Royal Veterinary Clinic- Hettipola

Royal Veterinary Clinic- Hettipola Veterinary Clinic

17/05/2026

ගොඩක් අයට වැදගත් / කිනිතුල්ලන් මර්දනයට භාවිතා කරන පෙති පිළිබඳව

10/05/2026
24/03/2026

චීනයෙන් ඇසුණු හදවත කම්පා කළ "වීර සුනඛ හත්දෙනාගේ" කතාව 🐾🇨🇳

සමහර වෙලාවට සත්තු අපිට උගන්වන පාඩම් මිනිස්සුන්ට වඩා ගොඩක් වටිනවා. මේ සිදුවීම වාර්තා වුණේ චීනයෙන්. හොරුන් පිරිසක් විසින් තමන්ගේ අයිතිකරුවන්ගෙන් පැහැරගනු ලැබූ සුනඛයන් හත්දෙනෙක්, ඉතාමත් බිහිසුණු තත්වයකින් බේරිලා ආපහු තමන්ගේ ගම්මානය සොයාගෙන ආපු පුවත අද ලෝකයම පුදුම කරලා තියෙනවා.

සිදුවීම කෙටියෙන්:
මේ සුනඛයන් හත්දෙනා දම්වැල් වලින් බැඳලා පැහැරගෙන ගිහින් තිබුණත්, උන් එකිනෙකාට උදව් කරගෙන ඒ බැමි කඩාගෙන පැනලා ගිහින් තියෙනවා. දින ගණනාවක් තිස්සේ, කිලෝමීටර් ගණනාවක් දුර ගෙවාගෙන, කෑමක් බීමක් නැතුව මේ හත්දෙනා එකම කණ්ඩායමක් විදිහට ආපහු තමන්ගේ ආදරණීය නිවෙස් සොයාගෙන ඇවිත් තිබුණා.

මේ පින්තූරේ පේන විදිහට ඒ ගමන අතරතුරත් උන් එකිනෙකා අතහැරියේ නැහැ. මේක නිකම්ම බල්ලෝ හත්දෙනෙක්ගේ කතාවක් නෙවෙයි, මේක නොබිඳෙන විශ්වාසය සහ අප්‍රතිහත ධෛර්යය පිළිබඳ සැබෑ කතාවක්. 😭❤️

තමන්ව පණ වගේ රකින අයිතිකරුවන් ඉන්න නිවසට වඩා ආරක්ෂිත තැනක් ලෝකේ කොහේවත් නැහැ කියලා මේ සත්තු අපිට පෙන්නලා දීලා තියෙනවා. ආදරය කියන්නේ පාර වැරදෙන්නේ නැති මාලිමාවක් කියන්නේ මේකටයි.

27/02/2026

"මිස්... අපි අවුරුදු 5ක් බෙහෙත් බීලා මේ දරුවා හදාගත්තේ. ස්කෑන් ඔක්කොම හොඳට තිබුණා. ඒත් ඊයේ එකපාරටම බඩේ කැක්කුමක් ඇවිත් ලේ ගියා. ඩොක්ටර් කියනවා දරුවාගේ හාට්බීට් (Heartbeat) නෑ කියලා..."

වාට්ටුවේ ඇඳක් උඩ අඬන ඒ අම්මා දිහා බලන්න මට හයියක් තිබුණේ නෑ. ඇගේ කුස තුළම ඒ අහිංසක දරුවා මියගොස් (Missed Miscarriage) තිබුණා.

මෙහෙම වෙන්න හේතුව හොයන්න වෛද්‍යවරයා විශේෂ ලේ පරීක්ෂණයක් (TORCH Profile) කළා. ඒ රිපෝට් එක ආවම තමයි හැමෝම පුදුම වුණේ.

මේ මරණයට වගකියන්න ඕන වෙන කවුරුවත් නෙවෙයි, ඒ අම්මා ගෙදර හුරතලේට හදන, ඇගේ ඇඳේම නිදාගන්න "පූසා".

