Ceylon Aqua Vet Academy 𝐂𝐀𝐕𝐀

Ceylon Aqua Vet Academy 𝐂𝐀𝐕𝐀 Aquatic Knowledge for a Beautiful World 🌊🌍

තල්මස් වමනය නොහොත් මහ මුහුදේ පාවෙන රත්තරං🐳🪙💎ලෝකයේ විශාලම දත් සහිත සත්වයා වන S***m whale තල්මසා විසින් නිකුත් කරන වමනය රත...
20/10/2025

තල්මස් වමනය නොහොත් මහ මුහුදේ පාවෙන රත්තරං🐳🪙💎

ලෝකයේ විශාලම දත් සහිත සත්වයා වන S***m whale තල්මසා විසින් නිකුත් කරන වමනය රත්තරන් වගේ වටිනවා කියලා ඔබ දන්නවාද? තල්මස් වමනය එහෙමත් නොමැති නම් ඇම්බර් කියල සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන, මේ ද්‍රව්‍ය සැබවින්ම හඳුන්වන්නේ "ඇම්බර්ග්‍රිස්" කියන විද්‍යාත්මක නමින්.

ඇම්බර් හැදෙන්නේ කොහොමද?🛠️

S***m whale තල්මසා මහ සාගරයේ විශාලතම සත්ත්වයෙක් වන අතර ශරීර ප්‍රමාණයට සරිලන ලෙස ආහාර විශාල ප්‍රමාණයක් ආහාර ලෙස ලබා ගන්නවා.මේ අතර කුඩා මසුන් ඇතුළු මුහුදු ජීවීන් අතුරින් දැලිපොතු සහිත දැල්ලන්, ඉස්සන් ආදී සතුන්ගේ නොදිරන ජීරණය කරගත නොහැකි ආහාර කොටස් අන්ත්‍ර තුළ දීර්ඝ කාලයක් රැදිල තියෙනවා. දිගු කාලයකට පස්සෙ එහෙම ඉතිරිවන නොදිරන කොටස් තල්මසා විසින් වමාරනවා. මෙම ජීර්ණය කරගත නොහැකි කොටස් සමග ස්පර්ම් තල්මසුන් "ඇම්බ්‍රීන්” කියන රසායනික ද්‍රව්‍යය මිශ්‍ර කරලා තමයි ශරීරයෙන් පිටතට නිකුත් කරන්නේ. මෙම නිපදවන වමනය වතුරත් එක්ක මිශ්‍ර වන විට ඝන ස්වභාවයකට පත්වෙනවා. මෙම ද්‍රව්‍ය තමයි සාගරයේ පාවෙන්නේ හෝ වෙරළට ගසාගෙන එන්නේ.

ඇම්බර්ග්‍රිස්‌ ඇයි මේතරම් වටින්නේ?✨

ඇම්බර් වලට අමුතු මිහිරි සුවඳක් තියෙනවා වගේම දීර්ඝ වේලාවක් ඒ සුවඳ පවතිනවා, ඒ නිසා එය උසස් තත්ත්වයේ සුගන්ධ ද්‍රව්‍ය (Luxury Perfume) නිෂ්පාදනයට භාවිතා කරනවා. මේ ද්‍රව්‍යය ඉතා දුර්ලභ නිසා, කුඩා කැබැල්ලක් පවා ලක්ෂ ගණනක මුදලකට වටිනවා.

ඇම්බර් ළඟ තබා ගන්න පුළුවන්ද?🚨

ඇත්ත වශයෙන්ම ඇම්බර් ලඟ තබා ගැනීමට හා විකිණීමට කිසිදු නීතිමය අවසරයක් නැහැ.

අපි රැකගනිමු අපේ සයුර හැකි අයුරින්

ලියන්නේ : ශෂික යටිවැල්ල ෴
-------------------------------------------------------------------

Whale Vomit or the Floating Gold of the Ocean! 🪙💎🐳

Did you know that the vomit produced by the S***m Whale, the largest toothed animal in the world, is as valuable as gold?
Commonly known as “Amber” or “Ambergris” in scientific terms, this rare ocean treasure has amazed scientists and perfume makers for centuries.

