Jalajeevi

Jalajeevi Exchange of information on aquaculture of Tropical Ornamental Fish

21/10/2025
06/10/2025

ළඟදි පෝස්ට් එකක් දැක්ක කේමදාස මාස්ටර්ගේ දුව, ගයාත්‍රි කේමදාස ලංකාව පුරාම ඉන්න ළමයි සිය ගාණකට සංගීතය උගන්වනවලු. ඒකත් නොමිලේම!!!

කිසිම මුදලක් අය කරන්නේ නැතුව, ලංකාව පුරාම තියෙන ඉස්කෝලවල වැඩමුලු තියලා, ඒ ළමයින්ට සංගීතය ගැන කියලා දෙනවලු.

පොඩ්ඩක් හිතන්නකො. හැමදේම සල්ලි වලින් මනින අද වගේ කාලෙකදි, තමන්ගෙම වියදමෙන් රට වගේ ඉස්කෝලට වලට මෙහෙම උදව් කරන්න හිතෙනවද කාට හරි?

මේ වෙනකොටත් ලංකාවේ දුෂ්කරම පැතිවල පුංචි පුංචි ඉස්කෝල සෑහෙන ගාණකට එයාලා ගිහින්. අද ඊයෙක නෙමෙයි. සද්ද නැතුවම සෑහෙන කාලෙක ඉඳන් එයාලා මේ වැඩේ කරන්නේ...

කේමදාස මාස්ටර්ගේ අද්විතීය legacy එක පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්න කේමදාස පදනම හරහා සිද්ධ වෙන මේ වැඩේ නම් මාරම ලස්සනයි!

මේ වගෙ දේවල් තමයි ලංකාවේ ඇත්තටම share වෙන්න ඕනෙ...!

06/10/2025

ගොඩනැගෙමින් පවතින, අභින යෝග ආශ්‍රමයේ වැඩ ටික බලන්නත්, ඉදිරි වැඩ කටයුතු ටික ප්ලෑන් කරන්නත්, මම මොණරාගල ආවා.
කලකට පස්සේ පොඩි නිවාඩුවක් ලැබිලා, ජනාධිපතිතුමා විදේශයන්හිදී කළ කතා කිහිපයක් ඊයේ අසන්නට පුලුවන් වුනා.

ජපානයේදී එතුමා කළ කතාව මම ඇත්තටම අහගෙන හිටියේ, පුදුමයෙන්. උගත් විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකුට වත් මේ තරම් බැරෑරුම් මාතෘකාවක් මේ තරම් පැහැදිලිව, කොලයක් වත් බලන්නේ නැතුව එච්චර ලස්සනට කල හැකිද? හරියට විශ්ව විද්‍යාලයක දේශනයක් අහනවා වගේ මට නම් හිතුනේ.
අද මම ගියා මොනරාගල ප්‍රාදේශීය සභාවට. මේ ගොඩ නැඟෙන අභින යෝග ආශ්‍රමය පිළිබඳව මට අපැහැදිලි යම් කරුනු වගේම, මා ඉදිරියේදී කළ යුතු දේවල් ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න.

මා යන විට හිටියේ ලේකම්තුමිය පෙරේරා මහත්මිය පමණයි. මා දුටු විටම ඉතාම සුන්දර සිනහවකින් ඉතාම ලෙන්ගතුව මාව පිළිගත්තා. හැබැයි මම හිටියා කියලා එතුමිය කරමින් සිටි වැඩ නතර කොට මා සමග කතා කලේ නෑ. දොරවල් ඇරිලා තිබ්බේ. වහලා නෙවෙයි. එන හැම කෙනෙක්ම කෙලින්ම ඇවිල්ල එතුමියට කථාකොට තම ප්‍රශ්න විසඳා ගත්තා. ෆයිල් අරගෙන එන කාර්‍යාලයේ සේවක පිරිස් මම යනකම් එළියට වී බලා සිටියේ නෑ. මා එක්කත් සුහදව හිනාවෙලා ඒගොල්ලෝ තමන්ගේ වැඩ ටික කරගෙන යන ගමන්, එතුමිය ඉඩ ලැබෙන විදිහට මගේ ප්‍රශ්න ටිකත් කතා කරමින් ඒවා තමන්ම සටහන් කරගත්තා. ඒ සදහා වෙන කෙනෙක් ගෙන්න ගත්තේ නෑ. දොරවල් ඇරිලා..

මට කිව්වා එතුමියන්ලා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන බොහෝ ව්‍යාපෘති වල තිබෙන විශයන්, මා මේ ආරම්භ කරන්න යන ආශ්‍රම ව්‍යාපෘතියේ තිබෙන බව.ඉතාම සුළු කාලයක් තුළ, වසර ගණනාවක් දන්නා කෙනෙක් වගේ අපි දෙදෙනාටම හැඟෙන්නට ඇති. කාලය ඉතා වේගෙන් යනවා මට දැනුනේ නෑ.

