Wag "N" Walk

Wag "N" Walk ඔබේ සුරතලාට අවශ්‍ය ආහාර, අතිරේක පෝෂණ වර්ග..

19/01/2025
ඔබගේ සුරතලාගේ ප්‍රියතම තේරීම " Me-O " කිලෝ 8 ඇසුරුම,දැන් රු.12150 ක් පමණයි..Wag N Walk - පැලවත්ත 0775150260( ප්‍රවාහන පහ...
03/09/2024

ඔබගේ සුරතලාගේ ප්‍රියතම තේරීම " Me-O " කිලෝ 8 ඇසුරුම,
දැන් රු.12150 ක් පමණයි..

Wag N Walk - පැලවත්ත
0775150260

( ප්‍රවාහන පහසුකම්ද සලසා ගත හැක.. )

මේ තිබෙන්නේ බැල්ටෝ නැමැති සයිබීරියන් හස්කියාගේ එම්බාම් කරන ලද සිරුරයි. 1925 දී ඇලස්කාවට, ගලපටල රෝගය වෙනුවෙන් නිෂ්පාදිත ස...
22/11/2023

මේ තිබෙන්නේ බැල්ටෝ නැමැති සයිබීරියන් හස්කියාගේ එම්බාම් කරන ලද සිරුරයි.
1925 දී ඇලස්කාවට, ගලපටල රෝගය වෙනුවෙන් නිෂ්පාදිත සීරමයක් ඉතා කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය විය. සාමාන්‍ය තැපෑලෙන් දින 25කට අධික කාලයක් යන මුත් බැල්ටෝ ගේ නායකත්වයෙන් යුත් සෙසු සයිබීරියන් හස්කි කණ්ඩායම කිලෝමීටර් 1050ක දුරක්, සෙල්සියස් -40ක උෂ්ණත්වයක, පැය 27 කින් නිමාකොට එම සීරමය ඇලස්කාවට ගෙන ඒමට සමත් විය. මොහු විසින් දරුවන් ඉතා විශාල පිරිසකගේ ජීවිත ගලවාගන්නා ලදී. 🐺🐺🐺

අනාගතයේ දවසක්...
17/11/2023

අනාගතයේ දවසක්...

ප්‍රශ්ණය: බළලුන් බල්ලන් තරම් මිත්‍රශීලී නොවන්නේ ඇයි?උත්තරය: බළලුන්ට හා බල්ලන්ට විවිධ පරිණාමීය පසුබිම් හා හැසිරීම් ඇත. එය...
09/11/2023

ප්‍රශ්ණය: බළලුන් බල්ලන් තරම් මිත්‍රශීලී නොවන්නේ ඇයි?

උත්තරය: බළලුන්ට හා බල්ලන්ට විවිධ පරිණාමීය පසුබිම් හා හැසිරීම් ඇත. එය ඔවුන්ගේ සමාජ අන්තර්ක්‍රියාවල වෙනස්කම්වලට තුඩු දිය හැකිය. බළලුන් බල්ලන්ට වඩා අඩු මිත්‍රශීලී ලෙස සැලකීමට හේතු වන්නේ, ඔවුන් වෙනස් ලෙස සන්නිවේදනය කරන නිසයි. බල්ලෙකුගේ වලිගය හා උද්යෝගිමත් හැසිරීම බොහෝ විට මිත්‍රශීලීත්වයේ සලකුණු ලෙස දැකිය හැකි අතර, බළලෙකුගේ ශරීර භාෂාව, එනම් සෙමින් ඇසිපිය හෙළීම හෝ ඇනීම වැනි දේවල් තිබුණත් මිනිසුන්ට එම ඉරියවු වටහා ගත නොහැකිය.

ලොව වයස්ගතම සුනඛයා ලෙස ලෝක ගිනස් වාර්ථා පොතට එක්ව සිටි "බොබී "(Bobi) නම් පෘතුගීසි සුනඛයා වයස අවුරුදු 31 යි දින 165 දී එන...
26/10/2023

ලොව වයස්ගතම සුනඛයා ලෙස ලෝක ගිනස් වාර්ථා පොතට එක්ව සිටි "බොබී "
(Bobi) නම් පෘතුගීසි සුනඛයා වයස අවුරුදු 31 යි දින 165 දී එනම් පහුගිය සෙනසුරාදා (ඔක්තොම්බර් 21, 2023) මිය ගොස් තිබෙනවා 🥹

අවුරුද්දට කලින්' ඔබේ ආදරණීය සුරතලුන්ට..Me-O ❤0775 1502600766 113501
12/04/2023

අවුරුද්දට කලින්' ඔබේ ආදරණීය සුරතලුන්ට..

Me-O ❤

0775 150260
0766 113501

03/03/2023

කවුරුහරි කෝල් කරලා,

ලඟදි ආයේ කවද්ද Me-O 7Kg එන්නේ..
ඒ දවස කියන්න පුළුවන්ද?
1Kg ෆ්‍රී එකෙන් එයි නේද?
ගාණ වැඩිවෙලා එයිද?

කියලා අහද්දී....

නවතම තොග පැමිණ ඇත..
15/02/2023

නවතම තොග පැමිණ ඇත..

