Happy paws animal clinic

Happy paws animal clinic Happy paws animal clinic by Dr P.M.G.D.S. Pethiyagoda and Dr . Ushani Shashikala

කරැනාකර ඔබගේ සුරතලා පිලිබදව වැඩි පුර මේ දිනවල සැලකිලිමත් වන්න.
07/04/2023

කරැනාකර ඔබගේ සුරතලා පිලිබදව වැඩි පුර මේ දිනවල සැලකිලිමත් වන්න.

03/03/2023

ගොඩක් කට්ටිය ලේන් පැටවු හදන විදිය අහන හින්දා මේ පෝස්ට් එක දාන්න හිතුනා...

ගොඩක් කට්ටියට ලේන් පැටවු හම්බ වෙන කොටම

හරිම චූටියි
ඇගේ මයිල් නෑ

නිරෝගී පැටියෙක් නම් දීප්තිමත් රෝස පාටක් තියෙනවා..
එවගේම එලියේ වෙන දේවල් වලට චුට්ටක් දගලලා ප්‍රතිචාර දක්වනවා..

හැබයි දීප්තිමත් රෝස පාටක් නැතිව කලු පාටට හුරු තද රෝස පාටක් නම් විදුරු මහත් ඒ පාටටනම් සතා ඉන්නේ විජලනය වේලා..චූටි ලේන් පැටියෙකුට කිරි නැතුව පැය විසිහතරක් ඉන්න පුලුවන් උනාට විජලනය උනොත් පැය විසිහතරකට වඩා ජීවත් වෙලා ඉන්නේ නෑ..
ඉතින් මේවගේ විජලනයේ ඉන්න ලේන් පැටවු හම්බ උනු ගමන් ගොඩක් කට්ටිය කරන්නේ පට් ගාලා කිරි හදලා පොවන එක.
විජලනයෙන් ඉන්න පැටියෙකුට කවදාවත් එකපාරම කිරි පොවන්න එපා .ඒ වගේම කිරි හින්දා පාචනය ඇතිවෙලා සතා තවත් විජලනය වෙන්න පුලුවන්. ඒකෙන් වලක්ව ගන්න
මෙන්න මේ විදියට දියර මිශ්‍රණයක් හදලා පොවන්න.

# ලුණු තේ හැන්දක්
# සීනී තේ හැන්දක්
# උණු කර නිවාගත් වතුර අඩු කෝප්ප දෙක හමාරක දිය කරලා..පැය දෙකෙන් දෙකට 0.5 ml පොවන්න.

මේකට 1cc ඒ කියන්නේ ඉනිසියුලින් සිරින්ජරයක් භාවිතා කරන්න.සමහර විට විජලන ය උනු පැටියෙක් පාන් තීරෙකින් බොන්නේ නැති වෙන්න පුලුවන් .පැය දොලහක් යන කොට කලු පාට ට හුරු තද රෝස පාටෙන් දීප්තිමත්ර රෝස පාටට හැරුනනම් පැටියා විජලනෙන් මිදිලා. එහේම උනේ නැත්තම් සුදුසුකම් ලත් පශු වෛද්‍ය වරයෙක් ගෙන් උපදෙස් ගන්න.

ඊලගට මේ චූටි ලේන් පැටවු මැරෙන අංක එකේ හේතුව නිශ්චිත උෂ්නත්වය ක් නැති කම hypothermia තත්වයට පත්වීම.
මෙයාලට මුල් දවස් වල ශරීර උෂ්ණත්වය යාමනය කරගන්න බෑ. ඉතින් බාහිරින් උෂ්නත්වය සැපයීම අනිවාර්යයි. ඒ වගේම සීතලෙන් ඉන්න සතෙකුට කෑම දෙන්න යන්නත් එපා.මේ සදහා
1 ඔලුව එලියට හිටින්න බූල් ඝන රෙද්දකින් සතා ඔතන්න

2 electric heat pad එකක් උඩ තියන්න.මේ එකක් හොයා ගන්න බැරිනම් වොට් හතලියේ කහපාට එලිය තියෙන සූත්රිකා බල්බයක් ඇරන් ඒක රෙද්දක ඔතලා එ කිට්ටුවෙන් පැටියා තියන්න.
3 ආවරණය කරපු හුලං වදින්නේ නැති පෙට්ටියක තියෙන්න.හැබයි වාත සිදුරු ටිකක් තියන්න අමතක කරන්න එපා.

4 උෂ්ණත්වය මදිකම නිසා සතා හැකිලෙනවනම් තරමක් උඩින් අර වගේ බල්බ් එකක් තියන්න.පෙට්ටිය ඇතුලේ සෙන්ටිග්‍රේට් 40 උෂ්නත්වයක් තිබීම අතයවශයි.

දැන් බලමු මේ වගේ සතෙකුට කිරි දෙන්නේ කෝමද කියලා..ගොඩක් දෙනෙක් දෙන්නේ මෙයාලට අපි බොන කිරිපිටි නැත්තම් අපේ පොඩි ලමයින්ගේ කිරිපිටි..
කවදාවත් ඒවා දෙන්න එපා.ඒවයේ පෝෂණය මදි. හොදම ඉතින් ලේන් අම්මගේ කිරි තමයි හැබයි ඉතින් ඒවා හොයාගන්න බෑනේ.ඒ නිසා එලු කිරි දෙන්න පුලුවන්..සුපිරි වෙලද සැල් වල පිටිකර එලුකිරි තියෙනවා. ඒවා හොදයි.

