16/11/2021
💠 ඇරවනා මාලුවෙක් මිලදී ගන්න කලින් දැනගත යුතුම කාරණා සියල්ල මෙතැනින් 💠
🌀 පළමු දිග හැරුම
ඇරවනා මාලුවෙක් ගේන්නද හදන්නේ... එහෙනම් මේ කරුණු ඔයාට වැදගත් වෙයි.
ඇරවනෙක් ගේන්න කලින් දැන ගන්න ඕන දේවල් හා අවශ්‍ය දේවල්.
1. මුලින්ම ඔයා කරන්න ඔනෙ ඔයා හදන ඇරොවානා මොන වර්ගෙ එකෙක් ද කියලා තීරණය කරන එක.
⚡ Silver Arowana
⚡black arowana
⚡albino silver arowana
කෙනෙක් නම් අඩුම අඩි 6x2x2 ක් දිග ටැන්කියක් ඔයා ගාව තියන්න ඔනෙ. Asian arowana කෙනෙක් නම් අඩි 4x2x2 ටැන්කියක්වත් තිබ්බොත් හොදයි. මෙයාලා ටිකක් දගයි. ඒ වගෙම පොඩි දේටත් කලබල වෙනවා. ඒ නිසා ටැන්කිය ලොකු වෙන එක හොදයි.
2. ඔයාලා ගේන්න යන ඇරවානා කවුද කියල තීරණය කරාට පස්සෙ යාලුව ව ගේන්න කලින් ( යාලුවා කිව්වෙ මාලුවට හොදේ😊😊😊) මේ දේවල් ටික කරන්න ඔනේ.
ඔයාලගෙ ටැන්කියෙ filter එක අඩුම internal sump එකක් වත් තියනවා නම් ලෙඩක් දුකක් නැතුව මාලුවා පහසුවෙන් හදන්න පුලුවන්. ඒ නිසා internal sump filter,external sump filter, canister filter, upper filter වලින් එකක් ඔයලගෙ ටැංකියට පාවිච්චි කරන්න.
ඊලගට aquarium heater එකක්, පුලුවන් නම් ph test kit එකක්, oxygen moter එකක් ටැංකියට fix කරන්න.
ටැංකියේ පතුලට මුකුත් නොදා ඉන්නව නම් ගොඩක් හොදයි. ඔනෙ නම් මුහුදු වැලි දාන්න පුලුවන්. හැබැයි මාලු ගල් නම් දාන එක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි. ඒ වගේම drift wood දානව නම් ඇර්වානා නිතරම පීනන්න ටැංකියෙ උඩ කොටසට නොඑන විදියට දාන්න පුලුවන්.
Background එක විදිහට silver arowana, pearl arowana, green arowana නම් නිල් පාට වගේම Golden arowana වර්ග වලට සුදු හෝ නිල් පාට, Red Arowana වර්ග වලට කලු පාට පාවිච්චි කරොත් ලස්සනට ඔයලගෙ Arowana පාට බලාගන්න පුලුවන්.
ඇරවානා කියන්නෙ jumping masters ලා😂😂. ඒ නිසා ටැංකියෙ වහලෙ හොදට තිබ්බෙ නැත්තන් මාලුවා පහුවදා බිම තමයි. ඒ නිසා අනිත් වැදගත් දේ තමයි හොද වහලයක්. ඒ වගෙම ටැංකියේ වහලෙට යටින් ඍජුෆොම් අලවන්න පුලුවන් නම් මාලුවා උඩ පැන්නත් වහලෙ වීදුරු වල වැදිලා තුවාල වෙන්න තියන ඉඩ කඩ අඩුවෙනවා.
ඒ වගෙම ගොඩක් අරොවනා මාලුන්ට වෙන දෙයක් තමයි drop eye වෙන එක. මේක අපිට වලක්වන්න බැහැ. ඒත් පාලනය කරන්න පුලුවන්. ඒකට කරන්න ඕනෙ වතුරට මට්ටමට උඩින් plastic බෝල එල්ලන එක. වතුරෙ පාවෙන්න දාන එකට වඩා ඒක ඵලදායී.
Lighting ගැන කතා කරොත් ඇර්වානා මාලුන්ටම හදපු වෙනම lights, aquarium වල තියනවා ගන්න. Golden arowana, Red arowana කෙනෙක් ඔයාලා හදන්න හිතන් ඉන්නවා නම් මාලුවගෙ පාට ගොඩක් ලස්සන කර ගන්න පුලුවන් මේ arowana lights වලින්. Tanning lights තියනවා නම් ස්වභාවික හිරු එලිය කෘතීමව දෙන්න පුලුවන්. Silver, pearl ඇරවානලට නම් led lights තිබ්බහම ඇති. arowana light එකක් දාන්න පුලුවන් නම් හොදයි. හැබැයි දැම්මෙ නැහැ කියලා අවුලක් නැහැ.
3. ඉතින් මේ දේවල් ටික හදා ගත්තට පස්සෙ ඔයාලට පුලුවන් යාලුවව එයගෙ අලුත් ගෙදරට ගේන්න. හැබැයි හොදට මතක තියා ගන්න මාලුවා ගෙන්න අඩුම සතියකට කලින් වත් ටැංකියට වතුර පුරවල filter, oxygen දාලා සතියක් වත් තියල තමයි මාලුවව ගෙන්න ඔනෙ. මොකද ඇරවානට අලුත් වතුර ඇලජික්....🙃🙃🙃
4. මෙන්න මේ දේවල් ටික කරාට පස්සෙ පුලුවන් ඔයාලගෙ අලුත් යාලුවව අරන් එන්න හොද aquarium එකකින්. ඇරවානා එක්ක වෙන මාලු හදනවා නම් ඇරවානගෙන් එයාලටත් , එයාලගෙන් අරවානාටත් කරදරයක් නොවෙන විදියට size ගලපලා අරවානා එක්ක හදන්න පුලුවන් අයව විතරක් හදන්න...
ඔන්න ඔය ටික තමයි අරවානා කෙනෙක් ගේන්න කලින් කරන්න ඔන දේවල් ටික (දැනට මට මතක් වෙන ටික😅😅😅... මට කියන්න අමතක උන දෙයක් තියනවා නම් comment එකක් දාගෙන යන්න)
සැ.යු. - මේ කියපු කරුනු පොදුවෙ කියපු කරුනු. මේ කරුනු සමහර අවස්තාවලදී වෙනස් වෙන්න පුලුවන්.
