20/11/2025
ඇරියස් නැති බල්ලෙක් වෙන්න !
📍හොඳට බුරන්න Skill එකක් හදාගන්න
📍හපා කන්න නිපුණතාවයක් හදාගන්න
📍ලස්සනට බුරන්න
📍ගෙදර අය ආස මෝස්තර ටික ඔක්කොම විනාස කරන්න
📍මිදුලෙ බලු බෙටි දාන්න
📍සතුටු හිතෙන විනෝදාංශයක් තෝරගන්න
📍තමන්ට ගැලපෙන බල්ලො කිහිපදෙනෙකුගේ කවයක් හදාගන්න
📍මඩ නාන්න
📍කොහොමින් කොහොම හරි ඔයා ආස විදිහට ලස්සනට ජීවත් වෙන්න !
එතකොට
📍අනිත් බල්ලො ගැන ඉරිසියා හිතෙන්නෙ නැහැ
📍අනිත් අය බුරද්දි වල කපන්න, හපද්දි අංචි අදින්න හිතෙන්නෙ නැහැ
📍ගෙදර උන්ට සෙකන්ඩ් වෙන්න ඕන නෑ
📍තමන් ඉන්නෙ මාර සතුටෙන් කියල බොරුවට වීදි බල්ලන්ට පේන්න ජීවත් වෙන්න උවමනාවක් ඇතිවෙන්නෙ නැහැ
📍අනිත් බලු ජීවිත දිහා බල බල හූල්ල හූල්ල ඉන්න හිතෙන්නෙ නැහැ ,
📍මානසික පීඩනය නැහැ
කෙටියෙන්ම කිව්වොත් තමන් ගැන පශ්චාත්තාපයක් දැනෙන්නෙ නැහැ
බල්ලෙක්ගෙ ජීවිතේ ඇරියස් වෙනවා කියන්නෙ ,එයා අවට ඉන්න හැමෝටම ඒක කැත විදිහට බලපානවා
එහෙම ඇරියස් තියන බල්ලො ලෝකෙට මොන දේ කිව්වත් හැසිරීමෙන් තමන්ගෙ ඇරියස් බේරනවා
කාටහරි බල්ලෙක්ට තමන්ගෙ ජීවිතේ ගැන ලොකු ඇරියස් එකක් නැති නම් ඒක ඒ බල්ලගෙ එක හිනාවකින් පවා පේනවා
ඔයාට ජීවිතේ එකසැරයක් හරි එහෙම ඇරියස් නැති බල්ලෙක් මුණ ගැහිලා තියනවනම් ඔයාට ඒ වෙනස හොඳට දැනිලා ඇති
බල්ලෙක්ට ඇරියස් නැති වෙනවා කියන්නෙ දරුණු සපාකන බල්ලෙක් බිහි වෙනවා කියන එක
පුලුවන්නම් අන්න එහෙම බල්ලෙක් වෙන්න බලන්න .🙏
ඒ තමයි බලු version එකේ ultra pro max එක !!💜