හරියටම කිව්වොත්, පූසාගේ අසූචි වල හැංගිලා හිටපු "ටොක්සොප්ලාස්මා" (Toxoplasma gondii) කියන පරපෝෂිතයා!

💁‍♀️ මොකක්ද මේ Toxoplasmosis (ටොක්සොප්ලාස්මෝසිස්)?

මේක ඇහැට පේන්නේ නැති ඉතාම කුඩා පරපෝෂිතයෙක් නිසා හැදෙන ලෙඩක්. මේ විෂබීජයේ ප්‍රධාන නවාතැන තමයි "බළලුන්ගේ බඩවැල්".

බළලා මළපහ කරනකොට (Cat f***s), මේ විෂබීජයේ බිත්තර මිලියන ගණනක් පරිසරයට එකතු වෙනවා. ඒවා මාස ගණනාවක් පසෙහි හෝ වැලි වල පණපිටින් තියෙන්න පුළුවන්.

💁‍♀️ කාටද මේක භයානක?
සාමාන්‍ය, නිරෝගී මනුස්සයෙක්ගේ ඇඟට මේ විෂබීජය ගියාට ලොකු අමාරුවක් වෙන්නේ නෑ. පොඩි උණක්, ඇඟපතේ අමාරුවක් ඇවිත් නිකන්ම සනීප වෙලා යනවා.
නමුත්... ගැබිනි මවකට මේක ගියොත්?
විශේෂයෙන්ම ගැබිනි සමයේ මුල් මාස කිහිපය තුළ (First Trimester) මවගේ ශරීරයට මේ විෂබීජය ඇතුළු වුණොත්, එය කෙලින්ම වැදෑමහ (Placenta) හරහා ගොස් කුස තුළ සිටින දරුවාට පහර දෙනවා (Conge***al Toxoplasmosis).

🔴 වෙන්න පුලුවන් දේවල් මොනවද?

දරුවා ගබ්සා වීම, කුස තුළදීම මිය යාම (Stillbirth), ඉපදුණත් මොළයේ වතුර පිරීම (Hydrocephalus), ඇස් අන්ධ වීම හෝ දරුණු මානසික දුර්වලතා ඇති වීම.

🔴 විෂබීජය ඇඟට එන්නේ කොහොමද?

👉පූස් පෙට්ටිය (Litter Box) සුද්ද කිරීම
පූසාගේ මළපහ අයින් කරනකොට අතේ ගෑවිලා, ඒ අතින් කෑම කෑවොත්.

👉ගෙවතු වගාව (Gardening)
පූසෝ මළපහ කරලා තියෙන පස් අතගාලා, අත් හෝදන්නේ නැතුව හිටියොත්.

👉 අමු එළවළු සහ පලතුරු
පස් ගෑවුණු එළවළු/කොළ මැල්ලුම් හරියට සෝදන්නේ නැතුව කෑවොත්.

👉 බාගෙට උයපු මස්
හරක් මස්, ඌරු මස් වගේ දේවල් (Undercooked meat) හොඳින් තම්බන්නේ නැතුව කෑවොත්.

🔴 ඉතිං ගැබිනි අම්මලා පූසන්ව ගෙදරින් පන්නන්න ඕනද?
නැහැ! කිසිසේත්ම නැහැ. කලබල වෙලා පූසාව පාරට විසි කරන්න ඕන නෑ. මේක වළක්වා ගන්න හරිම ලේසියි.

මේ දේවල් අනුගමනය කරන්න.

👉 ඔබ ගැබිනියක් නම්, කිසිම හේතුවක් මත පූසාගේ මළපහ පෙට්ටිය (Litter Box) සුද්ද කරන්න යන්න එපා. ඒ රාජකාරිය සැමියාට බාර දෙන්න.

👉 පූසාව ඇල්ලුවාට පසු අනිවාර්යයෙන්ම සබන් දාලා අත් හෝදන්න. පූසාට මූණ ඉඹින්න දෙන්න එපා.

