17/06/2025
හැමෝම දන්න ,බව්වන්ට දෙන Nexgard චොකලට්🧐 පෙත්තේ නොදන්න කතා .
දන්න කෙනෙක්ගෙන් අහගමු . Nexgard ගන්න කලින් අනිවාරෙන්ම කියවිය යුතුම QandA එකක් !!
CICVetcare හි අංශ ප්‍රධානී ,👨⚕️පශුවෛද්‍ය . බුද්ධික සෙනෙවිරත්න සමග ,
❓ : ඩොක්ටර් මැක්කන්ට කිනිතුල්ලන්ට දෙන Nexgard කියන්නේ මොන වගේ බෙහෙතක්ද ?
👨⚕️:මේක කිනිතුළු, මැක්කන්, උකුණන් හා මයිටාවන් නාශක බෙහෙතක්. මේ සතුන්ට මෙම බෙහෙත ආමාශගත වීමෙන් ඔවුන්ගේ ස්නායු අඩපන වී ජිවිතක්ෂයට පත් වේ.
❓: මේක එන රට ,හදන කම්පැනි එක ගැනත් පොඩ්ඩක් කියන්න ඩොක්ටර් .
👨⚕️:ප්‍රංශයේ නිෂ්පාදිත ඖෂධයක් වන අතර එය නිෂ්පාදනය කරන්නේ ලෝකයේ ඉහලම ප්‍රමිතියක් ඇති වැඩිම ඖෂධ ප්‍රමාණයක් සුරතල් සතුන් වෙනුවෙන් නිෂ්පාදනය කරන ආයතනය වන Boehringer Ingelheim ආයතනයෙනි.
❓ : දෙන මාත්‍රාව සහ අපිට මේ ටැබ්ලට් එකක් ගන්න පශුවෛද්‍යවරයෙක්ගේ අනුදැනුම අත්‍යවශ්‍යද ?
👨⚕️ :පශු වෛද්‍යවරයෙකුගේ අනුදැනුම ඇතිව එය සතාගේ බර අනුව ලබා දිය යුතු පෙත්තකි.
❓ : ඩොක්ටර් සමහරු කියනවා ඇහිලා තියෙනවා "අම්මෝ ඕක හොද නෑ බල්ලන්ගෙ වකුගඩු දෙකට " කියල , මේක ඇත්තක්ද ? එහෙම නෙවේ කියන්න විද්‍යාත්මක සාක්ෂි තියෙනවද
👨⚕️ :මෙය වකුගඩු සඳහා කිසිදු අහිතකර බලපෑමක් නැති ඖෂධයකි. NEXGARD ලබා නොදී කිනිතුළු උණ සෑදුනු පසු ඒ සඳහා දෙන බෙහෙත් වලින් වකුගඩු සඳහා බලපෑමක් ඇති විය හැකිය. නිරෝගී බලු සුරතලෙකුට මෙම ඖෂධයෙන් කිසිදු බලපෑමක් නැත. මෙය ලෝකයේ දියුණු රටවල් 75ක පමණ බෙදාහරින ඖෂධයකි. බල්ලන්ට මෙයින් සිදුවන හානියක් නැති බව සම්බන්ධ සියලු වාර්තා ඇත.
❓ : චොකලට් පෙත්ත කියල ඉල්ලුවට පුරුද්දට , ඇත්තටම මේක චොකලට් තියෙනවද ඩොක්ටර් ?
👨⚕️ :ඇත්තටම NEXGARD කියන්නෙ චොකලට් එකක් නෙවේ චොකලට් අඩංගු නැති එහි සුවදවත් නැති ,හරක් මස් රසට හදපු පෙත්තක් .මේකේ පාට නිසයි ගොඩක් අය එහෙම කියන්නෙ .
❓ : මුලින්ම මේ පෙත්තක් දෙනකොට බව්වෙක්ට දෙන උපදෙස් සහ සංකුලතා ඇත්නම් ඒ මොනවද ?
👨⚕️ :මෙය දෙන විට බල්ලාට වකුගඩු හෝ අක්මා ආසාදන නොතිබිය යුතුය. වයස මාස 02කට වඩා වැඩි බල්ලන්ට දිය යුතුය. සංකූලතා ලෙස මද වශයෙන් බඩේ අමාරුකම්, වමනය වැනි ලක්ෂණ ඉතාම කලාතුරකින් මතුවිය හැකිය.
❓ : ලංකාවට ගෙන්වා බෙදාහරින්නේ CICVetcare ආයතනය . මිලදී ගන්න පුළුවන් ස්ථාන ගැනත් දැනුවත් කරන්න ඩොක්ටර්
👨⚕️ :ලංකාවේ සෑම ඔසු සැලකම හා පශු වෛද්‍ය සායනයකම මෙම ඖෂධය මිලදී ගත හැකිය.
ඉතින් ඔයාලටත් මේ බෙහෙත ගැන දැවෙන ප්‍රශ්න තියෙනවනම් පහලින් දාන්න 👇👇👇👇