Bhasuru Prabashwara snake rescue

Bhasuru Prabashwara snake rescue බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව ඉවත්කරගැනීම සඳහා

☎️ 0752 098871 / 0774 078871

නිවෙස් , වැඩබිම් සහ වෙනත් මිනිසුන් ගැවසෙන ප්‍රදේශවලට පැමිණෙන සර්පයින් හට කිසිඳු හානියක් නොවන පරිදි අල්ලාගෙන මිනිසුන් ගැවසීම අඩු , සර්පයින්ට ජීවත්වීමට හිතකර ස්වභාවික පරිසර පද්ධතිවලට නිදහස් කිරීම තුලින් සර්පයින් සංරක්ෂණයට සමගාමීව ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි ප්‍රධානතම අරමුණයි.

කුණකටු දෂ්ඨණයෙන් නූලෙන් බේරීම !! 🐍අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබුණු මල් පෝච්චියක මේ විදිහට හිටියෙ උග්‍රවිෂ කුණකටු...
23/11/2025

කුණකටු දෂ්ඨණයෙන් නූලෙන් බේරීම !! 🐍
අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබුණු මල් පෝච්චියක මේ විදිහට හිටියෙ උග්‍රවිෂ කුණකටුවෙක් එහෙම නැත්තන් පොළොන් තෙලිස්සෙක්. මේ නිවසේ කාන්තාවක් පසුගිය සතියෙ දිනයක සුපුරුදු විදිහට මල් පෝච්චි අස්පස් කරමින් තමයි ඉඳල තියෙන්නෙ. ඒ අවස්ථාවේ මේ පෝච්චියේ එකතුවී තිබුණ කොළරොඩු ඉවත් කිරීමට උත්සහ කිරීමේදී කොළරොඩුත් එක්කම ඒව අතර සැඟවිල හිටපු කුණකටුවත්, මේ කාන්තාව විසින් පිටතට අරගෙන තිබුණේ නොදැනුවත්වයි. කොළරොඩු වලට වඩා වෙනස් දෙයක් අතට හසුවුන බව තේරුණ ඇය ඉක්මනින්ම සර්පයාව අතහැර දමා තිබූ අතර අතේ සිටි කුණකටුවා ඒ අවස්ථාවේදී නැවතත් පෝච්චියටම වැටී තිබුණා.
කොහොම වුණත් වාසනාවකට මෙන් කුණකටුවා විසින් මේ කාන්තාවට දෂ්ඨණයක් සිදුකර තිබුණේ නෑ.
මේ ගැන මට කරනලද දැනුම්දීමකට අනුව මෙම සර්පයාව ආරක්ෂිතව අල්ලා ඉවත්කිරීමට හැකියාව ලැබුණා.
ඒ වගේම නැවත මෙවැනි ස්ථාන අස්පස් කිරීමේදී ආරක්ෂිත අත්වැසුම් සහ අවශ්‍ය නම් බූට්ස් වැනි දේ භාවිතා කරන ලෙසත් එම නිවැසියන්ව දැනුවත්කිරීමට කටයුතු
කරා.
----------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

ටේප් එකකට ඇලවුණු ගැරඬි පැටවා 🐍 Duct tape එකකට ඇලිල හිටපු මේ ගැරඬි පැටියව මට ලැබුණේ පසුගිය සතියේ දිනයක. මෙයා මෙහෙම ඉන්නව ...
08/11/2025

