12/01/2025
පසුගිය දිනක අප රෝහල වෙතින් සේවා සහ ප්‍රතිකාර ලබා ගත් සේවා දායකයෙකු විසින් පල කර තිබු පොස්ටුවක් සම්බන්ධව පැහැදිලි කිරීමකි.
Pet Care Solutions & Hospital, Gampola අපි 2003 වසරේ සිට ගම්පොල නගරය තුල සහ මහනුවර, නුවරඑලිය , නාවලපිටිය වැනි ප්‍රදේශ වලින් රැගෙන එන සුරතල් සතුන්ට අපගේ පශු වෛද්‍ය සේවා ලබා දීම සිදු කරමු.
දශක ගණනාවක අපගේ අත්දැකීම් සහ දේශීය ව සහ විදේශීය ව වෛද්‍ය පුහුණු වීම් හරහා ලබා ගත් හසල දැනුම සහ අත්දැකීම් ඔස්සේ අප විසින් අපගේ උපරිම සේවය ඔබගේ සුරතල් සතුන් වෙත ලබා දෙන බව අවධාරණයෙන් යුතුව සඳහන් කිරිමට කැමැත්තෙමු.
ඉතත පොස්ටුව පල කර තිබු සම්පත් බණ්ඩාර මහතා, රැගෙන පැමිණි සුරතල් බලු පැටවා ට වැළඳී තිබුනේ මේ දින වල බලු පැටවුන් අතර වේගයෙන් පැතිර යන මාරාන්තික ස්වසන රෝගයක් වන Accute Respiratory Distress Syndrome (ARDS) රෝගී තත්වයෙනි.
එම රෝගී තත්වයෙන් බලු පැටවුන් ගේ දිවි බේරා ගැනීම ඉතා අපහසු කටයුත්තක් වන අතර, එය සුරතල් බල්ලන්ගේ ශරීර එම රෝගය වෙත ශරීරය විසින්ම ගොඩ නගා ගන්නා ප්‍රතිශක්තිය ( Immunity) මත පදනම් වේ.
ARDS තත්වය ඉතා දරුණු පෙනහළු ආශ්‍රිත රෝගයක් වන අතර මේ රෝගී තත්වයේදී පෙනහළු වල ගර්ත අවකාශ තුල තරල එක් රැස්වීම සිදු වන අතර ප්‍රතිපලයක් ලෙස සුරතල් බල්ලන්ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉතා පහල අගයකට පත් වීම සිදුවේ.
එමෙන්ම ARDS රෝගය වැළදුණු බලු පැටවුන් හුස්ම ගැනීමේ අපහසුතාවය දැඩි ලෙස පෙන්නුම් කිරීමත් අපට දැක ගන්න පුළුවන්
ඉහත සඳහන් කරන ලද සම්පත් බණ්ඩාර මහතා ගේ සුරතල් බලු පැටවාගේ ජිවිත අපේක්ෂාව 50% ක් බව අප විසින් ඔහු වෙත මැනවින් පැහැදිලි කර දුනි.
මේ වන විට ඔහුගේ සුරතල් බලු පැටවා පේරාදෙණිය පශු වෛද්‍ය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබා දී මෙන් පසු මිය ගොස් ඇති අතර ඒ පිලිබඳ අපගේ කනගාටුව පල කර සිටිමු.
වෛද්‍ය සේවා ලබා දෙන ආයතනයක් ලෙස අප සතුන්ගේ ජිවිත බේරා ගැනීම වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කරමු.
බොහෝ අවස්ථා වල අප ලබා දෙන්නේ මුදලට එහා ගිය සේවයකි.
නමුත් බොහොමයක් සුරතල් සතුන් හිමිකරුවන් තුල සුරතල් සතුන්ට වැළදෙන රෝග තත්ත්ව පිලිබඳ පවතින දැනුම මද කම නිසාවෙන් සිදු කරන දෝෂාරෝපණ හේතුවෙන් පශු වෛද්‍ය සේවා ලබා දෙන ආයතන හෝ පශු වෛද්‍ය වරු අපහසුතාවයට ලක්වීම සිදුවේ.
මෙම සිදුවීම ට සම්බන්ධ සම්පත් බණ්ඩාර මහතා අප සමග ඊයේ දිනයේදී නැවත සම්බන්ධ වී ඔහු ගේ අනවබෝධය නිසා අප ආයතනය ට සිදු වූ අපහාසය සහ අපගේ පශු වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත සිදු වූ අපහසුතාවය සම්බන්ධව ඔහුගේ කණගාටුව ප්‍රකාශ කල අතර, ඒ පිලිබඳ පැහැදිලි කිරීමක් ද ඔහු විසින් Facebook සමාජ ජාලය ඔස්සේ සිදු කර තිබිණි. පදනම් විරහිතව මෙවැනි අපහාසාත්මක දේවල් සිදුවන්නේ නම් ඊට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද පැහැදිලි කරන ලදී.
මින් ඉදිරියටත් ඔබේ සුරතල් සතුන්ට ඉහල මට්ටමේ පශු වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් සියලු සේවා ලබා දීමට අප ආයතනය අපගේ උපරිම ශක්තිය යොදවන බවද දැනුම් දීමට කැමැත්තෙමු.