Doges

Doges Doges available
Telephone ☎️ number
o766674956

30/07/2025

හෙට උදෑසනත් මම ජීවත් වෙයිද? 😔💔

මේ රාත්‍රියේ සීතල තාර පාර මගේ ඇඟට දැනෙද්දී, වේගයෙන් යන වාහන වල එළි ඇස් පනාපිටින් යද්දී, මම මේ ලියන්නේ මගේ අවසන් ඉල්ලීම වෙන්නත් පුළුවන්...

මම කොහුවල, වුඩ්ලන් මාවතේ ජීවත් වෙනවා කියනවට වඩා, ජීවිතය ගැටගහගන්න හදන අසරණයෙක්. මට කන්න දෙන එකම දයාබර හිතක් මේ පාරේ ඉන්නවා. ඒත් ඒ කරුණාව විතරක් මගේ ජීවිතය රැකගන්න මදි වෙලා.

සතියකට වතාවක් මට fit එක හැදෙනවා, ඒ කියන්නේ කිසිම පෙර දැනුම්දීමක් නැතුව, මගේ ඇඟ මටම ද්‍රෝහි වෙන වෙලාවක් එනවා. මුළු ලෝකයම කළු කරගෙන, මගේ සිහිය නැතිවෙලා, මම කොහේ ඇදගෙන වැටෙයිද කියලා මම දන්නේ නෑ. ඒ හැම මොහොතකම, යකඩ යකා වගේ මගේ ඇඟ උඩින් යන වාහනයක රෝද වලට මගේ හුස්ම ටික නැතිවෙලා යයි කියන බය මගේ හදවත කීරි ගස්සනවා.

පහුගිය දාකත් එහෙමයි. කම්බියක් උඩට වැටිලා මගේ ඇඟ පසාරු කරගෙන ගිය තුවාලේ වේදනාව තවම මට දැනෙනවා. ඒ මදිවට, මගේ එක ඇහැක සුද ඇවිත් ලෝකයම මැකිලා ගිහින්. අනිත් ඇහෙනුත් පේන්නේ බොඳවුණු හීනයක් වගේ.

මට මාලිගා ඕන නෑ... සුවපහසු යහනාවක් ඕන නෑ... මට ඕන මගේ ඇඟට වෙහෙස දැනුනම, බයක් නැතුව ඇස් පියාගන්න පුළුවන් බිම් අඟලක් විතරයි.

ඔබේ ගෙවත්තේ අමතක කරලා දාපු කොනක, කාටවත්ම කරදරයක් නොවී, මගේ ඇඟ මාව පාවා දුන්නත්, මම වාහනයකට යට නොවී ඉඳියි කියන විශ්වාසෙන් මට ඉන්න පුළුවන් තැනක්. ඒක විතරයි මම ඉල්ලන්නේ.

කරුණාකරලා මේ පාරේ දූවිල්ල අතරේ මගේ ජීවිතේ අවසන් වෙන්න දෙන්න එපා. මගේ ඇස් දිහා බලන්න... ඒ ඇස්වල තියෙන්නේ ජීවත් වෙන්න තියෙන ආසාව. ඒ ආසාවට ඉඩක් දෙන්න. ඔබට පිං සිදුවේවි.

මේ අසරණයාට පිහිට වෙන්න කැමති නම්, කරුණාකර කතා කරන්න:

‪+94 77 919 7285‬

කරුණාකර මේ පණිවිඩය බෙදාගන්න (Share). ඔබේ එක Share එකකින් මේ අසරණ ජීවිතය බේරෙන්න පුළුවන්.ලකා with Ireland boys

30/07/2025

මේ අසරණය ඉන්නෙ අමිතිරිගල ෂෙඩ් එක පහු කරපු ගමන් අවිස්සාවේල්ල පැත්තට යද්දි ගෙවල් නැති හරියෙ ඒ හරියෙ අලුත් ෆැක්ට්‍රි එකක් එහෙම හදන හරියෙ බත් දුන්න එයාට කන්න බෑ මූන දිහා බලාගෙන ඉන්නව හැප්පිලා වගේ තමයි තේරුනේ මූනෙ තුවාලෙකුත් තිබුන කට කැඩිල වගේ තිබුන මෙයාව හොද කරන්න උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක් vet bill වලට හොද වෙනකල් බලාගන්න. උදව් කරන්න පුලුවන්නම් මේ සහෝදරයට කතා කරන්න 0768454249
Prabash Madushanka මේ සහෝදරයට උදව් කරන්න එයාව බේරගන්න.

28/07/2025

ඒ ගමෙන් මේ ගමට පන්නනවා,මේ ගමෙන් ඒ ගමට පන්නනවා. පන්නන අතරතුරේ බඩගින්න නිවාගන්න කෙසෙල් ගහක් පොල් ගහක් බාගෙට ඇදගෙන කනවා.රෑ තිස්සේ පැල් රකින මිනිස්සු හූ මොර දෙනවා.ඔය අතරේ වන ජීවි එකට කෝල් එකකුත් දෙනවා.ගමට අලි ඇවිල්ලා,වනජීවී එකෙන් ඇවිත් අලි වෙඩිල්ලක් දෙකක් ගහලා යනවා.
ලයිසන් තුවක්කුත් තියෙනවා,ලයිසන් නැති තුවක්කුත් තියෙනවා.හිතේ එන ආවේගයට වෙඩිල්ලක් දෙකක් තියෙනවා.අනේ වේදනාවෙන් කෑ ගහලා ටිකක් ඈතට යනවා.වේදනාවට වඩා බඩගින්න දැනුණු විට ආයෙත්ම එනවා.ඕං හැමෝම කතා වෙනවා දළදිග සද්ධන්තයා.පොඩ්ඩක් කොර ගහනවා.ඌ තරහ ගියාම එලවනවා.