💫 How is Ambergris Formed?

The S***m Whale, one of the largest creatures in the ocean, consumes a huge amount of food including fish, squid, and other sea animals.
Some parts of this food, especially the hard, indigestible beaks and shells, cannot be digested easily. These parts remain in the whale’s intestines for a long time.

Over time, the whale’s body coats these materials with a waxy substance called “Ambrein” and finally expels them as waste.
When this substance mixes with seawater, it hardens and starts to float, eventually washing ashore.
That is what we call Ambergris, the ocean’s mysterious floating treasure. 🌊

💎 Why Is Ambergris So Valuable?

Ambergris has a unique sweet, musky scent that lasts for a long time, making it a prized ingredient in luxury perfumes.
Because it is so rare, even a small piece can be worth thousands of dollars, sometimes even more valuable than gold. ✨

🚨 Can You Keep or Sell Ambergris?

In many countries, including Sri Lanka, possessing or selling ambergris is illegal, as it comes from a protected marine species, the s***m whale.

Let’s protect our oceans and nature.
Every creature, even a whale, plays an important role in keeping our planet alive and beautiful. Together, we can make a difference! 🌎

19/10/2025

ලේ කිරට හැරවෙන මහ සයුරේ සෙනෙහසේ කතාව 🐳❣️

ඔබට කිරි බී වැඩෙන සතුන් නම් කරන්නට කිවහොත් නිසැකයෙන්ම මිනිසා ඇතුළුව තවත් ගොඩබිම සතුන් නම් කිරීමට ඔබ දක්ෂ විය හැක. නමුත් ඔබ දන්නවාද ජලය තුළද ජීවත්වන ජීවීන් කිහිපයක්ම කිරි බී වැඩෙන බව. ඔබ කවුරුත් දන්නා ජලයේ ජීවත්වන තල්මසා ද කිරි බී වැඩෙන නොහොත් ක්ෂීරපායි සත්වයෙකි. ලොව විශාලතම සත්වයින් තල්මසුන් වන අතර එයින් Antarctic Blue Whale (𝐵𝑎𝑙𝑎𝑒𝑛𝑜𝑝𝑡𝑒𝑟𝑎 𝑚𝑢𝑠𝑐𝑢𝑙𝑢𝑠) ලොව විශාලතම සත්වයා ලෙස සැලකේ. ස්වභාවධර්මයේ අපූර්වත්වය සහ මාතෘ ස්නේහය විදහා පාමින් තල්මසුන් තම පැටවුන්ට කිරි ලබාදීම මහ සයුරේ තවත් එක් සෙනෙහෙබර කතාවකට කදිම නිදසුනකි.

තල්මසුන් මව්කිරි ලබාදීම සිදුකරන්නේ කෙසේද?🤔

ජලජ පද්ධතියක මව්කිරි ලබාදීම සැබැවින්ම අපහසු කාර්යයකි. නමුත් ඔවුන් පරිණාමය වීමේදී ඒ සඳහා ඔවුන්ගේම අද්විතීය යාන්ත්‍රණයක් සකස්කොට ගෙන ඇත. අනෙකුත් ගොඩබිම ක්ෂීරපායින් ලෙසම මොවුන්ගේද ක්ෂීර ග්‍රන්ථි සකස් වී ඇත. දිනකට මොවුන් කිරි ලීටර් 200 ක් පමණ නිපදවයි. මිනිසුන්ගේ මෙන් තන පුඩු පිටතට විහිදී නොපවතින අතර ඒවා mammary slits ලෙස සමේ කොටසකින් ආවරණය වී ඇත. ගොඩබිමේ ක්ෂීරපායින් මෙන් පැටවුන් කිරි උරා බීමේදී සෘජුව මවට සම්බන්ධ නොවන අතර පැටවා එම mammary slits මතට උත්තේජනයක් දුන් පසු මව් තල්මසා කිරි ඉවතට මුදා හරියි. පැටවාට තනිවම ජීවත් වීමට සහ තමන්ගේම ආහාර දඩයම් කිරීමට තරම් වයස්ගත වන තුරු තල්මසුන්ගේ මව්කිරි දීම දිගටම පවතී.

