Animal husbandry

Animal husbandry .

29/11/2024
ගව අභිජනන කැලැන්ඩරයගවයින්ගේ ගැබ් කාලය දින 285ක් වේ.එනම් ගවයින්  සාර්ථකව  කෘතීම සිංචනය හෝ පට්ටි දැමූ දිනයේ සිට දින 285කින...
24/11/2024

ගව අභිජනන කැලැන්ඩරය

ගවයින්ගේ ගැබ් කාලය දින 285ක් වේ.
එනම් ගවයින් සාර්ථකව කෘතීම සිංචනය හෝ පට්ටි දැමූ දිනයේ සිට දින 285කින් එම සතා පැටවෙකු ප්‍රසූත කිරීම සිදු කරනු ලබයි.
උපරිම කාර්‍ය්යක්ශමතාවයෙන් කිරි ගව ගොවිපල පවත්වාගෙන් යාමට ගොවිපලේ සතුන් කෘතීම සිංචනය කල දිනට අදාල ප්‍රසූත දිනයන් කල්තබා දැනගැනීම අත්‍යාවශ්‍ය වේ.
මේ ස්ඳහා විවිධ දින දර්ශන ,මෘදුකාංග හා online calculator භාවිතා කරනු ලබයි.

https://animalhusbandrysl.blogspot.com වෙබ් අඩවියෙන්ද මේ සඳහා online calculator tool හඳුන්වා දී ඇති අතර පහත් සබැඳියෙන් ( link) වෙබ් අඩවියට පිවිස ඔබගේ ගොවිපල සතුන්ගේ ප්‍රසූත දිනයන් ගණනය කල හැක.

වෙබ් අඩවියට පිවිස ඉහල දකුණු කෙලවරේ පිලිවෙලින් දින/මාස/වර්ශය ඇතුලත් කර පහෛන් ඇති බොත්තම ක්ලික් කිරීම මගින් අදාල ප්‍රසූත දිනය ගණනය කල හැක.

https://animalhusbandrysl.blogspot.com/?m=1

ගවයින් ප්‍රවාහනය සම්භන්ධ නීතිය සරලව1- ප්‍රවාහන කිරීමට බලාපොරොත්තු වන සතුන් පලමුවෙන්ම කන් සලකුණු කරගන්න(පශුවෛයිද්‍ය නිලධා...
11/11/2024

ගවයින් ප්‍රවාහනය සම්භන්ධ නීතිය සරලව

1- ප්‍රවාහන කිරීමට බලාපොරොත්තු වන සතුන් පලමුවෙන්ම කන් සලකුණු කරගන්න(පශුවෛයිද්‍ය නිලධාරී හරහා කන් සලකුණු කිරීම කරගන්න පුලුවන්)

2- කන් සලකුණු කල සතුන් සඳහා සෞඛ්‍ය සහතිකය ලබා ගන්න(පශුවෛයිද්‍ය නිලදාරී මඟින්)

3- සතුන් ප්‍රවාහනය කරන වාහනය පශුවෛයිද්‍ය නිලධාරීට ඉදිරිපත් කර එම වාහනය ස්ඳහා නිර්දේශය ලබාගන්න.

4 - එම සියලුම ලියවිලි ප්‍රාදේශීය් ලේකම් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් විසින් ප්‍රවාහන බලපත්‍රය නිකුත් කරනු ලබයි.