🌀 දෙවැනි දිග හැරුම
අරවානෙක් ගේන්නද හදන්නෙ??? එහෙනම් මේ කරුනු ඔයාලට වැදගත් වෙයි..
මගෙ කලින් post එකේ මන් ඔයාලට පැහැදිලි කරා කොහොමද අරවානා මාලුවෙක් ට සුදුසු විදිහට ටැංකිය සකස් කරන්නේ කියලා.මේ පෝස්ට් එකෙන් මම පැහැදිලි කරන්නම් කොහොමද ඔයාලගේ අලුත් ටැංකියට හොද මාලුවෙක් තෝර ගන්නේ කියලා.අරවානා මාලුවෙක් මිලදී ගත්දී සලකල බලන්න ඕන සාධක කිහිපයක් තියනවා .
1. මාලුවාගෙ වගේ ඇඟේ හැඩය -
සිල්වර් අරවානා, බ්ලැක් අරවානා, ඇල්බිනෝ අරවානා වර්ග , asian අරවානා වර්ග වලට වඩා දිගටි ශරීරයකින් යුක්තයි. ඒ වගේ ම ඒශියන් අරවානා අන් වර්ග වලට වඩා පළලින් වැඩි.කොහොම උනත් ප්‍රමාණයට වඩා කෙට්ටුත් නැති ප්‍රමාණයට වඩා මහතත් නැති අරවානෙක් තෝර ගන්න හැමවෙලේම උත්සාහ කරන්න .
අනිත් වැදගත් දේ තමයි අරවානා කියන්නේ නිතර ම ටැංකියෙන් පිටතට පනින්න උත්සාහ කරන මාළුවෙක්.මේ නිසා අරවානා ට තුවාල වෙලා තියෙන්න පුළුවන් .මේ හේතුව නිසා අරවානා ගන්න යන ඕගොල්ලො හොඳට බලන්න ඕන දෙයක් තමයි මාලුවගෙ කොන්දට damage වෙලා තියෙනවද කියලා බලන එක.පැත්තෙන් වගේම උඩින් බැලුවහම මාළුවාගේ ඇඟ කෙලින් තියෙන්න ඕනේ.
2. මාළුවගෙ පාට
මේක නම් ගොඩක් වැදගත් වෙන්නේ golden අරවානා හා red අරවානා ගන්න කෙනෙකුට Rtg - Rtg මාලුවෙක් ගෙ නම් 4th level scales row එක වෙනකන් පාට එනවා.ඒ වගේ ම Rtg හොඳ මාලුවෙක්ගේ tail එකේ උඩ කොටස කලු පාට වන අතර යට කොටස තද රතු පාට වෙනවා .
Highback - මේ වර්ග මාලුන්ගේ 5th row එක වෙනකන් gold පාට එනවා.
Crossback වර්ග - මෙයාලගේ නම් 6th row වෙනකම් ,එහෙමත් නැතිනම් මුලු ඇඟේම golden scales තියෙන්න ඕන.කොහොම උනත් මෙයාලගේ වයසත් එක්ක තමයි පාට වැඩි වෙන්නේ.
Red arowana - Red arowana වර්ග වල මාළුවා අඟල් 12 ට වැඩි උනහම තමයි පාට පේන්න ගන්නේ. ඒ නිසා පොඩි මාළුවෙක් ගන්න කොට Babels පටන් ගන්න තැන තද රතුපාට නම් එයා හොද මාලුවෙක් හොඳ මාළුවෙක් කියලා හිතන්න පුලුවන්.
3. Scales
අරවානෙක් ගන්නකොට බලන්න ඕන තව දෙයක් තමයි එයාගේ කොරපොතු. දිලිසෙන, සම්පූර්ණ, නිසි ලෙස සැකසුණු (කොරපොතු පේලි කෙලින් පිහිටන) කොරපොතු තියන මාළුවෙක් තෝර ගන්න හැමවෙලේම.ඒ වගේ ම dropsy රෝගය තියෙනවද කියලත් හොඳට බලන්න.කොරපොතු හැලිලා තිබුනට කමක් නැහැ. මාස තුනත් හයත් කාලයක් අතර ඒවා එනවා.
4. Barbels
මාළුවාගේ කට ඉස්සරහ තියෙන කූරු දෙකක් වගේ ගැජට් එකට තමයි barbles කියන්නේ. හොඳ මාලුවෙක් ගෙ නම් මේ barbels දෙක කෙලින් , සමාන ව, කැඩිලා නැතුව තියෙන්න ඕන.barbels කැඩුනොත් ඒවා ආයිත් වැවුණත් ඒකට කාලයක් යනවා.
5. Mouth
අනික් කාරණය තමයි මෙයාලගේ කට දෙපැත්තේ තියෙන තොල් 2 ඇද නැතිව තියෙන්න ඕන.දත් එලියට පෙන්නේ නැති වෙන්න තොල් එකකට එකක් සමපාතව තියන්න ඕන.තොල් ඇද වෙලා තියෙනවා නම් සමපාත නැත්තං ඒ වගේ මාළුවෙක් නොගෙන ඉන්න එක තමයි හොඳ.
6. Eyes
හොද මාලුවෙක් ගෙ නම් ඇස් දෙක cloudy eye වෙලා නැතුව පැහැදිලිව තියෙන්න ඕන. මාළු වගේ ඇස් දෙක ශරීර ප්‍රමාණයට වඩා ගොඩක් ලොකු නම් ඒ මාළුවා වයසට හරියන්න හැදුනු නැති මාලුවෙක්.
7. Fins and tail
මාළු වගේ වරල් ඇකිලිලා නැතුව හොඳින් දිග ඇරිලා තියෙන්න ඕන.ඇකිලිලා,ඇද වෙලා තියෙන වරල් සහිත මාළු ගන්න එපා.වරල් ඉරිලා තිබුනට කමක් නැහැ වරල් කැඩුණු හෝ උපතින්ම වරල් අඩුපාඩු සහිත මාළු ගන්න එපා.
8. Grill covers
මාලුවගෙ grill covers දෙක හොඳින් වැහිලා තියෙන්න ඕන.ඇරුනු grill cover සහිත මාළුවන් මිල දී ගන්න එපා.