1 පලමු දින පහ
0.5ml එලුකිරි පැය දෙකෙන් දෙකට පොවන්න.අපි කන්නේ වේල් තුනයි කියලා ලේන් පැටවුන්ට දවසට තුන් වේලක් පොවලා මදි. අඩුම තරමේ එලාම් එක තියලා ඇහැරිලා රෑටත් වේල් දෙකක් දෙන්න.මේ සදහා 1ml සිරින්ජරයක් භාවිතා කරන්න.පොවන කොට හරිම හෙමින් ටික ටික වෙලාව ඇරන් පොවන්න.
ඕක්කොම
කිරි ටික බුග් ගාලා පොවන්න ගිහින් පිටි ගිරියේ යවා ගන්න එපා.එහේම උනොත් පෙනහලු ආසාධන ඇතිවෙන්න පුලුවන්.

තව දෙයක් කියන්න ඕනි. මෙයාලට උත්තේජනය කරන්නේ නැතිව තනියෙන් චූ, කක්කා දාන්න බෑ .ලේන් අම්ම නම් කරන්නේ බඩ දිගට ලෙව කනවා උත්තේජනය වෙන්න.අපිට කරන්න තියෙන්නේ කිරි පොවලා ඉවර උනාට පස්සේ එයාලගේ බඩ හරියේ චූ දාන පැත්තට එනකන් ඇගිල්ලෙන් කිරි පොවලා ඉවර වෙලා සුමටව පිරි මදින එක
චූ, කක්කා දානකන්.
මේක අනිවාර්යෙන්ම
කරන්න ඕනි.නැත්තම් කක්කා හිරවෙලා ජීරණ අපහසුතා මලබද්ධය වගේ ඒවා එන්න පුලුවන්.ඒ වගේම වැඩිය කිරි පොවන්නත් එපා.

බඩ පොඩ්ඩක් ඉදිමෙන්වා වගේ නම් gripe water 0.3 ml දවසට තුන් පාරක් දෙන්න.

2 දවස් දහයකට පසු පැය දෙකෙන් දෙකට 2ml එලු කිරි දෙන්න .රෑටත් වේලක් දෙන්න.

3 දවස් විසි එකකට පසු 4ml පැය තුනෙන් තුනට දෙන්න .රෑටත් වේලක් දෙන්න.

4 දවස් 28 වෙන කොට මයිල් තැනින් තැන එනවා .පැය තුනකට පාරක් 6ml දෙන්න .

5 දවස් තිහ තිස් පහ අතර මයිල් සම්පූර්ණ එනවා.ඒ වගේම ඇස් අරිනවා. ඇස් ඇරියාට පස්සේ අනිවාර්යෙන්ම ඝන ආහාර පුරුදු කරන්න ඕනි.මෙයාලට එකම වර්ගයේ කෑම හැමදා ම දෙන්න එපා ඒක මෙයාලගේ බහුල රෝගයක් වෙන Metabolic bone disease හැදෙන්න හේතුවක් වෙනවා.කකුල් පණ නැතිව වෙවුලලා මාස තුන හතර එනකොට මේ ලෙඩේ හැදිලා මැරිලා යනවා.මේ ලෙඩේ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්..
මෙයාලට දෙන්න පුලුවන් ආහාර වර්ග
1 මල් ගෝවා
2 සූරිය කාන්ත ඇට
3 වට්ටක්කා ඇට
4 කැරට්
5 මිදි
6 බොංචි
7 බඩ ඉරිඟු
8 වට්ටක්කා
9 රටකජු
10 කජු
11 උදු පියලිය වගේ කොල වර්ග..
12 ටිකක් දුර්වලයි වගේ නම් ඉදලා හිටලා පොල් පුන්නක්කු කුකුල් කෑම චුට්ටක් දෙන්න.
මේ
වගේ ආහාර රාශියක් දෙන්න පුලුවන්.
කැමත්තෙන් කනවා කියලා යෝගට් බත් වගේ ඒවට හුරු කරගන්න එපා.එයාලට ඒවයින් මහලොකු පෝෂණයක් ලැබෙන්නේ නෑ.
ඒ වගේම හපලා කන්න ඕනි නැති පහසු කෑම වැඩිපුර දෙන කොට ඩ්රැකියුලාගේ වගේ ලොකු අසාමාන්‍ය රදනක දත් එන්නත් පුලවන්.

ස්තූතියි.
පශු වෛද්‍ය කුමුදු නිරෝෂණ බණ්ඩාර 😀😀😀

03/03/2023
ඔබගේ සුරතල් සතුන් සදහා  ප්‍රතිකාර ලබා ගැනිමට Happy paws animal clinic (සත්ත්ව සායනය) දඹුල්ල  ගම් උදාව ක්‍රිඩාංගනය ඉදිරිප...
02/03/2023

ඔබගේ සුරතල් සතුන් සදහා ප්‍රතිකාර ලබා ගැනිමට Happy paws animal clinic (සත්ත්ව සායනය)
දඹුල්ල ගම් උදාව ක්‍රිඩාංගනය ඉදිරිපිට ව්වෘතව පවති.

විවෘතව පවතින වේලාවන්

සදූදා සහ බ්‍රහස්පතින්දා
දහවල් 12.30 සිට සවස 6 .30 දක්වා

බදාදා
උදෑසන 9.30 සිට සවස 5.00 දක්වා

අනෙකුත් දින වල
උදෑසන 9.30 සිට සවස 6 . 30 දක්වා
0714404455
(පෝය දින වසා ඇත)

දූරකතන ඇමතුමක් දි පැමිනේන්න.

Address

Dambulla

Opening Hours

Monday 12:30 - 18:30
Tuesday 09:30 - 18:30
Wednesday 09:30 - 17:00
Thursday 12:30 - 18:30
Friday 09:30 - 18:30
Saturday 09:30 - 18:30
Sunday 09:30 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when Happy paws animal clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category