සත්ව පනත අනුව ග්‍රාම නිලධාරී සහතිකයක් අවශ්‍ය නොවන අතර ප්‍රාදේශීය ලේකම් ප්‍රවාහන බලපත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ සඳහ හේතු ලිඛිතව ඉල්ලුම්කරුට් දැනුම් දිය යුතු අතර ඉල්ලුම්කරුට දිස්ත්‍රික් ලේඛම් වෙත අභියාචනයක් ඉදිරිපත් කල හැක

හන්දි උණ/ පෙකිණි උණපාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු යනු අතිශයින්ම වේදනාකාරී දසුනක...
05/11/2024

හන්දි උණ/ පෙකිණි උණ

පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු යනු අතිශයින්ම වේදනාකාරී දසුනකි. අලුත ඉපදුන පැටවුන්ට වැලදෙන හන්දි උණ රෝගය ගව පැටවුන් මේ ලෙස රෝගී කිරීමට හේතු වනු ලබයි. පහසුවෙන් වාල්ක්වාගත හැකි රෝගයක් උවද අවාසනාවකට
අපේ රටේදී මේ රෝගය තරමක් සුලබය.

අධික උණ, ආහාර රුචිය අඩු වීම හා හන්දි ඉදිමීම මේ රෝගයේ ප්රධාන රෝග ලක්ශණ වේ. බොහෝ අවස්ථවලදී පෙකිණියද ඉදිමෙන අතර එහි උකු කහපාට සැරව එකතු වීමක් දකින්නට පුලුවන. රෝගයට ගොදුරු වූ සතුන් ප්රතිකාර මඟින් සුව කිරීම බෙහෙවින් දුශ්කරය. අපහසුවෙන් හෝ සුව කර ගත්තද එම පැටවුන්ගේ නිසි වර්ධනයක් සිදු නොවේ. මේ නිසාම මේ රෝගය වලක්වා ගැනීමට කටයුතු කිරීම එකම ප්රා්යෝගික විකල්පයයි.

මෙම රෝගයේ මූලික අධියරේදී දී සිදුවන්නේ පෙකිණිය ආසාදනය වීමය. පෙකිණියට ඇතුලු වන විශ බීජ ශරීරය පුරාම පැතිරීමේ ඉඩ කඩ බොහෝ සේ ඉහලය.

පෙකිණිය ආසාදනය ශරීරය පුරා පැතිරෙන්නේ කෙසේද?

ගර්භාශය තුල ජීවත් වන වසු පැටවාගේ පෝෂණ අවශ්යතා ඇතුලු සියලු අවශ්යනතා සැපයෙන්නේ මවගේ රුධිරය මඟිනි. ගර්භාශයේ සිටින පැටවාගේ අවශ්යුතා සපයන්නේ පෙකිණි වැල හරහාය. ඒ සදහා පෙකිණි වැල තුල රුධිර නාල පිහිටා ඇති අතර පැටවාගේ ශරීරය තුලටත් ඉන් පිටතටත් ලේ ගමනාගමය සිදුවන්නේ ඒ නහර හරහාය.

පැටවා ඉපදෙන අවස්තාවේ මේ සම්බන්දය බිදී යන අතර එහිදී පෙකිණි වැලේ ඇති ලේ නහර පිටත පරිසරයට නිරාවරණය වේ. ඉපදුන අලුත යම් විශබීජයක් පෙකිණිය වෙත අතුල්වී එය ආසාදනය වූ විට එම විශ බීජ ශරීරය පුරාම පැතිරීමට ඉඩ තිබේ. විශේෂයෙන්ම එම විශබීජ ප්රධාන වශයෙන් අක්මාව හා හන්ඳි වෙත ගමන් කරයි. මේ රෝගය හන්දි උණ ලෙසද හැදින්වන්නේ ප්රධාන ලෙසම හන්ඳි ආසාදනය කරන නිසාය. පෙකිණිය ආසාදනය වන බැවින් පෙකිණි උණ ලෙසද හැදින්වේ.

රෝගය වලක්වා ගැනීම..

පෙකිණියට විශබීජ ඇතුල්වීම හා ආසාදනය වීම වැලක්වීම වගේම විශබීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව පැටවාගේ ශරීරය තුල වර්ධනය කිරීම තුලින් මේ රෝගය වලක්වා ගත හැක.

