන් ම සකස් වනු ඇත..

ඉවසීමෙන් , මනා සිහි නුවණින් එහෙත් අභිමානවත්ව කටයුතු කරමු ...ඒ අභිමානවත් ඉතිහාසය ,බුදුදහම , බෞද්ධ සංස්කෘතිය සුරකින්නට ඒ මත පිහිටා කටයුතු කරන්නට සියලු නායකත්වයන්ට අපගේ බලපෑම එකා මෙන් එකමුතුව සිදුකරමු..

අපි අවදියෙන් සිටිමු....
බුදු සසුන චිරාත් කාලයක් බැබළේවා..!
තෙරුවන් සරණයි..!

මහසෙන් පැරකුම් ගැමුණු විජයභා...
වැනි නිරිඳුන්ගේ තේජස්...
අදත් රකිනවා සපුමල් කුමරුන්
යාපා පටුනම ජයගත්...
දුරක ඉදන් අද අපිත් නගනවා
රට වෙනුවෙන් ජය ගීයක්...
සව්සිරි සපිරුනු අප ලක්මවුනේ
ඔබ වැජඹේ ලොව කොතැනත්...

🌼🌻ශ්‍රී ඝණ සුගත තථාගත ශ්‍රී පාද කමල යුග වන්දනය කොට ගෙන අවසර මෙසේ හෙලිකරන වගනම්🌻🌼හෙතෙම ඒ අභීත රාවන රාජවංශය රජවරු සොලොස් ද...
08/01/2017

🌼🌻ශ්‍රී ඝණ සුගත තථාගත ශ්‍රී පාද කමල යුග වන්දනය කොට ගෙන අවසර මෙසේ හෙලිකරන වගනම්🌻🌼

හෙතෙම ඒ අභීත රාවන රාජවංශය රජවරු සොලොස් දෙනෙකුගෙන් හෙබිය...
ඉන් ප්‍රථම කුමරුවන් මහාරාවන නම්විය...
එ් අන්කිසිවෙකු නොව මත්තට මේ මහාභඳ්‍රකල්පයේ ලොවපහලවන අවසන් සම්මාසම්බුදුරජානන් ලෙස නියත විවරන ලැබ තුසිතපුර විරාජමානව වැඩවසන ආර්ය්‍යමයිත්‍රීනාථ මෙත්බෝසතුන් ය...

🔰~දිගු ගමනක ආරම්භක පියවර~🔰වර්ථමානයේ  බොහෝ සිංහලයෝ උපතින් සිංහල නියාවෙන්  අපි සිංහයෝ යැයි කියති, නමුදු තම පරම්පරාව ගැන නො...
06/01/2017

🔰~දිගු ගමනක ආරම්භක පියවර~🔰

වර්ථමානයේ බොහෝ සිංහලයෝ උපතින් සිංහල නියාවෙන් අපි සිංහයෝ යැයි කියති, නමුදු තම පරම්පරාව ගැන නොදනී.ඉතිහාසය ගැන හෝ අපගේ ආදීතම හෙළ මුතුන්මිත්තන් ගැන නොදනී.

උපතින් බෞද්ධ වූ නියාවෙන් අපි බෞද්ධ යැයි කියති,නමුදු
භාගයවතුන් වහන්සේ වදාළ ධර්මයද හරි හැටි නොදනී.
ඉතින් යමෙක් යම් ජාතියක් තමන්ගේ පරපුරේ අභිමානය නොදනී නම් ඒ පුද්ගලයා ඒ ජාතිය තවදුරටත් ඉදිරියට පැවතිය හැකි හැකියාව අඩුයි.

