Pets With IshU

Pets With IshU මනුස්සයාට ද මෙන් ම සත්වයාට ද කරුණාව දක්වන්න..

Good bye friend 🤍
02/10/2025

Good bye friend 🤍

ආදරණීය මෝචි බබා,  ඔයා කොහේ ඉන්නවද කියන්න දන්නැ..තවමත් අපි ඔයාව ආදරයෙන් මතක් කර කර දුක් වෙනවා..අදට හරියටම අවුරුදු දෙකයි ඔ...
25/09/2025

ආදරණීය මෝචි බබා,
ඔයා කොහේ ඉන්නවද කියන්න දන්නැ..තවමත් අපි ඔයාව ආදරයෙන් මතක් කර කර දුක් වෙනවා..අදට හරියටම අවුරුදු දෙකයි ඔයා අපිව දාලා ගිහිල්ලා...🤍 ඇත්තටම ඔයා හොඳ තැනක ඉන්නව කියලා මට හිතෙනවා..කිසිම කෙනෙක් ට කරදරයක් කරේ නැති අහිංසක බව්වෙක් ඔයා..තාමත් ඔයාගේ ලමයි හත් දෙනා අපි ගාව ඉන්නවා..තෑගි විදිහට එයාලව බලාගන්න කියලා ඔයා ගියා 💔 අන්තිමට ඔයාගේ ලෙඩ ටික ඔක්කොම හොඳ වීගෙන එනකොට ඔයාගේ ඇගේ ලේ නැතිවුනා..🥺 තාමත් අද වගේ මතකයි ඔයාට කවපු විදිහ, රැ එලිවෙලා ඔයාව ඇවිද්දන්න එක්කන් ගිය විදිහ, බෙහෙත් ගන්න එක්කන් ගියපු විදිහ, ගියපු තැන්, බෙහෙත් කරපු විදිහ..එ සේරම මතකයි..ඒ වගේම ගොඩක් අය ඔයා වෙනුවෙන් උදව් කලා..ඔයාට ආශිර්වාද කලා..❤️
ඉතින් ඔයා ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න මෝචි...😘
ආදරෙයි අපි ඔයාට ❤️

බෘනි අම්මිගෙ ලමයි ටිකගේ සැත්කම කරපු දවස( සැප්තැම්බර් 17 )❤️
24/09/2025

බෘනි අම්මිගෙ ලමයි ටිකගේ සැත්කම කරපු දවස
( සැප්තැම්බර් 17 )❤️

අද උදේ ම පිංවතෙක් කරපු පිංවත් වැඩක්! අපේ ගේ ලඟ බලු බබාලා හතර දෙනෙක්ව දාලා ගිහින් අද..මේ ඔක්කොම ගැහැණු සත්තු..තාම කටේ කිර...
29/08/2025

අද උදේ ම පිංවතෙක් කරපු පිංවත් වැඩක්! අපේ ගේ ලඟ බලු බබාලා හතර දෙනෙක්ව දාලා ගිහින් අද..මේ ඔක්කොම ගැහැණු සත්තු..තාම කටේ කිරි සුවඳවත් ගිහිල්ලා නැ..පව් ඇත්තටම..මේ කරගන්නෙ නම් ඇත්තටම ලොකු ම ලොකු පාප කර්මයක් 🙏
බව්වො තව තව ගෙනත් තියාගන්න තරම් අපි ලඟ දැන් ඉඩ කඩ නැ..
කාරුණික හදවත් තියෙන අය ඉන්නවනම් එක එක්කෙනා හරි අරගෙන උදව් වෙන්න..එයාලා නෝමල් වර්ගයේ අයමත් නෙවෙයි...
නිසි වයස ආවාම සැත්කමයි, එන්නත්කරණ ටිකයි අපිට කරලා දෙන්න පුලුවන්...🙏

These little puppies were found abandoned early this morning in a box by the roadside. They are still so young, you can even smell the milk on their breath…

When they’re old enough, we can take care of their sterilization and vaccinations.

Dear friends, we kindly ask—would you be able to spare a small space in your home for even just one of these little ones?

