30/12/2025
පූසො හදන ගොඩක් අයගෙන්, අනිත් අය නිතර අහන දෙයක් තමයි පූසො හදන එකේ ප්‍රයෝජන මොනවද කියන එක. 🤔💔 බුකියෙ උඩ පහළට යද්දි වගේම එදිනෙදා හම්බෙන ගොඩක් අය මගෙනුත් අහනවා ඔන්න ඔය ප්‍රශ්නෙම. ❤️ " මචං පූසො හදන එකෙන් මොනවද ලැබෙන්නෙ ? කිසි ප්‍රයෝජනයක් නැති සතෙක්නෙ බං " කියල 🥴
ඉතින් ඔන්න ඔහොම අහන අයට මම, 🤔 මනෝ විද්‍යාත්මකව, සමාජ විද්‍යාත්මකව හා භෞතික විද්‍යාත්කමව පූසොන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන ප්‍රයෝජන සියදහස් ගානක් අතරින්, personality වෙනස්කම් ගැන😏, මානසික රෝග වැලැක්වීමට කරන දායකත්වයන් ගැන 🧠, හානිකර කෘමි උවදුරු වලින් ලැබෙන ආරක්ශාවන් ගැන 🦗, නිවසක වාස්තු දෝශ ඉවත් කිරීමට සපයන දායකත්වය ගැන 🏘️, අඳුරු බලවේග වලින් නිවැසියන්ට ලබාදෙන ආරක්ශාව ගැන වගේ අතිශය වැදගත් දේවල් පැහැදිලි කරනවා කියල ද හිතුවෙ 😊 ?
ඇත්තටම එහෙම ඉටිගෙඩියක් නෑ 😑 තිබුනත් පැහැදිලි කරලා වැඩකුත් නෑ 😏💔. ඉතින් එහෙම ප්‍රයෝජන අහන අයට මං කියන්නෙ මෙන්න මේ ප්‍රයෝජන ටික 👇.
*මට දැන් මීගමු වැල්ලෙ ෆිශ් කටර් කෙනෙක්ට වඩා හොඳට ලින්නො කපන්න පුළුවන් 🐟🔪
*රත්නපුරේ මැණික් ගරනවට වඩා ඉක්මනින් litter box clean කරන්න පුළුවන් 💩
*කින්ස්බරි එකේ dishwasher එකකට වඩා වේගෙන් පිඟන්, කෝප්ප හෝදන්න පුළුවන්, 🍽️
*පොඩ්ඩක් පොඩි වෙලා තිබුන ඇඳුමක්වත් ඇන්දෙ නැති මට පූස්බූල් පිරුණ ඇඳුමක් ඇඳන් මෙල්බන් උනත් ගිහින් එන්න පුළුවන් , 🐈
*Zoologist කෙනෙක්ව වඩා ඉක්මනින් කෘමි සතුන්, සර්පයන්, මත්සයන් හා උරගයන් අඳුරගන්න පුළුවන්. 🦗🦂🐍
*සිවිලිම කඩාගෙන පූසෙකුයි කලවැද්දෙකුයි මූණට වැටුනත් බයනොවී ඉන්න පුළුවන් 🙂
*සුනාමි, ගංවතුර, ගිනිකඳු, භූමිකම්පා, කුනාටු ආවත්, කෑල්ල boot එක තිබ්බත්, ඒ කිසිදෙයක් ගනන් ගන්නෙ නැතුව පූස්තඩියගෙ ඩිනර් එක ලෑස්ති කරන්න පුළුවන් 🐈🍜
*කවුරු මොනවා කිව්වත් , ඒ දේ තඹේකට මායිම් නොකර පූසෙක් වගේ පාඩුවෙ ඉන්න පුළුවන්. 😼
*මොනාහරි වෙලා මිය දෙ න්න හිතුනත් පූසාට කන්න දෙන්න කෙනෙක් නෑනෙ කියල හිතලා නො මැ රී ඉන්න පුළුවන් 🙂🖤
තව වාසි එමටයි 😊 ඒත් ඒකට මේක වෙලාව නෙවෙයි. පූස්තඩියගෙ litter අස්කරන්න තියනවා දැන් 💩
Mr Meow