තම ජාතිය,ඉතිහාසය,ආගම ධර්මය අමතක කර ජිවත් වන්නට තනන්නාද හුදු හිස් පුද්ගලයෙක් පුස්සක් ලෙසයි මා දකින්නේ,අපේ නොදැනුවත්කම නිසාම වර්තමානයේ අප අතින් සිදුවන වැරදි නිවැරදි කර ගෙන මේ හෙළබිමේ මුතුන්මිත්තන් හා පෙර හෙල මනුසත් භව ලැබ බොහෝ කුසල් රැස්කර මියෑදී මේ හෙලබිම ආරක්ෂා කිරීමට වරම් ලද දිව්‍යදේවථාවන් හදුනාගෙන ඔවුන් කල කී ඒ ශුර වීර කම් අපේ හෙළ සම්ප්‍රදාය ආගමික පසුබිම නැවත ආවර්ජනය හරහා සිංහල බෞද්ධ හෙළ ජාතික අභිමානය නැවත ගොඩනගාගෙන බෞද්ධයන් හැටියට තිසරණ සරණ පමණක් පරම සරණ කොටගෙන සම්මා දුෂ්ඨියේ පිහිටා යලිත් අපි අභිමානවත් ජාතියක් හැටියට සම්මාසම්බුදුන්ගේ පා පහස ලද ගවුවක් ගවුවක් පාසා ඒ භාග්‍යයවතුන් වහන්සේගේ හා අප්‍රමාන වූ රාවන පරපුරේ මහරහතන් වහන්සේලාගේ ධාතුන්වහන්සේලා වැඩසිටින වෙහෙර විහාර පිහිටි මේ හෙළබිමේ නැවත නැගීසිටිය යුතු කාලය දැන් එළබ ඇත..
ඔබ නොදැන සිටියත් ඈත අතීතයේ පටන්ම තරු,බලි රාවන,පරපුරේ සිටම සෑම වසර දෙදහස් පන්සියයකට වරක් මේ සිවුහෙළය පිරීහී වැනසේ මෙතෙන් කල් එය හින්දු අසුර කොටස ඉටුකලත් මෙවර එයට හින්දූන්ට අමතරව මේ අපේම රටේ කොටසකුත් බටහිර අසුර බලවේගත් එක්රොක් වී ඇති හැඩයි....

ජාතියට අදාළ වටිනාකම් ඉගෙන ගත් විට, ඒ ජාතිය බොහොම ඉක්‌මනින් නැඟී සිටිනවා. අඩුම තරමින් සිංහල අපේ රාජ පරම්පරාව අපේ හෙළ දිව්‍යදේවථාවන් ගැනවත් තතු අපි දැනගත යුතුයි

බොහෝ දෙනා සිංහලයෙක්‌ ලෙස පෙනීසිටියද ඔවුන්ගේ ඇති සිංහලකමක් නැත.එවැනි පිරිස්‌ යම් ගැටලුවක් මතුවූවිට නිරාකරණය කරගත නොහැකි කල, ඒ සඳහා දොස්‌ තබන්නේ තමන්ගේ ජාතියට. නැතහොත් තමන්ගේම මවු දෙමවුපියන්ට එහෙමත් නැත්තම් ආගමට. මේ සියලූ දේ වෙන්නේ සිංහලයා තමන් ගැන නොදන්නා නිසා....

එහෙම අසරණ වුන වැරදි වැටහීම්වල සිටින අපේම පිරිස් නොමග යවන්න විවිධ බලවේග ක්‍රියාත්මක ‍වෙනවා විශේෂයෙන්ම මේ රත්නද්වීපය හා බුදුදහම සමග ජම්මාන්තර වෛරක්කාරයෝ ඉන්නව තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් අපේම පිරිසක් බිලීබාගන්න.
ඉතිහාසය බුද්ධ දේශනාව පවා ඉතාම සූක්ෂම විකෘති කරල විවිධ මත පතුරවල මිනිසුන් පෙළ ගස්සවල ඔළුගෙඩි වලට විකුර්ති අදහස් දාලා මුලු සමාජයටම වින කරන එහෙම බලවේග වර්ථමායේ ඕනේතරම් නිදැල්ලේ ක්‍රියාත්මක වෙනවා....

