බිංතැන්න Bimthanna Agro

බිංතැන්න   Bimthanna Agro ඩිජිටල් හරිත සංග්‍රාමයක , සයිබර් අස්වැද්දුම ! "Cultivating Growth, Harvesting Success."

බිංතැන්න ඇග්‍රො | Bimthanna Agro

කෘෂිකාර්මික / ගෙවතුවගා නිෂ්පාදන අලෙවිය හා සේවා සැපයීම අපගේ ප්‍රධාන කෘත්‍ය වන අතර ඊට අමතරව ශ්‍රී ලාංකික ගෙවතු වගාවන් හරිත සංග්‍රාමයෙන් හැඩ ගැනිවීම අපගේ දැක්ම වේ.

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වන පින්බර වෙසක් පොහොය දිනයක් වේවා..!
30/05/2026

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වන
පින්බර වෙසක් පොහොය දිනයක් වේවා..!

15/05/2026

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ (lll වන ශ්‍රේණිය ) පවතින පුරප්පාඩු සදහා බදවා ගැනිමේ විවෘත තරඟ විභාගය.

✅ පවතින පුරප්පාඩු පහත පරිදි වේ.

ව්‍යාප්ති නිලධාරී තනතුරු 38 ක්
ගොවිපළ කලමනාකරු තනතුරු 09 ක්
තාක්ෂණ නිලධාරී තනතුරු 5 ක්

🎓අධ්‍යාපන සුදුකම්

සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි භාෂාව/විද්‍යාව/ ගණිතය සහ තවත් එක් විෂයක් සම්මාන සාමර්ථ සහිතව එකවර විෂයන් 6 කින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල සමත් වීම

සහ

ජීව විද්‍යා/ කෘෂිකර්මය/ රසායන විද්‍යාව/ භෞතික විද්‍යාව/ කෘෂි තාක්ෂණවේදය/ ජෛව තාක්ෂණවේදය සහ තාක්ෂණ වේදය සදහා විද්‍යාව යන විෂයන් දෙකක් සහිතව විෂයයන් තුනකින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය සමත් වීම

වෘත්තිය සුදුසුකම්

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත ආයතනයකින් පිරිනමන
දෑ අවුරුදු කෘෂිකර්ම ඩිප්ලෝමාව

හෝ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පිරිනමන දෑ අවුරුදු කෘෂිකර්ම ඩිප්ලෝමාව

හෝ

රැකියා ක්ශේත්‍රයට අදාලව ජාතික වෘත්තීය කුසලතා (NVQ 6 ) සුදුසුකම් සපුරා තිබිම

හෝ

ඉහත තාක්ෂණික සුදුසුකම් වලට සියලු අතින් සමාන යැයි තෘතියික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිලිගනු ලබන වෙනත් සුදුසුකම් සපුර තිබිම

🟢 වයස අවුරුදු 18-30 අතර

⏳අයදුම්පත් යොමු කල යුතු අවසන් දිනය : 2026.06.08.

සම්පුර්ණ කල අයදුම්පත්‍රය 2026.06.08 දින හෝ ඊට පෙර පහත ලිපිනය වෙත ලියාපදිංචි තැපෑල ඔස්සේ යොමු කරන්න

📌️ අධ්‍යක්ෂ ජනරාල්
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
අංක 1095
සිරිමාවෝ බණ්ඩාරනායක මාවත
ගැටඹේ, පේරාදෙණිය

🟢 වැඩිදුරටත් තොරතුරු දැනගන්න 2026.05.08.දින රජයේ ගැසට් පත්‍රය බලන්න
( අදල සබැඳිය සදහා පලමු කමෙන්ට් එක බලන්න)

හෝ 0705551551 වෙත whatsup පනිවිඩයක් යොමු කරන්න

09/05/2026

2026 වසරේ දෙවැනි කාර්තුවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නාරම්මල අතුරුවගා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් මැයි මාසය සඳහා සංව්ධානය කර ඇති පුහුණු වැඩසටහන් පිළිබඳ ව්ස්තරය පහත දැක්වේ.

ඒ සදහා උනන්දුවක් දක්වන්නේ නම්, 037 22 48879 දුරකතන අංකයෙන් අදාල පුහුණු වැඩසටහන සදහා ලියාපදිංචි වන්න.

09/05/2026

බුලත් වගාවේ බැක්ටිරියා කොළ පුල්ලි රෝගය (Bacterial Leaf Spot)

බුලත් කොළ පුල්ලි රෝගය (Bacterial Leaf Spot) ගොවීන් අතර මෙය තෙල්කුණාව, තෙල්පැල්ලම හෝ මහලෙඩේ ලෙස ප්‍රසිද්ධයි.

