21/05/2026
කොට්ටෝරුවා - කැලේ ඉංජිනේරුවා 🐦🔨
කොට්ටෝරුවා ඇයි ගහට කොටන්නේ?
හේතු 3ක් තියෙනවා:
කෑමට: ගහේ පොතු යට හැංගිලා ඉන්න පණුවෝ, කුරුමිණියෝ, කුබියො අල්ලගන්න. ඌ ඇණලා ඇහෙන සද්දෙන් දැනගන්නවා ඇතුලේ සතා ඉන්නවද කියලා.
ගෙයක් හදාගන්න: බිත්තර දාන්න, පැටව් ඇති කරන්න ගහේ කඳේ සිදුරක් හාරනවා.
කතා කරන්න: "මේක මගේ තැන" කියලා අනිත් කොට්ටෝරුවන්ට කියන්න, ගැහැනු සතාව ආකර්ෂණය කරගන්න ගහට ඇණලා සද්දයක් හදනවා. හරියට drum ගහනවා වගේ.
තප්පරෙකට 20 වතාවක් ඇණලාත් ඔළුවට මොකුත් වෙන්නේ නැත්තේ කොහොමද?
මිනිහෙක් ඔහොම කළොත් මොළේ අවුල් වෙනවා. ඒත් කොට්ටෝරුවාට nature එකෙන් full protection එකක් තියෙනවා:
හොටේ: උඩ සහ යට හොටේ දිග වෙනස්. බලේ හොටේ තුඩට විතරක් වැටෙන නිසා shock එක අඩු වෙනවා.
Skull එක: ඔළුව ඇතුලේ spongy bone තියෙනවා. ඒක car එකේ airbag එකක් වගේ වැඩ කරනවා.
දිව: දිව ඔළුව වටේ wrap වෙලා තියෙනවා. ඇණද්දි එන shock එක දිව උරගන්නවා. සමහර කොට්ටෝරුවන්ගේ දිව එයාලගේ ඇඟට වඩා 3 ගුණයක් දිගයි.
ඇස්: ඇන්න ගමන් ඇසිපිය වැහිලා ඇස ආරක්ෂා වෙනවා.
ඌ ගියපස්සේ ඒ සිදුරට මොකද වෙන්නේ?
මේක තමයි වැදගත්ම දේ. කොට්ටෝරුවා සිදුර පාවිච්චි කරන්නේ අවුරුද්දයි. ඊට පස්සේ ඒක අතහැරලා දානවා.
ඒ අතහැරපු ගෙට යන්නේ:
ලේන්නු වගේ පොඩි සත්තු
ගිරව්
බකමූණෝ, බස්සෝ
මී මැස්සෝ, බම්බල් බී වර්ග
එක කොට්ටෝරුවෙක් අවුරුද්දකට සත්තු වර්ග 15-30කට වගේ ගෙයක් හදලා දෙනවා. ඒ නිසා විද්‍යාඥයෝ ඌට කියන්නේ "Ecosystem Engineer" කියලා.
කැලේට ඌ නැතුව බෑ
කෘමි පාලනය: එක කොට්ටෝරුවෙක් දවසකට පණුවෝ 500-800ක් කනවා. ඒ නිසා ගස් නරක් වෙන්නේ නෑ.
ගස් ආරක්ෂා වෙනවා: නරක් වෙච්ච කොටස් කාලා දාන නිසා රෝග අනිත් ගස් වලට බෝ වෙන්නේ නෑ.
පොළවට පොහොර: ඇණලා විසිරෙන පොතු, කුණු වලින් පොළව පොහොසත් වෙනවා.
සරලව කිව්වොත්:
කොට්ටෝරුවා කියන්නේ කැලේට free එකේ වැඩ කරන කම්කරුවෙක්. ඌ වැඩ කරලා යනකොට කැලේම දියුණු වෙනවා.
Nature එකේ design බලපන්. මිනිස්සු හදන helmet, safety gear වලට වඩා advanced
#කොට්ටෝරුවා