එහෙම පිරිස් තමන්ට රිසි සේ යම් විනාශයක්‌ කරන විට, මේ නොදන්නාකම නිසාම සිංහලයා එක්‌කෝ සද්ද නැතුව ඉන්නවා. නැත්නම් ඔවු එක හරි... කියලා පැත්තකට වෙනවා., තමන්ගේ ජාතිය පිළිබඳව දැනුමක්‌ නැති නිසා ඒක නිවැරදි කරන්න දන්නේ නැහැ.
එයට එරෙහිව නැගීසිටින්න තරම් ශක්තියක් නෑ බොහොම කනගාටුවෙන් වුවත් මෙය කිවයුතු සත්‍ය තත්වයක්....

අද මහා රාවයන් ගැන , රාවණ වංශය ගැන සමාජයේ තරුණ පිරිස් අතර විශේෂ උද්යෝගයක් තිබෙනව ඒක බොහොම හොදයි... නමුත් අවාසනාවකට රාවනත් දැන් වෙළද භාන්ඩයක් වෙලා සමහරු සොයන්නේ මහා රාවණයන් ගේ සෙල්ලිපි​-පත්ඉරු , තවත් සමහරුන් යන්ත්‍ර ,මන්ත්‍ර ,යනාදිය හා දඩුමොණර යන්ත්‍රය සොයති .තවත් එක් එක් උන්මත්තකයන් ගල්ගුහා අස්සේ රිංගා මහාරාවනයන් යලි අවධිකරන බවට පුරසාරම් දොඩති ඔය අල්ල පනල්ලේ කූට ව්‍යාපාරිකයෝ පොතන් දෙකක් අච්චු ගසා තමන්ගේ මඩිය තරකරගනිති නොයෙක් ධ්‍යාන උපදවාගත්තේයැයි,විශ්වයේ පනිවිඩකරුවකු යැයි පවසන ව්‍යාජ සෘෂිවරයන්ද රූපවාහිනී නාලීකා පුවත්පත් ඔස්සේ මහාරාවන විකුනගෙන කා ජනප්‍රිය වෙති නම් වශයෙන් නොකිවුවත් ගිහි පැවිදි වෙස් ගත් එහෙම පුද්ගලයෝ බහුලයි.නමුදු මේ කිසිවෙක් සත්‍ය නොදනී ඔබව මනංකල්පිත මුලාවක පටලා ඔවුන් තමන්ගේ බඩගෝස්තර රැකගනිමින් තම චරිතය ජනප්‍රිය කරගෙන සිටිති.....

ඔය පිරිස විජය රජුන් හට සල්ලාලයා මංපහරන්නා උපන් රටින් පවා පිටුවහල්කල ත්‍රස්තවාදීයා යැයි බැනවදිමින් "අප සිංහලයන් පැවත එන්නේ රාවන පරපුරෙන්, මහාරවණයන් ගෙන් යැයි " කියා පාරම් බාති අහෝ මුලාවක මහත කියනු හැර කුමක් කියන්නද....

අපි රාවන වංශයේ පවසන ඔවුනගේ මතය අනුව විජය පර දේශක්කාරයෙකි. සල්ලාලයෙකි.හිස මුඩුගා තම නුවරින් පිටුවහල් කල නිකමෙකි නමුත් මෙහි සත්‍ය කථාව නිවැරදිව නොදනී.

මහා රාවණයන් යනු කවරෙක්ද දසිස් රාවන ලෙස විරුදාවලිය ලද අනෙක් රාවනයන් හා එම වංශිකයෝ කවරහුද... ඒ පෙළපත කුමක්ද බිහිවූයේ කිනම් දිශාවකද, විජය හා රාවනයන් අතර ඇති සම්බන්ධය, කාවන්තිස්ස මහරජ දුටුගැමුණු කුමරු විජයට හා රාවන වංශයට නෑකම් කියන සැටි මේ සියලු දෙනා බුදුන්ගේ වංශය වූ ශාක්‍ය වංශය නොහොත් ලම්බකර්ණ වංශයට නෑකම් කියන සැටි නොදනී.
ඇත්ත ඇතිසැටියෙන් දන්නා පිරිස ඉතාමත් අල්පය...​.
අල්ප වූවද ඔවුන් මහා රාවණයන් බෝසත් චරියක් බව දනිති වර්තමානයේ බොහෝ කථාබහට ලක්වුන සහ තරුන පිරිස අතර විශාල ආකර්ශනයක් ලබා ඇති දසිස් රාවන සහ මහාරාවනයන් ගැන දනිති. රාවන වංශයේම පුරුකක් වන විජය රජතුමානන් හට අගෞරව නොකරති. ඒ මක් නිසාද යත් ඔවුන් යතාර්ථය අවබෝධකර ගත් අයවලුන් නිසාය​.