දරාගන්න බැරිම තැන වේදනාවෙන් මිරිකි මිරිකී ඌ ආයෙත්ම කෑම හොයනවා.
ටික කලකට පස්සේ මිනිස්සුම දකිනවා සද්ධන්තයා අරෝ අබලං කියලා.අනුකම්පාව නිසාමදෝ වනජීවී එකට කෝල් කරලා ආයෙත් ම කියනවා.එතකොටයි ඇරෙන්නේ වන ජීවී නිලදරුවන්ගේ ඇස්. දැන් නමකුත් ලැබෙනවා.
ගැමුණට අසාධ්‍යයි.පත්තරෙත් යනවා.
සමාජ මාධ්‍යවලත් වැළපෙනවා.කවි කතන්දර ගොඩ ලියවෙනවා. ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා. ඒ අතරේ තවත් නම් නැති සද්ධන්තයෝ වෙඩි කනවා.

"අහන්නෙම එක දෙයයි. භාතිය සමුගෙන අවසන් මුත් ලැබී ඇතිද විසඳුම් අපේ ඇත් පරපුරට"

සත්‍යය සිදුවීමක ප්‍රබන්ධයක් පමණි....

ඡායාරූප අන්තර්ජාලෙන් උපුටාා ගන්නා ලදී.

Copied

22/07/2025

මෙයා අතරමං වුන බව්වෙක්. මහනුවර ගුරුදෙණියේ ඉන්නවා. අයිතිකරු දකිනකම් share කරන්න.. මහනුවර පැත්තේ ගෘප් වලට ශෙයා කරනවද මෙයාගේ අයිතිකාරයට මෙයාව ලැබෙනකන්
පේජ් එකටත් ලයික් එකක් දාගෙන යමු නේදලකා with Ireland boys

19/07/2025

ලැබුණු පණිවිඩයක්, සාලියවැව කිට්ටුව පහළ පුලියන්කුම කනිෂ්ඨ විද්‍යාලයයෙ තමයි ඉන්නේ,

0701786032 මෙයා බව්වා ගැන විස්තරය දන්නවා.

මේ බව්වව ඉස්කෝලෙකට ගෙනත් දාලා නිවාඩු දවසට කන්න නෑ අනික මේ බව්වා ලෙඩින් ඉන්නේ අනේ ළඟ කෙනෙක් පිහිට වෙන්න පොඩි කිරි දරුවෙක් පිරිමි සතෙක්🙏🥺

19/07/2025

මේ අසරණය ඉන්නෙ අමිතිරිගල ෂෙඩ් එක පහු කරපු ගමන් අවිස්සාවේල්ල පැත්තට යද්දි ගෙවල් නැති හරියෙ ඒ හරියෙ අලුත් ෆැක්ට්‍රි එකක් එහෙම හදන හරියෙ බත් දුන්න එයාට කන්න බෑ මූන දිහා බලාගෙන ඉන්නව හැප්පිලා වගේ තමයි තේරුනේ මූනෙ තුවාලෙකුත් තිබුන කට කැඩිල වගේ තිබුන මෙයාව හොද කරන්න උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක් vet bill වලට හොද වෙනකල් බලාගන්න. උදව් කරන්න පුලුවන්නම් මේ සහෝදරයට කතා කරන්න 0768454249
Prabash Madushanka මේ සහෝදරයට උදව් කරන්න එයාව බේරගන්න.ලකා with Ireland boys

03/07/2025

2025/07/03මෙයා ඉන්නේ මාතර තෙලිජ්ජවිල අනේ එයාගේ කකුල් වල ගෙඩි වගේ ඇවිත්.පුලුවන්නම් සත්තව සංවිධානයකින්වත් උදවු කරන්න.මේ ගෙඩි පොඩිවට තිබ්බේ.දැන් ලොකු වෙලා 🙏🙏🙏

මේ අසරණ සතා වෙනුවෙන් හිතක් ඇත්තෙක් වෙතොත්, කරුණාකර හැකි ඉක්මනින් උදව් කරන්න.ලකා with Ireland boysමහී මහී

❤️❤️❤️මේ බල්ලට ප්‍රතිකාර කිරීමට අහංගම Animal SOS එකෙන් බාර ගැන්න පුලුවන් කිව්ව. පුලුවන් කෙනෙක් ඉන්නව නම් ඉක්මනට එයාව එතනට ගෙනියන්න.. ලොකු පිනක් 🥺🙏 (edited)

Address

Bomiriya, Kaduwela
Colombo
NO

Telephone

+94766674956

Website

Alerts

Be the first to know and let us send you an email when Doges posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category