13/01/2026
මාලුන්ගෙ stress එක අපිට වැදගත්ද 😁 ??
🐟 මොකද්ද මේ මාලුවෙක් Stress වෙනව කියන්නෙ ?
මොනවමහරි බාහිර බලපෑමක් නිසා මාලුවෙක්ගෙ ශාරීරික හෝ හැසිරීමෙ වෙනස්කම් වෙනව නම් අන්න ඒකට කියනව සරලව මාලුවෙක් Stress වෙලා කියල.
🐟 Stress උනහම මොකද වෙන්නෙ ?
මේක මාලුන්ට එක එක විදියට බලපාන්න පුලුවන්
- ටැංකියෙ මුල්ලකට වීම (Hiding )
- Color එක අඩු වීම (most of them)
- කෑම ගැනීම අඩු වීම (lost of appetite)
- Breeding එක Unsuccessful වෙන්න පුලුවන්.
- ඉක්මනින් ලෙඩ රෝග වලට ගොදුරු වීම.
- Movement වෙනස් වීම.
මෙන්න මේ stress එක කෙලින්ම බලපාන්නෙ මාලුවගෙ Immune system එකට . ඒ කියන්නෙ ලෙඩක් බෝ වෙන්න තියන / හැදෙන්න තියන සම්භාවිතාවය ගොඩක් වැඩි වෙනව.
White spot වගේ ලෙඩ ඉක්මනට හැදෙන්න මාලුවෙක්ගෙ මෙන්න මේ stress එක සෘජුවම බලපානව.(කලින් ලිපි වල කතා කරපු විදියට)
🐟 Stress එක වැඩි වෙන්න හේතු ? සහ Stress එක අඩු කරන විදිය
- ප්‍රධානම දේ තමයි ටැංකියකට අලුතෙන් මාලු දාද්දි අපි මාලුව හඳුන්වල දෙන්නෙ අලුත් පරිසරයකට කියන එක තේරුම් ගන්න ඕන.අලුත් stock එකක් add කරද්දි
acclimatization කියන දේ අනිවාරෙන් කරන්න ඕන. මේකෙදි වෙන්නෙ අලුත් ටැංකියේ වතුරට / වතුරෙ උෂ්ණත්වයට /Ph අගයට මාලුව හුරු කරන එක.
- නිතරම වතුර මාරු කිරීමෙදි ලුණු භාවිතය වැදගත්.අත්‍යාවශ්‍යම කාරණාවකදි ඇරෙන්න ටැංකිය Siphoning කරනවනම් වතුර 1/3 හෝ 1/2 අඩු කරන්න වගබලාගන්න.
- Overcrowding කියන දේ තමයි අනික් කාරණය. මාලු හදනවනම් ටැංකියකට අල්ලන වතුර ප්‍රමාණය සහ දාන්න පුලුවන් උපරිම මාලු ප්‍රමාණය ගැන idea එකක් තියෙන්න ඔන. මොකද මේව basic දේවල් නිසා.වැඩිපුර මාලු add කලාම වෙන්නෙ overcrowding වෙන එම . ඒක අවම කරගන්න ඔන.
- Tank mates
මේකෙන් අදහස් වෙන්නෙ මාලු variety දෙක තුනක් එක ටැංකියකට දාන්න ඉන්නවනම් හරියාකාරව තෝරාගැනීම කරන්න ඔන.
- උදාහරණයක් විදියට Serpae tetra / black neon / glow tetra වගේ මාලු එකට දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි Cichlid වර්ග Malavi වර්ග වගෙ එකම ටැංකියෙ තියන එක පොඩ්ඩක් කල්පනාකරල බලන්න ඕන දෙයක්.(මෙතෙන්දි කියන්න අදහස් කලේ ලොකු stock එකක් ගැන )
- බෙහෙත් වර්ග add කරද්දි උනත් එහෙමයි. උදාහරණයක් විදියට Copper / කොන්ඩිස් වගෙ ඒව dose එක වැඩි උනාම මාලුව ගොඩක් stress වෙනව. Overdose නොවෙන්න වගබලාගන්න ඔන.
- Water condition එක නම් හැමදේටම බලපානව. මොන තරම් powerful filters තිබ්බත් වැඩක් නැහැ එවටත් කරන්න පුලුවන් උපරිමයක් තියනව (large scale farming ගැන කතා කරන්නෙ ) ඒක නිසා තමන්ගෙ ටැංකිවල තියන water condition එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඔන.
1.බෙහෙත් දැමීමෙදී (oxygen level එක පහල යනව)
2.Overfeeding (වැඩිපුර කෑම එකතු කිරීම)
3.කාලාන්තරයක් පිරිසිදු නොකරන ලද filters
4.ලෙඩ සහිත / මැරුණු මසුන්
මෙන්න මේ දේවල් නිසා ටැංකියෙ වතුර condition එක පහල වැටෙන්න පුලුවන්.මේව සෘජුවම මාලුවට බලපාන නිසා මේව අඩු කරගත්තම මාලුවෙක් Stress වෙන එක නවත්තගන්න ලේසියි.
Any Questions ??
W.A.S. Lakshan
Aquatish
Aquatish.com