කුංචනාදය

කුංචනාදය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කුංචනාදය, Animal Rescue Service, Avissawella.

17/12/2025

" මහසෙන් " ඇතුටත් වෙඩි 😥🍃🐘

ශ්‍රිලංකාවේ වනාන්තරයක ජීවත් වන විශාලතම දල යුගලක් හිමි මහසෙන් ඇතුටත් පසුගිය දිනක වෙඩි පහර කිහිපයක් කෲර මිනිස්සු විසින් එල්ල කර ඇත 😥

එම සිදුවීම වාර්ථා වීමත් සමග පශුවෛද්‍ය නිළදාරීන් විසින් ඊයේ දිනයේදී ඇතාට අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන ලදී මීට පෙරද මෙවැනිම ආකාරයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලවී තිබුණු අතර වනජීවී නිළදාරීන් විසින් මහත් පරිශ්‍රමයක් යොදා ඇතුට අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන ලදී

මේ වන විට සෑදෑ සමය ගතකරන මෙම ජේෂ්ඨතම ඇතු අහාර ලබාගන්නේ කුඩා ප්‍රමාණයකි එයට හේතුව නම් ඇතුගේ වයසත් සමග ඇතුගෙ දත් ගෙවී ඇති නිසාවෙනි මෙම සංසිද්දිය සම්බන්දව ඔබ දැනුවත් ඇති බව මා විස්වාස කරමි.කෙසේ උවත් මෙම කාල සීමව අනිවාර්යයෙන් මහසෙන් ඇතු සම්බන්දව අදාළ බළදාරීන් නිළදාරීන් අවදානයෙන් සිටිය යුතු කාල පරිච්ඡේදයකි.

මෙරට හස්ති රාජ පරපුර තුල වර්ථමානයේ සිටින මෙම පරිණත ඇතු ආරක්ෂා කිරීම මා ඉහත සදහන් කල පරිදි අදාළ බළදාරීන්ගේ යුතුකමකී 🍃🐘🙏

සටහන - හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka

📷 Saranga Deva de Alwis

fans The breath හුස්ම Anura Kumara Dissanayake

🍃😔
17/12/2025

🍃😔

තවමත් මුහුදට හේදිලා නොගිය අමන මිනිස්සු මහවැලියෙන් එහා ඉතුරු වෙලා ඉන්නවා..උන් තමයි සිප්පිකුලමෙ සද්ධන්තයා පණ පිටින් පුච්චල බිම දැම්මේ..

උන් තමයි මහසෙන්ගෙ වයසවත් නොබල උණ්ඩ තුනක් ශරීරගත කලේ..

උන් තමයි මහේශාක්‍ය පණ අදිද්දී ඳළ කපාගෙන ගියේ..

උන් තමයි සියඹලාගමුවෙ සද්ධන්තයගෙ ඉරණම අමානුෂික විදිහට විසදුවේ..

උන්ම තමයි රට්ටගෙ,දීඝගෙ,දීඝජන්තුගෙ ඉරණම විසදුවේ..

භාතිය මාස ගාණක් දුක් විඳලා මුලු රටම අඩවලා ඇස් පියා ගත්තේ මහවැලියෙන් උඩ හිත්පිත් නැති උන්ගෙ අමානුෂිකකම හින්දම තමයි..

අහිංසකයන්ට වෙන් වුන රක්ෂිත අක්කර ගණන් එළි කරද්දි ලාල් කාන්තයාගෙ වචනවලත් හයිය අරන් ,රජයයෙන් ලබාගත්තු තුවක්කු හැම රෑකම මේ අහිංසකයො වෙනුවෙන් ක්‍රියාත්මක වුනා..
තව ඉතුරු බොහොම ටිකයි..
රජ වෙලා මාස හයෙන් අලිමංකඩවල් නිදහස් කරන්න පොරොන්දු වුන අනුර කුමාරල කෝ දැන්..ඇයි කටින් බතල හිටවන්නෙ.හැමදේම හොඳයි ඇයි මේ අහිංසකයන්ගෙ වේදනාව විතරක් නෑසෙන්නෙ..ගල්ගමුවට කෝ අලිමංකඩක්..කාවන්තිස්සලා ආරක්ෂිතද..ඒ මේ රටේ සම්පත් නෙමෙයිද..මේ රටේ ඩොලර් මැෂිම සුමේධගෙ ලස්සන දැන් තියනවද..කෝ අර කියපු වනජීවී ඉස්පිරිතාල..මුල්ගලවත් තියල යන්න ඇවිත්..ඇයි අහිංසකයො අමු අමුවෙ මරද්දි මුනිවත රකින්නෙ..උපරිම බලයක් අරන් දීල අපි කොළ කෑලි උස්සන් හැමතැනම ගිහින් ඉල්ලුවෙ ආධාර නෙමෙයි,ඉඩකඩම් නෙමෙයි..ඒ මේ රත්තරන් ජීවිත රකින්න කියල..
නුදුරු දිනයකම අලි ඇත් සනුහරේ අවසානය සනිටුහන් වෙයි..එතකල් ඉවසන්න..මේ අය ජය පැන් බොන දවස ආසන්න කාලයක සිදුවෙයි..