තිලෝකනාථ තථාගත ලොව්තුරා අමා මෑණී අප ගෞතම බුදු පියාණන් වහන්සේ එදා කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට අයත් උපවත්තන සල් උයනට වැඩම කොට අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණයට පත් වූ දින මේ ලංකාද්වීපයට එනම් බුදුපියාණන් වහන්සේගේ ධර්මය සාසනය ප්‍රතිස්ථාපනය වන පිං බිමට විජය කුමරු ප්‍රමුඛ 700ක් වූ සෙනග ගොඩබටහ​.ඒ සිදුවීම අහබුවක් නොව බුදුපියානන්ගේ අනුදැමුම මතම බුද්ධ අධිෂ්ඨානය මතම සිදුවූවකි මා මෙසේ කී ව්ට යමෙක් මෙය එකහෙලා ප්‍රතික්ෂේප කරයි නමුත් එය එසේමය මතු යම් දිනක එසේ වීම‍ෙ හේතු සාධක ඉදිරිපත් කරමි.. .

මෙය කියවන නමට පමනක් සිංහල වන සහ අපි රාවන වංශයේ යැයි කියාගන්නා යමෙකු තුල සංවේගයක්, කණස්සල්ලක් හෝ ක්‍රෝධයක් හටගත්තේ නම් එය යටපත් කරගන්නා මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිමි.

👉 කාරුනික අවධානය පිණිසයි අප මෙම ලිපි පෙළ ලියන්නේ බෞද්ධයන් ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙනය.
බුදු දහම සිවුහෙළය ගැන උනන්දු අන්‍යයන්ටද ධර්මය,ඉතිහාසය ඇසීමට කියවීමට කිසිදු බාධාවක් නැත.
නමුත්, ත්‍රිවිධරත්නය හා දියසෙන් රාවන බලය කෙරෙහි ද්වේශ සහගත සිතින් හෝ සැලසුම් සහගතව අපහාස අවමාන වන ආකාරයේ ප්‍රතිචාර නොදක්වන ලෙසත් එසේ දුටුවහොත් ඒවැනි ප්‍රතිචාර ඉවත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.
එනිසා ඔබ අන්‍ය ලබ්ධියක් හෝ නමට සිංහල බෞද්ධ වී මිසදුටු කල්ලි ඇදහිලි අනුගමනය කරමින් මෙහි අපහාස කරන්නට කටයුතු කරන්නේ නම් එසේ සිදුකොට බොහෝ දෙනෙකුට යහපත සැලසෙන යහපත් කතිකාවතක් අඩපණ කොට පව් පුරා නොගැනීම කටයුතු කරනුමැනවි.

පින්වත් බෞද්ධ ඔබද සංවර අබෞද්ධ මිතුරන්ද ප්‍රතිචාර දැක්වීමේදී හා ඒ සංවාද වඩාත් සංයමයෙන් සහ ඉවසීමෙන් සිදුකිරීමටත් මෙහි සදහන් කරුනු කෙරෙහි නිගරු නොවන ලෙස ක්‍රියා කරන ලෙසත් මෙත් සිතින් නිහතමානීව ඉලා සිටිමි.

ඔබ සැමට තෙරුවන් සරණයි...!!
දියසෙන් රාවන පිහිටයි.....!!

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when සෙන්පති ථුස්සදේව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share