14/10/2026
ආදරයෙන් බැඳුණු හදවත් ලඟ අවුරුදු 10ක්! ❤️🐾
සමහර ගමන් පටන් ගන්නේ අපට යමක් ලබාගන්න ඕන නිසා. සමහර ගමන් අතරමඟදී අපට තේරුම් යනවා, අපි ඇත්තටම හොයමින් සිටියේ වෙනත් දෙයක්..
මගේ ජීවිතයේ ගෙවුණු අවුරුදු දහය දිහා ආපසු හැරිලා බලද්දී, සුරතල් සතුන් සම්බන්ධ මේ ක්ෂේත්‍රය තුළ මම ගොඩනැගුවේ ව්‍යාපාරයක්ම නෙමෙයි කියලා හිතෙනවා. විකුණුම්, ලාභ, පාඩු, අභියෝග අතරින් මම එකතු කරන් තියෙන්නේ මිනිසුන්ගේ කතා. විශ්වාසය. කෘතඥතාව. සමහර විට වචනවලින් කියාගන්න බැරි තරම් පුංචි, ඒත් හිතේ ගැඹුරින්ම දැනෙන බැඳීම්.
ඒ හැම දෙයක්ම එකතු වෙලා තමයි Wag"N"Walk හැදුණේ.
❤️
- Wag"N"Walk -
A Little Place for a Whole Lot of Love.
සමහර තැන් තියෙනවා, අපි එතැනට යන්නේ යමක් මිලදී ගන්න. අවශ්‍ය දේ අරගෙන ආපසු එන්න.
ඒ අතරේ සමහර තැන් තියෙනවා, අපි එතැනට යන්නේ යමක් ගන්න වුණත්, ආපසු එන්නේ අපට නොපෙනෙන, මිලක් නැති දෙයක් හිතේ තියාගෙන.
ඒක විශ්වාසය වෙන්න පුළුවන්. කෙනෙකුගේ අවංක හිනාවක් වෙන්න පුළුවන්. ඒත් නැත්තම්, තමන්ගේ සුරතලා වෙනුවෙන් තවත් කෙනෙක් යමක් කළ බවට හිතට දැනෙන සැනසීම වෙන්නත් පුළුවන්.
Wag"N"Walk කියන්නේ, එහෙම තැනක් ගැන තිබුණු හීනයක ප්‍රතිඵලයක්.
මේක එක්කෙනෙකුගේ හෝ දෙන්නෙකුගේ වැඩක් විතරක් නෙවෙයි. තමන්ගේ සුරතලා වෙනුවෙන් උදේ පාන්දර අවදි වෙන, එයාලා අසනීප වුණාම රෑ නිදි වරන, තමන්ගේ වියදම් අඩු කරගෙන හරි සුරතලාට අවශ්‍ය දේ ලබාදෙන්න උත්සාහ කරන මිනිසුන්ගේ ආදරය එකතු වුණු තැනක්.
ඒ නිසා ,
සුරතල් සතුන්ට ආදරය කරන හැමෝටමත් මේ තැන අයිතියි.
🐕🐈
මේ කතාව පටන් ගත්තෙම පුංචි වෙනසක් කරන්න හිතාගෙන.
සුරතල් සතෙක් ඇති කරන කෙනෙක්ගෙන් මාසයකට කොච්චර වියදම් කරනවද ඇහුවොත්, ඒ හැම කෙනෙක්ටම තමන්ගේම කතාවක් තියෙනවා.
කෑම. ඖෂධ. පෝෂණ අතිරේක. තවත් අවශ්‍ය දේවල්.
ඒ හැම දෙයක්ම එකතු වුණාම, සමහර පවුල්වල මාසික වියදමට ඒකත් තවත් බරක් එකතු කරනවා.
ඒත් ඒ වියදම දරන්නේ සුරතල් සතෙකුට ආදරය කරන කෙනෙක් නම්, ඒ ආදරයේ වටිනාකම මනින්න ඔහුගේ හෝ ඇයගේ ආදායම දිහා විතරක් බලන්න අපට පුළුවන්ද?
අන්න ඒක වැදගත් වුණා.
ඒ නිසා මුල ඉඳන්ම උත්සාහ කළේ, හැමෝටම තමන්ගේ සුරතලා වෙනුවෙන් අවශ්‍ය දෙයක් පහසු මිලකට ලබාගන්න පුළුවන් විදිහට වට්ටමක් දෙන්න.
