01/02/2026
ජර්මන් ෂෙපර්ඩ් 🐶🐕
ජර්මන් ෂෙපර්ඩ් යනු ජර්මනියේ උපත ලද ප්‍රමාණයෙන් සාමාන්‍යය බල්ලෙකුට වඩා විශාල බලු වර්ගයකි
ජර්මන් ෂෙපර්ඩ්
උපත් ලද රට
ජර්මනිය
විශේෂ ලක්ෂණ
පිරිමි කි.ග්‍රෑ. 50-60 (110 - 132 lbs)
ගැහැණු කි.ග්‍රෑ. 35-48 (77 - 105 lbs)
පිරිමි සෙ.මී. 61-69 (අඟල් 24 - 27)
ගැහැණු සෙ.මී. 56-63 (අඟල් 22 - 25)
ලෝම වැස්ම බාහිර වැස්ම හා අභ්‍යන්තර වැස්ම,රළු,ඝන,කෙටි
පාට කලු හා දුඹුරු හෝ කලු හා මහෝගනී
පැටවුන් ප්‍රමාණය සාමාන්‍ය 8 - 12 අතර, වැඩි විය හැක
ආයු කාලය වසර 8 - 13
ජර්මන් ෂෙපර්ඩ්ලා ගැන කට්ටියට අමුතුවෙන් කියන්න ඕනත් නෑ. ඒත් දැන ගැනීම පිණිස කියන්නම් මෙයාලගෙ ආයු කාලය අවුරුදු 9ත් 13ත් අතර වෙනව. හොඳට කන්න බොන්න දීලා හැදුවොත් බර කිලෝග්‍රෑම් 35-50 වගේ වෙයි. ඒ වගේම තමයි වැඩුණු බල්ලෙක්ගෙ උසත් සෙන්ටිමීටර 60, 65කට කිට්ටු වෙනව. ජර්මන් ෂෙපර්ඩ්ලගෙ තියෙන විශේෂත්වය තමයි ස්වාමියා හැරුනාම, ස්වාමියාට අවශ්‍ය තවත් ඕන තරම් පිරිසකට කීකරුව හදන්න පුළුවන් එක. වෙන දෙයක් නිසා නෙවෙයි එයාලගෙ බුද්ධිමත් කම නිසා. ඒ හැරුනාම අනිත් බල්ලන්ට වඩා, ක්‍රියාකාරකම් ගොඩක් පුරුදු කරන්න පුළුවන් ගතියෙන්ද ජර්මන් ෂෙපර්ඩ්ල ඉන්නෙ ටිකක් උඩින්. ඔයාලා දැකලත් ඇතිනෙ පොලීසියෙ එහෙම ඉන්න වැඩකාර හැඩකාර ෂෙපර්ඩ්ල ටික. වැඩේ කියන්නෙ වංසක්කාර ජර්මන් ෂෙපර්ඩ් බව්ව පැට්ටෙක්ගෙ මිල සාමාන්‍යයෙන් රු. 30,000 සිට ඉහල මිල ගනන් දක්වා බලාගන්න පුලුවන්
මෙයාලා ප්‍රදානව කෝට් එක නිසා වර්ග දෙකකට බෙදෙනවා.
1. GSD ලෝන්ග් හෙයා (ලෝන්ග් කෝට්)
2. GSD ශෝට් හෙයා (ශෝර්ට් කෝට්)
🔴ලයන් ශෙපඩ් කියලා ලන්කාවේ මිනිස්සු කියන්නේ GSD ලෝන්ග් හෙයා (ලෝන්ග් කෝට්) අයට. ඒ නම බාවිතයයේ යම් වැරැද්දක් පවතිනවා.
🔴 වැලදිය හැකි රෝගාබාධ
hip and elbow dysplasia, blood disorders, chronic eczema, keratitis (inflammation of the cornea) සහ flea allergies වැනි අවේනික වූ ලෙඩරෝග කීපයකට භාජනය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මුල් කාලයේ සිටම අවශ්‍ය එන්නත් හා පණු බෙහෙත් ලබාදීමෙනුත්, නිරතුරුව පශුවෛද්‍යවරයෙක් ලවා සුනඛයා පරීක්ෂා කරවීමෙනුත් මොවුන් නිරෝගීව තබාගන්න පුළුවන්. විශේෂයෙන් කිනිතුල්ලන් මැක්කන් වැනි පරපෝෂිතයන් ඇතිවීම මෙම සුනඛයින්ට හානිකර විය හැකි (කිනිතුලු උන) නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි. ඒ ඇරුනම මෙයාලා ලන්කාවට හොදටම ගැලපෙන සුනක වර්ගයක්.