ටේප් එකකට ඇලවුණු ගැරඬි පැටවා 🐍
Duct tape එකකට ඇලිල හිටපු මේ ගැරඬි පැටියව මට ලැබුණේ පසුගිය සතියේ දිනයක. මෙයා මෙහෙම ඉන්නව දැකපු අය මෙයා ඇලිල හිටිය ටේප් කොටස කපල, පොලිතීන් බෑග් එකකට දාල තමයි ගෙනල්ල දීලා තිබුනේ. මේ වගේ ටේප් වල ඇළවෙන පොඩි ප්‍රමාණයේ සර්පයින්ට ගොඩක් වෙලාවට ලේසියෙන් බේරිලා යන්න අමාරුයි, ඒ නිසා ගැරඬි පැටියගෙ වෙලාව ගොඩක් හොඳ නිසා වෙන්නැති නිවැසියන් මෙයාව දැක්කෙ.
සර්පයා ප්‍රමාණයෙන් පොඩි නිසා එක පාරට මේ ටේප් එක ඉවත්කරන්න ගියොත් මෙයාගෙ හමට හානියක් වෙන්න පුලුවන් , ඒ නිසා ටේප් එක ඇලවුණ කොටස පෙඟෙන විදිහට මෙයාව ටික වෙලාවක් වතුර එකක දාල තැබීම කරා. ගැරඬි නිර්විෂ සර්පයින් වුණත් කලබල වෙලාවට හපාකෑම කරනවා. මේ සපාකෑම් වලින් විෂ ශරීරගත වීමක් නොවුනත් විෂබීජ ආසාධන අපිට වෙන්න පුලුවන් වගේම මේ වගේ ප්‍රමාණයෙන් කුඩා සර්පයින්ගෙ දත් ගැලවී යන්නත් පුලුවන් . මෙයා වුණත් මේ අවස්ථාවෙදි හපාකෑමට ගොඩක් උත්සහ කරා. මේ නිසා මෙයාට පොඩි විනිවිද පේන බටේකට ටික දුරක්‍ රිංගන්න දීලා ටේප් එක ගැලවීම කරා. මේ ක්‍රමේ මේ විදිහෙ සර්පයෙක්ට ප්‍රතිකාර කරද්දි වැඩේ සෑහෙන පහසු කරනවා. හැබැයි විෂ සර්පයෙක්ට මේ ක්‍රමය භාවිතා කරනවනම් මීට වඩා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන.
කොහොමහරි ගැරඬි පැටියගෙ හමට හානියක් නොවෙන්න ටේප් එක සම්පූර්ණයෙන්ම ඉවත්කරගන්න පුලුවන් වුණා. ඒත් මෙහෙමම නිදහස් කරොත් මෙයාගෙ ඇඟේ තියෙම ටේප් එකෙන් ගෑවුණ ගම් එක නිසා පරිසරේ තියෙන දේවල් ඇලෙන්න පුලුවන් . ඒ නිසා තව ටිකක් මෙයාව වතුරෙ තියල ගෑවිල තියෙන ගම් ඉවත්කරල නැවතත් පරිසරයට නිදහස් කිරීම සිදුකළා.
----------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

පෙනේ භාගයක් තියෙන්නෙ ගැහැණු නයින්ටද ? සරලම උත්තරේ තමයි නෑ . හෝමාගම හබරකඩ ප්‍රදේශයේ නිවසක ගේට්ටුවෙ ඉඳල නිවැසියන්ගෙ දැදැනු...
01/11/2025

පෙනේ භාගයක් තියෙන්නෙ ගැහැණු නයින්ටද ?
සරලම උත්තරේ තමයි නෑ .
හෝමාගම හබරකඩ ප්‍රදේශයේ නිවසක ගේට්ටුවෙ ඉඳල නිවැසියන්ගෙ දැදැනුම්දීමකට අනුව පසුගිය සතියේ ආරක්ෂිතව අල්ලල ඉවත්කරපු මාස කීපයක් වයස නයි පැටියෙක් තමයි මේ. හොඳින් බැලුවොත් මෙයාගේ පෙනයේ පැත්තක බොහෝදුරට සුවවුණ තුවාලයක කැළලක් දැකගන්න පුලුවන් . නයින් තමන්ගෙ පෙනය භාවිතා කරන්නෙ ආරක්ෂාව වෙනුවෙන්. මුගටින් වගේ විලෝපික සතුන් ගොඩක් වෙලාවට නායගෙ හිස කියල පෙනයට රැවටිලා පෙනය සපා කෑම සිදු කරනවා. මේ අවස්ථාවලදි පෙනයට හානියක් වුණත් හිසට හානියක් නොවීම නිසා නයාට ජීවිත ත ර් ජ න යක් වෙන්නෙ නෑ. මේ නයි පැටවගෙත් තියෙන්නෙ ගොඩක් දුරට එහෙම සිදුවුණ තුවාලයක්.
නයා වැඩෙනවත් එක්කම මේ කැළල් මැකී ගිහිල්ල පෙනයේ පැත්තක් අඩුවෙන් පිහිටලා වගේ පේන්න පුලුවන් .
සමහරු මෙහෙම නයින් දැක්කම, පෙනේ භාගයක් පිහිටීම නිසා මේ නයින්ගේ ගැහැණු සතෙක් එහෙම නැත්තන් නැයින්නක් කියල කියන අවස්ථා තියෙනවා, හැබැයි මේකෙ කිසිම සත්‍යතාවක් නෑ. මේ විදිහෙ පෙනයට වුණ හානියක් නිසා ගැහැණු හෝ පිරිමි ඕනම නයෙක්ගෙ පෙනේ පැත්තක් අඩුවෙන් පිහිටන්න පුලුවන් .
------------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

