Fish Freaks Sri Lanka

Fish Freaks Sri Lanka මාළුන්ට ආදරේ හැම කෙනෙක් වෙනුවෙන්ම, මාළු සම්බන්ද හැම දෙයක්ම එකම තැනකින්.

04/05/2025
02/05/2025
02/05/2025

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරන ආක්‍රමණශීලී ජලජ ජීවී 3,500කට වැඩි ප්‍රමාණයක් තායිලන්තයේ සිට මෙරටට ආනයනය කිරීමට උත්සාහ කළ තිදෙනෙක් ශ්‍රී ලංකා රේගු භාරයට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරින් විසින් අද උදෑසන සිදු කල මෙහෙයුමකදී, තායිලන්තයේ බැංකොක් සිට ආක්‍රමණශීලී ජලජ ජීවීන් 3,500 කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුරවැසියන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන් ගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 31ත් 26ත් වූ පිරිමි අය වන අතර අනෙක් පුද්ගලයා වයස අවුරුදු 22ක් වූ කාන්තාවකි. ඔවුන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ UL 403 ගුවන් යානයෙන් උදෑසන 10.30 ට පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

සැකකරුවන්ගේ ගමන් මලු පරීක්ශා කිරීමේදී එහි තිබී මෙම ජලජ ජීවීන සොයාගත් අතර එම ජීවීන් ශ්‍රී ලංකාවේ පරිසරයට දැඩි ව්‍යසනයක් වන ආක්‍රමණශීලී ජීවීන් ලෙස වර්ගීකරණය වන වන බැවින් ඒවා ආනයනය කිරීම ව්‍යවස්ථාපිතව තහනම් කර තිබේ.මෙවැනි ජීවීන් දේශීය ජල පද්ධති වලට ඇතුළත් වීමෙන්, දේශීය ජෛව විවිධත්වයට හානි වීම, ව්‍යාප්ත රෝග බෝවීම සහ පරිසර සමතුලිතතාවය කඩ වීමක් සිදුවිය හැකි බව විශේෂඥයෝ සඳහන් කරති.

මෙම විශේෂ මෙහෙයුම ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්වය, සංස්කෘතික සහ ජාතික උරුම ආරක්ෂණ ඒකකය සමඟ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය. මෙම ආක්‍රමණශීලී ජලජ ජීවීන් සහ සැකකරුන් සම්බන්ධව එළැඹෙන ක්‍රියාමාර්ග සඳහා සත්ත්ව වසංගත නියාමන දෙපාර්තමේන්තුව වෙත භාරදීම සහ එම ජීවීන් නැවත ප්‍රතිඅපනයනය කිරීම සඳහා කටයුතු සිදුවෙමින් ඇත.

මෙම ගෙන්වීමේ උත්සාහය පිටුපස ඇති ජාලය හා අරමුණු අනාවරණය කිරීම සඳහා වැඩිද්‍රර පරීක්ෂණයක් ද මේ වනවිට ආරම්භ කර ඇත.

21/04/2025
16/02/2025

Researchers have spotted a rare humpback
anglerfish, a species known to live in the
darkness of the deep sea, off the coast of
Tenerife in Spain.What might potentially be the first-
ever sighting of this fish in broad daylight,
“It was in poor condition and only survived for a few hours🐟🐟🐟

31/01/2025

😂

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Fish Freaks Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fish Freaks Sri Lanka:

Share