SL Vetz Vlog

SL Vetz Vlog Dr. Chaminda Wickramasinghe. veterinarian
UAE | Sri Lanka
Interested in Dentistry, Orthopedics, Anesthesiology, Animal Welfare
(1)

එන්නත්කරණය ගැන සෑම පූස් හිමිකරුවෙක්ම දැනගත යුතු දේපලවෙනි කමෙන්ට් එකේ ලින්ක් එකෙන් සම්පූර්ණ ලිපිය කියවන්න.
13/06/2026

එන්නත්කරණය ගැන සෑම පූස් හිමිකරුවෙක්ම දැනගත යුතු දේ
පලවෙනි කමෙන්ට් එකේ ලින්ක් එකෙන් සම්පූර්ණ ලිපිය කියවන්න.

11/06/2026

Live from vet clinic -Nova

07/06/2026

කුඩා සිරුර, දැවැන්ත පෞරුෂය: Corgi බල්ලන් ගැන ඔබ නොදන්නා දේ.

06/06/2026

එයාගෙ සහෝදරයො ඔක්කොම මැරිලා... අපිට එයාව බේර ගන්න පුලුවන් වෙයිද?
මේ, ටික කාලෙකට කලින් කරපු අපේ දවසක Vlog

05/06/2026

ප්‍රින්සස්ගෙ ඇහැ. මූණ පැතලි බල්ලෝ සහ ඇස්..

05/06/2026

සින්ඩී - වීදි පූසෙක් වෙච්ච මෙයාගෙ බඩේ තිබ්බ මේ ගෙඩියට ප්‍රතිකාරයක් කර ගන්න විදිහක් නැතුව හිටපු රෙස්කිව් කරන කෙනෙක් තමයි මෙයාව මට එව්වෙ. එයාගෙ දකුණු වකුගඩුව සම්පූර්නයෙන්ම ඒකේ සාමාන්‍යය ව්‍යුහය නැතිවෙලා, Cyst එකක් බවට පත් වෙලා තිබ්බා. Polycystic Kidney Disease සහ Solitary Renal cyst වගේ රෝග වලදි, මේ වගේ වෙන්න පුළුවං.

මෑත කාලය ලංකාවේ සුරතල් බල්ලෝ හදන සංස්කෘතියේ විශාල වෙනසක් සිද්ධ වෙමින් පවතින බව සමාජ මාධ්‍ය ඇසුරු කරන තේරෙනවා. කාලෙකට කලි...
30/05/2026

මෑත කාලය ලංකාවේ සුරතල් බල්ලෝ හදන සංස්කෘතියේ විශාල වෙනසක් සිද්ධ වෙමින් පවතින බව සමාජ මාධ්‍ය ඇසුරු කරන තේරෙනවා. කාලෙකට කලින් ලංකාවෙහි විශාල වර්ගයේ බල්ලෝ සෑහෙන්න ජනප්‍රිය වෙන්න ගත්තා. ඒ නිසා German Shepherd, Rottweiler, Doberman වගේ විශාල ප්‍රමාණයේ බල්ලන්ට ලොකු ජනප්‍රිය භාවයක් ලැබුණා. හැබැයි අද වෙනකොට මේ සංස්කෘතිය සෑහෙන්න වෙනස් වෙමින් යන බව පේනවා. විශේෂයෙන්ම instagram, tiktok සහ facebook හරහා ගොඩනැගිලා තියෙන සංස්කෘතියත් එක්ක, කුඩා වර්ග වල බල්ලන්ට ඉහළ ජනප්‍රියත්වයක් හිමි වෙමින් තියෙන බව පේන්න තියනවා.
ඒ අතරිනුත්, විශේෂයෙන්ම Shih Tzu, pug සහ French Bulldog වගේ පැතලි මූණක් තියෙන බල්ලො වර්ගය (Brachycephalic Dog Breeds) ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍යවල කැපී පෙනෙන Influencerලා පළ කරන ආකර්ශනීය වීඩියෝ දර්ශන පින්තූරයක් මේකට ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා. කොහොම වුණත් මේ වීඩියෝවල දර්ශන වලින් පින්තූරවලින් පෙන්නන්නේ ඔවුන්ගේ අලංකාරය සහ ලස්සන පැත්තට පමණයි. මේ අලුතෙන් ජනප්‍රිය වෙන බ්‍රැකිසෙෆලික් බල්ලො වර්ග වල අඳුරු පැතිකඩ, එහෙමත් නැත්නම් ඔවුන් මුහුණ දෙන අභියෝගය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මං නම් හිතන්නේ ඒ ගැනීම එයාලටත් අවබෝධයක් නෑ.

Brachycephalic සුනඛයෝ කියන්නේ කවුද ?

