බිංතැන්න Bimthanna Agro

බිංතැන්න   Bimthanna Agro ඩිජිටල් හරිත සංග්‍රාමයක , සයිබර් අස්වැද්දුම ! "Cultivating Growth, Harvesting Success."

බිංතැන්න ඇග්‍රො | Bimthanna Agro

කෘෂිකාර්මික / ගෙවතුවගා නිෂ්පාදන අලෙවිය හා සේවා සැපයීම අපගේ ප්‍රධාන කෘත්‍ය වන අතර ඊට අමතරව ශ්‍රී ලාංකික ගෙවතු වගාවන් හරිත සංග්‍රාමයෙන් හැඩ ගැනිවීම අපගේ දැක්ම වේ.

පින්සාර සිතුවිලි වලින් සිත් නැහැවෙනපින්බර පොසොන් පොහොය දිනයක් වේවා ☸️
10/06/2025

පින්සාර සිතුවිලි වලින් සිත් නැහැවෙන
පින්බර පොසොන් පොහොය දිනයක් වේවා ☸️

03/06/2025
සම්බුදු සිසිලෙන් ලොවම සුවපත්වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!
12/05/2025

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත්වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!

Wish you a Happy and Prosperous Sinhala & Tamil New year! සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුබ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් ...
14/04/2025

Wish you a Happy and Prosperous Sinhala & Tamil New year!
සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුබ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා!
இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

06/04/2025

2025 වසරේ දෙවන කාර්තුවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නාරම්මල අතුරුවගා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සංව්ධානය කර ඇති කෘෂි ව්‍යවසායකත්වය පිලිබදව පුහුණු වැඩසටහන් පිළිබඳ ව්ස්තරය පහත දැක්වේ. ඒ සදහා උනන්දුවක් දක්වන සැවොම, 037 22 48879 දුරකතන අංකයෙන් අදාල පුහුණු වැඩසටහන සදහා ලියාපදිංචි වන්න.

13/02/2025
මඤ්ඤොක්කා හා ඉගුරු එකට ගන්න එපා කියන්නේ ඇයි ?මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට ගැනිමෙන් විෂ විය හැකියි.🔸මඤ්ඤොක්කා සහ ඉඟුරු එ...
03/02/2025

මඤ්ඤොක්කා හා ඉගුරු එකට ගන්න එපා කියන්නේ ඇයි ?

මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට ගැනිමෙන් විෂ විය හැකියි.

🔸මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට නොගන්න යැයි වැඩිහිටියන් පවසනු ඔබ අසා ඇති. එම ප්‍රකාශයෙහි විද්‍යාත්මක පසුබිමක් තිබෙනවා.

🔸මඤ්ඤොක්කා යනු ලෝකයේ මිනිසුන් ආහාරයට ගන්නා කාබෝහයිඩ්රේට් ප්‍රභව වලින් තුන්වන තැනට පත්වන බෝගයයි.

🔸පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ මඤ්ඤොක්කා සමහර අවස්ථාවලදී විෂ විය හැක.

🔸එයට හේතුවන්නේ සීනි සමග සම්බන්ධවූ සයනයිඩ් ( Cyanogenic glycoside -Linamerin) සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය වේ.

🔸මෙය මඤ්ඤොක්කා අලය තුළ ඇති පිෂ්ඨය කොටසෙහි අක්‍රියව ගබඩා වී ඇති අතර සාමාන්‍යයෙන් අක්‍රීය සංයෝගයකි.

🔸මඤ්ඤොක්කා පොත්තේ පවතින ලිනමරේස් නම් වූ එන්සයිමය මගින් සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රිජන් (HCN) සයනයිඩ් බවට පත් කළ හැක.මෙය ශරීරයට විෂ විය හැකියි.

🔸තුවාල වී හුලං වැදුණු මඤ්ඤොක්කා අල (නිල්ඉරි දිවූ අල ) ආහාරයට ගැනීමෙන්ද බොහෝවිට මෙය සිදුවේ.
එවැනි අල ඉවත් කිරීමද මඤ්ඤොක්කා තැම්බීමේදී වතුර ප්‍රමාණවත් තරමට දමා භාජනය විවෘතව තැම්බීම මගින් ද Hydrogen cyanide ඉවත් කරගත හැක.
මඤ්ඤොක්කා අල පරිස්සමින් පොතු ඉවත්කර ඉන් පසු කුඩා කැබලි වලට කපා පැය කිහිපයක් හොඳින් ජලයේ පොඟවා ජලය ඉවත් කොට, අලුත් වතුරින් තම්බන අතරේ කිහිප වරක් වතුර පෙරා ගැනීම ද විෂ සංයෝග ඉවත් වීමට මනා රුකුලක් වෙයි

🔸කෙසේ නමුත් අමු මඤ්ඤොක්කා කෑම අනුමත කළ නොහැක.
මෙයට හේතුව නම් ආහාර මාර්ගයේ සිටින ක්ෂුද්‍ර ජීවින්ගේ එන්සයිම මගින් ද සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රිජන් සයනයිඩ් (HCN) බවට හැරවිය හැකි බැවිනි.

