24/07/2025
උදෙන්ම මං ඇහැරුනාම යන්නේ ටොයිලට් එකට, එතනින් කෙලින්ම නානකාමරේ ගාව මූණ සෝදන තැනට. කොන්ඩේ පස්සට වෙන්න ෆේස්බෑන්ඩ් එකක් දාලා, වතුර පයිප්පේ ඇරලා රස්නෙත් නැති සීතත් නැති වතුර ටිකකින් මූණ සෝදන් කණ්නාඩියෙන් මූණ බලන් මං මටම කියනවා 'රෝසි ඔයා ඊයේට වඩා අද ලස්සන වුනාට ගොඩාක් ස්තුතියී'කියලා.. ඊගාවට ඊයේට වඩා අද මගේ ආකල්ප සුබවාදී වීම ගැන සතුටු වෙලා ස්තුතිවන්ත වෙනවා..
මේ අලුත් දවසට, මං මේ කිසිම අපහසුවක් නැතිව ගන්න හුස්ම ටිකට ස්තුතියී කියනවා. උදෙන් ඇහැරලා වතුර දාන්න මට කරපිංචා පැලයක් තියෙන එකට මං ස්තුතියීවන්ත වෙනවා. මට කරුනාවන්ත හිතක් තියන එක ගැන මං ස්තුවන්ත වෙනවා. මගේ ආදරණීය බව ගැන ස්තුතිවන්ත වෙනවා. මට මං ගැන සතුටු වෙන්න පුළුවන් මංම හොයාගත්ත හේතු වලට ස්තුතියීවන්ත වෙනවා. ඊට පස්සේයි දත් මැදන් මූණ ඇගපත සෝදන් වෙන ඇදුමක් ඇදලා කොන්ඩේ පීරන් උණුසුම් වතුර එකක් බීලා මගේ වැඩ පටන් ගන්නේ. මේ හැම පුංචි ක්‍රියාවකින්ම මගේ දවසේ සාර්ථකත්වය හිතේ සෞභාග්‍යය රකින බව මට දැනෙනවා. මගේ හිතේ සැනසිම මදකට හරි නැති කරන්නට උත්සහ කරන නපුරු බලවේගයන්ට, මගේ ජීවිතේට කිට්ටු වෙන්න නොදී, මගේ හිතේ සැනසිම මේ සොබාදහමින් රකිනවා කියන ලොකු විශ්වාසයක් මගේ සිතුවිලි ආකල්ප නිසාම ගොඩනැගිලා තියනවා.
මං හැමදාම වගේ අදත් කියනවා. ඉපදිලා මැරෙන මේ අන්ත දෙකේ අපි ජීවිත් වෙන මේ කාලය හරිම පුංචීයී. ඒ පුංචි කාලය මහ ගොඩක් වටිනවා. ඒකේ වටිනාකම මොන වගේද කියලා දැනෙන්න තෙරුම් යන්න මට අවුරුදු 35 ගියා. එතන ඉදන් මං මගේ ජීවිතේ සුබවාදීව වෙනස් කරගත්තා..
විශ්වාස කරන්න, මිනිස්සුන්ට පුළුවන් මට අඩන්න හේතු සීයක් දෙන්න. එහෙම නැත්තන් දාහක් කියමුකෝ..
ඒත් මට පුළුවන් හිනාවෙන්න, ඒ මං විසින් මං ගැන සතුටු වෙන්න පුළුවන් හේතු කෝටියක් මං හොයන් තියන නිසා.
මේ ගෙවෙන හැම තප්පරේම මං ඒ හේතු වල සතුට සමරනවා..
මාව සමරනවා..
ඒ අයිතිවාසිකම මට උරුම දෙයක් බව මං විශ්වාස කරනවා..
ස්තුතියි කියෙව්වාට,
ආදරෙන්,
හෂී🌸
#සතුටෙන්ජීවිතේසොයන්නී
(ගිය අවුරුද්දේ ලියපු සටහනක්)