Madampe Animal Clinic

Madampe Animal Clinic All Animal Treatments, Vaccinations, Basic Surgeries, Animal Supplements, Animal Accessories

14/10/2024

All Animal Treatments, Vaccinations, Basic Surgeries, Animal Supplements, Animal Accessories

04/07/2021
04/07/2021

Toxocara canis .
(ටොක්සෝකාරා කේනිස් )

මොකක්ද මේ ටොක්සෝකාරා කියන රෝගය ....

මෙය Toxocara canis නමි පණුවන් විශේෂයක් නිසා මිනිසාට ඇතිවන රෝගී තත්වයකි. මෙම පණු විශේෂය සුනඛයන්ගේ ආහාර මාර්ග පද්ධතියේ දැකිය හැක.
ඔබේ නිවසේ ඇති කරන
සුරතල් සුනඛයන්ට, නිසි වේලාවට,නියමිත මාත්‍රාවකින්, පණු බෙහෙත් ලබා නොදීමෙන් මෙම toxocara canis පණුවාගේ (රවුම් පණුවන් විශේෂයක් ) බිත්තර, සුනඛයාගේ ආහාර මාර්ග පද්ධතියට ඇතුල්වී, එම බිත්තර එහිදී පුපුරා යෑමෙන් Toxocara canis නමි පණුවා වර්ධනය විය හැක .එම පණුවන්ගෙන් හැදෙන නව බිත්තර සහිත සුනඛයාගේ මළ ද්‍රව්‍ය පරිසරයට නිදහස් වේ .ඒවා කුමන ක්‍රමයකින් හෝ මිනිසාගේ ආහාර මාර්ග පද්ධතියට ඇතුලත් වීමෙන් මෙම රෝගය වැළඳේ.
නමුත් මෙම රෝගය වැළඳීමේ සම්භාවිතාව ඉතාමත්ම අඩුය.( Rare disease )

මෙම රෝගයට මූලික වන්නේ ...

🚫 ඔබ, ඔබගේ සුනඛයාට නිසි වේලාවට,නියමිත මාත්‍රාවකින් පණු බෙහෙත් ලබා නොදීම.

🚫 ඔබ, ඔබගේ සුනඛයා පිරිසුදුව තබා නොගැනීම.

🚫 ඔබගේ නිවස හා නිවස ඇතුලත පරිසරය පිරිසිදු කර නොගැනීම.

🚫 ඔබ ආහාරයට ගන්නා ද්‍රව්‍ය නිසි පරිදි පිරිසුදු කර නොගැනීම.

ඉතාමත්ම පහසුවෙන් ඉටු කළ හැකි,ඉහතින් සදහන් කල කරුණු නිසියාකාරව ඉටු නොකර ගැනීම නිසා,සුනඛයාගේ මල අපද්‍රව්‍ය වල ඇති මෙම පණු බිත්තර ඔබගේ ශරීරයට ඇතුළු විය හැක.
විශේෂයෙන්ම අවුරුදු පහට අඩු කුඩා දරුවන් සිටින නිවෙස්වල,පිරිසිදු බව ඉතා හොදින්ම පවත්වා ගත යුතුවේ.එම දරුවන් නිවසේ ඇති නොයෙකුත් දේවල් කටේ දමා ගැනීම සාමාන්‍ය පුරුද්දකි.ඒවා පිරිසිදු බවින් තොර වුවහොත්,ඔබගේ සුනඛයාට නිසි පරිදි පණු බෙහෙත් ලබා නොදී තිබුණහොත් ,සුනඛයාගේ මළ අපද්‍රව්‍ය සමඟ පිටවන ටොක්සොකාරා පණු බිත්තර ඔබගේ දරුවාගේ ආහාර මාර්ග පද්ධතියට ඇතුලත් විය හැක .එසේ ඇතුළු වන සියළුම පණු බිත්තර පුපුරා,මෙම පණුවන් ඇති වන්නේ නැත .යම් ආකාරයකින් එසේ එම බිත්තර පුපුරා ටොක්සෝකාරා පණුවන් ඇති වුවහොත්, එම පණුවන් මිනිස් ශරීරයෙහි විවිධ ස්ථාන වලට ඇතුල් වී ඉහත රෝගය ඇති කරයි. එහෙයින් ඔබ කළ යුත්තේ, මා ඉහත සඳහන් කළ පුරුදු ඇති කර ගැනීම පමණකි .මෙම රෝගය පමණක් නොව,වෙනත් රෝග වලින් වැළකීම සඳහා ද නිවසේ පරිසරය පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් සාධකයක් වේ .

බළලුන්ගේ මෙම රෝගය ඇති කරන පණුවා Toxocara cati ලෙස හඳුන්වන අතර,එයද ඉහත ආකාරයෙන්ම බෝවීම සිදුවේ.විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව නිවසේ ඇති කරන බළලාට පණු බෙහෙත් දීමට එතරම් උනන්දු වන්නේ නැත.එබැවින් ඔබ ඔබේ වගකීම් පැහැර හැරීම මේ සියලු රෝගයන්ට හේතුවේ .

තවත් කිවයුතු වැදගත් කරුණක් වන්නේ,මෙම රෝගය මිනිසාගෙන් මිනිසාට බෝනොවන බවය.

රෝග ලක්ෂණ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් .
මෙය ඉතා දුර්ලභ රෝගයක් වන අතර.පහත දක්වා ඇති රෝග ලක්ෂණ සියල්ලම,එකම පුද්ගලයෙකු හට එකවිට ඇති නොවන බවද,සඳහන් කළ යුතුය

🚫 අධික වෙහෙස.

🚫 ආහාර අරුචිය,ශරීරයේ බර අඩුවීම.

🚫 සමෙහි ඇතිවන කැසිලි ( Rashes).

🚫 හුස්ම ගැනීමේ අපහසුතාවය හෝ ඇස්ම.

🚫 ඇස් වලට පරපෝෂිතයා ඇතුළු වීම ඉතාමත්ම දුර්ලභ වන අතර,එසේ ඇතුල් වුවහොත් පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරයි

⭕ බොඳවී පෙනීම ( cloudy eyes), පෙනීමේ අඩුකම .
⭕ ඇස් වල වේදනාව
⭕ ඇස් රතු පැහැවීම ..

ඉහත කුමන රෝග ලක්ෂණයක් හෝ පෙන්නුම් කරන්නේනම්,වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.මූලික අවස්ථාවේදී,මෙම රෝගය හඳුනා ගතහොත් ඉතා පහසුවෙන් සුව කළ හැක.


වෛද්‍ය දිනානි
මහලියන .

Brothers
08/03/2021

Brothers

Address

Old Town
Madampe
0945

Opening Hours

Monday 17:00 - 20:00
Tuesday 17:00 - 20:00
Wednesday 17:00 - 20:00
Thursday 17:00 - 20:00
Friday 17:00 - 20:00
Saturday 17:00 - 20:00
Sunday 17:00 - 20:00

Telephone

+94772904900

Website

Alerts

Be the first to know and let us send you an email when Madampe Animal Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category