දැලකට පැටලුණු තිත් පොළඟා 🐍පාදුක්ක ප්‍රදේශයේ වගාවක් පවත්වාගෙන යන ඉඩමක දැලක පැටලිල ඉඳල ආරක්ෂිතව අල්ලා ඉවත් කරපු තිත් පොළඟා...
25/10/2025

දැලකට පැටලුණු තිත් පොළඟා 🐍
පාදුක්ක ප්‍රදේශයේ වගාවක් පවත්වාගෙන යන ඉඩමක දැලක පැටලිල ඉඳල ආරක්ෂිතව අල්ලා ඉවත් කරපු තිත් පොළඟා තමයි මේ.
සාමාන්‍යයෙන් මේ විදිහෙ දැලකට සර්පයෙක් පැටලිල ඉන්නකොට ඒ සර්පයා ගොඩක් බයෙන් වගේම වේදනාවෙන් ඉන්නෙ. ඒ නිසා මේ වගේ ඉන්න සර්පයෙක් හැම වෙලාවකම බලන්නෙ තමන්ගෙ ආත්මාරක්ෂාව වෙනුවෙන් දෂ්ඨණයක් කරන්න.
මේ වගේ දැලක පැටලුනු නයෙක්ව ඉවත්කරන්න උත්සහ කිරීමේදී පුද්ගලයෙක්, ඒ නයාගෙ දෂ්ඨණයට ලක්වූණු අවාසනාවන්ත සිදුවීමක් මාස කීපයකට කලින් ඉන්දියාවෙන් වාර්තාවුණා.
ඒක නිසා මේ වගේ සර්පයෙක්ව ආරක්ෂිතව ඉවත්කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන වගේම පුලුවන් උපරිමයෙන් ආරක්ෂිත උපාංග භාවිතා කරන්න පුලුවන් නම් ඒ දේ කරන කෙනාට හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.
දැලට පැටලීම නිසා මේ තිත් පොළඟගෙ ශරීරයේ තැන් කීපයකම සම තුවාල වෙලා තිබුණා. කොහොම උනත් මේවට ප්‍රතිකාර කිරීමෙන් පස්සෙ සති එකහමාරක් දෙකක් පමණ කාලෙකින් ,ඒ තුවාල සුව අතට හැරුණු බවත් තිත් පොළඟා යහපත් සෞඛ්‍ය තත්වයෙන් ඉන්න බවත් කියන්න ඕන.
--------------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

වැස්ස කාලෙදි මෙයාලා ගැන අවධානෙන් ඉන්න !! 🐍🌧️හෝකන්දර ප්‍රදේශයේ නිවසක ගේට්ටුවේ සිටියදී දින දෙකකට කලින් ආරක්ෂිතව අල්ලල ඉවත්...
18/10/2025

වැස්ස කාලෙදි මෙයාලා ගැන අවධානෙන් ඉන්න !! 🐍🌧️
හෝකන්දර ප්‍රදේශයේ නිවසක ගේට්ටුවේ සිටියදී දින දෙකකට කලින් ආරක්ෂිතව අල්ලල ඉවත්කරපු උග්‍රවිෂ කුණකටුවා තමයි මේ ඉන්නෙ. රාත්‍රී 8ට පමණ වැස්ස තිබුණ වෙලාවක, නිවසේ හිටපු කෙනෙක් පිටතට යන්න හදනකොට මෙයාව දැකල තිබුණේ. වාසනාවකට වගේ එහෙම නොදැක්කනම් කකුල් මට්ටමට ආසන්නව හිටපු මේ සර්පයගෙන් සමහරවිට දෂ්ඨණයකට ලක්වෙන්න උනත් ඉඩ තිබුණා.
කුණකටුවා ඇතුලු තෙලිස්සන් විශේෂ වැහි කාලවලදී පොළවේ ඉඳල තරමක් උස ස්ථාන වලට නගින්න පෙලඹෙනවා. ස්වභාවික පරිසරේදි නම් වැඩිය උස නැති ගස් සහ පඳුරු වලට නැගීම සිදුකරනවා. මිනිස් වාසස්ථාන ආශ්‍රිතව නම් මේ වගේ ස්ථාන වලට අමතර නිවස පිටතින් තියල තියෙන පුටු, දර මැස්සවල් , නවත්තල තියෙන යතුරුපැදි සහ පාපැදිවලටත් නැගල හිටපු අවස්ථා ඕන තරම් වාර්ථාවෙනවා. ඒ නිසා වැහි කාලවලදී මේ ගැන අවධානයෙන් සිටීමෙන් මෙයාලගෙන් වෙන්න පුලුවන් දෂ්ඨණ ලේසියෙන්ම වළක්වාගන්න පුලුවන්.
-----------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