1. පැටවා බිහි කරන ස්ථානය: පිරිසිදු විය යුතුය. තෙතමනය සහිත පරිසරයේ විශබීජ බහුලව ඇති බැවින් වියලි තැනක් විය යුතුය. පැටව් ඉපදෙන කූඩුවේ වියලි පිදුරු අතුරා තිබීම මඟින් පිරිසිදු වියලි පරිසරයක් නිර්මාණය කල හැක.

2. පැටව් බිහිකිරීමට ආසන්න එළදෙන: පිරිසිදුකම ඉතාමත්ම වැදගත් වේ. එළදෙන අපිරිසිදු නම් පැටවා ඉපදෙන අවස්ථාවේත් ඉන් පසුවත් පෙකිණිවැලේ විශබීජ තැවරිය හැක.

3. ගොවි මහතා: අලුත උපන් පැටවා ඇල්ලීමේදී ගොවියාගේ පිරිසිදු කම ඉතාමත්ම වැදගත් වේ.

4. පෙකිණිවැල: සාමාන්යෙන් පැටවා බිහිවන අවස්ථාවේ පෙකිණි වැල කැඩී යයි. එසේ නොමැති අවස්ථාවක ශරීරයේ සිට අඟල් දෙකක පමන දුරකින් සිටින සේ නයිලෝන් නූලක් භාවිතා කර ගැට ගසා ඊට ඔබ්බෙන් අලුත් බ්ලේඩ් තලයකින් කපා දමන්න.

4. පෙකිණියේ විශබීජ නාශක ගැල්වීම: රෝගකාරක විශබීජ විනාශ කිරීම සඳහා පැටවා ඉපදුන විගස පෙකිණිවැල විශබීජ නාශක දියරයක ගිල්වීම ඉතාමත්ම වැදගත් ය. පෙකිණියේ පූර්ණ ලෙසම විශබීජ නාශක තැවරීම සහතික කිරීම සඳහා කුඩා කෝප්පයක දියරය දමා පෙකිණිය සම්පූර්ණයෙන්ම ගිල්විය යුතුය. දින හතක් පාම්න යන තුරු දවසකට දෙවරක් වන සේ විශ බීජ නාශක දියරයක ගිල්වීම නිර්දේශ කෙරේ.

(පෙකිණිය ගිල්වීම සඳහා වඩාත්ම සුදුසු "ටින්චර් අයඩින්" ද්රාකවනයකි. 10% අයඩීන් ද්රාවණය කොටස් හතකට සර්ජිකල් ස්පිරිට් කොටස් තුනක් එකතුකර ටින්චුර් අයඩීන් සාදාගත හැක.)

5. නිසි ප්රමාණයට මුල් කිරි (කොලස්ට්රම්) ලබා දීම: පැටවුන්ට රෝග කාරක් විශබීජ සමඟ සටන් කිරීමට හැකියාව ඇති කරන ප්රතිශක්තිය ලැබෙන්නේ මුල් කිරි හරහාය. ඒ නිසාම අනෙක් රෝග මෙන්ම හන්දි උණ වලක්වා ගැනීමටත් නිර්දේශිත ආකාරයට මුල් කිරි දිය යුතුය.

6. නිරන්තර පසු විපරම. පෙකිණිය සම්පූර්ණයෙන්ම වේලෙන තුරු නිරන්තරයෙන් පරීක්ශා කාරී වන්න. පෙකිණිය ඉදිමී ඇතිනම් හෝ අල්ලන විට වේදනාවක් ඇතිනම් එය අසුබ පණිවිඩයකි. ඉක්මනින්ම ප්රතිකාර වෙත යොමු වන්න. පෙකිණිය අල්ලා පරික්ෂා කරණ විට අනිවාර්යන්ම අත් හොඳින් පිරිසුදු කර ගැනීම ඉතාමත් වැදගත් ය.