බ්‍රැකි(Brachy) කියන්නේ ග්‍රීක භාෂාවෙන් කෙටි කියන එකට. සෙෆලික්(Cephalic) කියල කියන්නෙ හිස කියන එකට. ඉතින් බ්‍රැකිසෙෆලික් කියලා කියන්නේ කෙටි හිසක් සහිත බල්ලන් වර්ග වලට. දශක ගාණක් තිස්සේ මේ බල්ලො අභිජනනය කරල තියෙන්නෙ කෙටි හිසක් සහ පැතලි මූනක් සඳහා. ඒ නිසා ඔවුන්ගේ ස්වසන මාර්ගය ඉතාම පටුවෙලා තියෙනවා, හිස්කබල ඇතුලේ මොළයේ සහ ඇස් වගේ වැදගත් අවයව වලට ඇති ඉඩ සීමාවෙලා තියෙනවා. මේකේ ප්‍රතිඵලය විදිහට ඉතාම නරක සෞඛ්‍යමය ගැටලු ගණනාවකට මුහුණ දෙන්නෙ ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා.

*ස්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලු - මේ බ්‍රැකිසෙෆලික් බල්ලෝ වර්ගයන් වලට විශේෂ වෙච්ච එයාලා නමින්ම තියෙන ස්වසන පද්ධතිය ආශ්‍රිත ගැටළුවක් තියෙනවා. Brachycephalic Obstructive Airway Syndrome (BOAS). ඉතාම පටු නාස්පුඩු, ඉතාම දිග උඩතල්ල , පටු ස්වාසනාලය, නිසා ඇතිවෙන හුස්ම ගැනීමේ අපහසුව තමයි මේ විදිහට අඳුන්වන්නේ. මේක හරියට නිකං බෙල්ල මිරිකගෙන ඉද්දි හුස්ම ගන්න හදනවා වගේ කියලයි කියන්නේ. එයාලට හුස්ම ගැනීම හරිම වෙහෙසකාරී කාර්‍යයක්. හුස්ම ගන්න කරන මේ අරගලයා සමහරු හිතාගෙන හරිම cute දෙයක් විදිහට. නිකමට හිතන්න, ජීවිත කාලෙම බෙල්ල මිරිකගෙන ඉන්නකොට හුස්ම ගන්න උනානම් ඔයාලට කොහොම තියේවිද. ඉතින් මේකෙන් ගොඩාක් තවත් සංකූලතා ඇතිවෙනවා. විශේෂයෙන්ම මේ වර්ග වල බලු පැටවුන්ට ඉපදිලා වැඩිකල් ජීවත් නොවෙන්නත් හේතුවක් බවට පත්වෙනවා.

* ඒ වගේම බල්ලන්ගේ ශරීර උෂ්ණත්ව පාලනයට සන පද්ධතිය ක්‍රියාකාරීත්වය ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය හරිම වැදගත්. රස්නෙ වෙලාවට දාඩිය පිට කරන්න උෂ්ණත්වය අඩු කරගන්න එයාලා පාවිච්චි කරන උපක්‍රමය තමයි වේගයෙන් හුස්ම ගන්න එක (Panting). නමුත් මේ සත්තුන්ට පටු ස්වසන මාර්ගය නිසා ඒකට ඉඩක් නෑ. ඉතිං හිතන්නකෝ ලංකාව වගේ නිවර්තන කලාපීය රටකට මේ වගේ සත්තු ගැනත් දැම්මම ඇතිවන තත්ත්වය. මෙයාල බොහොම ඉක්මනින් heat storks එකට එහෙම නැත්නම් තාප ආඝාතයට ලක්වෙන්න පුළුවන්. එනිසාම වායු සමීකරණය නොකරපු ගෙදරක නම් එයාලා හදන එක ඇත්තටම එයාලට වද දීමක් කියලයි මට නම් හිතෙන්නේ.