මෙහි විද්‍යාත්මක පසුබිම සහ ස්වභාවය මෙසේයි:

රෝග කාරකය : Xanthomonas campestris pv. betlicola නම් බැක්ටීරියාව. බීජෞෂණ කාලය : දින 2ක් වැනි කෙටි කාලයකි. (බැක්ටීරියාව ඇතුළු වූ සැණින් රෝග ලක්ෂණ මතු වේ).

පැතිරීම: වර්ෂා කාලයේදී ඉතා වේගවත් වන අතර, සති 2ක් වැනි කෙටි කාලයකදී මුළු වගාවම විනාශ කළ හැකියි
🔍 රෝග ලක්ෂණ හඳුනා ගැනීම

මුල් අවධිය:
පත්‍රයේ මතුපිට තෙල් පැල්ලම් වැනි පාරභාසක ලප ඇති වන අතර, යටි පැත්තෙන් අවර්ණ හෝ ලා කහ පැහැති බැක්ටීරියා ශ්‍රාවයක් (බැක්ටීරියා ඕසය) දැකිය හැක.

දෙවන අවධිය: තෙල් පැල්ලම් කළු පැහැයට හැරෙන අතර, එම ලප වටා පැහැදිලි කහ පැහැති රැස් වළල්ලක් (Halo) ඇති වේ.

අවසාන අවධිය: රෝගය කඳට පැතිරී, පළුක් සහ පුරුක් ගැලවී වැල සම්පූර්ණයෙන්ම මිය යයි.

🛡️ රෝගය වළක්වා ගැනීමේ පියවර (කළමනාකරණය)රෝගය වැළඳුණු පසු පාලනය අපහසු බැවින්, වැළැක්වීම ප්‍රධාන වේ:

අනුගමනය කළ යුතු පියවර

පරිසර පාලනය : සුළඟ මඟින් රෝගය ඒම වැළැක්වීමට පොල් අතු ආවරණ (සුළං බාධක) යෙදීම.

ජල පාලනය: වගාවට වෙනම පිරිසිදු ජල ප්‍රභවයක් භාවිතය සහ ජලය බැස යාමට ක්‍රමවත් කාණු පද්ධතියක් සැකසීම.

ශුද්ධ පවිත්‍රතාව : උපකරණ වෙන් වෙන්ව භාවිතය සහ වැඩ කරන ශ්‍රමිකයන් පිරිසිදු වී වගා බිමට ඇතුළු වීම.

වගා ක්‍රම :හිරු එළිය ලැබෙන සේ පාත්ති සැකසීම,
පාත්ති අතර පරතරය වැඩි කිරීම සහ ගම්මිරිස් වැනි ධාරක ශාකවලින් දුරස් කිරීම.

පෝෂණය: නිර්දේශිත පොහොර ප්‍රමාණය පමණක් නිසි වේලාවට යෙදීම.

🚨 රෝගය වැළඳුණු පසු ගතයුතු හදිසි ක්‍රියාමාර්ග

පලිබෝධනාශක මඟින් මෙය සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි වුවත්, ව්‍යාප්තිය පාලනයට මේවා වැදගත් වේ:

වහාම ඉවත් කිරීම : රෝගී වැල දුටු සැණින් එය ගලවා පුළුස්සා දමන්න.

පොහොර සහ ජලය : රෝගය පවතින විට ජලය සහ පොහොර යෙදීම වහාම නවත්වන්න.

ශාඛා කප්පාදුව : මෝරන ලද කොළ සහ අනවශ්‍ය වැල් ඉවත් කරන්න. (පළමුව නීරෝගී වැල්වල වැඩ අවසන් කර, අවසානයට රෝගී වැල්වල වැඩ කරන්න).

රසායනික පාලනය : පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් අනුමත දිලීරනාශකයක් පත්‍රවල යටි පැත්තට වදින සේ ඉසින්න.

ප්‍රතිකාරයෙන් පසු : දිලීරනාශක යෙදීමෙන් පසු අවම වශයෙන් මාස 1.5ක් යනතුරු අස්වනු නෙළීමෙන් වළකින්න.

විශේෂ උපදෙස් : රෝගය පාලනය කළ නොහැකි ලෙස නැවත නැවත මතු වන්නේ නම්, මුළු වගාවම පුළුස්සා විනාශ කර බිම විෂබීජහරණය කිරීම අනාගත වගාවන්ට යහපත් වේ.

