02/12/2023
❤️ ලිලී සහා මැඩිසන් ❤️
🖤 මට මතක විදියට මෙම ඦායාරූප පෙල අන්තර්ජාලයේ සැරිසරන්නේ 2011 වර්ෂයේ ,
ඉතින් අපි බලමු ලිලීගෙයි මැඩිසන්ගෙයි කතාව.
- ලිලීගේ කුඩා අවදියේම ඇහි පිහාටු වල ඇති වූ රෝගී තත්වයක් හේතු කොටගෙන ඇගේ ඇස් ඉවත් කිරීමට පශු වෛද්‍යවරුන් තීරනය කර ඇත,
එතැන් පටන් ලිලීගෙ අසලින් මොහොතකටවත් ඈත් නොවු මැඩිසන් ලිලීගේ ඇස් දෙක උනා,
ලිලීගේ තෙත හොම්බෙන් මැඩිසන්ව ස්පර්ශ කර නිවරදි මාර්ගය සොයාගත් අතර ලිලීට මැඩිසන් නැතිවම බැරිවුණා ඒ වගේම තමයි මැඩිසනුත් ඇය ගැන නිතරම සොයා බැලුවා,
ඈත සිට බලන අයෙකුට ලිලී අන්ධයි කියලා නොතේරෙන තරමටම මැඩිසන් ලිලීව රැකබලා ගත්තා.
මෙහෙම අවුරුදු කීපයක් ආදරෙන් මොහුන් දෙදෙනාගේ ජීවිතය ගාලාගෙන ගියා.
මැඩිසන්ට වඩා අවුරුද්දක් බාලවු ලිලීට අවුරුදු 6ක් ලබනාවත් එක්කම ඔහුන් දෙපලව බලාගත්ත අයිතිකරුවන් දෙපලට ඔහුන් දෙදෙනාව රැක බලාගැනීමට අපහසු වෙනවා,
Great dane වර්ගයේ සුරතලුන්වු මේ දෙපලව රැකබලා ගැනීමට විශාල මුදලක්,කාලයක් හා පරිශ්‍රමයක් දැරීමට ඔහුන්ගේ අයිතිකරුවන්ට යොදවීමට නොහැකි නිසා අකමැතෙන් හා විශාල දුකකින් ඔහුන් දෙදෙනාව සුරතල් සතුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයකට යොමු කරන්නේ ලිලීව හා මැඩිසන්ව ආදරයෙන් බලාගන්නා හිමිකරුවකු සොයාගන්නා අපේක්ෂාවෙන්.
ලිලීට මැඩිසන් නොමැතිව සිටීමට නොහැකි නිසා,ඔහුන් දෙදෙනාවම එකට බලාගන්න පුළුවන් හිමිකරුවකු සොයා ගැනීමට ඉතාමත් අපහසු කාර්යයක්.
මෙය සිදුවී වසර 12ක් ගතවී ඇත,ඔහුන් අද වෙන විට ජීවිතුන් අතර නැතිබව විශ්වාසය,මොකද great dane සුරතලුන්ගේ ආයූ කාලය වසර 9 - 10 ත් අතාර වන නිසාය,
නමුත් සුරතලුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයට යොමුකරාට පසුව ඔහුනට සිදුවුයේ කුමක්ද ?
ඔහුන්ට ආදරීනීය නිවාසයක් ලැබුනද ?
කොච්චර සොයාබැලුවත් ඔහුන් දෙදෙනා ගැන කිසිදු ආරංචියක් මා හට සොයා ගැනීමට නොහැකි විය,
❤️ මිනිසුන්ට වඩා ආදරනීය හදවත් ඇති ලීලි හා මැඩිසන් සදාකාලිකවම මගේ හිතේ රැදී සිටිනු ඇත ❤️
- Lucky 🍀
( online Pet Store )
දිවයින පුරා බෙදාහැරීම්.
island wide delivery.