Bluey pet Clinic: Ellakkala

Bluey pet Clinic: Ellakkala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bluey pet Clinic: Ellakkala, Veterinarian, 2/I, Raja Widiya, Kirindiwela.

16/11/2025

Kitty's Memorial Care : හදිසි රෝගී පූසන්🐈 සඳහා නොමිලේ ප්‍රතිකාර!!

💖 කිටීගේ ආදරණීය මතකයට උපහාරයක් (20.11.2016 – 16.11.2020) 💖

අප හැරදා ගිය ආදරණීය කිටී වෙනුවෙන්, ඔහුගේ ත්‍යාගශීලී භාරකරුවන්ගෙන් මෙම විශේෂ නිවේදනය.

සුරතල් හිමිකරුවන්ට උපකාර කිරීමේ පරම අරමුණින්, 2025 නොවැම්බර් 16 වැනිදා සිට සීමිත දින ගණනක් සඳහා, බ්ලූයි සුරතල් රෝහල (Bluey Pet Hospital) මගින් පූසන්ට ලබාදෙන හදිසි රෝගී තත්ත්වයන් සඳහා වන ප්‍රතිකාර ගාස්තු සම්පූර්ණයෙන්ම කිටීගේ භාරකරුවන් විසින් දැරීමට කටයුතු සලස්වා ඇත.

මෙමගින්, ආදරණීය පසෙකු හදිසියේ රෝගී වූ විට ඇතිවන දැඩි පීඩාකාරී මොහොතේදී ඔබට සහනයක් ලබා දීමට අපි අපේක්ෂා කරමු.

🚨 වැදගත් දැනුම්දීම: මෙම ප්‍රතිකාර ගාස්තු දැරීම අදාළ වන්නේ හදිසි (Emergency) රෝගී තත්ත්වයන් සඳහා පමණි. සාමාන්‍ය පරීක්ෂණ, එන්නත්කරණ හෝ හදිසි නොවන රෝගී තත්ත්වයන් සඳහා මෙය අදාළ නොවේ. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

please visit us:

🏥 Bluey Pet Hospital (Kirindiwela)
2/I, Rajaweediya, Kirindiwela
Open: 9:00 AM - 5:00 PM

🩺 Bluey Pet Clinic (Ellakkala)
62/E, Lamamawatha, Ellakkala
Open: 6:00 PM - 8:30 PM

#කිටීගේමතකය #සුරතල්හදිසිසත්කාරය #නොමිලේ ප්‍රතිකාර

      lovers
05/11/2021

lovers

04/09/2021

ලෝකයේ මුහුදු සර්ප විශේෂ 70ක් පමණ පැතිර තිබෙන බව හෙළි ව තිබෙනවා. මුහුදු සර්පයන් කියන්නෙ අවුරුදු දහස් ගණකට පෙරදී මුහ.....

10/06/2021

Fully equipped in-house veterinary laboratory will be opening soon!! To give you a more efficient and reliable service....🐕🐈

17/03/2021

/ #කිනිතුලු_උණ/

කිනිතුලු උණ කියන්නේ සුලභව සුරතලුන් අතර දක්නට ලැබෙන සංකීර්ණ ලෙඩක් වගේම සතුන්ට ගොඩක් සංකූලතා ඇතිකරන්න පුලුවන් රෝගයක්. ‍ඒක හදන්නේ අණ්වීක්ශීය ජීවියෙක් වන Babesia කියන protozoa වන අතර ඔවුන් රුධිර පරපෝශිතයෝ. ලංකාවේ ඉන් විශේෂ දෙකක් සුනඛයන් අතර දක්නට ලැබෙන අතර එක විශේෂයක් බළලුන් අතර දක්නට ලැබෙනවා.