#බුලත්

09/05/2026

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නාරම්මල අතුරු වගා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්තානය මගින් මාසිකව පවත්වනු ලබන අතුරු බෝග වගා පුහුණු වැඩසටහන මැයි මස 15 සිකුරාදා දින පෙරවරු 9.00 ට පැවැත්වේ.

මෙම වැඩසටහනේදී ගම්මිරිස් වගාවේ, කළු සහ සුදු ගම්මිරිස් සකස් කිරීම, විජලිත කොළ සහ රතු ගම්මිරිස් සකස් කිරීම, ගම්මිරිස් සැකසීමේ යන්ත්‍ර සුත්‍ර භාවිතය, විජලන යන්ත්‍ර භාවිතය, ගම්ම්රිස් සැකසුම් ඒකකයක සැලැස්ම, අගය එකතු කල නිෂ්පාදන ඇතුළු සියලුම කරුණු මෙම පුහුණු වැඩසටහන තුලින් ඔබට ලබා ගත හැකිය.

මේ පිළිබදව ඔබ උනන්දුවක් දක්වන්නේ නම් පහත දුරකතන අංකය අමතා ලියාපදිංච් වන්න.
037 22 48 879

ඔබට අවශ්‍ය තාක්ෂණික සහය සහ සියලු තොරතුරු මෙන්ම ඉදිරි වැඩසටහන් පිලිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපගේ වට්සැප් සමුහය හා එකතු වන්න.
https://chat.whatsapp.com/KiS3glLydGDJGyU8w6Bvg3

09/05/2026

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වල්පිට මධ්‍යම පැල තවාන සතුව පහත පැල විකිනීමට ඇත.

🌱 වැනිලා පැල 900 ක්

💰පැලයක මිල රුපියල් 60 ක් බැගින්

🌱 ගම්මිරිස් : ඩිංගිරාළ ප්‍රභේදය පැල 7000 ක්

💰පැලයක මිල රුපියල් 65 ක් බැගින්

🌱 සාදික්කා බිජ පැල 1500 ක්

💰පැලයක මිල රුපියල් 205 ක් බැගින්

මිල දී ගැනීම සදහා විමසන්න.

පි.ඒ.එස්.එන්.පින්නවල මිය

0332272314

සැලකිය යුතුයි : ප්‍රවාහන පහසුකම් සපයනු නොලැබේ.

සතියෙ දින කාර්‍යාල වේලාව තුල අදාල ස්ථානය වෙත පැමිණ මිල දී ගත හැක.

#සාදික්කා #ගම්මිරිස් #වැනිලා #ඩිංගිරාළ

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත්, ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! Wishin...
14/04/2026

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත්, ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

Wishing you and your beloved family a joyful Sinhala & Tamil New Year filled with peace, happiness, and prosperity!

சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துகள்! உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் அமைதி, சந்தோஷம் மற்றும் வளம் நிறைந்த இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

බිංතැන්න Bimthanna Agro

23/03/2026

🌱 කාබනික පොහොර කියන්නේ පසේ ජීවනාලියයි ! ♻️
කාබනික පොහොර භාවිතයෙන් පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ඉහළ යනවා, එතකොට ගස් වලට අවශ්‍ය පෝෂක වඩාත් හොදින් උරා ගන්නවා 💪 ඒවගේම බුරුල් සාරවත් පසක් ලැබෙනවා,
තවදුරටත් කියනව නම් පසේ ඇති පෝෂක සේදී යාම අවම වෙනවා

ඉතින් ඔබේ වගා බිමේ සාරවත්භාවය ගැන ඔබ දැනුවත්ද?

🔬 ඔබේ ගොවිතැනේ පස් සාම්පලයක් අප වෙත රැගෙන එන්න!
දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පාංශු පරීක්ෂාණාගාර මඟින් ඔබේ වගා බිමේ පසේ පෝෂක තත්ත්වය පරීක්ෂා කර, ඔබේ ගොවිතැනට ගැළෙපෙන නිර්දේශ ලබාදෙනු ඇත.

📍 පාංශු පරීක්ෂණාගාරය ගාල්ල සහ මාතර
📞 ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා හෝ 1920- (0717011920) අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න

SAICC - Department of Agriculture Southern Province

⭕️⭕️⭕️ 2025 ගංවතුර ආපදා සහන පැකේජය ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නවතම...
04/12/2025

⭕️⭕️⭕️ 2025 ගංවතුර ආපදා සහන පැකේජය

ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නවතම සහන පැකේජය ප්‍රකාශයට පත් කර ඇත. මේ සඳහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 30ක් වෙන් කර තිබේ.