9. පිහිනන ආකාරය
අරවානා මසුන් තිරස්ව පිහිනන මසුන් විශේෂයක්. කලබල නැති, ඍජුව, වරල් දිගහැර පිහිනන මාලුවෙක් තෝරගන්න වගබලාගන්න. ( swim bledder නැති)
මීට අමතර ව, රෝග වලින් තොර , නිරෝගි මාලුවෙක් තෝර ගන්න උත්සාහ කරන්න.
අරවානා මාලුවෙක් තෝරනවා නම් අඩුම මාළු දහයක් ඉන්න ඕන. ඒ වගේ ම මාලුවා ගන්න කලින් එයා පුරුදු වෙලා ඉන්න කෑම දාලා බලලා ගන්න පුළුවන් නම් ගොඩක් ලේසියෙන් මාළුවා ගෙන ආවට පස්සේ කෑමට හුරු කර ගන්න පුළුවන්.
Asian අරවානා කෙනෙක් මිලදී ගන්න කොට විශ්වාසවන්ත තැනකින්,විශ්වාසවන්ත farm එකකින් ගෙනාපු මාළුවෙක් මිලදී ගන්න.
ඉතින් මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් උනොත් ඔයාලට පුලුවන් හොද යාලු මාලුවෙක් තෝර ගන්න.
🌀 තෙවැනි දිග හැරුම
ඔයාලගේ Arowana යාලුවව නිරෝගීව හොඳින් බලාගන්න මේ කරුණු ඔයාලට වැදගත් වෙයි.
මගේ කලින් පෝස්ට් වලින් මම විස්තර කළා කොහොමද හොද අරවානෙක් තෝරගන්නේ කියලා.මං මේ පෝස්ට් එකෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයාලා තෝර ගත්ත අරවානා යාළුවව හොඳින් බලාගන්නෙ කියලා.
මෙන්න මේ කරුණු ගැන ඕගොල්ලෝ සැලකිලිමත් වෙනවා නම් ඉතාමත් පහසුවෙන් ඔයාලගේ අරවානා ව, ලෙඩ රෝගවලට ගොදුරු වෙන්නේ නැතුව, පරිස්සම් කරගන්න ඔයාලට පුළුවන්.
1. වතුරේ ගුණාත්මක භාවය
- අරවානා මාලුවෙක් ඔයාලා හදනව නම් අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි අරවානා ඉන්න වතුරෙ ගුණාත්මක සහ පිරිසිදු භාවය. කලින් පොස්ට් එකේ විස්තර කරල තියෙන විදිහට හොඳ filter එකක් තියෙනවනම් පහසුවෙන්ම වතුරෙ පිරිසිදු භාවය පවත්වා ගන්න පුළුවන්. මාළුන්ගේ අපද්‍රව්‍ය නැති, බොර පාට නොවු, පැහැදිලි වතුර එකක් පවත්වා ගන්න වග බලා ගන්න.
♀️Water Change
ඒ වගේ ම අවම වශයෙන් සතියකට සැරයක් වත් ටැංකියේ මුළු වතුර ප්‍රමාණයෙන් 30% ප්‍රමාණයක water change එකක් කරන්න අනිවාර්යෙන්ම වගබලා ගන්න. (මේ 30% water change එකට tap වතුර භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි.) Water change එක කරද්දි ටැංකි පතුලේ තියෙන වතුර හා අපද්‍රව්‍ය ඉවත් වෙන විදිහට සිදු කරන්න වගබලා ගන්න. මේ water change එක ඉවර වෙලා arowana guard, aquarium salt ටිකක් අලුතින් එකතු කරපු වතුර ප්‍රමාණය ට යොදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
♀️ ph අගය
වතුරෙ ph අගය හැම වෙලේම 6.5 - 7.0ත් අතර පවත්වා ගෙන යන්න කටයුතු කරන්න. සතියට දෙපාරක් වත් ph අගය බලන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
Ph අගය වැඩිවීම වගේම අඩු වීමත් අරවානට ගොඩක් අහිතකර වෙන්න පුලුවන්. Ph අගය 6.5ට වඩා අඩු උනොත් අර්වානා මාලුන්ග්‍ර් කෑම රුචිය අඩු වෙන්න පුලුවන්. මේ නිසා කලින් සදහන් කරපු අගයන් අතර ph අගය පවත්වාගෙන යන්න.
ගුණාත්මක සහ පිරිසිදු වතුර සහිත ටැංකියක් පවත්වාගෙන යන්න පුළුවන් නම් ගොඩක් ලේසියෙන් ලෙඩ රෝග නැති, නිරෝගි අරවානා මාලුවෙක් ගෙ අයිතිකරු වෙන්න ඔබටත් පුළුවන් 🙃🙃😊😊😊😊
2. අරවානා මසුන් සදහා ආහාර
ඔයාලගේ යාලු මාලුවා මාංශ භක්ෂක සත්වයෙක්. ඒ නිසා මාංශමය ආහාර එයාට දෙන්න ඔයාලට පුලුවන්. ඒත් මස් වර්ග, මුහුදු මාලු වර්ග නිතරම දෙන එක නම් ඒ තරම් හොද නැහැ. ඉස්සො, තිලාපි, වර්ග ගොඩක් හොදයි. මොන ආහාර වර්ගය දුන්නත් මේ කරුනු ගැන සැලකිලිමත් වෙන්න.
- එකම ආහාර වර්ගය එක දිගට දෙන්න එපා. සතියක් ඉස්සො දුන්න නම් ඊලග සතිය තිලාපි හෝ වෙන කෑමක් දෙන්න. වෙනස් වෙනස් කෑම වලට මාලුවා පුරුදු කරන්න.
- මාලුවාට සතියෙ දවස් 7ම කෑම දෙන්න එපා. දවස් 6ක් විතරක් දෙන්න. සතියෙ එක දවසක් කෑම නොදී ඉන්න.
- පුලුවන් නම් මාලුවව හොද arowana pellet එකකට පුරුදු කර ගන්න.ඒකෙන් එයාට අවශ්‍ය සියලුම පොෂක කොටස් ලැබෙනවා. හැබැයි pellets එක්ක ඉස්සො වගේ දෙයක් මාරුවෙන් මාරුවට දෙන්න පුලුවන් නම් තමයි ගොඩක් හොද.
