Royal Pets Care Animal Clinic

Royal Pets Care Animal Clinic We provide compassionate and competent veterinary services for your loved pets.

Weekdays : 5PM - 8.30PMWeekends : 5PM - 9PMPoyadays : 9AM - 5PMHorana Road, Kottawa (Mattegoda Junction)

12/04/2025
දැනුවත් වෙමු – ජලභීතිකාව වළක්වමුලෝක ජලභීතිකා දිනය සැප්තැම්බර් 28 දින වේ.     ඈත අතීතයේ සිටම සුනඛයා (බල්ලා) සහ මිනිසා අතර...
30/04/2023

දැනුවත් වෙමු – ජලභීතිකාව වළක්වමු

ලෝක ජලභීතිකා දිනය සැප්තැම්බර් 28 දින වේ.
ඈත අතීතයේ සිටම සුනඛයා (බල්ලා) සහ මිනිසා අතර ඉතා සුහද සබැඳියාවක් තිබී ඇත. ගල් යුගයේ සතුන් දඩයම් කිරීමට සුනඛයාගේ සහාය ලබාගෙන ඇත. නිවෙස් සහ වතුපිටි ආරක්ෂා කිරීමට ආරක්ෂකයෙකු ලෙස මෙම සත්වයා මිනිසා සමග ඉතා සමීපව සහ ආදරයෙන් සිට ඇත.
ශ‍්‍රී ලංකාවේ මිනිසාට ජලභීතිකාව ප‍්‍රධාන වශයෙන්ම බෝ වන්නේ සුනඛයන් මගිනි. එය 95% පමණ ප‍්‍රතිශතයක් වේ.
ජලභීතිකා රෝගය වෛරසයක් මගින් බෝවන මාරාන්තික රෝගයක් වන අතර ජලභීතිකා රෝගය ක්ෂීරපායි (කිරි බී වැඩෙන) සතුන්ට වැළඳේ, ජලභීතිකා වෛරසය ශරීරගත වූ සුනඛයන් සපා කෑම හෝ සීරීම නිසා, ජලභීතිකා රෝගී බළලූන්, මුගටියන්, හිවලූන්, මුගටියන් වැනි සතුන් සපාකෑම හෝ සීරීම නිසා, රෝගී සතකුගේ කෙල තුවාලවල හෝ ශරීරයේ සියුම් පටකවල තැවරීමෙන් (ඇස් වල) මිනිසාට රෝගය බෝ විය හැක.

ජලභීතිකා මර්දන කටයුතුවලදී, සුනඛයන් එන්නත් කිරීම, ගැහැනු සුනඛයන්
වන්ද්‍යාකරණය, ගැහැනු සුනඛයන්ට වන්ද්‍යාකරණ එන්නත් ලබා දීම, මහජනතාව දැනුවත් කිරීම, පුහුණු කටයුතු, ”ඔටෝ ඉන්ජෙක්ටරය” මගින් දඩාවතේ යන සුනඛයන් එන්නත් කිරීම හා ගැහැනු සුනඛයන්ට වන්ද්‍යාකරණ එන්නත් ලබා දීම සිදු කෙරේ.

සුනඛයන්ගේ රෝග ලක්ෂණ

ගොළු පිස්සුව – අඳුරු තැන්වල සැ`ගවීමට තැත් කරයි, ආහාර ගැනීම නවතයි, උගුරේ යමක් සිර වූ බව පෙන්වයි, පාද අප‍්‍රාණික බවක් පෙන්වයි, අන් අයගේ අනුකම්පාව ලබා ගැනීමේ ස්භාවයක් පෙන්වයි.