මේ සරල පියවර අනුගමනය කිරීම හරහා ගව පැටවුන්ට වැලදෙන මාරාන්තික හන්දි උණ/පෙකිණි උණ රෝගය වලක්වා ගැණීමට කටයුතු කරමු.

02/11/2024
අප්‍රිකානු සූකර උණ රෝගය (ASF) ලංකාවේ පැතිරී යාමට දැඩි අවධානමක් ඇත.
29/10/2024

අප්‍රිකානු සූකර උණ රෝගය (ASF) ලංකාවේ පැතිරී යාමට දැඩි අවධානමක් ඇත.

අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) හා අභිජනන හා ශ්වසන සහලක්ශන රෝගය(PRRS)  පිලිඹඳව සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින...
29/10/2024

අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) හා අභිජනන හා ශ්වසන සහලක්ශන රෝගය(PRRS) පිලිඹඳව සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පලකරන ලද අති විශේශ ගැසට් පත්‍රය.

වසු  පැටවුන්ගේ රෝග පාලනයසෑම ගොවිපලකම පාහේ උපදින වසු පැටවුන්ගෙන් යම්කිසි ප්‍රමානයක් මිය යයි.නමුත් ගොවිපලක පැටවු මරණ ප්‍රත...
14/08/2023

වසු පැටවුන්ගේ රෝග පාලනය

සෑම ගොවිපලකම පාහේ උපදින වසු පැටවුන්ගෙන් යම්කිසි ප්‍රමානයක් මිය යයි.නමුත් ගොවිපලක පැටවු මරණ ප්‍රතිශතය 5% නොඉක්මවිය යුතුය.
වසු පැටවුන් මිය යාමට බලපාන ප්‍රධානම හේතුව පැටවුන්ට වැලඳෙන ලෙඩරෝගයි.

වසු පැටවුන්ගේ රෝග පාලනය සෑම ගොවිපලකම පාහේ උපදින වසු පැටවුන්ගෙන් යම්කිසි ප්‍රමානයක් මිය යයි.නමුත් ගොවිපලක පැටවු ....

ග්ලිරිසීඩියා - Gliricidia ( Gliricidia sepium )සාමාන්‍ය නාමයග්ලිරිසීඩියා ,ගිනිසීරියා,ලාඩප්ප,නංචිභාවිතයරෝමාන්තික සතුන් (ග...
06/08/2023

ග්ලිරිසීඩියා - Gliricidia ( Gliricidia sepium )

සාමාන්‍ය නාමය

ග්ලිරිසීඩියා ,ගිනිසීරියා,ලාඩප්ප,නංචි

භාවිතය

රෝමාන්තික සතුන් (ගවයින් ,එළුවන් බැටළුවන) පෝෂණය කිරීමේදී ප්‍රෝටීන අවශ්‍යතාවය සැපිරීම සඳහා ලංකාව තුල පහසුවෙන් ලාභදායිව සපයා ගත හැකි රනිලශාකයකි .
මීටර දෙකක් දෙකක් පහළොවත් අතර උසට වැඩෙන වියළි කාලයට හොඳින් ඔරොත්තු දෙන ශාකයකි.
ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති නිසා පහසුවෙන් සපයා ගත හැකිවෙයි.

ග්ලිරිසීඩියා - Gliricidia ( Gliricidia sepium ) සාමාන්‍ය නාමය ග්ලිරිසීඩියා ,ගිනිසීරියා,ලාඩප්ප,නංචි භාවිතය රෝමාන්තික සතුන් (ගවයින්...

31/07/2023

ඔබගේ ගොවිපලේ වසු පැටවුන් මෙලෙස අඟුරු ,පස් ආහාරයට ගන්නවාද?