*ස්වසන පද්ධතිය විතරක් නෙවෙයි, හිස ආශ්‍රිතව තියෙන ගොඩක් ඉන්ද්‍රියවලමෙයාලගෙ ගැටලු ඇති වෙනවා. ඒකෙන් ප්‍රධාන එකක් තමයි ඇස්. ගොඩක් දෙනා ආස කරන, ඉතාම විශාල, බබාලාගෙ වගේ, ඉදිරියට නෙරා ආපු මෙයාලගේ ඇස් නිරන්තරයෙන්ම ගැටලුවලට භාජනය වෙනවා. අක්ෂි කුහරය තුළ ඇති තරම් ඉඩ නැති නිසා තමයි මේ ඇස් එළියට නෙරා ඇවිල්ලා රවුමට පේන්නේ. ඉතින් මේ නිසාම මේ ඇස්වලට ඉක්මනින්ම හා හානි වෙන්න පුළුවන්. අක්‍ෂි රෝග මෙයාලා අතර ඉතාම සුලභයි. ඒ විතරක් නෙවෙයි, පොඩි අනතුරක් නිසා වුණත් මෙයාලගෙ ඇස් ඉක්මනින්ම එලියට පනින්න(Proptosis) පුළුවන්. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇස් අයින් කරන සැත්කම් වලට(Enucleation) නිතර භාජනය වන බ්‍රීඩ්ස් තමයි මෙයාලා. ඒ විතරක් නෙවෙයි කෙටි හනු නිසා එයාලගේ දන්ත රෝග හරිම සුලබයි. එනිසා නිතර නිතරන් දන්ත ප්‍රතිකාර අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි එයාලගෙ හමේ රෝග හරිම වැඩියි. එයාලගෙ මූණෙ හම රැළි ගැහෙන එක ඒකට ප්‍රධාන හේතුවක්.

*මේ වර්ග වල බල්ලො අතරන් කොඳු ඇටපේළිය ආශ්‍රිත යේ රෝගත් ඉතාම ඉහළයි. ඒවගේම තමයි එයාලගේ කබල ඇතුලේ ඉඩ අඩු නිසා මොලය සහ සුෂුම්නාව ඇතුළු ස්නායු පද්ධතිය ආශ්‍රිතව දරුණු ගැටළු ඇතිවෙන්න පුළුවන්.

*මෙයාලගේ තියෙන අසාමාන්‍ය හිස්කබල හැඩය නිසා බහුතරයක් අවස්ථාවල එයාලට ස්වභාවිකව පැටව් බිහි කරන්න හැකියාවක් නෑ. ඒ නිසා සිසේරියන් සැත්කම් මගින් පැටව් බිහි කරන එක තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ.
ඉතින් මේ වගේ සෞඛ්‍ය ගැටලු ගොඩක් තියෙන බල්ලෙක්ට නිතර නිතර වෛද්‍යය සායන වලට යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සැත්කම් වලට ලක් වෙන්න තියෙන චාන්ස් එකත් අවස්ථාවත් ඉතාම ඉහළයි. හොම්බ චප්ප බල්ලන්ගේ නිර්වින්දනය කියන්නේ සාමාන්‍යයෙන් පශු වෛද්‍යවරුන්ටත් අභියෝගයක්. විශේෂයෙන්ම මෙයාලා නිර්වින්දනය කරනකොට එයාලගෙ ස්වසන මාර්ගයේ ආරක්ෂා කර ගන්න වෙනම වෙහෙසක් සහ පහසුකම් අවශ්‍ය වෙනවා. නමුත් එවැනි පහසුකම් සහිත පශු වෛද්‍යය සායන, රෝහල් ලංකාවෙ නම් තියෙන්නේ අතලොස්සක්. ඒ විතරක් නෙවෙයි ඉහල වියදමකුත් දරන්න සිද්ධ වෙනවා.

ඉතින් පේනවනේ තත්වය ලස්සනට පේන්න හිටියා වගේ නෙවෙයි එයාලා නඩත්තු කරන එක. එයාලගේ ගැටලු වැඩියි. එයාලා නඩත්තු කරන්න යන වියදම වැඩියි.
ඉතිං ඒක නිසා මම නම් කිසිම වෙලාවක මේ වගේ brachycephalic වර්ගයේ බල්ලන්ව හදන්න නිර්දේශ කරන්නේ නැහ. හදනවා නම් මේ කාරණා ගැන හොඳ අවබෝධයක් ඇතුව අවශ්‍ය පහසුකම් සපයලා අවශ්‍ය පහසුකම් සපයලා හදන්න ඕනේ. ඒ වගේම තමයි සෞඛ්‍ය සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම පශු වෛද්‍යවරුන් ලව්වා පරීක්ෂා කරවගන්න ඕන.
අවසාන වශයෙන් හැමදාම කියනවා වගේ, සමාජ ජාලවල පෙන්නන ආලංකාරය මැවීම් වලට අහු නොවී, දේශගුණයට ඔරොත්තු දෙන, ජානමය ගැටලු අවම, ඔයාගේ ජීවන රටාවට සරිලනුයි සුරතලේ තෝරගන්න.

30/05/2026

Corgi බ්‍රීඩ් එක ගැන දන්නවද?
වීඩියෝ එකට ලින්ක් එක පලවෙන්ජ් කමෙන්ට් එකේ

Address

Fujairah
0000

Alerts

Be the first to know and let us send you an email when SL Vetz Vlog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Vetz Vlog:

Share