සීතල නත්තලේ ඔබේ සුරතල් සතුන් වෙනුවෙන් අවශ්‍ය සියළුම දේ.. 0775150260 WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් මගින් ඔබට අවශ්‍ය දෑ වෙ...
09/12/2022

සීතල නත්තලේ ඔබේ සුරතල් සතුන් වෙනුවෙන් අවශ්‍ය සියළුම දේ..

0775150260 WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් මගින් ඔබට අවශ්‍ය දෑ වෙන්කර ගත හැක...

-------------------
P.S.

Me-O , Smart Hearts, Classic Pets සන්නාමයේ ආහාර වර්ග වලින් සීමිත ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇත.

ඔබගේ සුරතල් සතුන්ගේත් ලෝම යනවාද?බළලුන් සහ සුනඛයන් වෙනුවෙන් අනර්ඝතම මත්ස්‍ය තෙල් යොදා සෑදූ "චිලී" රටේ නිශ්පාදනයකි.. ගුණාත...
26/10/2022

ඔබගේ සුරතල් සතුන්ගේත් ලෝම යනවාද?

බළලුන් සහ සුනඛයන් වෙනුවෙන් අනර්ඝතම මත්ස්‍ය තෙල් යොදා සෑදූ "චිලී" රටේ නිශ්පාදනයකි..
ගුණාත්මක නිශ්පාදන පමණක් ගෙන්වා බෙදාහරින " සීපෙට් ඇනිමල් කෙයාර්" ආයතනය විසින් වසර ගණනක නිරීක්ෂන වලින් පසුව සාර්ථක ප්‍රථිඵල නිසාම ගෙන්වන ලදී.
තරඟකාරී නිශ්පාදනවලට වඩා පහසු මිලකට දැන් ලබාගත හැකියි..

සුරතල් සතුන්ට, ඔවුන් මිය යාමට කලින් අවසන් කැමැත්තක් තියෙනවා..  එය වැඩියෙන්ම දන්නේ ,මහලු හෝ රෝගී තත්වයෙන් සිටින සතෙක්ගේ ම...
25/08/2022

සුරතල් සතුන්ට, ඔවුන් මිය යාමට කලින් අවසන් කැමැත්තක් තියෙනවා..
එය වැඩියෙන්ම දන්නේ ,
මහලු හෝ රෝගී තත්වයෙන් සිටින සතෙක්ගේ මරණාසන්න මොහොතේ ලඟින් සිටිනා පශු වෛද්‍යවරුන්.

ඔබේ රැකියාවේ දුෂ්කරම කොටස කුමක්දැයි කෙනෙක් පශු වෛද්‍යවරයෙකුගෙන් විමසීය.

ඔහු පැකිලීමකින් තොරව පිළිතුරු දුන්නේ මරණයට පෙර මහලු හෝ රෝගී සතුන් තම අයිතිකරුවන්ගේ ඇස්වලින් තම අයිතිකරුවන් සොයන ආකාරය දැකීම තමාට අමාරුම බවයි. ඇත්ත වශයෙන්ම අයිතිකරුවන්ගෙන් 90% ක් මිය යන සතෙකු සමඟ කාමරයක සිටීමට කැමැත්තක් නැහැ. බහුතරයක් දෙනා තමන්ගේ සුරතලාගේ අවසන් මොහොත නොපෙනෙන ලෙස ඉවත්ව යනවා.
නමුත් තම සුරතලාට ඔවුන්ව වැඩිපුරම අවශ්‍ය වන්නේ ජීවිතයේ මේ අවසන් මොහොතේ බව ඔවුන් නොදනී.

"ඔවුන් ඔබට පෙර මිය යාම නොවැළැක්විය හැකියි. ඔබ ඔවුන්ගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය වූ බව අමතක කරන්න එපා. සමහරවිට ඔවුන් ඔබේ ජීවිතයේ කොටසක් විය හැකිය. ඔවුන් ඔබේ පවුලේ කෙනෙක්.. කොච්චර අමාරු උනත් එයාලව දාලා යන්න එපා.

තමන් කැමති නැති තැනක නාඳුනන කෙනෙක් ඉන්න කාමරයක මැරෙන්න දෙන්න එපා. සුරතල් සතුන්ට ඔවුන්ගේ ජීවිතයේ අවසාන මිනිත්තු කිහිපය තුළ ඔවුන්ගේ අයිතිකරු සොයාගත නොහැකිව අසරණව එහා මෙහා බලන ආකාරය ඉතාමත් වේදනාකාරීයි.
අයිතිකාරයා ඔවුන්ව දාලා ගියේ ඇයි කියලා ඔවුන්ට තේරෙන්නේ නැහැ.

එම අවස්ථාව ඔබට වේදනාකාරී උවත්, බියගුල්ලෙකු නොවන්න.
ඔබේ සුරතල් සතා ගැන සිතන්න.

ඔවුන් වෙනුවෙන් මේ වේදනාව ඉවසන්න. අවසානය දක්වා ඔවුන් සමඟ සිටින්න. ” ❤️❤️❤️❤️

Address

Colombo
10120

Opening Hours

Monday 09:30 - 19:00
Tuesday 09:30 - 19:00
Wednesday 09:30 - 19:00
Thursday 09:30 - 19:00
Friday 09:30 - 19:00
Saturday 09:30 - 17:00

Telephone

+94775150260

Website

Alerts

Be the first to know and let us send you an email when Wag "N" Walk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wag "N" Walk:

Share

Category