22/05/2020
ජලභීතිකා රෝගය ගැන දන්නවාද ?
ජලභීතිකා රෝගය ලොව පුරා රටවල් 150ක පමණ ව්‍යාප්තව ඇති අතර වසරකට පුද්ගල මරණ 55000 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වේ.ඉන් 95% පමණ වාර්තා වන්නේ ආසියා සහ අප්‍රිකා මහද්වීප වලිනි. ශ්‍රී ලංකාව තුල වසරකට 20-30 අතර පුද්ගල මරණ ජලභීතිකා රෝගය නිසා සිදු වී ඇත.
ජලභීතිකා රෝග කාරකය
RNA වයිරසයක් මගින් රෝගය හටගන්නා අතර සියලු ක්ෂීරපායි සතුන් මගින් රෝගය වාහක විය හැකිය. සුරතල් සතුන් ලෙස ඇති කරන සුනඛයන් සහ පුසන් මගින් ප්‍රධානවම මිනිසුන් හට රෝගය සම්ප්‍රේෂණය විය හැකිය. මීට අමතරව ලේනුන්,හාවන්,ඌරන්,එළුවන්,හරකුන් වැනි ගෘහාෂිත සතුන්ටද නරි,මුගටි,අලි,වවුලන් වැනි වන සතුන්ටද රෝගය සෑදීමට ඉඩකඩ පවතී.මිනිසුන් සමග වැඩි සබඳතාවක් ඇති සුනඛයන් පිලිබඳව වැඩි අවධානයක් මෙහිදී යොමු කෙරේ.
ජලභීතිකා රෝගය ඇති සතෙකු අදුනාගන්නේ කෙසේද?
රෝග ආකාර 02කි.
01)ගොළු පිස්සුව
මුළු ගැන්වී සිටීම
අඳුරු සහිත ස්ථාන වලට වී සිටීම
අස්වාභාවික තැතිගැන්ම
02)වියරු පිස්සුව
කෙළ වගුරවයි
ගිලීමට අපහසුයි
ඇස් රතු වී කඳුළු ගැලීම
ආසාදනය වන්නේ කෙසේද?
රෝගය පවතින සතෙකුගේ ඛේටයේ පවතින වයිරසය සතා විසින් පුද්ගලයකු සපා කෑම ,ලෙව කෑම හෝ සීරිම මගින් රෝග කාරකය ශරීරයට ඇතුළු වීම සිදු වේ. වයිරසය ස්නායු පද්ධතියට බලපාන අතර එය මොලය වෙත සම්ප්‍රේෂණය වීම සිදු වේ. මේ සදහා ගත වන කාලය සති 2, මාස කීපයක් හෝ ඊට වඩා වැඩි කාලයක් විය හැකිය.
සපා කෑමකදී/සිරිමකදී කල යුතු දේ
ගලා යන ජලයෙන් විනාඩි 10ක් පමණ හොඳින් සබන් යොදා සෝදන්න.
බෙටඩින් දියර ගැල්වීම සිදුකල හැකිය.
ලගම ඇති මහා රෝහල වෙත යා යුතුයි.(එහිදී අදාල වෙයිද්‍ය විසින් එන්නත් කල යුතුද නැද්ද යන්න තිරණය කරනු ලැබේ. සමහර අවස්ථා වලදී සපාකෑම සිදුකල සුනකයා දින 14ක් අධීක්ෂණය කල යුතු වෙයි)
රෝගය වලක්වා ගැනීම
මෙහිදී සුරතල් සතුන් නිවැරදිව එන්නත් කිරීම ඉතා වැදගත් වේ. බල්ලන් එන්නත් කිරීම වයස සති 6දී සිදු කල යුතුය.පළමු එන්නතට පසු booster එන්නත සති 10-14 ඇතුලත ලබා දී අවුරුදු පතා නැවත වාර්ෂික booster එන්නත ලබා දීම සිදු කෙරේ.එසේ නොමැති නම් වැඩිහිටි සතෙකු ඔබ රැගෙන ආ විගස එන්නත් කරණයට යොමු කිරීම ඔබගේ මෙන්ම සුරතලාගේ ආරක්ෂාවට ඉතා වැදගත් වේ.
අනවශ්‍ය සපාකවාගැනීම් අවම කරගත යුතුය.මෙහිදී සුරතල් සතුන්ගේ ගති ලක්ෂණ අඳුනා ගැනීම ඉතා වැදගත්ය.සමහර සතුන්ට ඉක්මනින් කේන්ති යන අතර ඉක්මනින් සපා කෑමට පෙළඹේ.පැටවූ දම සිටින,කිරි දෙන,නිදා සිටින සතුන්ද ඉක්මනින් සපා කෑමට පෙළඹේ.සතුන්ගේ ඇස් දෙස එක එල්ලේ බැලීම නොකළ යුතුය.
සාම්පල පරික්ෂාව
ජලභීතිකා රෝගය සැදී ඇතැයි සැක කරන සතාගේ හිස කොටස කොළඹ වෙයිද්‍ය පර්යේෂණ ආයතනය වෙත සතා මියගොස් පැය 8ක් ඇතුලත රැගෙන යා යුතුය.එසේ නොහැකි නම් හිස කොටස වෙන් කොට කාන්දු නොවන පොලිතින් කවරයක දමා එය අයිස් සහිත බහාලුමක දමා පැය 24ක් ඇතුලත එම ආයතනය වෙත රැගෙන යා යුතුය.එම ආයතනයේ ලිපිනය සහ විස්තර පහත දැක්වේ.
P.O. Box no.527,
Dr.Danister de Silva Mawatha(Baseline road),
Colombo 08
Tel: 0112693532
0112693527
සීයට සියයක් මාරාන්තික වන රෝගයක් වන අතර රෝග ලක්ෂණ පෙන්වීමෙන් පසු මරණයට පත් වේ. රෝගය පිළිබද නිසි දැනුවත් වීම සහ නිසි පියවර ගැනීමෙන් සම්පුර්ණයෙන්ම රෝගයෙන් ආරක්ෂා වීමටත් අප රටෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමටත් හැකියාව පවතී.
පශු වෛද්‍ය මනෝජ් සම්පත් විතානගේ
Healthy Pet Animal Clinic & Surgery
Matugama