24/06/2024
"ඔබ සැමට පිංබර පොසොන් මංගල්‍යයක් වේවා " මීට චණ්ඩි 🐘🌱💝.
මෙවර ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සියල්ලන්ටම පිංබර පොසොන් මංගල්‍යයේ පණිවිඩය රැගෙන පැමිනෙන්නෙ ගල්ගමුවේ දග මල්ල අපගේ ආදරණීය චණ්ඩි ඇත් රජුයි.
Protect Elephants' World Global Association අප නිරන්තරයෙන්ම අවධානය යොමු කරන ආදරණීය ඇත් රජෙකු වන චණ්ඩි පිලිබදව අප ඊයේ දින විස්තර සොයාබැලීමක් සිදුකල අතර දැනගැනීමට ලැබුනේ ඔහු ඉතාමත්ම සුවෙන් බවයි. අපේ චණ්ඩි හොදින්, සුවයෙන් ඔහුගේ ආදරණීය ගල්ගමුව තුල මිනිසුන් ගේ ආදරය මැදින් සුවසේ සිටින බව ගම්වැසියන් ඇතුලු නිලධාරීන් අප වෙත සදහන් කරන ලදී. පොඩි පොඩි චණ්ඩි වැඩ කරමින්, තෙවරක් රැගෙන ගියත්, අත්හැර නොගිය ගල්ගමුවේ සුවෙයෙන් වාසය කරයි.
ගල්ගමුවේ නිල ලාංචනය වන් චණ්ඩි මෙරට වටිනාම ජාතික සම්පතකකි. එම සම්පත රැකගැනීම සියලූම දෙනාගේ පරම වගකීමයි. මා නිරන්තරයෙන්ම සිහිකරන පරිදි , ලොව අලි ඇතුන් විරලයි. ඒ අතරින් දල ඇතුන් ඊටත් වඩා විරලයි. ඒ අතරින්ද තනි දලයක් පමණක් ඇති ඇතුන් අතිශයින්ම විරලයි. චණ්ඩි ද එවන් අතිශයින්ම විරල තනි දල ඇතෙකි.රැකගමු මේ අතිශයින්ම විරල ජාතික සම්පත.
ශ්‍රී ලංකාව උතුම් ධර්මයෙන් තෙත් කල අද වන් උතුම් පොසොන් පොහොය දින පිංබර පැතුම Protect Elephants' World Global Association වෙනුවෙන් අපගේ ආදරණීය චණ්ඩි ඉදිරිපත් කරයි.
ස්තූතියි 💝
දලදා සමිදු පිහිටයි 🙏
"May you all have a blessed Poson Pohoya Day" From Chandi 🐘🌱💝.
This time, our beloved Chandi tusker King, bully boy of Galgamuwa, brings the wish of Poson day to all Sri Lankans as well as the world.
Protect Elephants' World Global Association We checked the details of Chandi, a beloved king of tusker that we are constantly paying attention to, yesterday and we got to know that he is very well. Officials including the villagers told us that our Chandi is fine and healthy in his beloved Galgamuwa, surrounded by the love of the people. Although he was taken away three times, he still lives comfortably in Galgamuwa, doing small bully jobs.
Our Chandi, the official emblem of Galgamuwa, is one of the country's most valuable national treasures. Protecting that resource is everyone's responsibility. As I am constantly reminded, the world's elephants are scarce. Among them, tuskers are even rarer. Among them, tuskers with only a single tusk are extremely rare. Chandi is one such extremely rare single tusk tuskers . Let's take care of this extremely rare national resource.
Sri Lanka was blessed with noble dharma. On this day, our beloved Chandi presents our best wishes on behalf of Protect Elephants' World Global Association.
Thank you 💝
God bless you 🙏
📷 belongs to Supun Dilshan - Wildlife Photographer .