🔴 ජර්මන් ශෙපර්ඩ් ඉතිහාසය
ජර්මන් ෂෙපර්ඩ් සුනඛ වර්ග පිිලිබදව 19 සියවසේ දක්වා ඇත අතිතයක් පවති.මෙම සුනඛ වර්ගයේ නිජබිම වුයේ ජර්මනියයයි.මුල් කාලෙදි මෙම සුනඛ වර්ගය එඩේර සුනඛයින් ලෙස හැදින්වු අතර(Deutshe Schäferhund-ඩොයිෂ් ෂෙෆර්හුන්ඩ්) ජර්මානු අශ්වරොහක වු කැප්ටන් මැක්ස් වොන් ස්ටෙෆනිට්ස්(CAPTAIN MAX VON STEPHANITZ) වර්ෂ ගණනවක උත්සහයක ප්‍රතිඑල මත german shepherd සුනඛ වර්ගය බිහිවු අතර මුල් කාලෙදි ෂෙපර්ඩ් සුනඛ වර්ගය බැටඑලුවන් බලාගැනිමට යොදගත්තද මොවුන්ට තිබු තික්ෂණ බුද්ධියත් ශක්තිමත්බාවය වේගවත්වබව නිසා පසු කාලිනව ආරක්ෂක අංශවල වල වැඩ කටයුතු සදහා යොදගන්නා ලදි.
දැනට ලෝකයේ ජිවත් වන ජර්මන් ෂෙපර්ඩ් සුනඛ වර්ගයේ මුතුන්මිත්තන්
මැක්ස් වොන් ස්ටෙෆනිට්ස් විසින් ලෝකයට හදුන්වා දුන් සුනඛ වර්ගයෙන් පැවතගෙන එන බවට සැලකේ.
ජර්මන් ෂෙපර්ඩ් සුනඛයා බිහිවිම - කැප්ටන් මැක්ස් වොන් ස්ටෙෆනිට්ස්(CAPTAIN MAX VON STEPHANITZ)
මොහුගේ මුල් නම වුයේ Max Emil Friedrich von Stephanitz ය.ස්ටෙෆනිට්ස් උපත ලැබුවේ වර්ෂ 1864 දෙසැම්බර් 12 වන දින ජර්මනියේ ඩිරස්ඩෙන්(dresden) නගරයෙදිය.ඔහුගේ හා පවුලේ අරමුණ වුයේ ස්ටෙෆනිට්ස් හමුදා සේවයට එක්විමටය තවද ඔහු කෘෂිකාර්මික කටයුතු වලටද බෙහෙවින් කැමත්තක් දැක්විය.ඔහුගේ හා පවුලේ අරමුණ සාක්ෂාත් කරමින් ස්ටෙෆනිට්ස් හමුදාවෙ වේ අශ්වාරොහක නිලධාරියෙක් ලෙස සේවයට බැදුනි.
ඔහු හමුදාවෙ අශ්වාරෝහකය ලෙස කටයුතු කරන කාලෙදි නගරයෙන් නගරගයෙන් ගොස් එඩේර(බැටලුවන්)බලාගැනිමේ නිරත වන විවිධාකාර shepherd dog වර්ග පිලිබදව අධ්‍යයන කිරිමට හැකිවිය.එහිදි ඔහුට නිගමනය කිරිමට හැකිවුයේ බැටලුවන් බලාගැනිම සදහා නිශ්චිත සුනඛ වර්ගයක් නොැමැති බවයි.හමුදාවෙ රාජකාරි කරන අතරතුරැ ස්ටෙෆනිට්ස් හට ජර්මනියේ බර්ලින් හි සත්ව රෝහලක සමග කටයුතු කිරිමට හැකිවිය එහිදි ඔහු සුනඛයන් පිලිබදව විශාල අත්දැකීම් ප්‍රමාණයක් ගැනිමට හැකි විය.