මේ අකුරු කරන්නෙ අප්‍රමාණ වේදනාවෙන්..නිකමට බලන්න සිප්පිකුලමෙ අලියව නිරපරාධෙ පුච්චන හැටි..ඉතින් තවත් මොනවද ආණ්ඩුවට,වනජීවී නිළධරයන්ට අහිංසක ජීවිත ගැන අගයක් නොවන බව ඔප්පු වීමට..

බුදුන් තෙවරක් වැඩි අපූඑඋ පින් බිම,වසරක් පාසා දළදාව වඩම්මන,අහස උසට කිරිපිඩු පුදන,දේවාලවල ලැගගන කන්නලව් කරන,හීනෙන් යන වාතයටත් භාර හාර වෙන මේ අමුතු ඇටේ පිංවතුන් ගැන කවර කතාද..

අවසානයට,.
ජීවිතේ කුරා කුහුඹුවකුටවත් වරදක් නොකරමින් අවසානය කරා ඉතා දුක්බර ලෙස ලගා වූ අලි ඇත් සනුහරයෙන්ම දෑත් එකතු කර සමාව යදිනවා හැර කුමක් කරන්නද..අපි උඹලා වන්ම වරප්‍රසාද නොලත් පන්තියක් කරුමෙට 💔

ලේ කඳුළු වගුරා අවසන් හුස්ම වාතලයට මුසු කළ සද්ධන්තයිනි , නිවන් සුවයම වේවා..මතු භවෙක මෙවන් ජාතියක් තුළ සංසාර අවසානය තෙක්ම නොයිපදේවා.

අලිඇත් පරපුර සදාකල් රැකේවා..

✍️ Nirasha Wijesiri

fans

💔💔
17/12/2025

💔💔

ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේදී අනවසර විදුලිය යොදා තවත් තරුණ වන අලියකු ඝාතනය කර ඇත 😥

අද දවසට වාර්ථා වන දෙවැනි අලි මරණය

The breath හුස්ම හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka fans

🙏🏻🙏🏻
17/12/2025

🙏🏻🙏🏻

17/12/2025

🙏🏻🙏🏻🙏🏻

17/12/2025
05/11/2025

🥺🥺🥺

🙏🏻🙏🏻
05/11/2025

🙏🏻🙏🏻

හම්බන්තොට අලි ඇතුන් පලවා හැරීම වහා නවතනු!!!

මේ භූමිය සතුන්ට අයිතියි, කරුණාකර මිනිසුන් ඉවත් කරන්න!!!

අලි පැටවුන්ට තර්ජනයක් එල්ල වී ඇති අතර ඔවුන් නැවත ඔවුන්ගේ මුල් වාසස්ථානයට පැමිණෙනු ඇත 🐘

බොරු වැඩ කරන්න එපා!!!

කරන කලට පව් මිහිරිය මී සේ.
විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.

ඇමතිතුමනි, කැලෑ එලි කරලා , ඒ ඉඩ ප්‍රමානයත් භෝග වගා කරලා රට ස්වයම්පෝශිත කරලා, ජීවත් වෙන්න ඕන අපි විතරද? 🐘

රටක දියුණුව කියන්නේ ඒකමද?

🇱🇰

14/08/2025

Address

Avissawella

Telephone

+94750887743

Website

Alerts

Be the first to know and let us send you an email when කුංචනාදය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කුංචනාදය:

Share