28/08/2026
එදා ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයෙ බෝම්බයෙන් තුවාල වූ වාසනා… අද දළදා කරඬුව වඩම්මනව..
1989…
කතරගම ඇසළ පෙරහැරේ දේවාභරණ කරඬුව වඩම්මවමින් ගමන් කළ ඒ ඇත් රජුට, රටම භීතියෙන් වෙළුණු යුගයක ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ බෝම්බ ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදුවුණා.
ඒ ප්‍රහාරයෙන් වාසනාත් තුවාල ලැබුවා.
නමුත්…
කරඬුවට කිසිදු හානියක් නොවන ලෙස තම රාජකාරිය අත් නොහැර, නැවත දේවාලය වෙත ගමන් කළ ඒ ඇත් රජුගේ කතාව අදටත් අපේ පෙරහැර ඉතිහාසයේ සංවේදී මතකයක්.
වසර 37ක් ගෙවිලා ගියා…
අද 2026 අවසන් රන්දෝලි මහා පෙරහැරේ, ශ්‍රී දළදා කරඬුව වඩම්මන්නේ ඒ වාසනා හස්ති රාජයායි.
එදා බෝම්බයකින් තුවාල ලැබූ වාසනා, ඒ බෝම්බ ගහපු මිනිසුන්ගේ සාදු නාද මැද
ශ්‍රී දළදා වහන්සේගේ ගෞරවය උසුලාගෙන
නුවර වීදිවලින් ගමන් කරනවා.
එදා ඒ මිනිසුන්ගේ වෛරය මැද තුවාල වූ ඒ ඇත් රජු…
වසර ගණනාවකට පසුවත් ඒ මිනිසුන්ගේම ගෞරවය මැද තම රාජකාරිය ඉටු කරනවා.
වාසනා කියන්නේ හුදෙක් හස්තියෙක් නොවෙයි.
අපේ පෙරහැර ඉතිහාසයේ ජීවමාන මතකයක්. ❤️