හමුදාවෙ සේවයෙ නිරත වන අතර තුරැ ස්ටෙෆනිට්ස් ගමින් ගමට සංචාරයේ නිරතවිය එහිදි ඔහුට දැකගතහැකි වුයේ එඩේර කටයුතු සදහා නිශ්චිත සුනඛ වර්ගයක් නොමැති බවය(working shepherd dog).මැක්ස් වටහා ගත්තෙ එඩේරැ කටයුතු එනම් බැටඑවන් 200 පමණ එකවර බලාගැනිමට ශක්තියමත් වේගවත් බුද්ධිමත් හා කිකරැ සුනඛ වර්ගයක් අවශ්‍ය බවය.
මැක්ස් වොන් ස්ටෙෆනිට්ස් සිය හමුදාවෙ සේවයෙන් විශ්‍රාම ගැනිමෙන් පසුව perfect working dog සුනඛ වර්ගයක් අභිජනනය කිරිමේ අරමුණින් විශාල වත්තක් මිලදි ගත්තෙය.වර්ෂ 1889 දි ස්ටෙෆනිට්ස් පලමු වරට සුනඛ තරගයක්(dog show) සහභාගි විය.අවසානයේදි ඔහු සොයා ගත් ලක්ෂණ ගණනාවකින් යුතු සුනඛ වර්ග ඔහු සිතු අකාරයෙන්ම පැවතිම නිසා එම සුනඛ වර්ගය මිලටගෙන * *Horand von Grafrath** ලෙස නම් කරන ලදි.
වර්තමානයේ ජිවත් වන ජර්මන් ෂෙපර්ඩ් සුනඛයාගේ බිහිවිම මෙය ලෙස සැලකේ.වර්ෂ 1936 අප්‍රෙල් මස 22 වන දින ජර්මන් ෂෙපර්ඩ් සුනඛයාගෙ නිර්මාතෘ වු මැක්ස් වොන් ස්ටෙෆනිට්ස් මොලොවින් සමුගතතෙය..
*HORAND VON GRAFRATH* සුනඛ වර්ගයට මැක්ස් වොන් විසින් සුනඛ ප්‍රමිතින්(breed standard) සකස් කිරිමට කලයුතු කලේය.එහිදි ජර්මන් ෂෙපර්ඩ් සුනයා හට stud book(පොතක්) සකස් කල අතර ප්‍රථම stud dog වුයේ Horand නම් සුනඛයායි.තවද ප්‍රථම ජර්මන් ෂෙපර්ඩ් සුනඛ සදහාම වු සංගමයක් ආරම්භ කරේද මැක්ස් වොන් ස්ටෙෆනිට්ස් විසිනි(german shepherd dog club)ඔහු එම සංවිධානයේ මුල්ම සභාපතිද වේ(first president).
🔴ජර්මන් ෂෙපර්ඩ් ද අල්සෙෂන් ද
ජර්මන් ෂෙපර්ඩ් අල්සේෂන් ඇත්තටම වර්ග දෙකක් නැතිනම් එකවර්ගයක්ද?එයලගේ බාහිර පෙනුම වෙනස් ද?නැත german shepherd හා alsatian සුනඛ වර්ගය දෙවර්ගයක් නොව එකම වර්ගයකි(same breed).අල්සෙෂන් කියන නම පටබැදුනේ ලෝක යුධ සමයෙදි එනම් ජර්මන් ෂෙපර්ඩ් සුනඛ වර්ග යුද්ධයට මුහුණ දුන් දෙපිරිසම යොදගත්ත සුනඛ වර්ගයකි.
එයට හෙතුව වනුයේ german shepherd සුනයන් පහසුවෙන් පුහුණු කලහැකි විම/නිර්භිතකම වැනි සාධක නිසාය.මෙම සුනඛයන් ලෝක යුධ සමයේදි බොම්බ හදුනා ගැනිම/පණිවිඩය හුවමාරැව හා තුවාල ලැබු සෙබලුන්ට උපකාරි කිරිමට යොදා ගන්නා ලදි.නමුත් බ්‍රිතාන්‍යයේ විසින් german shepherd සුනඛයාට එලෙස ආමන්ත්‍රණය කිරිමට ඇකමැති වුහ.