We can arrange transport to any location. 🙏🏻

It's Saturday 🔥
09/06/2025

It's Saturday 🔥

Today is the first day of the sterilization surgeries for the cats… Our heartfelt gratitude goes to Madam Rosy for that ...
08/06/2025

Today is the first day of the sterilization surgeries for the cats… Our heartfelt gratitude goes to Madam Rosy for that 🙏🏻🙏🏻❤️

Great Work! ❤️🫶

CHOKY 🤍🤎
07/06/2025

CHOKY 🤍🤎

මැයි 30,31 හා ජූනි 01 දිනයන්හි වීදි බව්වන්ට නොමිලේ සැත්කම් හා පාවෝ ඩිස්‍ටෙම්පර් එන්නත්කරණ වැඩසටහනක් පැවැත්විණි. මේ සඳහා ...
03/06/2025

මැයි 30,31 හා ජූනි 01 දිනයන්හි වීදි බව්වන්ට නොමිලේ සැත්කම් හා පාවෝ ඩිස්‍ටෙම්පර් එන්නත්කරණ වැඩසටහනක් පැවැත්විණි. මේ සඳහා මූලික දායකත්වය අපේ Rousy madam. ඇය ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකි.
ඒ දවස් තුනෙහි එයාලා ලොකු වෙහෙසක්.දැරුවා මේ සඳහා. ඇත්තටම එයාලාව අගය කල යුතුයි..කිසිම වෙහෙසක්⁣ නොබලා ⁣ඒ වෙනුවෙන් වැඩ කරපු එකට..

ඒ විතරක් නොවෙයි All Care ANimal Clinic එකේ අපේ Doctor Nuwan වගේ ම ඔහුගේ බිරිඳත් සහ එතැන සේවය කරන්නන් වගේ ම Dog Catchers ලා කීප දෙනත් මේ සඳහා විශාල ශ්‍රමයක් දැරුවා..
මේක ඉතා ලේසි පහසු වැඩක් නොවෙයි..සැත්කම් වැඩසටහන් මීට කලින් දැකලා තිබුනත් ලස්සනට, පිලිවෙලට වැඩ කරන වැඩසටහනක් දැක්කෙ එදා තමයි..ඉතින් හැමදේම ඒ දවස් තුනෙහි ලස්සනට සිදු කෙරුණි..වීදි සතුන් පමණක් නොව, නිවෙස්වල ඇති කරන ආර්ථික අපහසුතා ඇති එහෙමත් නැතිනම් විශාල ප්‍රමාණයක් බව්වන් ඇති කරන අයටද මේ වැඩසටහන වැදගත් වුණා..

ඉතින් ආයෙමත් ඔයාලා හැමෝට ම ස්තුති කරනවා මේ කරපු මෙහෙය වෙනුවෙන් ♥️

https://vt.tiktok.com/ZSk2E5XgN/

හායි ලමයි,,!  ඔන්න දැන් Facebook, Instagram හා Tik Tok page වලට අමතර ව ඔන්න අපි Pets with IshU එකෙන් Whatsapp Channel එක...
15/05/2025

හායි ලමයි,,! ඔන්න දැන් Facebook, Instagram හා Tik Tok page වලට අමතර ව ඔන්න අපි Pets with IshU එකෙන් Whatsapp Channel එකකුත් හැදුවා. බව්වන්ගෙ, පූවන්ගේ Updates, අසරණ වෙලා ඉන්න සතුන්ට ගෙවල් හොයලා දෙන්න වගේ ම පුලුවන් පුලුවන් අයට පිහිට වෙන්න මේ Whatsapp Channel එකත් අපිට සහයක් වේවි..
ඉතින් සතුන්ට උදව් කරන්න කැමති, එයාලගෙ Updates බලන්න කැමති අය ඉන්නවනම් Pets With IshU Whatsapp Channel එක හරහාද සම්බන්ධ විය හැක.
ඒ වගේ ම ඔයාලට අලුත් පණිවිඩයක් අරගෙන ආවා, ඒ තමයි ගෙවල් හොයාගන්න බැරිව ඉන්න අසරණ සත්තුන්ගෙ පොටෝ තියෙනවනම් අපිට එවන්න අපි එයාලා ගැන වීඩියෝ හෝ පොටෝ එකක් දාලා ආදරණීය නිවෙස් හොයාගන්න උදව් කරන්නම්...කිසිම දෙයක් ඔයාලාගෙන් අය කරන්නැහැ..

මට වැඩිය Followers ලා පිරිසක් නැ තමයි.., ඒත් චූටියට හරි එයාලට උදව්වක් කරන්න පුලුවන් නම් වටිනවා ඇත්තටම..🫶🏻❤️
එකතු වෙන්න Pets With IshU එක්ක..,👇🏻

https://whatsapp.com/channel/0029Vb7u6RMEFeXjsAcp2s47

(අවුරුදු ගානකට කලින් ගත් ඡායාරූපයකි)

13/03/2025

My Superpower 💪❤️😘

Address

Colombo/Kaduwela
Beliatta
24

Website

Alerts

Be the first to know and let us send you an email when Pets With IshU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category