ඒ වෙනකොට සභාපතිතුමා පැමිණියා එතුමාගේ කාමරයට මාව එක්කගෙන ගියා. ඒ දොරද ඇරිලා තිබුනේ හැමෝටම. AC on කර නොතිබූ කාමරයක්. එතුමා ලේකම්තුමිය වගේම ඉතා සුහදව, අව්‍යාජ ගෞරවයකින් මා පිළිගත්තා පමණක් නෙවෙයි, මේ සියලුම දේවල් පිළිබඳව සාකච්ඡා කලා.
වසර ගණනාවක කලාක්ෂේත්‍රයේ සිටි මට යන හැම තැනකම ආදරය ලැබෙන බව ඇත්ත. එහෙත් රසිකයන්ගෙන් ලැබෙන ආදරේට එහා ගිය අව්‍යාජ, ලෙන්ගතුකමක්, අපේ කමක්, එම කාර්යාලය තුළ මා දුටුවා. එතුමා සමඟත් මෙම ව්‍යාපෘතිය පිළිබඳව සෑහෙන වෙලාවක් පැහැදිලිව කථා කරන්නට මට කාලය ලැබුණා.

මෙහිදීත් මා දුටු පුදුම කරුණ නම්, එතුමාගේ කාර්යාලයේ දොරත් දිගටම ඇරිලා තිබුණේ.
වෙනදා විශේෂිත පුද්ගලයන්ට විතරක් ඇරෙන මේ දොරවල්, අද එන ඕනෑම කෙනෙකුට කෙලින්ම ඇවිදගෙන එන්නට පුළුවන් විදියට ඇරිලා තිබුණා.
එක සිද්ධියක් විතරක් මතක් කරන්නට කැමතියි. ඉතාම අසරණ පෙනුම ඇති. කෙසග, වියපත් යාචකයෙකුගේ වැනි පෙනුමක් තිබුණු කෙනෙක්, කාර්යාලයේ කෙනෙක් සමග පැමිණියා. ඔහුට තිබුණේ වැසිකිළියක් පිළිබඳ ප්‍රශ්නයක්. .ඒ ඉක්මනින් කරදෙන ලෙස එම කාර්යාල සේවකයාට එතුමා පැවසු විට මා පුදුමයෙන් බලා සිටියා. මීට පෙර මගේ අත්දැකීම් නම් එවැනි ප්‍රශ්නයක් සභාපතිතුමා ළඟට ගෙනාපුවහම සේවකයා බැනුම් අහන එක. මේවගේ ඒවාත් මගේ ලඟට ගේන්න ඕනද කියලා මහා හයියෙන් බනින අවස්ථා මං ඇස් දෙකෙන් දැක තිබෙනවා.

අද දිනයේ මා අත්දැක්කේ ජනාධිපතිතුමා ජපානයේදී කළ කතාවේ කියූ බොහෝදේ දැන් සිදුවෙමින් පවතින බව.
එතුමාගේ ගමන යන්නට මා කළ කිසිම උදව්වක් නෑ. ඒ වගේම මා යන ගමනේදී පුද්ගලිකව එතුමාගෙන් කිසිම දෙයක් ලබාගන්නට අවශ්‍යතාවයකුත් නෑ..

හැමදෙනාම දන්නා පරිදි මා මේ රටේ ජනාධිපතිවරුන් කිහිප දෙනෙකු රට පාලනය කරද්දී, රටවැසියන් වෙනුවෙන් අප්‍රමාණ වැඩ කොටසක් කලේ අප රටේ මිනිස්සුන්ට තිබෙන ආදරය නිසා බව.
මගේ ජීවිතයේ වසර හැත්තෑව තුළ මා දුටු දේ නම්, අප කොපමණ කාලයක්, රට කල අය අපේ ජීවිත වලට අප්‍රමාන, අමානුෂික වැරදි කරද්දී, අපි නිහඩව, නිවටව, ඉවසාගෙන හිටියාද?

අපි හැමදාම ප්‍රාර්ථනා කලේ දැන් මේ සිදුවෙමින් පවතින වෙනස නොවේද? ඒ වෙනස සිදුවෙන බව පෙනෙද්දී, අප සහයෝගය දිය යුතු නැද්ද. ?
විශේෂයෙන්ම අපේ රටේ තරුණ දරුවන්, ළමයින් වෙනුවෙන්, ලස්සන, ආරක්ෂිත, ආදරය, කරුණාව, දයාව වැනි, මානව ගුණධර්මයන්ගෙන් පිරිච්ච මිනිස්සු ඉන්න රටක් පිළිබඳව අපිට බලාපොරොත්තුවක් තබාගන්නට අවශ්‍ය. නැද්ද? ඒ සඳහා එකමුතුව අප වැඩ කළ යුතු නැද්ද? මට අද හිතුනු දේ නම්, අපි තවත් ප්‍රමාද විය යුතු නැති බවයි.

අනෝජා වීරසිංහ
සුන්දර මොනරාගල ගම් පියසේ සිට
30/ 09/ 2025

22/09/2025

Address

29/8A, Pangiriwatta Mawatha
Mirihana
10250

Alerts

Be the first to know and let us send you an email when Jalajeevi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category