කිරි ජලයේ දිය වෙනවා නේද?😱

තල්මසෙකු සාර්ථකව මව්කිරි ලබාදීමේ ප්‍රධාන හේතුව වන්නේ එම කිරිවල උකු බවයි. තල්මසුන්ගේ කිරි වල අසාමාන්‍ය ලෙස ඉහළ මේද අන්තර්ගතයක් ඇති අතර එය බොහෝ විශේෂවල මේදය 35% සිට 50% දක්වා පරාසයක පවතී. තල්මසුන්ගේ කිරිවල උකුබව සහ ස්වභාවය දන්තාලේප සමඟ සැසඳේ. මෙම මේද ස්වභාවය නිසා කිරි ජලයේ දියවීම සිදු නොවේ.

එම කිරිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ?🥛

පැටවා හොඳින් වැඩීමට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථවලින් තල්මසුන්ගේ කිරි පොහොසත් ය. වේගයෙන් වර්ධනය වන පැටවාට ශක්තිය සපයන සෞඛ්‍ය සම්පන්න මේදවලින් මෙම ද්‍රව පිරී ඇත. කිරිවල ඇති අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ අස්ථි වර්ධනයට, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට සහ මොළයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට උපකාරී වේ.

ලියන්නේ : ශෂික යටිවැල්ල ෴
-------------------------------------------------------------------

❣️🐳 𝗧𝗵𝗲 𝗠𝗶𝗿𝗮𝗰𝘂𝗹𝗼𝘂𝘀 𝗠𝗼𝘁𝗵𝗲𝗿𝗹𝘆 𝗟𝗼𝘃𝗲 𝗼𝗳 𝘁𝗵𝗲 𝗢𝗰𝗲𝗮𝗻 🐳❣️

If you were asked to name animals who fed on milk, you would certainly be named land animals, including humans. But did you know that many aquatic organisms also grow on milk? As you all know, whales are also mammals. The largest animal in the world is the whale, of which the Antarctic Blue Whale (𝐵𝑎𝑙𝑎𝑒𝑛𝑜𝑝𝑡𝑒𝑟𝑎 𝑚𝑢𝑠𝑐𝑢𝑙𝑢𝑠) is the largest. Whales feed their calves in the ocean is a perfect example of another love story in the ocean.

How do Whales Breastfeed Underwater? 🤔

Breastfeeding inside the water is a really difficult task. But as they evolved, they developed their own unique mechanism for it. Like other land mammals, their mammary glands are well formed. They produce about 200 liters of milk per day. Unlike humans, ni***es do not protrude and are covered with a layer of skin called mammary slits. Unlike terrestrial mammals, calves are not directly involved in sucking milk and the mother whale releases milk after the calf is stimulated on those mammary slits. Whales continue to breastfeed until their calves are old enough to survive on its own and hunt their own food.

Does Milk Dissolve in Water?😱

The main reason a whale successfully breastfeeds is that the milk is very thick. Whale milk has an unusually high fat content, ranging from 35% to 50% fat in most species. The consistency and texture of whale milk is comparable to that of toothpaste. Due to this fatty nature, milk does not dissolve in water.

What is the Nutritive Value of Whale Milk?🥛

Whale milk is rich in all the nutrients needed for the calf to grow well. This fluid is packed with healthy fats that provide energy to the fast growing calf. The other nutrients in milk help in bone growth, boost the immune system and ensure proper functioning of the brain.

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Aqua Vet Academy 𝐂𝐀𝐕𝐀 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category