එයට හේතුව වුනයේ ලෝක යුධ සමයේදි බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම සතුරා වුයේ ජර්මනිය විම නිසාය.එම නිසා බ්‍රිතාන්‍යයේ විසින් german shepherd සුනඛයාට නව නමක් යොදගත්තෙය එය *Alsatian* (ඇල්සේෂන්)ලෙස ආමන්ත්‍රණය කිරිමට කටයුතු කලේය.Alsatian නම නිර්මාණය වුයේ Alsace-Lorraine යන ප්‍රංශ-ජර්මනි දේශසිමාවේ අයත් ස්ථානය නිසාය(දිගු කාලයක් බ්‍රිතාන්‍යය සෙබලු යුද සමයේදි ජිවත් වු ස්ථානය නිසා).1977 ලෝක යුද්ධය අවසන් වු පසු නැවත german shepherd නාමයෙන් කතා කිරිමට පටන් ගත්තෙය.german shepherd නාම කෙටි කර GSD කියන නමද භාවිතා වුයේ මේ කාලයේදිය.
🔴නුතන ජර්මන් ෂෙපර්ඩ් සුනඛයා
දැනට ලෝකයේ වර්ණ කිහිපයකින් යුත් ජර්මන් ෂෙපර්ඩ් සුනඛයන් දැකගතහැකිය.එ ඔවුන්ගෙ ලෝම වල වර්ණය අනුවය.
* Red & black
* Tan & black
* Black&cream
* Red sable
* Silver sable
* Solid black
* Solid white
* Tan & liver
* Solid liver
* Blue german shepherd
මිට අමතරව panda shepherd
මෙම ලෝම වල වර්ණයට අමතරව ජර්මන් ෂෙපර්ඩ් සුනඛයාගෙ ලෝම පිහිටිමද වෙනස් වේ.
* Short
* Dense and thick
* Medium thick
* Thick and fluffy
* Furry around their ears/chest/neck/tail or on the back of legs-කන අශ්‍රිතව/බෙල්ල/පපුව/නැට්ට/කකුල් පිටිපස දිගු ලෝම
ලංකාවේ ලයන් ෂෙපර්ඩ් කියන්නෙ මේ අාකාරයට ලෝම පිහිටන german shepherd සුනඛයන්ටය.නමුත් lion shepherd නමින් සුනඛ වර්ගයක් නොමැත
සමාන්‍යය ව්‍යවහාරයේදි long coat german shepherd සහ short coat shepherd ලෙස හැදින්වේ...
ජර්මන් ෂෙපර්ඩ් සුනඛයන්ගේ ලොම් වල වර්ණ අනුව හා ලෝම වල ස්වභාවය අනුව අමතරව ඔවුන්ගේ බාහිර පෙනුම අනුවද කොටස් දෙකකට බෙදේ එනම් SHOW LINE සහ WORK LINE
SHOW LINE
show line යනු සරලවම පැවසුවොත් ජර්මන් ෂෙපර්ඩ් සුනඛයාගේ පිටුපස කොටසෙ පහත්ව පැවතිමය(sloop).මෙය යුරෝපානු රටවල් සුනඛ තරග වලට ඉදිරිපත් කිරිම සදහාම අභිජනනය කරන ලද සුනඛයෙකි(සුනඛයාගේ පෙනුම පිලිබදව දැඩි සැලකිල්ලක් දැක්විම).සුනඛ සංගම් වල මෙම සුනඛයන්ට(show line) සුනඛ ප්‍රමිතින් සකස් කර ඇත(breed standard)පිටුපස කොටසේ පහත් විම නියමිත ප්‍රමාණයට පැවතිය යුතුය(පහලින් ජයාරැප දක්වා ඇත)ලංකාවේ දේශිය සුනඛයන්ගෙ(country breed) මෙම පිටුපස කොටස පහත් වු(sloop) ස්වභාවය බොහෝ විට දක්නට නොලැබේ .
