29/08/2025
කලාවැව ආයෙත් අලින්ට දෙමු ❤️🙏
කලාවැව ජාතික උද්‍යානය තුළ ආයෙමත් අලි ඇතුන්ට හිතකර පරිසරයක් ඇතිකිරීමේ වැඩසටහනේ පළමු පියවර විදිහට කලාවැව් පිටියෙ තියෙන ජපන් ජබර ගලවා ඉවත් කිරීමේ ව්‍යාපෘතිය එළඹෙන සැප්තැම්බර් මාසයේ 5,6,7 දිනයන් වලදි සිදුකරන්න මේ වෙද්දි සැළසුම් සකස් කරල තියෙනව.
මේ ව්‍යාපෘතිය සඳහා රජයේ ආයතන රැසක සහයෝගයත් ලැබෙනව කියල මේ වෙද්දි දැනුම් දීල තියෙනව.
ඒ අනුව,
Clean Sri Lanka කාර්යාලය
වන ජීවි සංරක්ෂණ දෙපාර්ථමේන්තුව
මහවැලි අධිකාරිය
ත්‍රිවිධ හමුදාව
Wild Tuskers Sri Lanka
ප්‍රාදේශීය පළාත් පාලන ආයතන
යන ආයතනයන්වල සෘජු මැදිහත්වීම සහ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිතයි.
මේ නිසා විශාල පිරිසකගේ සහහාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට හැකිවෙයි කියල අපි බලාපොරොත්තු වෙනව.
පළමු දින දෙකේ උදෑසන 8.00 සිට සවස 2.00 දක්වා වැව් පිටියේ තිබෙන ජපන් ජබර මිනිස් ශ්‍රමයෙන් පමණක් ගලවා එකතු කිරීමටත් තුන්වන දිනයේ ඒවා ට්‍රැක්ටර් රථ භාවිතයෙන් ඉවත් කිරීමටත් සැලසුම් කරල තියෙනව.
මෙම කර්තව්‍ය සඳහා ඔබ හැමෝගෙම සහයෝගයත් ලැබෙයි කියල අපි බලාපොරොත්තු වෙනව.
මේ සඳහා සහයෝගය ලබාදීමට සූදානම් අය පහත අංක වලින් එකකට Whatsapp පණිවුඩයක් යොමුකරන්න 👉
කුශාන් - 0718040086
චන්දික -0773530551
අසංක - 0712300788
පැතුම් - 0775331395
අපි හැමෝම එකතුවෙලා කටයුතු කළොත් වැඩි කල් යන්න කලින් කලාවැව ජාතික උද්‍යානය ආයෙමත් අලි ඇතුන්ට සුදුසු පරිසරයක් බවට පත්කරගන්න හැකිවේවි.
ස්තූතියි,
Pathum Bandara | PathumS WILD