Mr Meow

Mr Meow Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr Meow, Colombo.
(2)

24/08/2026

කම්මැලි වෙලාවට 😼❤️☘️




සකලකලා වල්ලභ රජුගේ නාන තටාකේ වටේ තියෙන Jogging track එකේදි හම්බුන ලස්සන යාලුවා. ❤️😋 නමක් දන්නෙ නම් නෑ. හැබැයි හරිම ලස්සන...
24/08/2026

සකලකලා වල්ලභ රජුගේ නාන තටාකේ වටේ තියෙන Jogging track එකේදි හම්බුන ලස්සන යාලුවා. ❤️😋 නමක් දන්නෙ නම් නෑ. හැබැයි හරිම ලස්සන colorful පූසෙක්...

එතන හිටපු අය කියන විදියට jogging track එකට එන couple වලින් කප්පම් ගන්න එක තමයි මේ සුදු හාමිනේගෙ ජොබ් එක 🤪 ගෙදරකුත් තියෙනවාලු ඒ කිට්ටුව.. උඩුගම්පොල පොකුණට යන එන වෙලාවක මෙයාව දැක්කොත් මොනාහරි දෙන්න අමතක කරන්න නම් එපා ❤️

සම්බෝලයො ❤️🐱
24/08/2026

සම්බෝලයො ❤️🐱

කෝ ඔයාලගෙ සම්බෝලයා 😍❤️☘️

වනසරා බොස්ට අභියෝග කරන්න අලුතින් ආපු "කැප්ටන් හැඩොක්" 😎❤️ මේ ඩෑල් එක ඊයෙ හවස තමා එකපාරම ගොඩ බැස්සේ.. එක ඇහැකුත් නෑ. මැර ...
23/08/2026

වනසරා බොස්ට අභියෝග කරන්න අලුතින් ආපු "කැප්ටන් හැඩොක්" 😎❤️ මේ ඩෑල් එක ඊයෙ හවස තමා එකපාරම ගොඩ බැස්සේ.. එක ඇහැකුත් නෑ. මැර පෙනුමේ අඩුවකුත් නෑ. 🍀 පරණ දිරාගිය ලී කොටයක් උඩ හිටියට පොර ඉන්නෙ හරියට නැවක් උඩ ඉන්නවා වගේ හැඟීමෙන්.

මිනුවන්ගොඩ අවට ඉන්න, මේ හාදයාගෙ අයිතිකාරයා පෝස්ට් එක දකිනවානම් මේ යකා අද රෑට කෑවේ නෑ කියලා බයවෙන්න එපා. ❤️ මොකද හවස තාප්පෙන් පැනලා ඇවිත් , storeroom එකක පැත්තක තිබුන බරගානක් වටින රටින් අරන් ආපු, වටිනා renal food පැකට් දුසිමකට හොරෙන්ම වගකියලා ඉන්නෙ මූ 😑

මගේ පූසෙක් උනානම් 🍒 කපලා ගෙදර යවන්නෙ 😤

කෑම කනවා අඩු නිසා රිපෝට් දාගන්න හොස්පිට්ල් ඇවිත් ඉද්දි මේ යකාට ලොකු බඩගින්නක් ඇවිත් 😂❤️. යන හැම තැනකම goatmilk එකක් අරන්...
23/08/2026

කෑම කනවා අඩු නිසා රිපෝට් දාගන්න හොස්පිට්ල් ඇවිත් ඉද්දි මේ යකාට ලොකු බඩගින්නක් ඇවිත් 😂❤️. යන හැම තැනකම goatmilk එකක් අරන් යන නිසා හොඳයි.. "කන්නෙ නැති උනාට බොන්න නම් පුලුවන් ඩොක්ටර්" කියලා ශේප් උනා.