පිටුපස sloop එක අවා කියන මත
rear leg issues(කකුල් අබාධ) සිටි සුනඛයිනන් මුහුම් කිරිමෙන්(inbreeding)
ජර්මන් ෂෙපර්ඩ් සුනයින් හා වෘකයන්(wolf)මුහුම් කිරිමෙන්(cross)
WORK LINE
work line සුනඛයාන්ගෙ පිටුපස කොටස් සමානයය අකාරයෙන් එනම් ඉස්සුන ස්වභාවය දැකිය හැකිය.ලංකාවේ බොහෝ ජර්මන් ෂෙපර්ඩ් සුනඛයන්ගෙ මේ ස්වභාවය දැක්නට ලැබේ.ත්‍රිවිධ හමුදා හා පොලිසියට බදවා ගන්තේ work line german shepherd සුනඛයන්ය එ ඔවුන්ගෙ ඇති දරාගැනිමේ හැකියාවත් හා වේගවත්බව නිසාය..
SHOW LINE හා WORK LINE තවදුරටත් වර්ග කිරිමට ලක් කර ඇත එනම්,
* American show lines
* Canadian show lines
* West German show lines
* West German working lines
* DDR / East German working lines
* Czech working lines
* Various mixes of lines
ප්‍රමාණයෙන් විශාල සුනඛ වර්ගයක් වන German Shepherd සුනඛයින්ගේ පිරිමි සතුන් උස අඟල් 24 සිට 26 දක්වා වර්ධනය වේ ගැහැණු සතුන් උස අඟල් 22 සිට 24 දක්වා පමණ වර්ධනය වෙනවා. (මේ උස මනින්නේ සතාගේ උරහිස දක්වායි). හොඳින් වැඩුණු විට පිරිමි සතුන් බර 30kg – 40kg පමණ වන අතර ගැහැණු සතුන් 22kg-32kg පමණ වේ.
German shepherd සුනඛයාගේ පෝෂණය ගැන සැලකිමේදි මොවුන් ලබාගන්නා ආහාර වල අඩංගු ප්‍රොටින් වලින් වැඩි කොටසක් ලෝම වල පැවැත්මට උපකාර වන අතර fatty acid/ omega 3 omega 6(මේදය) යන සංඝටකයද ලෝම වල පවැත්ම සදහා උපකාරි වේ. තවද මොවුන්ගේ අස්ථි වලට අවශ්‍යම කැල්සියම්(පොස්පරස්) පෝෂණය පිලිබදව ද සැලකිලිමත් විය යුතුය.
මිට අමතරව කණිජ ලවණ හා කාබොහිඩ්රේට් සංඝටකයද සුනඛයාගේ මනා පෝෂණයකට අවශය වේ. සුනඛයෙක් පලවෙනි මාස 10 හෝ මාස 12 ඇතුලත ලබාගන්නා පෝෂණය සුනඛයාගේ ඉදිරි වර්ධනයට බලපායි.කුඩා දරැවෙක් වයස අවුරැදු 15 කදි ලබාගන්නා පෝෂණය සුනඛයෙකු පලවෙනි මාස 12 ඇතුලතදි ලබාගනි...
ජර්මන් ෂෙපර්ඩ් සුනඛයාගේ ගති ලක්ෂණ මොවුන් බොහෝවිට විමසිල්ලෙන් කරුණු විමසා බලා අවශ්‍ය අවස්තාවේදී පමණක් පහරදීම සහ ඉතා හොඳින් අණට කීකරු වීම යන ලක්ෂණ නිසා පොලිස් හා හමුදා කාර්යයන් සඳහාත් වැඩිවශයෙන් යොදාගන්නවා. ආරක්ෂකයන් හැටියට ඉතාම හොඳ සේවයක් කරන මොවුන් සාමාන්‍යයෙන් සතුරාගේ හා මිතුරාගේ වෙනස ක්ෂණිකව හඳුනාගැනීමේ හැකියාව පෙන්නුම් කරනවා.