වියරු පිස්සුව – මුඛයෙන් සෙම වැගිරෙයි, ඇස් විශාල වී රතු වී දිලිසෙයි, දම්වැල්, කුඩුවේ දැල් වැනි අසාමාන්‍ය දේවල් සපයි, ඉදිරියට හමු වන සෑම දෙනාම සපා කෑමට පෙලඹෙයි, ආහාර ගැනීම නවතයි, පිස්සු බල්ලකු ලෙස හැසිරෙයි. මේ මගින් පහසුවෙන් පිස්සු බල්ලන් හඳුනාගත හැක.
මෙම රෝග තත්ත්ව දෙකේදීම ජලභීතිකාව වැළඳුන සුනඛයන් දින 10-14 කාලයේදී මිය යනු ලබයි.
ජලභීතිකා රෝගී යැයි සැක කළහැකි සුනඛයකු, බළලකු හෝ කැලෑ සතකු සපා කෑ විගස වහාම ගලා යන ජලයෙන් සබන් යොදා තුවාලය විනාඩි 10ක් පමණ හොඳින් අතුල්ලා සෝදා හැරීම, (සබන් යොදා සෝදා හැරීම තමන් විසින්ම සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ. වැඩිහිටියකු හෝ දරුවකු වැනි උදවු කළ යුතු අයකු නම් සෝදන්නා තමාගේ අත් ආවරණය කරගෙන තුවාලය සෝදා හැරීම වඩාත් යෝග්‍ය වේ.), ළඟම ඇති රජයේ රෝහලට ගොස් වෛද්‍ය වරයකුගේ උපදෙස් ලබා ගැනීම/ අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් අනුව ප‍්‍රතිකාර ලබා ගැනීම, වෛද්‍ය වරයා හමු වීමට යන විටදී, සතාගේ එන්නත් කාඞ් පත ඇත්නම් එය රැගෙන ගොස් වෛද්‍ය වරයට ඉදිරිපත් කිරීම කළ යුතුය.
සපා කන ලද සත්වයා මරුනහොත් හෝ මරුවහොත් තම කොට්ඨාසයේ ක්ෂේත‍්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ උපදෙස් ලබාගෙන මැරුනු සුනඛයාගෙ හිස කොටස කොළඹ බොරැුල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය, පශු වෛද්‍ය පීඨය පේරාදෙණිය, ගාල්ල කරාපිටිය රෝහල යන පරීක්ෂණාගාර 03න් එකක් වෙත ලබා දීම කළ යුතුය.

සුනඛයන්ට ඇතිවන ජලභීතිකාව වැළැක්වීම සඳහා සියලූම සුනඛයන්ට වයස සති 4-6 අතර ජලභීතිකාවට එරෙහිව එන්නත් ලබා දීම, නැවත මාස 03 දී ජලභීතිකාවට එරෙහිව එන්නත ලබා දීම, ඉන්පසුව සෑම වසරකටම වරක් ජලභීතිකාවට එරෙහිව එන්නත නොවරදවාම ලබා දීම, මීට අමතරව ඩිස්ටෙම්පර් පාවෝ වැනි රෝග සඳහාත් වෙනත් රෝගී තත්ත්ව සඳහාත් පශු වෛද්‍ය නිලධාරී වරයකුගේ උපදෙස් සහ සේවය ලබා ගන්න.

පාවෝ රෝගය Canine Parvo Viral Diarrheaපාවෝ රෝගය බලු පැටවුන් අතර ඉතා සුලබ මාරාන්තික ලේ පාචන රෝගයකි. එම නිසා බලු පැටවුන් ඇත...
30/04/2023

පාවෝ රෝගය Canine Parvo Viral Diarrhea

පාවෝ රෝගය බලු පැටවුන් අතර ඉතා සුලබ මාරාන්තික ලේ පාචන රෝගයකි. එම නිසා බලු පැටවුන් ඇති කරන සියලු දෙනා‚ මෙම රෝගය ගැන දැන සිටීම ඉතා වැදගත් වේ.

පාවෝ රෝගය වෛරසයක් මගින් ඇතිවේ. මෙම රෝගය ආසාදිත සතෙකු සමග කෙළින්ම ස්පර්ශයෙන් හෝ විෂබීජ තැවරුණු ද්‍රව්‍ය මගින් ව්‍යාප්තවේ.
මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ආමාශය සහ බඩවැල් ආශ්‍රිතව වර්ධනය වේ. එම නිසා බඩවැල් වල සහ ආමාශයේ බිත්ති තුවාල වී රුධිරය වහනය වේ.

වයස සති 6 සිට මාස 6 දක්වා බලු පැටවුන් හට මෙම රෝගය වැළදීමේ වැඩි අවදානමක් පවතී.
පාවෝ රෝගය වැළඳුණු සතෙකුගේ ප්‍රධාන රෝග ලක්ෂණ පහත පරිදි වේ,

*රෝග ලක්ෂණ *

*ලේ බඩ යෑම (අධික දුගඳක් සහිතව දුඹුරු හෝ රතු පැහැයෙන් මල පහ පිටවීම සහ මල පහ ඈතට විදීම Shooting diarrhea)
*වමනය
*උන
*අලස බව
*කෑම අරුචිය
*බර අඩුවීම
*දුරවල බව
*විජලනය

මුල් අවස්ථාවේ දී මෙම රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් පැවතිය හැක. ඔබේ සුරතලාට පාවෝ රෝගය වැළදී ඇතයි සැක කරනවා නම් ඉතා ඉක්මනින් පශූ වෛද්‍යවරයෙකු වෙත යා යුතුය.