කොහොමහරි වෙනසකටත් එක්ක පොඩි විසිට් එකකුත් දාල, හොස්පිට්ල් එක වටේම ඇවිදලා, රිපෝට් ටිකත් අරගෙන ගෙදර ආවාම ලෙඩ ටික හොඳයි 🥲 දවස් 3-4 කට සැරයක් හාර පන්දහකවත් bill එකක් දැම්මෙ නැත්තම් ඩෑල් එකට හිතට අව්ල් වගේලු....

fans

හැම බූලෙක්ම persian mix නෙවෙයි 😼❤️
23/08/2026

හැම බූලෙක්ම persian mix නෙවෙයි 😼❤️

ආදරණීය රැකවරණයක් අවශ්‍යයි - මහරගම - පන්නිපිටිය - නුගේගොඩ හෝ මේ අවටින් 🐱❤️☘️මහරගම ප්‍රදේශයේ ඉන්න මේ පූස්ට වයස මාස 5ක් පමණ...
23/08/2026

ආදරණීය රැකවරණයක් අවශ්‍යයි - මහරගම - පන්නිපිටිය - නුගේගොඩ හෝ මේ අවටින් 🐱❤️☘️

මහරගම ප්‍රදේශයේ ඉන්න මේ පූස්ට වයස මාස 5ක් පමණ වෙනවලු, සම්බෝල පූසෙක්. 😼 පිරිමි සතෙක්. කොළඹ ඒ අවට ප්‍රදේශවලින් රැකවරණයක් දෙන්න කැමති, හැකියාවක් ඇති අයෙක් ඉන්නවානම් පහළ නම්බර් එකට මැසේජ් එකක් දාන්න ❤️

☎️ : 070 650 2788

(ඉල්ලීමක් අනුව පළකරන ලදි !)

Update :- ඒ පූස්ගෙ දිනපතා ප්‍රතිකාර වලට ප්‍රමාණවත් උදව් කරන්න අය කමෙන්ට් කරලා තියෙනවා. ❤️☘️ කිහිපදෙනක් උදව් කරලා තියෙනවා...
22/08/2026

Update :- ඒ පූස්ගෙ දිනපතා ප්‍රතිකාර වලට ප්‍රමාණවත් උදව් කරන්න අය කමෙන්ට් කරලා තියෙනවා. ❤️☘️ කිහිපදෙනක් උදව් කරලා තියෙනවා දැනටමත්. හැමෝටම ස්තූතියි

⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔

ලැබුන ඉල්ලීමක් :- Abotion එකකින් පැටව් මියගිහින් ඒ කොටස් ගර්භාෂයේ ඉතුරු වෙලා, ගර්භාෂය ආසාදනය වෙලා අසාධ්‍ය මට්ටමේ ඉන්න මේ පූස් අම්මාගෙ සැත්කම සහ දිනපතා ප්‍රතිකාර වෙනුවෙන් ඉක්මන් සහයක් අවශ්‍යයි 🐱☘️❤️

නිවසකින් අත් හැර දමා ගොස් සිටි පූස් අම්මා කෙනෙක් මේ. 🐱 පැටව් හම්බෙන්න ඉද්දි, බඩේදිම පැටව් මියගිහින්. 😪 ඒ කොටස් ගර්භාෂයේ ඉතිරි වීම නිසා සැත්කමක් කරලා ජීවිතේ බේරගන්න සිද්දවෙලා තියෙන්නෙ එයාගෙ.

ඒ අතරතුරම, පරපෝෂි ආසාදනයක් තිබිලා නිසා සැත්කම තරමක් ප්‍රමාද කරලා , දිනපතා Iv දෙන්න සිදුවෙලා තියනව ලු මෙයාට 😪 පසුගිය ප්‍රතිකාර වලටත් ලොකු මුදලක් වැයවෙලා තියනවා. ☘️

ඉතින් මේ පූස්ගෙ ජීවිතේ බේරගන්න, සැත්කම සහ ඉදිරි ප්‍රතිකාර වියදම් වෙනුවෙන් උදව් වෙන්න කැමති කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් කරන්න ❤️ අවශ්‍ය සියලුම විස්තර ලබාදෙනවා !!!

(ඉල්ලීමක් අනුව, සියලු විස්තර සොයාබලා පළකර දෙන ලදි !!!)

22/08/2026

සහෝදර ප්‍රේමය 😼❤️




Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mr Meow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr Meow:

Shortcuts

Share