- මොනම වෙලාවකදිවත් මාලුවට වැඩිපුර කෑම දෙන්න එපා. ඒ වගේම ඉතුරු උන කෑම විනාඩි 15ක් ඇතුලත මාලුවා කෑවෙ නැත්තන් ටැංකියෙන් අයින් කරන්න.
- අගල් 3ත් 6ත් අතර මාලුවෙක්ට දවසකට තුන් පාරක්, අගල් 6ත් 8ත් අතර මාලුවෙක්ට දවසට දෙපාරක්, අගල් 9- 15ත් අතර කෙනෙක්ට නම් දවසට එක පාරක්, අගල් 15ට වැඩි කෙනෙක්ට දවස් දෙකකට සැරයක් කෑම දෑමීම ප්‍රමානවත් වෙනවා.
මේ විදියට මාලුවට ආහාර ලබා දුන්නොත් නීරෝගී මෙන්ම හොද කෑම රුචියක් තියන මාලුවෙක් ඔයාලට ලබා ගන්න පුලුවන්.
3. ටැංකියේ ආලෝකය.
ඔයාලගෙ ටැංකියට දාලා තියන lights පැය 24 ම දාල තියෙන එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි. උපරිම පැය 8ක් වගෙ lights දාලා තිබ්බහම හොඳටම ඇති.
මෙන්න මේ කරුණු ටික තමයි ප්‍රධාන වශයෙන්ම මාලුවෙක් නීරෝගීව තියාගන්න ඕන කරන කරුණු ටික. ඒ වගේම අඩුම තරමින් දවස් දෙකකට සැරයක් වත් ඔයාලගේ මාලුවව හොඳින් නිරීක්ෂණය කරන්න.යම්කිසි රෝගයක රොග ලක්ෂණ දුටුවොත් ඉක්මනින් ප්‍රතිකාර කරන්න වගබලා ගන්න.
🌀 සතරවැනි දිග හැරුම
ඇරවානා හදන යාලුවෝ හැමෝටම ඕන වෙයි කියලා හිතුන තොරතුරු කීපයක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා.
ගොඩක් ඇරවානා හදන අයට නිතරම එන ගැටලු වගේම ඇරවනා මසුන්ට නිතරම වැලදෙන රෝග කීපයක් මේ පොස්ට් එකේ ඇතුලත් වෙන්වා. සාමන්‍යයෙන් ඇරොවනා මසුන්ට ලෙඩරෝග සෑදීමට ඇති ඉඩකඩ ගොඩක් අඩුයි.නමුත් එවැනි ලෙඩක් හැදුනු විට ඒ සදහා කල යුතු ප්‍රතිකාර පිලිබදව මේ ලිපියේ ඇතුලත් වෙනවා...
ඒ වගේම මේ post එක ගැන ඔයලගෙ අදහස් වගේම මේ post එකේ අඩුපාඩු තියනව නම් comment section එකේ දාන්නත් අමතක කරන්න එපා.
Common Arowana diseases and resons...
Please leave a comment if you have any difference experience about in these situations.
🌀 පස්වැනි දිග හැරුම
ඉතින් කොහොමද කස්ටිය....😊😊😊😊
මීට කලින් post වල මම විස්තර කරා අරවානෙක් ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක්. මේ post එකෙන් මන් විස්තර කරන්න හදන්නේ අරවානා කෙනෙක් හදද්දි ඔයාලා ගාව තියෙන්න ඕන විශේෂ දේවල් කීපයක් ගැන.
මෙන්න මේ දේවල් ටික ඔයා ගාව තියනව නම් ඔයාලට ලේසියෙන් අරවානා මාලුවෙක් නිරෝගීව හදන්න පුලුවන්.
01. Ph test kit
වතුරෙ තියන ph අගය මනින එක ගොඩක් වැදගත් අරවාන කෙනෙක් හදද්දී. මේ නිසා ph test kit එකක් ඔයාලා ගාව තියෙන එක වැදගත්.
02. Arowana guard liquid
Ocean free brand එකේ එන arowana guard එකක් ඔයාලට ගොඩක් උවමනා වෙනවා වතුර මාරු කරන වෙලාවට වගේම මාලුවට ලෙඩ හැදෙන්න පුලුවන් අවස්තාවල වතුරෙ ගුණාත්මක තත්වය පවත්ව ගන්නත්.
03. Black water and vitamin complex liquid
Ocean free brand එකේම products දෙකක් වෙන මේවත් මාලුවා stress උනාම වගේම කෑම කන්නෙ නැතුව ඉන්නකොට treatment එකක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන්. Vitamin complex එකෙන් නම් මාලුවට අවශ්‍ය vitamins දෙන්න පුලුවන්.
04. Aquarium salt
විසිතුරු මසුන් සඳහා විශේෂයෙන්ම සැකසු ලුණු වර්ගයක් වෙන මේකත් ඔයාලට ටැංකියේ වතුර මාරු කරන වෙලාවට වගේම විවිධ රෝග පාලනයටත් උදව් වෙනවා
05. Yellow powder
මාලුවට හැදෙන ගොඩක් ලෙඩ වර්ග පාලනයට මේ yellow powder එක උපකාරි වෙනවා වගේම මාලුවට බෙහෙතක් විදියටත් යොදා ගන්න පුලුවන්. හැබැයි මේක පාවිච්චි කරන්න ඕන මේ බෙහෙත පාවිච්චි කරපු කෙනෙක්ගෙ උපදෙස් ඇතුවයි.
06. Aquarium heater
වතුරෙ උෂ්ණත්වය පාලනය කිරීමට අවශ්‍ය aquarium heater එකක් පාවිච්චි කරන එකෙන් ගොඩක් ලෙඩරෝග පාලනයටත් පහසු වෙනවා.
07. Battery air pump of UPS
Main power line එක ක්‍රියා විරහිත උනාම වගේම මාලුවා ප්‍රවාහනයෙදිත් මේවා වැදගත් වෙන්වා.(battery pump)
ඉතින් මූලිකවම මෙන්න මේ උපකරණ වගේම බෙහෙත් වර්ග ටිකත් ඔයාල ගාව තියනව නම් ගොඩක් වෙලාවට ඔයා මුහුණ දෙන අරවානා ගැටලුවලට විසදුමක් ලැබෙයි..... 😊😊 මීට අමතරව මට මග හැරුනු මොනව හරි ඔයාලා පාවිච්චි කරනව නම් කොමෙන්ටුවක් දාගෙන යන්න...😉😉
ඒ වගේම ඔයාලගෙ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.