මෙය මාරාන්තික රෝගයක් වන අතර 10% සිය 30% පමණ සතුන් මිය යයි. රෝගය සුව වීමට සතියක පමණ කාලයක් ගතවේ. නමුත් මෙය සතා අනුව වෙනස් විය හැක.

*රෝගය වළක්වා ගැනීම*

මෙය මාරාන්තික රෝගයක් වුවත් වළක්වා ගත හැක. එම නිසා සියලු ම පැටවුන් සහ වැඩිහිටි සතුන් නිසි ආකාරයෙන් එන්නත් කල යුතු ය. විශේෂයෙන් මවු සතුන් නිසි ආකාරයෙන් එන්නත් කර තිබීමෙන් කුඩා පැටවුන්ට මුල් සති කීපයේ දී අවශ්‍ය ප්‍රතිශක්තිය ලැබේ. කුඩා පැටවුන් එන්නත් නොකල සතුන් සමග ගැටීම වැළැක්විය යුතු ය.

30/04/2023

#නව වසරේ නව ලොව එලිය දුටු පස් නිවුන් උපත.. #
මෙම සුනඛ මවට තම පැටවු බිහිකිරීමේදී ඇතිවූ අපහසුතාවක් නිසා සාමාන්‍යය උපතක් මගින් තම පැටවුන් බිහිකිරීමට නොහැකි විය.
එමනිසා සිසේරියන් සැත්කමකින් පැටවු පස් දෙනෙකුට ජීවිතය දීමට හැකියාව ලැබීම සතුටකි.

30/04/2023
30/04/2023

"ඇයද මවකි සෙනෙහෙබර"

අලුත් අවුරුදු දවසේ සාර්ථකව සිදුකල සිසේරියන් සැත්කමින් උපත ලද පැටවු සමග ඇය අද සායනයට පැමිණියා.
පැටවුන් හරි ආදරයෙන් පණු බෙහෙත් බොන හැටි ඇයද නිරීක්ෂණය කලා.

30/04/2023

මගේ නම Roxy🙈
දොස්තර මහත්තය හැමදාම ඉන්ජෙක්ශන් විදින නිසා එයාට හොද පාඩමක් ඉගැන්නුව.
මට හරිම ආඩම්බරයී.💪💪💪

30/04/2023

Yeah,,She is coming 🤩🤩🤩

Royal Pets Care Animal Clinic
Pannipitiya kottawa

-තුර්කියේ ඛේදවාචකය- කරදරයක් වූ විට අත් නොහැරීම සතුන්ගෙන් ඉගෙන ගනිමු..තුර්කි ඛේදවාචකයේ සංවේදී දසුන්.වැදගත්:  මෙම අනතුර සි...
08/02/2023

-තුර්කියේ ඛේදවාචකය-
කරදරයක් වූ විට අත් නොහැරීම සතුන්ගෙන් ඉගෙන ගනිමු..තුර්කි ඛේදවාචකයේ සංවේදී දසුන්.
වැදගත්: මෙම අනතුර සිදුවීමට ප්‍රථම #කුරුලු ප්‍රජාවට දැනුන වුන් විවිද ශබ්ද නගා ඊට ප්‍රතික්‍රියා දක්වා ඇති අතර මිනිසාට තවම එම සංවේදනයන් ග්‍රහණය කර ගත නොහැකි වීම කනාගාටුවකි.
මිනිස් ජීවිත 8000කට අධික ප්‍රමාණයක් අහිමි වී ඇත. ඒ අතර සුරතල් සතුන් සිටී.😥😥

Address

Horana Road, Pelanwatta
Kottawa
10230

Opening Hours

Monday 16:00 - 21:00
Tuesday 16:00 - 21:00
Wednesday 16:00 - 21:00
Thursday 16:00 - 21:00
Friday 16:00 - 21:00
Saturday 17:00 - 21:00
Sunday 17:00 - 21:00

Telephone

+94764900939

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Pets Care Animal Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royal Pets Care Animal Clinic:

Share

Category