👉 ගෙවත්තේ වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම අත්වැසුම් (Gloves) දාන්න.

👉 කෑමට ගන්නා පලතුරු සහ එළවළු ගලායන ජලයෙන් හොඳින් සෝදන්න.

👉 මස් වර්ග හොඳින් තම්බා ආහාරයට ගන්න.

ගබ්සා වීමක් හෝ දරුවාගේ අසාමාන්‍යතාවයක් සැක කළොත්, වෛද්‍යවරුන් සිදුකරන TORCH Profile රුධිර පරීක්ෂණය සඳහා අද පුද්ගලික රෝහලක රු. 15,000 සිට 25,000 දක්වා මුදලක් වැය වෙනවා. දරුවෙකුට ජීවිත කාලය පුරාම ප්‍රතිකාර කරන්න යන වියදම සහ මානසික වේදනාව මිල කරන්න බෑ.

ඒත්... අත් දෙක සබන් දාලා හෝදගන්න එක සම්පූර්ණයෙන්ම නොමිලේ කරගන්න පුලුවන්.

ඔබේ බිරිඳට, අක්කාට, නංගිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා නම්, ගෙදර සුරතලේට පූසෙක් හදනවා නම්, මේ ගැන එයාලව දැනුවත් කරන්න.

සතෙකුට දක්වන ආදරය නිසා, ඔබේම දරු පැටියාගේ ජීවිතය අවදානමට ලක් කරන්න එපා. ආරක්ෂාව තියෙන්නේ පිරිසිදුකම මතයි. ❤️

ස්තූතියි.
හෙදියකගේ දිනපොත

⚠️ අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්.
(Share button එක භාවිතා කරන්න).
©️ [ හෙදියකගේ දින පොත ] - All Rights Reserved.

19/02/2026

COLOMBO (News 1st); Rabies is a deadly disease that requires immediate medical attention with no room for delay, Public Health Specialist Dr. Athula Liyanapathirana of the Epidemiology Unit of the Ministry of Health has warned.

Dr. Liyanapathirana said the national goal is to reduce rabies-related deaths to zero by the year 2030.

He stressed that once clinical symptoms appear, rabies is “100% fatal,” but timely action can completely prevent the disease. According to him, Sri Lanka recorded 14 human deaths due to rabies last year, with the majority resulting from dog bites.

He further emphasised the growing threat posed by domestic pets, particularly dogs and cats. Dr. Liyanapathirana noted a significant rise in cat bites, especially in Colombo and Gampaha districts, along with an increase in rabies infections among domestic cats.

He said that in many cases, infections are transmitted not only through bites but also through scratches or when saliva from an infected animal enters even a small skin wound or mucous membrane, such as the eyes, mouth, nose, or ge***al areas.

Last year, one death was also reported due to a cat bite, he said.

Dr. Liyanapathirana highlighted that most rabies deaths reported in the past year were linked not to stray dogs but to domestic dogs kept in homes. He urged the public to ensure that all domestic dogs, cats, and other mammals are vaccinated regularly.

He also outlined the steps to follow immediately after an animal bite, scratch, or exposure to saliva: wash the wound thoroughly with running water and soap for 15 minutes, apply 70% alcohol solution or povidone-iodine if available, and seek treatment at the nearest hospital without delay. He further stated that if a pet dog bites someone, the full legal responsibility falls on the owner.

Explaining the nature of the virus, Dr. Liyanapathirana said rabies travels along the nerves, not the bloodstream, and can infect any mammal, including dogs, cats, foxes, mongooses, cattle, and horses.

For further details visit: www.newsfirst.lk

21/05/2025
05/05/2025
04/05/2025
02/05/2025

Address

Hettipola

Opening Hours

Monday 17:30 - 20:30
Tuesday 17:30 - 20:30
Wednesday 17:30 - 20:30
Thursday 17:30 - 20:30
Friday 17:30 - 20:30
Saturday 17:30 - 20:30

Telephone

+94762698405

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Veterinary Clinic- Hettipola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share