කුඩා වසුපැටවුන්ගේ පෝශන ඌනතාවයක් ඇතිවූ විට විශේශයෙන් ඛනිජ ඌනතාවයක් ඇතිවූ විට මෙලෙස පැටවුන් පස්,අඟුරු ආහාරයට ගැනීම සිදුකරනු ලබයි,සමහර විට සතුන් දත්මිටිකෑමද සිදුකරයි.
මෙම තත්වයට සතුන්ට නිවැරදි මාත්‍රාවෙන් පනු බෙහෙත් ලබාදී සතාට ප්‍රමාණවත් පරිදි ඛනිජ මිශ්‍රණයක් ලබාදීමෙන් පහසුවෙන් මඟහරවා ගත හැක.

ගව පැටවුන් පාලනය (calf rearing )ගව පැටවුන් පාලනය (calf rearing )ගව පාලනයේදී පැටවුන් පාලනය වැදගත් වන්නේ ඇයි.හෙට හොඳ කිරි ...
31/07/2023

ගව පැටවුන් පාලනය (calf rearing )
ගව පැටවුන් පාලනය (calf rearing )

ගව පාලනයේදී පැටවුන් පාලනය වැදගත් වන්නේ ඇයි.
හෙට හොඳ කිරි එලදෙනක වන්නේ අද පැටවාය.එම නිසා ගව පැටවුන් නිසි ලෙස පෝශනය කිරීම අත්‍යාවශ්‍ය වේ.
උසස් නිශ්පාදන හැකියාවක් සහිත සතෙකු ලබා ගැනීමට නම් එම සතා කුඩා කල සිටම සතාගේ නියමිත වයස් සීමාවන් වලදී නියමිත ශරීර වර්ධනය ලඟා කරගත යුතුය.
පැටවෙකුගේ සාමාන්‍ය උපත් බර එම සත්ව වර්ගයේ පරිනත දේහ බරින් 7% ක් පමන වේ.
මෙම දේහ බර පැටවා කිරි වරන විට පරිනත බරින් ආසන්න වශයෙන් 10% පමණවත් විය යුතුය.
ඒ සඳහා පැටවාගේ දෛනික වර්ධන වේගය 600-750g අතර පවත්වාගත් යුතුය.
පැටවාගේ එම වර්ධන වේගය පවත්වා ගැනීම සඳහා නිසි අයුරින් පැටවු පාලනය කිරීම කල යුතුය

ගව පැටවුන් පාලනය (calf rearing ) ගව පාලනයේදී පැටවුන් පාලනය වැදගත් වන්නේ ඇයි. හෙට හොඳ කිරි එලදෙනක වන්නේ අද පැටවාය.එම නිසා ගව .....

ඔබ ඔබගේ සතාට ලබා දෙන ජලය ප්‍රමාණවත්ද...? එසේ නම් කොපමණ සතාට ජලය ලබා දිය යුතුද...? ජලය කිරි නිෂ්පාදනයට වැදගත් වන්නේ ඇයි.....
27/07/2023

ඔබ ඔබගේ සතාට ලබා දෙන ජලය ප්‍රමාණවත්ද...?
එසේ නම් කොපමණ සතාට ජලය ලබා දිය යුතුද...?
ජලය කිරි නිෂ්පාදනයට වැදගත් වන්නේ ඇයි...? කතිකාවතට විවෘතයි...

ජලය කියන්නේ සජීව පදාර්ථයේ සුලභම කාබනික සංඝටකය කීවොත් වඩා නිවැරදියි. ජලය සතාගේ පරිවෘත්තීය ක්‍රියාවලියට මෙන්ම කිරි නිෂ්පාදනයට ඉතාමත් වැදගත් මන්ද කිරි වල සංයුතිය සලකා බැලු විට එහි ජලය 87.5%ක් අන්තර්ගත වේ. ඉතිරි 12.5% මේදය සහ මේද නොවන ඝණ ද්‍රව්‍ය අන්තර්ගත වේ.