මීගොඩ බටවල ප්‍රදේශයෙන් ආරක්ෂිතව අල්ලා ඉවත්කළ පැටවුන් දැමීමට ආසන්න තිත් පොළඟා. එම ප්‍රදේශයේ කැළය වැවී තිබූ හිස් ඉඩමක් එහි...
04/10/2025

මීගොඩ බටවල ප්‍රදේශයෙන් ආරක්ෂිතව අල්ලා ඉවත්කළ පැටවුන් දැමීමට ආසන්න තිත් පොළඟා. එම ප්‍රදේශයේ කැළය වැවී තිබූ හිස් ඉඩමක් එහි හිමිකරුවන් විසින් එළිපෙහෙළි කළ අවස්ථාවේ මේ තිත් පොළඟා එම ඉඩමේ වෙනත් ස්ථානයක සිට ඉඩමේ කෙළවරේ තිබූ ගුලකට රිංගා තිබුණි. මෙය දුටු එහි හිමිකරුවන් සහ ප්‍රදේශවාසීන්, මේ ගැන දැනුවත්කිරීමක් සිදුකළ අතර ගුලේ සිටි අඩි තුනහමාරක පමණ තිත් පොළඟාව ආරක්ෂිතව අල්ලා ඉවත්කිරීමට හැකිවිය.
------------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

පැය 7ට ආසන්න කාලයක් නිවැසියන්ට washroom භාවිතය තහනම් කළ නාගයා !!🐍පිළියන්දල පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙක් ඊ...
28/09/2025

පැය 7ට ආසන්න කාලයක් නිවැසියන්ට washroom භාවිතය තහනම් කළ නාගයා !!🐍
පිළියන්දල පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙක් ඊයේ දිනයේ දහවල් දෙකට පමණ වැසිකිළියට ගොස් සිටි අවස්ථාවේදි, ඔහුගේ කකුල අසලින් සර්පයෙක් ඇදීයන බව දැක තිබුණා. මුලින්ම මේ ගැරඬියෙක් විය හැකියැයි ඔහු සිතුවත් සුළු වේලාවකින් මේ සර්පයා පෙනය කරනවා දැකීමත් සමග ඒ පුද්ගලයා බියට පත්වී washroom එකෙන් පිටතට පැමිණ එහි දොර වසා අනෙක් නිවැසියන්ටත් මේ ගැන දැනුවත්කර තිබුණා. ඉන්පසු ඔවුන්ගේ හිතවතෙක් පැමිණ washroom එකේ නාගයා සිටිනවාද කියා බැලුවත් පෙනෙන්නට නොසිටි අතර ඔවුන්ගේ අනුමානය වී තිබුණේ මේ සර්පයා සින්ක් එක හෝ කොමඩ් එක පසුපස කොටසේ රිංගා සැඟවී සිටිනවා විය හැකි බවයි. නැවතත් washroom එකේ දොර වසා දැමූ එම නිවැසියන් තීරණය කර තිබුණේ නාගයාව ඉවත්කරගන්නට බැරි උනොත් එදින රාත්‍රිය වෙනත් නිවසකට ගොස් ගත කිරීමටයි. සර්පයාව අල්ල ඉවත්කරගන්නට කෙනෙක්ව සම්බන්ධ කරගැනීමට ඔවුන් උත්සහ කර තිබුණත් ඒ අවස්ථාවේ කිසිවෙක් සොයාගැනීමට ඔවුන්ට හැකි වී තිබුණේ නෑ. නයා ඉවත්කරගැනීමට ක්‍රමයක් කල්පනා කරමින් සිටි නිවැසියන්ට මගේ දුරකථන අංකය ඔවුන්ගේ ඥාතියෙක් විසින් ලබාදී තිබුණේ සවස අඳුරු වැටෙන්නටත් ආසන්න වෙලාවකයි. මේ අවස්ථාවේදීම නිවැසියන් විසින් මේ ගැන මට දැනුවත්කළ අතර ඒ වනවිට මම වෙනත් ස්ථානයක නයෙක් ඉවත්කිරීම සඳහා යමින් සිටි නිසා එය අවසන් කළ සැනින් අදාල ස්ථානයට පැමිණෙන බව ඔවුන්ට දන්වා සිටියා. එම නිවසට ළඟා වීමෙන් පසුව ඔවුන්ගෙන් විස්තර දැනගෙන සර්පයා සිටි washroom එක විවෘත කර නිරීක්ෂණය කිරීමේදී මොප් එක දමන භාජනය තුල ගුලිවී සිටි අඩි දෙකකට ආසන්න නාගයාව දැකගන්නට හැකිවුණා. පැය 7ට ආසන්න කාලයක් එම නිවසේ washroom එකේ බලෙන් පදිංචි වී සිටි නාගයාව ආරක්ෂිතව අල්ලා ඉවත්කරන්න හැකිවූ අතර නිවැසියන්ටද එදින රාත්‍රිය බියෙන් සැකෙන් තොරව නිවසේම ගතකරන්න අවස්ථාව ලබාදෙන්නත් හැකිවුණා.
-----------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