ඔබට ලැබෙන සහන මොනවාද? 👇

✅ 1. අතට මුදල් (Cash Grants):
ගංවතුර බැස ගිය පසු නිවස පිරිසිදු කරගැනීමට සහ මූලික අවශ්‍යතා සඳහා සෑම විපතට පත් පවුලකටම රු. 25,000/- ක්.

🏠 2. නිවාස වන්දි:
• පූර්ණ හානි සඳහා: උපරිමය රු. ලක්ෂ 25 (මිලියන 2.5) දක්වා.
• අර්ධ හානි සඳහා: තක්සේරුව මත වටිනාකම තීරණය කෙරේ.

💔 3. ජීවිත වන්දි:
ආපදාවෙන් මියගිය අය වෙනුවෙන් පවුලේ ඥාතීන්ට රු. ලක්ෂ 10ක (මිලියන 1) වන්දියක්.

🍲 4. ආහාර සහ වියළි සලාක:
• කඳවුරු වල සිටින අයට පිසූ ආහාර.
• නිවෙස් වෙත ගිය අයට යථා තත්ත්වයට පත්වන තෙක් සතිපතා වියළි සලාක මලු.

📚 5. පාසල් දරුවන්ට:
පොත්පත්/උපකරණ විනාශ වූ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විශේෂ දීමනාවක් හෝ 25000ක වවුචරයක්.

🌾 6. ගොවි ජනතාවට:
විනාශ වූ වගාවන් සඳහා වන්දි සහ ඊළඟ කන්නයට අවශ්‍ය බිත්තර වී/පොහොර සහනාධාර.

💡 7. වෙනත් විශේෂ සහන:
• විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් (Grace Period).
• විනාශ වූ ID, රියදුරු බලපත්‍ර, ඔප්පු සහ උප්පැන්න සහතික නොමිලේ නැවත සාදා දීම.

👩‍🎓 8. විශ්ව විද්‍යාල සිසුන්ට 7500ක අමතර මහපොල වාරිකයක්:

📍 අයදුම් කරන්නේ කෙසේද?
ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමා හමු වී "ආපදා සහන අයදුම්පත" පුරවා භාර දෙන්න

⭕️⭕️⭕️ මේ වනතෙන් වැඩිම මරණ ප්‍රමාණයක් වෙලා තියෙන්නේ නායයෑම් අනතුරු වලින්.ඉතින් ජීවිතේ බේරගත්ත බොහෝමයක් රෝහල් වල ගොඩ ගැහි...
04/12/2025

⭕️⭕️⭕️ මේ වනතෙන් වැඩිම මරණ ප්‍රමාණයක් වෙලා තියෙන්නේ නායයෑම් අනතුරු වලින්.ඉතින් ජීවිතේ බේරගත්ත බොහෝමයක් රෝහල් වල ගොඩ ගැහිලා.

මේ වෙලේ ලේ බැංකුව කියන්නේ අනතුරු වලට ලක්වූවන්ට ප්‍රතිකාර කරන් යද්දී අත්‍යවශ්‍ය මූලිකම Reaource එකක්.ඒක බිඳ වැටෙන්න දෙන්න එපා. තව කෙනෙක් වෙනුවෙන් ඔබට නොමිලේම දෙන්න පුලුවන් ආත්ම ගනනක් වටින දෙයක්.පුලුවන් විදියට හැමෝම එන්න

මේ වෙලාවේ වැඩි ම රුධිර අවශ්‍යතාවයක් තියෙන ලේ බැංකු සහ ඒවායේ විස්තර පහළින් දාන්නම්.

⭕️පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම ( 011 236 9931, 011 722 0677 )
⭕️පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා
📌රාගම ශික්ෂණ රෝහල - 011 296 0535/ 011 2959261
📌මහරගම අපේක්ෂා රෝහල - 011 284 9525/ 011 289 7377
📌යාපනය - 021 2223063/ 021 2222261
📌කුරුණෑගල - 037 2229617/ 037 2223873
📌අනුරාධපුරය - 025 2222261/ 025 2236424
📌මහනුවර - 081 2203100/ 081 2222261
📌බදුල්ල - 055 2222124/ 055 2222261
📌හම්බන්තොට - 047 2222016/ 047 2220261
📌කළුතර - 034 2222261/ 034 2236529
📌රත්නපුරය - 045 2226592/ 045 2222261
📌ත්‍රිකුණාමලය - 026 2231385/ 026 2222600
හා
📌ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල (091 2226066/ 091 2232267 )
යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම
📌මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ( 041 3415665 )
ඔබට රුධිරය පරිත්‍යාග කළ හැකියි.