කිනිතුලු උණ කියලා මෙම රෝගය හදුන්වන්නේ කිනිතුල්ලන් මගින් බෝවෙන නිසා උනත් කිනිතුල්ලන් කියන්නේ එය බෝවෙන්න පුලුවන් එකම මාර්ගය නෙවෙයි. ගැබිනි කාලේ අම්මගෙන් පැටවුන්ට වගේම කේඨය මගිනුත් සතෙකුගෙන් තව සතෙක්ට බෝවෙන්න පුලුවන්. එතකොට එම Babesia විශේෂය ශරීරගතවෙලා ලෙඩේ හැදන්න ගතවන කාලය (incubation period) දවස් 10 සිට දවස් 28 දක්වා වෙනස් වෙන්න පුලුවන්. ( B.canis- 10d-21d/ B.gibsoni -14d-28d). ඒක නිසා තමා සමහර වෙලාවට කිනිතුල්ලෝ පේන්න නොහිටියත් ලෙඩේ හැදෙන්න පුලුවන්.

ආසාදනයේ ප්‍රමාණය, ආසාධිත Babesia විශේෂය, වයස, ප්‍රතිශක්තිය, වෙනත් ලෙඩ රෝග මෙන්ම සත්ව වර්ගය (breed) මත රෝගය සදහා බලපානවා. එම නිසා තමයි සමහර සතුන් මද රෝග ලක්ෂණ පෙන්වමින් ඉක්මනින් සුවය ලැබීමටත්, සමහර සතුන්ට රුධිර පාරවිලයනයක් සිදුකිරීමට හෝ මෙහි අතුරුඵල වෙනත් රෝගයන්ට ගොදුරුව අසීරුවෙන් සුව වන්නටත් මෙන්ම සමහර සතුන් මෙම රෝගයෙන් මරණයට පවා ලක්වෙන්නේ.

1. උණ,
2. කෑම අරුචිය,
3. මලානික බව,
4. තද කහ හෝ රත් පැහැයට මුත්‍රා පිටවීම,
5. විදුරුමස් පැහැය සුදු පැහැයකට හැරීම
6. මෘදු පටක කහ පැහැයට හැරීම
7. හුස්මගැනීමේ රටාවේ වෙනස්කම්
8. වසා ගැටිති ඉදිමීම
පොදුවේ සුලභව ඔබට හදුනගන්න පුලුවන් රෝග ලක්ෂණ කිහිපයක්.

කිනිතුලු උණ අපිට කොටස් දෙකකට බෙදන්න පුලුවන්
1. සංකීර්ණ නොවන (non complicated)
2. සංකීර්ණ (complicated )
කියලා. එතකොට මේ සංකීර්ණ නොවන ගොඩට තමා අපිට පහසුවෙන් රෝග ලක්ශන අනුව දැක්ක ගමන් කියන්න උනත් පුලුවන් කිනිතුලු උණ එන්නේ.. එහිදී වෙන්නේ රතු රුධිරාණු විනාශය නිසා රක්තහීනතාවය ඇතිවෙන එක.

එතකොට මේ සංකීර්ණ තත්වය, සංකීර්ණ නොවෙන තත්වය නොසලකාහැරීමෙන් ඇතිවෙන්න පුලුවන් වගේම මෙම රෝගය එක් එක් ඉන්ද්‍රීයන්ට බලපාලා ශරීරයේ සියලුම ඉන්ද්‍රීයන් අකර්මණ්‍ය වන තත්වයට පත්වෙන්න පවා පුලුවන්. පහතින් දැක්වෙන්නේ සංකීර්ණ රෝග තත්වයට උදාහරණ කිහිපයක්.

1. වකුගඩු අකර්මන්‍ය වීම ( acute renal failure)
2. අක්මා රෝග (liver diseases)
3. පෙනහලුවල තරල පිරීම ( non cardiac pulmonary oedema)
4. ස්නායු රෝග ලක්ශණයන් ( cerebral babesiosis- incordination/ muscle tremors/ sudden paralysis/ nystagmus/ anisocoria/ changes in mentation)
5. අග්නයාශයික ප්‍රදාහය (pancreatitis associated with vomiting, diarrhea, abdominal pain, melaena and icterus)