තිත් පොළොං පැටවුන් බිහිවන කාලය ! 🐍මාලබේ ප්‍රදේශයේ නිවසක මිදුලේ සිටියදී, නිවැසියන් දැකල කරපු දැනුම්දීමකට අනුව මේ තිත් පොළ...
06/09/2025

තිත් පොළොං පැටවුන් බිහිවන කාලය ! 🐍
මාලබේ ප්‍රදේශයේ නිවසක මිදුලේ සිටියදී, නිවැසියන් දැකල කරපු දැනුම්දීමකට අනුව මේ තිත් පොළොන් පැටියව ආරක්ෂිතව අල්ලල ඉවත්කළේ පසුගිය සතියේ දිනයක. මේ සර්පයාවගෙ වයස ආසන්න වශයෙන් සති 1-2ක් අතර වගේ කියල අනුමාන කරන්න පුලුවන් . අවුරුද්දෙ මේ කාලෙදි තමා තිත් පොළොන් පැටවුන් බිහිවෙන්නෙ. ගොඩක් සර්ප විශේෂ බිත්තර දැමීම සිදු කළත් ලංකාවේ හමුවෙන සියලුම සත්‍ය පොළඟුන් සහ වළ පොළොඟුන් ( තෙලිස්සන් & පළා පොළඟා)
අණ්ඩජලාබුජතාවය (ovoviviparity) එහෙම නැත්තන් සරලවම කිව්වොත් බිත්තර වලින් පැටව් එලියෙට පැමිණීම ගැහැණු සතගෙ ශරීරය තුලම සිදුවෙලා ජීවි පැටවුන් බිහිකිරීම සිදුකරනවා. බොහෝ වෙලාවට පැටවුන් 5- 40 අතර ප්‍රමාණයක් තිත් පොළඟුන් බිහි කරත් , 40ට වැඩියෙන් පැටවුන් බිහිකරපු අවස්ථාද වාර්ථා වෙනවා.
-----------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

විස නැති උනත් කලබල ගති ඇති කටකලුවා 🐍 !!හෝමාගම හබරකඩ ප්‍රදේශයේ නිවසක් තුල හිටපු මේ නිර්විෂ කටකලුවාව ආරක්ෂිතව ඉවත්කරේ පසුග...
31/08/2025

විස නැති උනත් කලබල ගති ඇති කටකලුවා 🐍 !!
හෝමාගම හබරකඩ ප්‍රදේශයේ නිවසක් තුල හිටපු මේ නිර්විෂ කටකලුවාව ආරක්ෂිතව ඉවත්කරේ පසුගිය සතියේ දවසක. කටකලුවන් නිර්විෂ වුණත් කලබල වුණ වෙලාවට ශරීරයේ ඉදිරිපස කොටස දඟර ගසා ඉදිරියට පණිමින් හපාකන්න උත්සහා කරනවා. මේ වෙලාවෙදි මේ සර්පයාගෙ කට ඇතුලෙ කලු පැහැය පේන නිසා තමයි මෙයාට කටකලුවා කියන නම ලැබෙන්නෙත්. විස සර්පයෙක් නොවුණත් මෙයාගෙ මේ ගති ලක්ෂණ නිසාම විෂ සර්පයෙක් කියල රැවටෙන ගොඩ දෙනෙක් නිරපරාදෙ කටකලුවව ම # රා දමන්න පෙලඹෙනවා. අඩි 5ක් පමණ හැදෙන කටකලුවන් බොහෝ වෙලාවට මීයන් ගෙම්බන් වගේ සතුන් ආහාරයට ගන්න නිසා මිනිස් වාසස්ථන ආශ්‍රිතව දැකගන්න පුලුවන්. ශරීරයේ මුල් භාගයේ එක් වර්ණ රටාවකුත් අග භාගයේ තවත් වර්ණ රටාවක් පිහිටීම නිසා කටකලුවා, නයාගේ සහ ගැරඬියාගේ සංසර්ගයෙන් බිහිවෙන බවට මිත්‍යා මතයක් තිබුණත් මේකෙ කිසිම සත්‍යතාවක් නෑ.
-----------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