🔸ඒ වගේම ඉඟුරු තුළද ලිනමරේස් එන්සයිමය බහුලව පවතින අතර එමගින් මඤ්ඤොක්කා වල පවතින සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රජන් සයනයිඩ් බවට පත් විය හැක.

🔸එනිසා මඤ්ඤොක්කා සමඟ ඉඟුරු හෝ ඉඟුරු වලින් සාදන ලද කිසිදු ආහාරයක් නොගත යුතුය. (ඉඟුරු බිස්කට් ජින්ජර් බියර්… වැනි) සමහරුන් මාංශ පිළියෙළ කරනවිටද ඉඟුරු දමයි. මස් හොදි සමඟ මඤ්ඤොක්කා කෑමට ගෙන මෙම රෝග ලක්ෂණ පහළ වූ අවස්ථා පිළිබඳවද අසන්නට ලැබේ.

මඤ්ඤොක්කා විෂවීමකදී පහත ලක්ෂණ පහළ විය හැක.☹️☹️☹️
👇👇👇👇

👉හුස්ම ගැනීමේ වේගය වැඩිවීම (Rapid Respiration)
👉රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට, වඩා පහත මට්ටමකට වැටිය හැක ( Dropping of Blood Preassure)
👉පපුව ගැහෙන බව (Palpitation, Rapid pulse)
👉නිදිමත ගතිය හා හිසරදය.(Drowsiness and Headache)
👉ආමාශ හෝ බඩේ වේදනාවන් (Stomach pain)
👉වමනය (Vomiting)
👉දියරමය මළ පහ වීම , පාචන තත්වයන් (Diarrhoea)
👉මනස ව්‍යාකූල වීම ( Mental Confusion ),
👉මාංශපේශීන්ගේ ඇති වන හිරිවැටීම් හා ගැස්සීම් (Twitching)
👉ක්ලාන්තය හා සිහි නැතිවීම ( Convulsions) 👉දීර්ගකාලීනව විෂ සුළුවශයෙන් ශරීර ගතවීමෙන් ගලගණ්ඩය ( Goitre)
👉යකඩ උරාගැනීම අඩු වීම
👉ඇවිදින විට විසීවෙන සුළු ගතියක් ( Unstable gait) පවා ඇති විය හැක.
👉විශාල ප්‍රමාණවලින් සෑහෙන කාලයක් ආහාරයට ගතහොත් ක්‍රමක්‍රමයෙන් ශරීරයේ සයනයිඩ් ප්‍රමාණය වැඩිවී මරණය පවා සිදුවිය හැක.

🔸මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසු ඉහත ලක්ෂණ පහළ වුවහොත් ඉතා ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍යය.

Source - ප්‍රජා විශේෂඥ වෛද්‍ය Uthpala Amarasinghe (සුව වරුණ)

අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි.

ඔබට සුබ නව වසරක් වේවා - 𝟐𝟎𝟐𝟓!𝐖𝐢𝐬𝐡 𝐲𝐨𝐮 𝐚 𝐇𝐚𝐩𝐩𝐲 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫 - 𝟐𝟎𝟐𝟓!உங்களுக்கு புத்தாண்டு வாழ்த்துக்கள் - 𝟐𝟎𝟐𝟓!
31/12/2024

ඔබට සුබ නව වසරක් වේවා - 𝟐𝟎𝟐𝟓!
𝐖𝐢𝐬𝐡 𝐲𝐨𝐮 𝐚 𝐇𝐚𝐩𝐩𝐲 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫 - 𝟐𝟎𝟐𝟓!
உங்களுக்கு புத்தாண்டு வாழ்த்துக்கள் - 𝟐𝟎𝟐𝟓!

22/11/2024

මේ හැම සේවාවක්ම එදිනට ලබුදූව ගොවිපලෙන් 😍💪

22/11/2024

ලබුදූව දක්ෂිණ කෘෂි නවෝදය ප්‍රදර්ශනය 2024

ඉගෙන ගන්න දැන කියාගන්න , වටිනා කියන දේ එකතු කරගන්න ඉඩක් වෙන් කරගෙන ඔබත් එන්න ලබුදූව රජයේ ගොවිපල පරිශ්‍රයට.

Address

"Bimthanna Agro" , Labuduwa
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when බිංතැන්න Bimthanna Agro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to බිංතැන්න Bimthanna Agro:

Share