ඒ තීරණය හැමෝම පිළිගත්තේ නැහැ. මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අපේ ක්‍රමය විවේචනය කළා. විවිධ අදහස් තිබුණා.
ඒත් අපිට විශ්වාසයක් තිබුණා.
හ්
ව්‍යාපාරයක් කියන්නේ ලාභය පමණක්ම නොවිය යුතුයි. අපි ජීවත්වන ක්ෂේත්‍රය ඇතුලේ අපිටත් මොකක්හරි වගකීමක් තියෙනවා. අපි ආදරය කරන දේ වෙනුවෙන්, ඒ ආදරය තවත් කෙනෙකුට පහසු කර දෙන්න පුළුවන් යමක් කරන්න.
අද වෙන පෙට් ෂොප් එකකින් වුණත් දෙයක් මිලදී ගද්දි සතුටු හිතෙන වට්ටමක් ලැබෙන එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා නම්, ඒ ගැන අපිටත් සතුටු වෙන්න පුළුවන්.
ඒ වෙනසට අපේ පුංචි උත්සාහයත් යම් තරමකින් හෝ දායක වෙන්නත් ඇති.
අවසානයේ වැදගත් වෙන්නේ අපි කී දෙනෙකුට භාණ්ඩ විකුණුවද කියන එකට වඩා, කී දෙනෙකුගේ ජීවිතයට පුංචි හරි පහසුවක් කළාද කියන එක.
මොකද ආදරය කියන්නේ කෙනෙකුට දරාගන්න බැරි බරක් එකතු කරන එක නෙවෙයි. පුළුවන් තරම් ඒ බරින් කොටසක් සැහැල්ලු කර දෙන එකත් ආදරයේම කොටසක්.
❤️
ඒ වගේම වට්ටමකින් විතරක් කතාව ඉවර නැහැ.
කෙනෙක් තමන්ගේ සුරතලා ගැන ප්‍රශ්නයක් අරගෙන අපි ළඟට එනවා. සමහර වෙලාවට එයාලට ඕන වෙන්නේ දෙයක් මිලට ගන්න නෙවෙයි. පුංචි පැහැදිලි කරගැනීමක්. දැනුවත් වීමක්. අත්දැකීමක්. නැත්නම් තමන් මුහුණ දෙන ගැටලුව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්.
එවෙලෙට අපි දන්නවා නම්, ඒ ගැන කියලා දෙනවා. නැත්තම් ඒ ගැන දන්න හොඳම කෙනාව හොයනවා. එහෙම දැනුමක් තියෙන කෙනෙක්ට සම්බන්ධ කර දෙනවා.
ඒක අපිට කරදරයක් නෙවෙයි.
ලැබෙන හැම ඇමතුමක්ම විකුණුමක් වෙන්න ඕන නෑ. හැම ගැටළුවක් නිරාකරණය කිරීමක් අවසානය අලෙවියක් වෙන්න ඕනෙත් නැහැ.
හැම ප්‍රශ්නයකටම පිළිතුරක් සොයලා දෙන්න ගන්නා උත්සාහය ඇතුලේ, අපිටත් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා. කෙනෙක්ගේ විශ්වාසය දිනාගන්නත් ලැබෙනවා. සමහරවිට ඒ කෙනා ආයෙත් අප ළඟට එනවා. සමහරවිට වෙනත් තැනකින් අවශ්‍ය දේ මිලදී ගන්නවා.
ඒ දෙකෙන් මොකක් වුණත්, අවශ්‍ය නිවැරදි දේ ලැබුණා නම්, ඒ තමා සතුට..
දැනුම බෙදාගැනීමකින් වටිනාකම් අහිමි වීමක් වෙන්නේ නෑ. හැබැයි තවත් කෙනෙක්ගේ ජීවිතයට වටිනාකම එකතු කරන්න අවස්ථාවක් ලැබෙනවා.
අවුරුදු දහයක් ඇතුලේ ඉගෙන ගත්ත පාඩම් වලින්, මම වැඩියෙන්ම අගය කරන පාඩම ඒක.
🐾ඊටත් වඩා තවත් වටිනා දේවල් තියෙනවා.