🌀 හයවැනි දිග හැරුම
අරවානා මසුන් ඇති කරන ඔබ දැන ගත යුතුම PH අගය ගැන කෙටියෙන්,
වතුරේ PH අගය අරවානා මසුන්ට විතරක් නෙවෙයි ඕනෙම මාලුවෙක්ට ප්‍රධාන වශයෙන්ම බලපාන සාධකයක්. අරවානා මසුන්ට වතුරේ PH අගය 6.5 ත් 7.0 අතර තියනවා නම් මාලුවා වඩාත් නිරෝගීව තියා ගන්න පුලුවන්. PH අගය කලින් සඳහන් කරපු අගය පරාසයෙන් වෙනස් වුනොත් මාලුවා කන්නෙ නැතුව ඉන්න, විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න වගේම PH අගය 5.0 වඩා අඩු වුනොත් හෝ 8.0 ට වඩා වැඩි වුනොත් මාලුවා මිය යන්න වුනත් පුලුවන්. මේ නිසා වතුරේ PH අගය නියමිත පරාසය තුල පවත්වා ගැනීම ඉතාම වැදගත්.
කොහොමද මේ PH අගය මනින්නේ??
PH අගය මනින්න PH Test Kit හෝ Digital PH Meter භාවිතා කරන්න පුලුවන්. කලින් Post එකක කිව්වා වගේ PH Test Kit එක අරොවානා ඇති කරන කෙනෙක්ට ගොඩක් වැදගත්.
PH අගය වෙනස් වීමට හේතු,
PH අගය අඩු වීම කොහොමත් මාලු ටැංකියක සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. මාලුන්ගේ අපද්‍රව්‍ය, මාලු කෑම පල් වීම වගේ හේතූන් නිසා ටැංකියක PH අගය අඩු වෙනවා. PH අගය වැඩි වෙන්න හේතු විදියට සලකන්න පුලුවන් දේවල් තමයි ටැංකියේ Filter එක හරියට Season නොවීම, වතුරේ තියන Coral Sand වැඩිවීම වගේ දේවල්. මේ නිසා ඔයාලගෙ ටැංකියේ PH අගය දවස් තුනකට සැරයක් වගේ බලන එක ගොඩක් ආරක්ශාකාරී පියවරක්. ඒ වගේම තව දෙයක් තමයි මේ PH අගය වෙනස් වීම විනාඩි කීපයකින් වෙන දෙයක් නෙවෙයි. ඒකට පෑය 6ක් 7ක් වගේ කාලයක් යනවා ස්වභාවිකවම PH අගය වෙනස් වෙන්න. මේ නිසා ඔයාලා විසින් ටැංකියක PH අගය අඩු හෝ වැඩි කිරීමේ දී එකපාරම PH අහය වෙනස් නොකරන්න වග බලාගන්න. ( හදිසි අවස්ථාවක හැර )
PH අගය වෙනස් නියමිත අගයට වඩා වෙනස් වීමේ අහිතකර බලපෑම්.
01. PH අගය 5.0 ට වඩා අඩු නම් අරවානා මත්ස්‍යයන් මිය යා හැක.
02. PH අගය 8.0 වඩා වැඩි නම් ස්නායු හානි වීම් හෝ බොහෝ විට මරණය සිදුවිය හැක.
03. PH අගය 5.0 - 7.0 හෝ 7.0 - 8.0 අතර අගයක් ගනී නම් ඇතැම් මසුන් ගේ ආහාර රුචිය අඩු විය හැක.
04. PH අගය කෂණික වෙනස් වීමක දී PH Shock එකක් ඇතිවි අහිතකර ප්‍රතිපල උදාවිය හැක.
PH අගය පරික්ෂා කල යුතු අවස්තා.
01. සෑම දින 3 කට වරක්.
02. අරවානා මත්ස්‍යයෙක් එක් ටැංකියකින් තවත් ටැංකියකට මාරු කිරීමේ දී එම ටැංකි දෙකේ PH අගයන් පරීක්ෂා කල යුතුය.
03. අලුතෙන් මිලදී ගත් අරවානා මත්ස්‍යයෙක් ටැංකියට හඳුන්වා දීමේ දී මාලුවා ගෙන ආ වතුර හා ටැංකියේ වතුර වල අගයන්.
04. 50% වඩා වතුර මාරු කිරීමේ දී ටැංකියේ වතුර හා අලුත් වතුර එක් කරන මූලාශ්‍රයේ PH අගයන්
05. මීට අමතරව PH අගය පරීක්ෂා කිරීම අවශ්‍ය යැයි සිතෙන අවස්තා වල.
PH අගය වෙනස් කර ගත හැකි ක්‍රම.
PH අගය වැඩි කර ගත හැකි ක්‍රම. (PH අගය අඩු අවස්තාවක)
01. PH අගය වැඩි වතුර මූලාශ්‍රයකින් වතුර මාරු කිරීම මගින්.
02. Coral Sand එක් කිරීම මගින්.
03. වතුරේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම මගින්.
04. PH අගය වැඩි කිරිම සඳහා ඇති Water Conditioner මගින්.
PH අගය අඩු කර ගත හැකි ක්‍රම.
01. PH අගය අඩු ජල මූලාශ්‍රයකින් වතුර මාරු කිරීම මගින්.
02. වතුරේ ඇති Coral Sand ඉවත් කිරීම මගින්.
03. Black Water භාවිතා කිරීම මගින්.
04. වේලුන කොට්ටම්බා කොල ජලයට එක් කිරීම මගින්.
05. PH අගය අඩු කිරිම සඳහා ඇති Water Conditioner මගින්.
ඉහත සඳහන් කල කරුනු තමයි PH අගය ගැන Post එකේ ලියන්න නම් තියන්නේ… මීට අමතරව මට මග හැරුනු කරුනු තියනවා නම් Comment Section එකේ ලියාගෙන යන්න.
🌀 හත්වැනි දිග හැරුම
🍗🍛🥣 අරවානා ට කෑම පුරුදු කරමු...