කොළඹ 8න් හමුවුණ පුංචි හැඩකාරයා ! 🐍කොළඹ 8, බොරැල්ල ප්‍රදේශයේ නිවසක මිදුලෙ තමයි මේ සති කීපයක් වයස නයි පැටවා ඉඳල තියෙන්නෙ. ...
17/08/2025

කොළඹ 8න් හමුවුණ පුංචි හැඩකාරයා ! 🐍
කොළඹ 8, බොරැල්ල ප්‍රදේශයේ නිවසක මිදුලෙ තමයි මේ සති කීපයක් වයස නයි පැටවා ඉඳල තියෙන්නෙ. නිවසේ හිටපු සුනඛයන් පන්නපු නිසා නිවස ඇතුලට මේ සර්පයා ඇදෙනකොට තමයි නිවැසියන් මෙයාව දැකල තිබුණෙ. මේ ගැන මට කරපු දැනුම්දීමකට පස්සෙ මේ නයි පැටවාව ආරක්ෂිතව ඉවත්කරන්න හැකියාව ලැබුණා.
-----------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

මල් පෝච්චි වලට අත දානකොට පරිස්සමින් ! 🐍🪴හෝමාගම හබරකඩ සීලාලංකාර මාවතේ නිවසක තිබ්බ මල් පෝච්චියක  හිටපු මේ උග්‍රවිෂ කුණකටුව...
08/08/2025

මල් පෝච්චි වලට අත දානකොට පරිස්සමින් ! 🐍🪴
හෝමාගම හබරකඩ සීලාලංකාර මාවතේ නිවසක තිබ්බ මල් පෝච්චියක හිටපු මේ උග්‍රවිෂ කුණකටුව / පොළොන් තෙලිස්සව ඊයේ හවස දැකල තිබුණේ මේ නිවසේ කෙනෙක් මල් පැලවලට වතුර දාන්න ගිය අවස්ථාවේදී.
සාමාන්‍යයෙන් තිත් පොළඟුන්ට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වළ පොළඟුන් (pit vipers) විශේෂයක් වන කුණකටුවන් මල් පෝච්චි වගේ හෙවන & තෙතමනය ඇති තැන්වල සැඟවී ඉන්න පෙලඹෙනවා. ඒ මේ වගේ තැන්වල මෙයාල කෑමට ගන්න සිකනල්ලු, ගෙම්බො වගේ සත්තු ගොදුරු කරගන්න පහසු නිසා. ගොඩක් වෙලාවට මේ සර්පයින්ගෙ වර්ණ කොළරොඩු වර්ණයට සමාන නිසා එකවරම පේන්නෙ නැතිවෙන්නත් පුලුවන්.
තෙලිස්සන් විශේෂයෙන්ම හිස අංශක 45ක කෝණකයකට තියාගෙන ඉන්න නිසා ගොඩක් වෙලාවට පූර්ව දැනුම්දීමකින් තොරව දෂ්ඨ කරන්න පුලුවන්. මේ නිසා ගෙවත්තෙ තියෙන මල් පෝච්චි වල වැඩ කරද්දි අවදානයෙන් කරන්න ඕන වගේම ගණකම් අත්වැසුම් (glowes) පළඳින්න පුලුවන් නම් වඩාත් හොඳයි.
මේ සර්පයා ගැන නිවැසියන් කරපු දැනුම්දීමකට අනුව, ආරක්ෂිතව අල්ලා ඉවත්කරන්න හැකිවුණා, ඒ වගේම මාස එකහමාරකට පමණ කලින් උග්‍රවිෂ තිත් පොළඟෙක් ආරක්ෂිතව අල්ලා ඉවත්කරෙත් මේ නිවසේම මිදුලේ සිටියදියි.
-----------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

Address

Colombo

Telephone

+94752098871

Website

Alerts

Be the first to know and let us send you an email when Bhasuru Prabashwara snake rescue posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bhasuru Prabashwara snake rescue:

Share