දන්නවනේ අපේ මුදල් පසුම්බි ගැන.. පිරිලා තියෙනවා.. හිඳිලම යනවා.. අන්න ඒ වෙලාවල්වල අවශ්‍ය දේ අරන් ගිහින්, හැකි මුල්ම වෙලාවෙදි තමන්ගේ පොරොන්දුව රකින අය.
ව්‍යාපාරයක් ගොඩනඟන්න මුදල් අවශ්‍ය වුණත්, ඒක දිගු කාලීනව රැඳිලා තියෙන්නේ විශ්වාසය උඩ.
ඇත්තටම, සමහර දවස්වල අපට මතක හිටින්නේ විකුණපු දේවල් මොනවද කියන එකවත්, ඒවයේ මිල කීයද කියන එකවත් නෙවෙයි.
ඒවා අරගෙන ගිය කෙනාගේ මුහුණේ තිබුණු සතුට.
ඒ පුංචි දේවල් හොඩක්,
කාලයක් තිස්සේ එකතු වෙලා අමතක නොවන මතක වෙනවා.
ඒවට මිලක් නෑ.
❤️
ඕනෑම රෑක.
මහ වැස්සකත්.
මුළු රටම ලොක්ඩවුන් වුණු කාලෙත්.
සුරතලා වෙනුවෙන් අත්‍යවශ්‍ය දෙයක් අවශ්‍ය වුණු කෙනෙකුට, ඒ දේ ගෙනිහින් දෙන්න උත්සාහ කළා.
ඒ වෙනුවෙන් ගිය ගමන්, මුහුණ දුන්න අපහසුතා, අතරමඟ සිදුවුණු දේවල්, අවසානයේ අපට ලැබුණු ස්තූති වචන...
ඒ හැම දෙයක්ම එකතු කළොත්, ඒක මේ සටහනට වඩා දිග පොතක් වෙයි.
ඒත් ඒ හැම කතාවකම මට මතක හිටින්නේ එකම දෙයයි.
තමන්ගේ සුරතලා වෙනුවෙන් බලාගෙන ඉන්න කෙනෙක්.
අවශ්‍ය දේ අතට ලැබුණාම මුහුණේ ඇතිවෙන සැනසිල්ලක්.
ඒ මොහොතේ කියන ස්තූතියක්.
සමහරවිට අපි එතැනින් පිටවෙලා ආවට පස්සේ ඒ අයට ඒ සිදුවීම අමතක වෙන්න ඇති. නැත්නම් තවත් දවසක, තවත් අවශ්‍යතාවක් මැද ඒක පුංචි මතකයක් බවට පත්වෙන්න ඇති.
ඒත් අපට ඒවා අමතක වෙන්නේ නැහැ.
මොකද ව්‍යාපාරයක දෛනික වැඩකටයුතු අතරේ අපට නැවත නැවතත් මතක් කර දෙන්නේ, අපි මේ හැම දෙයක්ම කරන්නේ ඇයි කියන කාරණය තමා ඒ මතක.
අපි බඩු විකුණනවා.
ඒත් අපි නතර වෙන්නේ එතැනින් නෙවෙයි.
🐕🐈
ඉතින්, Wag"N"Walk කියන්නේ මොකක්ද?
මට නම් ඒක නමක් විතරක් නෙවෙයි.
එකිනෙකාට උදව් කරන, දන්න දේ බෙදාගන්න, නොදන්න දේ ඉගෙන ගන්න, පුළුවන් විදිහට තවත් කෙනෙකුගේ ජීවිතය පහසු කරන්න උත්සාහ කරන අයට හැදුන තැනක්.
මෙතනින් ඇතුලට එන හැම කෙනෙක්ම දෙයක් මිලදී ගන්නම ඕන නැහැ.
ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
අත්දැකීමක් බෙදාගන්න පුළුවන්.
තවත් කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්.
නැත්නම් නිකම්ම ඇවිත් කතා කරලා යන්නත් පුළුවන්.
අපට අවශ්‍ය, ඒ හැම කෙනෙකුටම මෙතැන තමන්ගේ තැනක් කියලා දැනෙන එකයි.
මෙතැනට ගොඩවෙද්දී තිබුණු මුහුණට වඩා, ආපසු යද්දී පුංචි හිනාවක් හරි වැඩි වෙලා තියෙනවා නම්...