අරවානා හදන ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි අරවානට කෑම පුරුදු කරන එක. ඉතින් මේ post එකෙන් මං සරලව කියන්න බලාපොරොත්තු වෙන්නෙ අරවානෙක් කෑමට පුරුදු කර ගන්න පොදුවේ භාවිතා කරන්න පුලුවන් ක්‍රම කීපයක් ගැන.
මේ post එකේ කොටස් තුනක් තියනවා.
Part 01. - අලුතෙන් ගෙනාව අඟල් 7 ට අඩු අරවානා පැටියෙකුට කෑම පුරුදු
කරන විදිය.
Part 02- අලුතෙන් ගෙනාව අඟල් 7 ට වැඩි අරවානා මාලුවෙකුට කෑම පුරුදු
කරන විදිය.
Part 03- දැනට ඔයාලා ගාව ඉන්න අරවානෙකුට අලුත් කෑමක් පුරුදු කරන විදිය.
මුලින්ම බලමු අරවානාට සුදුසු හා නුසුදුසු ආහාර මොනවද කියලා.
🔴 සුදුසු ආහාර ☑️
*Arowana pellets
* ඉස්සෝ
* තිලාපි මසුන් (දිනපතා නුසුදුසු ය.)
* කැරපොත්තන් (දිනපතා නුසුදුසු ය.)
* dry worms (දිනපතා නුසුදුසු ය.)
* අමු හාල්මැස්සන් (දිනපතා නුසුදුසු ය.)
* වේලපු කෘමි සතුන් (දිනපතා නුසුදුසු ය.)
*Live foods ( පෞද්ගලිකව අනුමත නොකරමි)
* beef heart ( කුඩා කාලයේදී පමණක් )
🔴 නුසුදුසු ආහාර ❎
*බිත්තර
* කුකුල් මස්
* Normal or high protein pellets
* මුහුදු මසුන්. ( ආහාර රටාවේ වෙනසක් සදහා ගැටලුවක් නැත)
මේ විදියට සුදුසු හා නුසුදුසු ආහාර වර්ග කරන්න පුලුවන්. ඒ වගේම එකම කෑම වර්ගයක් එක දිගටම දෙන්නත් එපා.
හරි දැන් මං විස්තර කරන්නම් අලුතෙන් ගෙනාපු අරවානා පැටියෙකුට කෑම පුරුදු කරන්න පොදුවේ භාවිතා කරන්න පුලුවන් ක්‍රම කීපයක් ගැන.
අරවානා මාලුවෙක් ගේන්න කලින් වතුරෙ ph අගට 6.5ත් 7ත් අතර තියෙන්න ඕන.මේ Ph අගය තමයි අරවානා මාලුවෙක් කෑමට පුරුදු කරන්න වතුරෙ තියෙන්න ඕන අගය. ඒ වගේම සති තුනක්වත් season කරපු ටැංකියක් තියෙන්න ඕන.
හරි ඉස්සල්ලම මේ විදියට season කරපු ටැංකියේ ph අගය 6.5- 7ත් අතර අගයකට හදාගන්න. (ph අගය මීට වඩා අඩුයි නම් අරවානා මාලුවෙක් ගේ කෑම රුචිය අඩු වෙනවා.)
ඊලගට ඔයාලා බලන්න ඕන අලුතෙන් ගේන අරවානා පැටියාට ඔයා මිලදී ගත්ත තැනින් දීපු කෑම වර්ගය මොකක්ද කියලා. ඒ වගේම මාලුවා ගන්න කලින් කඩේදිම මාලුවට feed කරල බලන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
මාලුවා ගෙනත් ටැංකියට දැම්මට පස්සේ පැය 12ක් විතර යනකන් tank එකේ lights දාන්නවත් මාලුවට කෑම දාන්නවත් යන්න එපා. මාලුවා stress කරන්නෙ නැතුව තියා ගන්න බලන්න.
පැය 12ක් විතර ගියාට පස්සෙ අරවානාට කඩෙන් දීපු කෑම වර්ගයෙන් කෑලි දෙකක් වගේ දීලා බලන්න. ගොඩක් කෑම දෙන්න එපා. උපරිම කෑලි දෙකක් වගේ දෙන්න. ඒ වගේම පලවෙනි පාර කෑම දෙන කොට උනත් මාලුවව stress නොකර කෑම දෙන්න බලන්න. (Tank එකෙ ඉස්සරහට යන්නේ නැතුව side එකෙන් වගේ ගිහින්.)
මාලුවා පලවෙනි පාරම කෑවොත් දෙවෙනි වේලේ ඉදලා මාලුවට අවශ්‍ය ප්‍රමාණයට කෑම දෙන්න පුලුවන්. කොයිම වෙලාවක වත් overfeed කරන්න එපා. (මාලුවා කෑලි 5ක් කනව නම් කෑලි 4ක් වගේ එක වේලකට feed කරන්න.)
ඒ වගේම මාලුව ගන්න තැනින් දීලා තියන්නේ වැරදි කෑම නම් දෙවෙනි වේලේ ඉදලා මං කලින් කියලා තියෙන කෑම දෙන්න. නොගැලපෙන කෑම දෙන්න එපා.
පලවෙනි පාර කෑම කෑවෙ නැත්තන් තව පැය 6ක් විතර ගියාම ආයිත් කෑම දීල බලන්න. මේ විදියට පැය 36ක් යනකන් පලවෙනි කෑම වේල විදියට කඩෙන් දීපු කෑම දෙන්න බලන්න. 95%ක් විතර මාලු පැය 36 ඇතුලත කෑම ගන්නවා.
පැය 36 ඇතුලතත් කෑම ගත්තේ නැත්තම් මාලුවගේ හරි tank එකේ හරි ප්‍රශ්නයක් තියනවා. ඒකට පිලියමක් පොදුවෙ කියන්න අමාරුයි. හරි දැන් ඔයාලා අලුතෙන් ගේන අරවානා පැටියව මේ විදියට කෑමට පුරුදු කර ගන්න පුලුවන්.
මේ post එක ඔයාලට වැදගත් උනා නම් like කරන්න. ඒ වගෙම post එක ගැන ඔයාලගෙ අදහස් ඒ වගේම ප්‍රශ්න comment section එකේ දාන්න.
🌀 අටවැනි දිග හැරුම
🔧⚒️ අරවානා ටැංකියක් maintan කිරීම.