ඉහත එක් එක් තත්වයේදි එකිනෙකට වෙනස් රෝග ලක්ශණ පෙන්නුම්කරන අතර සුරතලා පිලිබද හොඳ අවබෝධයකින් සිටීම රෝගය මුල්ම අවස්තාවේදී හදුනාගෙන පශු වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාරයන්ට යොමු කිරිමට හරිම වැදගත්. ඒ වගේම වෛද්‍ය නිර්දේශය අනුව බෙහෙත් පෙවීම හා නැවත රැගෙන දෙවනවර පැමිණීමට (follow up) සදහන් කල දිනටම වෛද්‍ය හමුවට යාමත් අනිවාර්යයි.

සාමාන්‍යයෙන් පායන කාලේට ඒම නැත්තං වැස්ස අඩු කාලෙට රෝග ව්‍යාප්තිය අනෙක් කාලෙට වඩා ටිකක් වැඩී. මොකද කිනිතුල්ලන් වැඩි වශයෙන් වියලි දේශගුන තත්වයන් වලදී දක්නට ලැබෙන නිසා. සතුන්ගේ කිනිතුල්ලන් පාලනය හරිම වැදගත්. මොකද ලෙඩ හැදිලා බෙහෙත් කරනවට වඩා ලෙඩෙන් බේරිලා ඉන්න පුලුවන් නම් හොඳයිනේ. ඒකනේ prevention is better than cure කියලා කියන්නේ.

වෙළදපොලේ කිනිතුල්ලන් මර්ධනය සදහා විවිධාකාර නිශ්පාදන දක්නට ලැබෙනවා. ශැම්පු, විවිධ නාවන දියර, කොන්ද දිගේ දමන නිශ්පාදන හෝ ආහාරයට දීමට ඇති චොකලට් වැනි නිශ්පාදන ඒ සඳහා උදාහරණයි. කිනිතුල්ලන් මර්ධනය පිලිබඳව උපදෙස් පශුවෛද්‍යවරයෙකුගෙන් ලබාගැනීමෙන් ඔබගේ මුදලට විශ්වාසවන්ත හොඳ නිශ්පාදනයක් තෝරාගන්න හැකි වෙනවා.

හිතන්න පිට දිගේ බින්දුව බැගින් දමන එකක් අරගෙන ගෙදර ඉන්න සතුන් දෙතුන්දෙනාටම දාලා හරි ගේන චොකලට් කෑල්ල කඩලා ගෙදර ඉන්න සතුන් සේරටම දීලා හරි කිනිතුල්ලෝ මැරෙනකන් බලන් හිටියට වැඩක් නෑ. ඒ වගේම පිට දිගේ බෙහෙත් දාලා පහුවදා නෑව්වට කිනිතුල්ලෝ මැරෙන්නෙත් නෑ . ඔබ මිලදීගන්න නිශ්පාදන නිශ්පාදකයාගේ උපදෙස් අනුව පිලිපැදීමත් හරි වටිනවා.

අපිට කිනිතුල්ලෝ හා කිනිතුල්ලන්ගෙන් බෝවෙන රෝග තුරන් කරන්න හරිම අමාරුයි. ඒ උනාට සතුන් පිලිබද නිතර දක්වන සැලකිල්ල මගින් කිනිතුල්ලන් බෝවීම පාලනය වගේම ඉන් කිනිතුල්ලන් මගින් බෝවන රෝග පාලනය කරගෙන අපේ කාලය, මුදල් වගේම ආදරණීය සුරතුලුන් හොඳ සෞඛ්‍ය සම්පන්නව තියාගන්නත් හැකි වෙන බව හොදින් මතක තබාගන්න.

- උපුටා ගැනීම; පශු වෛද්‍ය චමරි කෞශල්‍යා මැදගොඩ -

Address

2/I, Raja Widiya
Kirindiwela
11730

Telephone

+94715947125

Website

Alerts

Be the first to know and let us send you an email when Bluey pet Clinic: Ellakkala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bluey pet Clinic: Ellakkala:

Share

Category