මීට අමතරව ඔයාලා ප්‍රාදේශීකව සිදුකරන ජංගම ලේ පරිත්‍යාග කඳවුරු තියෙනවානම් අදාල තැන් සඳහන් කරන්න.

⭕️⭕️⭕️ පවතින ආපදා තත්ත්වය පාලනයට රාජ්‍ය දැව සංස්ථාවෙන් නිවේදනයක්. ❗❗❗​පවතින ආපදා තත්ත්වය හමුවේ මාර්ග අවහිර වීම් හෝ ආපදා ...
04/12/2025

⭕️⭕️⭕️ පවතින ආපදා තත්ත්වය පාලනයට රාජ්‍ය දැව සංස්ථාවෙන් නිවේදනයක්. ❗❗❗

​පවතින ආපදා තත්ත්වය හමුවේ මාර්ග අවහිර වීම් හෝ ආපදා සිදු වේ යැයි අපේක්ෂාවෙන් (ඉවත් කළ) යුතු ගස් තිබේ නම් දැනුම් දීම සඳහා පරිසර අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය දැව සංස්ථාව දුරකතන අංක හඳුන්වා දී ඇත.

​ඒ අනුව ඊට අදාළ අවස්ථා පවතී නම් පහත සඳහන් දුරකතන අංකවලට දැනුම් දිය හැකි අතර එසේ නොමැති නම් වට්ස්ඇප් (WhatsApp) පණිවිඩයක් කඩිනමින් යොමු කරන ලෙස රාජ්‍ය දැව සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

​පවතින ආපදා තත්ත්වයෙන් මිදීම සඳහා ජනතාවට කඩිනම් සහනයක් සැලසීම රාජ්‍ය දැව සංස්ථාවේ අපේක්ෂාවයි.
​(එම දුරකතන අංක පහත පරිදි වේ.)

🪵 ​සභාපති - (රා.දැ.ස) 0718297357, 0112866610
🪵 ​සාමාන්‍යාධිකාරී - (රා.දැ.ස.) 0772862720, 0112888946
🪵 ​නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - (මෙහෙයුම්/රා.දැ.ස.) 0772642374, 112887296
🪵 ​සහකාර සාමාන්‍යාධිකාරී - (කලාප 2/රා.දැ.ස.) 0773532638
🪵 ​සහකාර සාමාන්‍යාධිකාරී - (කලාප 1/රා.දැ.ස.) 0773037047, 0112866611
🪵 ​ප්‍රාදේශීය කළමනාකරු - (පරිතොග/රා.දැ.ස.) 0772932900, 0112887297
🪵 ​ප්‍රාදේශීය කළමනාකරු මාතර - (රා.දැ.ස.) 0772642401, 0412222328
🪵 ​ප්‍රාදේශීය කළමනාකරු කොළඹ - (රා.දැ.ස.) 0777342708, 0112637177
🪵 ​ප්‍රාදේශීය කළමනාකරු රත්නපුර - (රා.දැ.ස.) 0773744608, 0452228948
🪵 ​ප්‍රාදේශීය කළමනාකරු බණ්ඩාරවෙල - (රා.දැ.ස.) 0766865283, 0572232478
🪵 ​ප්‍රාදේශීය කළමනාකරු නුවරඑළිය - (රා.දැ.ස.) 0772862816, 0522222532
🪵 ​ප්‍රාදේශීය කළමනාකරු මහනුවර - (රා.දැ.ස.) 0704424768, 0812421717
🪵 ​ප්‍රාදේශීය කළමනාකරු කුරුණෑගල - (රා.දැ.ස.) 0777719695, 0372222456
🪵 ​ප්‍රාදේශීය කළමනාකරු අනුරාධපුර - (රා.දැ.ස.) 0718233995, 0252222380
🪵 ප්‍රාදේශීය කළමනාකරු යාපනය - (රා.දැ.ස.) 0772642398, 0212222349
🪵 ​ප්‍රාදේශීය කළමනාකරු අම්පාර - (රා.දැ.ස.) 0773744588, 0632222413
🪵 ​නියෝජ්‍ය ප්‍රාදේශීය කළමනාකරු මොනරාගල - (රා.දැ.ස.) 0552276334, 0552277636
🪵 ​නියෝජ්‍ය ප්‍රාදේශීය කළමනාකරු පොළොන්නරුව - (රා.දැ.ස.) 0252222380, 0252234889

තොරතුරු ලබා ගැනීම
Ada Derana Sinhala

Address

"Bimthanna Agro"
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when බිංතැන්න Bimthanna Agro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to බිංතැන්න Bimthanna Agro:

Share