සුබ දවසක් අරවානා ගෲප් එකේ හැමෝටම. දැනට පවතින ව්‍යසනකාරී තත්වයෙන් කාටවත් අනතුරක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවෙ අරවානා හදන කෙනෙක් කොහොමද අරවානා Tank එකක් maintan කරන්න ඕන කියලා. ගොඩක් අයගෙ මාලු ලෙඩ වෙන්නේ මැරෙන්නේ අරවානා tank එක හරියට maintan කරන්නෙ නැති නිසා. මම මේ කියලා තියෙන විදියට tank එක maintan කරන්න පුළුවන් නම් ගොඩක් දුරට ඔයාලගෙ අරවානා නිරෝගීව තියා ගන්න පුලුවන් වගේම ඔයාලටත් අරවානා ටැංකියකින් උපරිම සතුටක් ලබන්න පුලුවන්.
01. Water chage
ප්‍රධානම දේ තමයි වතුරේ තියන ගුණාත්මක බාවය. මේ ගුණාත්මක බාවය පවත්වා ගන්න පුළුවන් නම් අරවානා හදන කොට එන ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. සාමාන්‍යෙන් වතුර 250l ට වැඩි ටැංකියක තමයි අරවානා හදන්න ඕන. අඩුම අඩි 4X2x2 ක වත් හදනවනම් ගොඩක් හොදයි. මේ වගේ ටැංකියක sump, internal sump, canister filter එකක් තියනව නම් ( tank mates නැහැ කියලා උපකල්පනය කරොත්) සතියකට 20% වතුර මාරු කරාම ප්‍රාමානවත් ( සාමාන්‍ය තත්ව යටතේ).. Water change එකට පස්සෙ arowana guard, aquarium salt ටිකක් අලුත් වතුර ප්‍රමාණයට එකතු කරන්න පුලුවන් නම් හොදයි. Water change එකට කලින් වගේම පස්සෙත් ph එක check කරන්න. ඔයාලා ගාව black water, vitamin complex තියනව නම් එකතු කරන්න මාරු කරපු වතුර ප්‍රමාණයට.
02. Feeding
අනිත් වැදගත් දේ තමයි මාලුවට කෑම දෙන විදිය. සතියට දවස් 5ක් එකම කෑම වර්ගයක් දීලා 6 වෙනි දවසෙ වෙන කෑමක් දීලා 7 වෙනි දවසේ කෑම නොදා ඉදල ආයිත් අලුත් සතියෙ පුරුදු කෑම දෙන්න. උදා - monday to friday pellets, saterday prawns, sunday - no feed, again monday to friday pellets)
03. Ph
පුලුවන් නම් සතියට දෙපාරක් වත් වතුරේ ph එක check කරන්න.
04. මාලුවගෙ වෙනස්කම්
දවස ගානෙ හරි බැරි නම් දවස් දෙකකට සැරයක් හරි ටැංකියත්, මාලුවත් හොදින් නිරීක්ශනය කරන්න. මාලුවගෙ හැසිරීමේ වෙනස්කම්, ශරීරයේ වෙනස්කම් වගේම ටැංකියේ oxygen line, filter එක, heater eka, check කරන්න.
05. වෙන මාලු එක් කිරීමේදී
ටැංකියට අලුත් මාලුවෙක් එකතු කරන්න කලින් සතියක් වත් වෙනම ටැංකියක තියලා quarantine කරලා මාලුවව ප්‍රධාන ටැංකියට එකතු කරන්න.
මේ විදියට ඔයාලගෙ අරවානා මාලුවව සැලකිල්ලෙන් බලා ගන්න පුලුවන් නම් මේ දේවල් ටික සතියකට සැරයක් කරන්න පුලුවන් නම් ඔයාලටත් ගොඩක් හොඳ නිරෝගී මාලුවෙක් ගෙ අයිතිකාරයෙක් වෙන්න පුලුවන්.
🌀 නමවැනි දිග හැරුම
අරවානා ටැංකියට ගැලපෙන Filters
මේ Post එකෙන් මන් විස්තර කරන්න බලපොරොත්තු වෙන්නේ අපි අරවානෙක් හදනවා නම් ඒ අරවානා ටැංකියට ගැලපෙන Filter එකක් තෝර ගන්නේ කොහොමද කියලා. මෙතනදී මම විස්තර කරන්නේ දීර්ඝකාලීන ව අරවානා හදන අයට ගැලපෙන filters. තාවකාලික ටැංකිවල නම් අඩුම power filer එකක්වත් පාවිච්චි කරන්න බලන්න. මම පහලින් විස්තර කරලා තියන filters පාවිච්චි කරොත් ඔයාලට water condition එක පවත්වාගෙන, මාලුවගේ කෑම රුචියත් පවත්වාගෙන, නිරෝගී මාලුවෙක් ඇතිකරන්න පුලුවන්....
01. 1st place - External sump filter
මෙතනදි අරවානා ටැංකියකට හොඳම Filter එක තමයි Sump Filter එක. Sump Filter එකක් කියන්නේ ප්‍රධාන ටැංකියට අමතරව තවත් අමතර ටැංකියක් හෝ වෙනත් විශාල පරිමාවක Compartment එකක filter එක හදන ක්‍රමයයි. Sump filter එකක ගොඩක් filter media දාන්න පුලුවන් නිසා, mechanical, chemical, biological කියන filter types තුනම sump filter එකට ඇතුලත් කරන්න පුලුවන්.
Sump filter එකක් තියනව නම් වතුරෙ parameters වෙනස් වෙන්නෙ නැතුව තියාගන්න පුලුවන් වගේම crystal clear තත්වයටම ටැංකියේ වතුර පිරිසිදු කර ගන්න පුලුවන්. මේ නිසා ඕනම මාලුවෙක් පහසුවෙන් හදන්න පුලුවන්. හැබැයි මේ filter system එක හදන්න නම් මාලුවා ගන්න කලින් ටැංකිය හදන වෙලාවෙම හදන්න ඕන. නැත්නම් මාලුවා අයින් කරලා ටැංකිය හිස් කරන්න ඕන. ඒ වගේම මේ filter එක හදන්න පුලුවන් ටැංකි හදලා පලපුරුදු කෙනෙකුට විතරයි. ලංකාවේ ගොඩක් අය හදන්නේ freshwater මාලුන්ට salt water tank sump එක. ඒ කියන්නේ ටැංකියේ උඩ මට්ටමෙන් වතුර එලියට ගන්න ක්‍රමයට. Fresh water sump එකක හරි විදියට නම් වතුර එලියට ගන්න ඕනේ ටැංකියේ අඩිය මට්ටමින්. ඉතින් sump එකක් හදන්න හිතන් ඉන්නව නම් ඒ ගැන දන්න කෙනෙක් ගෙන් ඉස්සල්ලා අහල ඉන්න.