තමන්ගේ සුරතලා වෙනුවෙන් ගන්න ඕනෑ තීරණයක් ගැන තව ටිකක් පැහැදිලි අවබෝධයක් ලැබිලා තියෙනවා නම්...
නැත්නම් තමන්ගේ ආදරය තේරුම් ගන්න පුළුවන් තවත් කෙනෙක් හමුවුණා කියලා හිතට දැනෙනවා නම්...
එච්චරයි .
අවුරුදු දහයක් මම, අපි එක්ක හිටපු හැම කෙනෙක්ටම ස්තූතියි.
අපිව විශ්වාස කරපු..
අපෙන් යමක් ඉගෙන ගත්ත, වගේම...
දෙයක් උගන්නපු අයට.
බැරි වෙලාවල්වල හිටපු අයට.
පුංචි හෝ සහයෝගයක් ලබාදුන් අයට.
අපෙන් මිලදී ගත්තත්, වෙනත් තැනකින් මිලදී ගත්තත්, සුරතල් සතුන් වෙනුවෙන් තමන්ට කළ හැකි දේ කරන හැම කෙනෙකුටම.
ඔබ හැමෝම මේ කතාවේ කොටසක්.
මොකද මේ අවුරුදු දහය මගේ විතරක් නෙවෙයි. මේක අපි හැමෝගෙම කතාවක්. ❤️
අපේ හීනය තවමත් එදා වගේම සරලයි.
සුරතල් සතුන්ට ආදරය කරන අයට, ඒ ආදරය තව ටිකක් පහසුවෙන් බෙදාගන්න පුළුවන් තැනක් වෙන්න.
ඒ වෙනුවෙන් අපට කරන්න පුළුවන් දේ පුංචි වෙන්න පුළුවන්.
ඒත් ලෝකයක් වෙනස් වෙන්න හැමවිටම ලොකු දේවල් අවශ්‍ය නැහැ.
සමහරවිට ඕන වෙන්නේ, කෙනෙක්ගේ අවශ්‍යතාවක් තේරුම් ගන්න එක.
පුළුවන් වෙලාවක උදව්වක් කරන එක.
කෙනෙකුගේ වචනයක් විශ්වාස කරන එක.
නැත්නම් කිසිම දෙයක් ආපසු බලාපොරොත්තු නොවී, තමන්ට පුළුවන් තරමින් ආදරය බෙදාගන්න එක.
අවුරුදු දහයක් ගෙවිලා ගිහින්.
ඉස්සරහට තව කොච්චර දුරක් යන්න තියෙනවාද කියලා දන්නේ නැහැ.
ඒත් මේ ගමනේදී මට හමුවුණු මිනිසුන්, මතක සහ බැඳීම් දිහා බලද්දී, මේ ගමන පටන් ගැනීම ගැන මට සතුටු වෙන්න පුළුවන්.
ඒ නිසා මේ ලියවිල්ල සැමරුමක් විතරක් නෙවෙයි.
ආදරය බෙදාගන්න එකෙන් ජීවිත කොච්චර ලස්සන වෙන්න පුළුවන්ද කියලා මට නැවත නැවතත් කියලා දුන්න මිනිසුන්ට ස්තූති කරන්නයි.
Wag"N"Walk කියන්නේ අපි හැමෝම එකතු වෙලා ලියමින් ඉන්න කතාවක්.
ඒ කතාවේ ලස්සනම කොටස් තවමත් ඉදිරියට ඇති.
❤️🐾
Wag"N"Walk
A Little Place for a Whole Lot of Love.
ඔබටත් සුරතල් සතුන්ට ආදරය කරන, මේ වගේ බැඳීමක් හෝ අත්දැකීමක් මතක් වෙනවා නම්, මේ සටහන ඔවුන් වෙනුවෙන් බෙදාගන්න.
මොකද සමහර කතා තියෙන්නේ කියවලා ඉවර කරන්න විතරක් නෙවෙයි.
තවත් අය එක්ක බෙදා ගන්නත් වටිනවා.
ආදරය බෙදාගන්න තරමට ඒ ආදරය අඩු වෙන්නේ නැහැ. ඒක තවත් වැඩි වෙනවා. ❤️