නමුත් යම් ලෙසකින් පුද්ගලයෙක්ව සතුරකු ලෙස හඳුනාගතහොත් මොවුන් එම පුද්ගලයාට අනතුරු ඇඟවීමකින් තොරවම වුවද පහරදීමට ඉඩ පවති.මොවුන්ගෙ මනා කායික හා මානසික තත්වක් පවත්වාගෙන යැම සදහා ව්‍යායාම ද අවශ්‍ය වේ.දිනපතා සුනයාගෙ ලෝම පිරිම(brushing) මගින් ලෝම නිසියාකාරව පවත්වාගෙන යා හැකිය.
🔴සෞඛ්‍ය හා වැලදිය හැකි තවත් රෝගාබාධ
ජර්මන් ෂෙපර්ඩ් සුනඛයාට අවේණික ලෙඩ රෝග වලට ගොදුරැ විමේ හැකියාවක් තියෙනවා.
* Hip and elbow dysplasia
* Blood disorders,
* Chronic eczema,
* Keratitis (inflammation of the cornea)
* Flea allergies(පරපෝෂිත අසාදනයන්)
Hip dysplasia(හිප් ඩිස්ප්ලේසියා)
උකුල් අස්තිය විතැන් වීම පස්ස ගාතය විතැන් වීම හෝ විසන්ධිය....
* රෝග ලක්ෂන. - පස්සා ගාතයක් හෝ දෙකම (උකුල් අස්තිය)
ඉදිරි භාහුවට වඩා පහත් වීම හෝ උපතින් පහත්ව පිහිටීම.පස්සා ගාත් නැමී යාම (බකල්ව) හෝ පිහිටීම.පස්සා ගාත් අැද වීම හෝ අැදව පිහිටීම.පස්සා ගාත් වර්ධනය බාල වීම..මේම තත්වය ජානමය බලපැමක් මත කැල්සියම් උණතාවකින් හෝ හදිසි අනතුරකදි වුවද සිදුවිය හැක.රොගයට ප්‍රතිකාර වුනුයේ සුදුසුකම්ලත් පශු වෛද්‍යවරයක් ලවා එක්ස්-රේ පරිකෂණයක් මගින් රොගය නිශ්චිත වශයෙන් හදුනා ගත හැකිය.රෝගය හදුනාගත් පසු සැත්කමක් මගින් හෝ සැත්කමක් නොවන එනම් ඖෂධ මගින් හා සුනඛයාගේ බර පාලනය මගින් මෙම රෝගයට ප්‍රතිකාර කලහැකිය...
Elbow dysplasia (එල්බො ඩිස්ප්ලේසියා)
වැලමිටි ඩිසප්ලේෂිය(elbow dysplasia) සෛල/පටක හෝ අස්ථිවල අසාමාන්‍ය වර්ධනය වීමෙන් ඇතිවන හා joint වල ඇතිවන රෝගි තත්ත්වයකි.රෝග ලක්ෂණ අදුරගැනිම යම් අපහසුවකි මෙහිදි අදාල වැලමිට උස්සාගෙන සිටිම හෝ එම ස්ථානය ස්පර්ශ කරන විටදි වේදනාවක් ඇති විය හැකිය.ප්‍රතිකාර මෙහිදි එක්ස් රේ පරික්ෂණයකින් රෝගය නිශ්චය කලහැකිය.සැත්කමක් මගින් හෝ සැත්කමක් නොවන එනම් ඖෂධ මගින් හෝ බර පාලනය කිරිමෙන් රෝගය සදහා ප්‍රතිකාර කලහැකිය..
Blood disorder(බලඩ් ඩිසොඩර්)
මෙම රොගය ඇති වන්නෙ සුනඛයාගේ රැධිර සෛල වල ඇති වන රෝගි තත්වයකදිය. රුධිර සෛල සෑදී ඇත්තේ marrow bone වලනි්.රැධිරය සිරැර පුරා සංසරණය වන විවිධ වැදගත් කාර්යන් ඉටු කරයි.රැධිරය කොටස් 3 කි එනම්.රතු රැධිරානු/ සුදු රැධිරානු හා රැධිර පට්ටිකා වේ.blood disorder තත්වයක් විවිධාකාර වේ.