Group එකේ එක්කෙනෙක් අහල තිබුනා sump එකට filter media දාන පිලිවෙල. මේ පිලිවෙල තමන් ගාව තියන sump එකේ chembers ගාන අනුව වෙනස් වෙන්වා. කොහොම උනත් filter media හරහා වතුර යන්න ඕන පිලිවෙල මෙහෙමයි.
Main tank water 👉 black padding 👉 green padding 👉 white padding/ Fine padding👉 ceramic rings👉 activated carbon/ charcole👉 coral sand👉 heater 👉 clean water to main tank
02. 2nd place - internal sump filter
Internal sump filter කියන්නේ ටැංකිය ඇතුලෙන්ම වෙනම කුටීරයක filter එක හදන ක්‍රමයයි. මෙතනදී ටැංකිය ඇතුලෙන්ම වීදුරුවකින් හෝ වෙනත් දෙයකින් වෙනම chember එකක් හදනවා වතුර කලවම් වෙන්නෙ නැති විදියට. මෙතනදීත් අර chember එකේ එක පැත්තක අඩියෙන් වතුර අරන් අනිත් පැත්තේ උඩින් පිරිසිදු වතුර එලියට යවනවා. මේ chember එක ඇතුලේ filter media දාලා වතුර පිරිසිදු කරනවා. මේ filter එකත් ටැංකිය හදනකොටම හදන්න ඕන. External sump එක තරම් නැතත් හොද filter එකක්.
03. 3rd place - canister filter
ටැංකියෙන් පිටත වෙනම cover කරපු compartment එකක වතුර filter ක්‍රමයක්. හැබැයි මේ භාජනය sump එක තරම් ලොකු නැහැ. Canister filters නම් aquarium වල ගන්න තියනවා. මේකෙ තියන වාසිය තමයි මාලුවා ටැංකියේ ඉද්දිම filter එක tank එකට set krna පුලුවන් වෙන එක. ගොඩක් filter media දාන්න බැරි වුනත් අරවානෙකුට ප්‍රමානවත් filter එකක්..
04. 4th place - roof filters
ටැංකියේ වහලයටම සවි කරලා තියන ෆිල්ටර් වර්ගයක්. අනිත් ඒවා තරම් නැතත් අරවානා විතරක් හදනවා නම් ප්‍රමානවත් filter එකක්.
මීට අමතරව තියන power filters, sponge filter, corner filter වලින් අරවානා ටැංකියක් දීර්ග කාලීනව පවත්වාගෙන යන එක අනුමත කරන්න බැහැ. අරවානා හදන්න හිතන් ඉන්න අය අනිවාර්යයෙන් ම මම කලින් කියපු filter එකකට යන්න. දැනටම අරවානා ඉන්න අය අඩුම තරමේ canister filter එකකටවත් යන්න.
🌀 දසවැනි දිග හැරුම
🍤 අරවානා කෑම කන්නේ නැත්තන් මොකද කරන්නේ???
මේ post එකේ මම කෙටියෙන් විස්තර කරන්නම් අරවානා කන්නේ නැත්තම් කරන්න ඕන දේවල් දවස් පිලිවෙලින්.
අරවානා සාමාන්‍ය විදියට කෑම කකා ඉදලා කෑම කන්නේ නැතුව දවස් දෙකක් හිටියා නම් මෙන්න මේ පියවර ටික කරලා බලන්න.
01. Ph චෙක් කරන්න. Ph එක 7.0 වඩා වැඩි නම් අඩු කරන්න අඩු නම් වැඩිකරලා 7.0 වලට ගේන්න.
02. Tank එකට අලුතෙන් එකතු කරපු මාලුවෙක්, ලී කොටයක්, ගලක්, plant එකක් තියනවා නම් අයින් කරන්න.
03. 20% water change කරලා බලන්න. Heater එක 30c ට දාන්න.(මාලුවා කන්න ගන්නකන් දවසක් ඇර දවසක්) ( දැන් මාලු ගැන දන්න කෙනෙක් ගෙන් උපදෙස් ගන්න කාලෙ හරි.)
04. Water change කරලා පැය 8ක් වගේ ගිහින් කැරපොත්තෙක් දාල බලන්න. ( කැරපොත්තව කෑවොත් ඊලග දවසෙ පුරුදු කෑම දීල බලන්න)
05. මේවා හරි ගියෙ නැත්තම් live feed කරල බලන්න.
06. මේ කිසිම දෙයක් හරි ගියෙ නැත්තම් water change එකක් කරලා hobby tablet එක දාලා බලන්න.
මෙන්න මේ ටික මූලිකව කරලා බලන්න. මේ පියවර සාර්ථක වෙන්න නම් tank එකේ හොඳ water condition එකක්, හොඳ oxygen line එකක්, හොද filter එකක් තියෙන්නම ඕන. ඒ වගේම මේ කාලය අතරතුර මාලුවා රෝග ලක්ශන පෙන්නනවද බලන්න. මාලුවගෙ බඩ ඉදිමිලාද බලන්න අනිවාර්යයෙන්ම. ඒකට කරන්න ඕන ප්‍රතිකාර දන්නේ නැත්තන් අනිවාර්යයෙන් උපදෙස් ගන්න දන්න කෙනෙක්ගෙන්.
අරවානෙක් දවසක් දෙකක් කන්නේ නැතුව ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඒත් ඊට වඩා කාලයක් කන්නේ නැත්තන් පොඩ්ඩක් හොයල බලන්න.
ඔයාලගේ අදහස් comment කරන්න.
ඊලග post එකෙන් හමුවෙමු.
සුබ දවසක්......
( තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි )
සැ.යු : මෙය උපුටා ගැනීමකි
විශේෂ ස්තූතිය සහ මෙහි අයිතිය :
කතුවරයා සතුයි ...