එසේ නම් පැහැදිලියි. කිරි නිෂ්පාදනය සදහා ජලය ඉතා වැදගත් බව. එසේ නම් දිනකට ඔබගේ සතාට කොපමණ ජලය ලබා දිය යුතුද...🤔 ගැටලුව ඔබට පැන නගිනවා. එය ගණනය කල හැකි නම් ගොවිපල කළමණාකරනයේදී තමන්ගේ සතුන්ගේ පරිවෘත්තීය ක්‍රියා හා කිරි නිෂ්පාදනය සඳහා ගොවිපලට ⁣කොපමණ ජලය අවශ්‍යද යන්න තීරණය කල හැක.

දෛනික ජල අවශ්‍යතාවය = (DMI x 6 ) + (දෛනික කිරි
නිෂ්පාදනය x 5)

ඉහත සමීකරණය මගින් මෙය ගණනය කල හැක.

මෙහි DMI යනු ඝණ ද්‍රව්‍ය ආගණුව වේ. මෙය සදහන් කරන්නේ සතාගේ ජීව බරෙහි ප්‍රතිශතයක් ලෙසයි. මෙය ඔබ ලබා දෙන ආහාර වල ඝණ ද්‍රව්‍ය වල ස්වභාවය අනුව වෙනස් වේ.( වැඩිදුර දැනගැනීම සදහා- ADF හා NDF අගය මත) සාමාන්‍යයෙන් මෙය 2%-4% අතර වෙනස් වේ. සාමාන්‍ය ලෙස 3% යොදා ගන්න.

එවිට උදාහරණයක් ලෙස ජීව බර 300Kgක් වන දෛනික කිරි නිෂ්පාදනය 10L ක් වන දෙනකට අවශ්‍ය දෛනික ජල අවශ්‍යතාවය ගණනය කර බලමු.

DMI = 300x 3/100 = 9
එසේ නම්,

දෛනික ජල අවශ්‍යතාවය = (DMI x 6 ) + (දෛනික කිරි
නිෂ්පාදනය x 5)
= (9 x 6) + (10Lx5)
= 54 + 50
= 104 L

මෙම සතාට දෛනික ජල අවශ්‍යතාවය 104 L සතාට අවශ්‍ය වේ.
මෙම ජල ප්‍රමාණය ඔබ සපයන විට ඉතා පිරිසිදු ජලය සැපයීම ඉතා වැදගත් වේ.

එසේ නම් ඔබට වැටහේවී ඇත්තටම ඔබ ලබාදෙන ජල ප්‍රමාණය ගැන ප්‍රමාණවත්ද යන්න.ඔබ මේ ගැන සැලකිලිමත් වනවා නම් ඔබගේ දෙනගේ නිෂ්පාදනය වැඩි කරගැනීම නොරහසකි.
එම නිසා නිතර අලුත් වන පිරිසිදු ජලය එම සතුන් අසල පැය 24 පුරාම තැබීම ඉතා වැදගත් වේ. 👍❤️
© tharaka dilshan rathnayake

ක්ෂීර චක්‍රයේ මුල් අවධිය ( Early Lactation ) ක්ෂීර චක්‍රයේ මුල්  අවධිය (  Early Lactation )ප්‍රසැතියෙන් පසු මුල් මාස 3 ම...
24/07/2023

ක්ෂීර චක්‍රයේ මුල් අවධිය ( Early Lactation )
ක්ෂීර චක්‍රයේ මුල් අවධිය ( Early Lactation )

ප්‍රසැතියෙන් පසු මුල් මාස 3 මෙයට අයත් වන අතර මෙම කාලය තුලදී ඇති වන ගැටලු කිහිපයක් අප දෙනගේ වියළි කාලය හා සංක්‍රාන්ති අවධිය යන මාතෘකාව යටතේ කරුණු දැක්වුවා. ඊට අමතර වැදගත් කරුණු මෙහිදී සලකා බලමු.
01) ප්‍රසැතියෙන් පසු සතාගේ වියළි පදාර්ථ ආගණුව(DMI) අඩු වන්නේ ඇයි...?
02) මෙම කාලය තුල දෙන කෙට්ටු වෙන්නේ ඇයි...?
03) මෙම කාලය තුල දෛනික කිරි නිෂ්පාදනය වැඩි වන්නේ කෙසේද...?
04) මෙම කාලය තුල පවත්වා ගත යුතු BCS කෙසේද...?
05) මෙහිදී ලබා දිය යුතු ආහාර වල සලකා බැලිය යුතු ලක්ෂණ මොනවාද...?