උදාහරණයක් වශයෙන් මෙහිදි සිදුවන්නෙ යම් රොගි තත්වයකදි හො අසාදනයකදි සුදු රැධිරානු අසමානය ලෙස ඉහල යාමයි.මෙම රොගය ප්‍රතිකාර කිරිමට පෙර රෝගය නිශ්චය කිරිම සදහා සම්පුර්ණ රැධිර පරික්ෂණක් (FULL BLOOD COUNT-FBC) කරන අතර අැතැම් අවස්ථා වලදි රොගි සුනඛයා රැධිරය ලබාදිමක් සිදුවේ(blood tranactoin)
Chronic eczema(හමේ අසාදනය)
මෙම රෝගි තත්වය වනුයේ සුනඛයාගේ හමේ ඇතිවන රැෂ්/දද හා කුෂ්ට රොග තත්වය වේ.මෙම රොගය අසාත්මිකතාවයකනින් හෝ අවට පරිසරයේ විෂ බිජ අසාදනයක් රෝගය වැලදිය හැකි රොග ලක්ෂණ දැඩි ලෙස කැසිම/ඉදිමිම/ලප මතුවිම/ලෝම ගැලවි තුවාල ඇති විම උදහරණයක් ලෙස දැක්විය හැකිය.රෝගය ලකෂණය මතු වු වහාම පශු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත හැකිය..
Keratitis (inflammation of the cornea) -අක්ෂි අබාධ
අක්ෂි කාචයේ හෝ අක්ෂි පටක වල අැතිවන රෝගි තත්වයකි.මෙය සුනඛයා ඕනැම වයසකදි ඇති විය හැකි වුවත් සුනඛයාට වයස අවුරැදු 4 සිට වයස අවුරැදු 7 දක්වා මෙම රොගය වැඩි වශයෙන් වැලදිය හැකිය.රෝග ලක්ෂණ ගනනවක් මෙහිදි දක්නට ලැබේ ඇසේ සුදු පාට කොටස රතු පැහැ ගැන්විම/ගැටිති වැනි ස්වාභාවයක් දැකිය හැකි විම.මෙම රොග ලකෂණ දුටුහොත් වෛද උපදෙස් පිලිපදින්න.
මිට අමතරව ඇස් වල ඇතිවන gluecoma තත්වයන්(ඇස් සුද ඇතිවිම)කිනිතුල්ලු උණ වැනි රෝග දක්විය හැකිය.
ඒ නිසා මුල් කාලයේ සිටම අවශ්‍ය එන්නත් හා පණු බෙහෙත් ලබාදීමෙනුත්, නිරතුරුව පශුවෛද්‍යවරයෙක් ලවා සුනඛයා පරීක්ෂා කරවීමෙනුත්
මොවුන් නිරෝගීව තබාගැනිමට හැකිවේ ඊට අමතරව පෝෂයදායි අාහාර ලබාදිම මගින් ද සෞඛ්‍ය සම්පන්න ජර්මන් ෂෙපර්ඩ් සුනඛ වර්ගයක් ඕනැම නිවසක ඇතිකල හැකිය..
🔴ඔන්න දැන් මන් ඔයාලට කියන්න යන්නේ GSD ලා ඩිවලොප් කරලා ක්‍රොස් කරලා හදපු ඩෝග් බ්‍රීඩ් ගැන.
1. කින්ග් ශෙපඩ්
මෙයාලව හදලා තියෙන්නේ GSD ලයි Shiloh Shepherd ලවයි ක්‍රොස් කරලා.
මූලාරම්බය : ඇමරිකා එක්සත් ජනපදය
බර
Male
දල වශයෙන් 59–68 kg
Female
දල වශයෙන් 41–50 kg
Height
Male 74 cm
Female 69 cm
මෙයාලා American Rare Breed Association එකෙන් පිලිගත් සුනක වර්ගයකි,
2. Shiloh Shepherd
සන්වර්දනය යටතේ ඇති සුනක විශේශයකි.
මෙයාලව කිසිම ප්‍රදාන කැනල් ක්ලබ් එකකින් පිලිගන් නෑ , නමුත් රෙයා බ්‍රීඩ් ඕගනයිසේශන් වල මෙයාව පිලිගන්නවා.
මෙයාලගේ පදනම වෙන්නෙත් GSD ලා.
සැ. යු පුටා ගැනීමකි Vom Hause DC Kingdomgermanshepher.