වියළි කාලයේදී ගර්භාෂයේ පැටවා වර්ධනයත් සමඟ රූමනය වෙත ඇති වන තෙරපීම හෙවත් පීඩනය නිසා රූමනයේ පරිමාව හා ඝණත්වය අඩු වෙනවා. එම නිසා රූමනයේ අභ්‍යන්තර බිත්තියේ අඩංගු පැපිලේ අඩු වේ. ප්‍රසැතියෙන් පසු රූමනය විස්තාරණය වීම හා පැපිලේ නැවත වර්ධනය වීමට සති 10-12 අතර කාලයක් ගත වේ. එම නිසා සතාගේ වියළි පදාර්ථ ආගණුව(DMI) අඩු වෙනවා. නමුත් නැවත යථා තත්වයට පත් වන නිසා ක්‍රමයෙන් වියළි පදාර්ථ ආගණුව වැඩි වන අතර, වියළි පදාර්ථ ආගණුවට සාපෙක්ෂව කිරි නිෂ්පාදනය වැඩි වන සීඝ්‍රතාවය වැඩි වේ. එය ඔබට මෙහි සඳහන් ප්‍රස්තාරය අධ්‍යයනය කිරීමෙන් ඔබට දැක ගත හැක.
එම නිසා වැඩි කිරි නිෂ්පාදනයට සරිලන පෝෂණ අවශ්‍යතාවය සැපයීම අඩු වේ. එවිට ඉල්ලුමට සරිලන පෝෂණ අවශ්‍යතාවය නොලැබෙන නිසා දෙනගේ ශරීරයේ සංචිත මේද පටකය දහනය කිරීමෙන් කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමතර ශක්තිය ලබා ගැනීම සිදු කරයි.
ප්‍රසැතියෙන් පසු ක්ෂීර චක්‍රයේ මුල් අවධියේදී BCS 3 - 3.25 අතර පවත්වා ගත යුතු අතර මේ සඳහා වියළි දෙන පාලනයේදී පවත්වා ගත් BCS 3.5 - 3.75 ඉතා වැදගත් වේ. මන්ද මෙහිදී ඇති වන අමතර පෝෂණ අවශ්‍යතාවය සඳහා මේද පටකය දහනය නිසා BCS 0.5 -1 අතර අඩු වේ. එම නිසා දෙන කෙට්ටු ස්වාභාවයක් පෙන්නුම් කරයි. නමුත් ඔබ වියළි දෙන නිසි ලෙස පෝෂණය නොකලා නමි BCS 1 ට වඩා වැඩි අගයකින් දේහ තත්වය පහත වැටේ. එවිට මෙම අවධියේදී උපරිම කිරි නිෂ්පාදනය අඩු වේ.
නිසි ලෙස පෝෂණය කල දෙනගේ මෙම ක්ෂීර චක්‍රයේ මුල් අවධිය අවසානයේදී කිරි නිෂ්පාදනය උපරිම මොහොතට ලගා වේ. එම නිසා මෙම කාලයේදී ඉහළ ගුණාත්මයෙන් යුතු ආහාර සැපයීම ඉතා වැදගත් වේ.
තවද දෛනික ආහාර සලාකයේදී අඩංගු ප්‍රෝටීන ප්‍රමාණය 16% - 18% අඩංගු වීම වැදගත්

http://animalhusbandrysl.blogspot.com/2021/01/early-lactation.html?m=1

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Animal husbandry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share