25/04/2023
ගල හොඳනම් අඹරන කහ මක්වේද
මව හොඳනම් දුව පතිවත නොරකීද
මග හොඳනම් යන ගමනක් වරදීද
හරිදේ කලොත් එහි අස්වනු නැතිවේද ...
බිත්තර වී කිලෝවක් ගන්න ගියාම මිළ
වී කිලෝවක් විකුනන්න ගියාම ලැබෙන මිළ
මේ අතරේ ලොකු වෙනසක් තියනවා නේද ?
ඒ මොකද කියලා කල්පනාකරලා බලන්න ...
එහෙම නැතුව හැමදාම ආඩපාලි කියන්න ,නාහෙන් අඬන්න උවමනා නෑ
හරියට දැනගන අපි ක්‍රියාත්මක වෙමු ..
අපිට උවමනා බිත්තර වී අපිම නිපදවා ගමු….
අස්වැන්න හොඳට සාර්ථක වෙන්න , හොඳම බිත්තර වී වගාකරන්න ඕනනේ
එහෙම නැතුව ඔය තියන මොනවාහරි ඉහලා
අනේ අපේ ගොවිතැන පාඩුය් නොකියා සාර්ථක වගාවක අස්වැන්නක් වෙනුවෙන් ....
මොනවද අපිට කරන්න තියන්නේ ...
අපේ රටේ සම්මත බීජ පනතේ තියන නිර්දේශ අනුව බිත්තර වී මිළටගන්න ගියොත් කවදාවත් අපිට එහෙම ගුණාත්මක නිෂ්පාදන හොයාගන්න වෙන්නෙම නෑ . ඒ උනාට අපි දැනගන ඉන්න ඕනනේ ඒ නිර්දේශ මොනවද කියලා නේද ?
මුළින්ම ඇත්තටම මොනවද මේ තියන බීජ වර්ග සහ නිර්දේශ කියලා හොයලා බැලුවා ...
ඒ විදිහට හොයද්දි තමා මෙන්න මෙහෙම වර්ගීකරණයක් ...
1. අභිජනන බීජ/ Breeder seed
2. අත්තිවාරම් බීජ/Foundation seed/F1
3. ලියාපදිංචි කළ බීජ/ Registered seed
4. සහතික කළ බීජ/Certified seed
4. වෙළෙඳ බීජ I හා II (පැලවීම පමණක් පරීක්ෂා කරන ලද)/
තවත් පැහැදිළිව ලීවොත් මෙහෙම ...
“අභිජනන බීජ”/Breeder seed
අළුතින් වී වර්ගයක් නිපදවීම වෙනුවෙන් පර්යේෂණ ගණනාවක් කරළා සොයාගත්ත වී වර්ගය තමා “අභිජනන බීජ” ලෙස හඳුන්වන්නේ.
සමහර විට මේ වෙනුවෙන් මීට පෙර අභිජනනය කර සාදාගත් වී වර්ග එකක් හෝ කිහිපයක් , දේශීය පැරණි වී වර්ග වගේම විදේශීය වී වර්ගත් යොදාගන්නවා .
බතලගොඩ/ BG ,අම්බලන්තොට/AT ,බෝඹුවල/BW ,ලබුදූව/LD වගේ පර්යේෂණ අභිජනන මද්යස්තානයක අවුරුදුගනනාවක් පර්යේෂණ කරලා නිපදවන බීජ.
උදාහරණයකට වගේ අපි හැමෝම දන්නා BG 300 වී නිෂ්පාදනයට පර්යේෂණ වෙලා තියන
බීජ තමා BG367/7, BG276/5 සහ IR841 වී වර්ග. ඒ වී වර්ගවල ගුණාත්මක
දේවල් එකතුවක් තමා නව ප්‍රබේධයක් ලෙසින් BG300 කියලා අපිට ලැබුනේ .
එහෙම පර්යේෂණ මද්‍යස්තානයක හදාගත්ත අභිජනන බීජ වී දෙනවා බීජ ගොවිපළවල් වලට.
“අත්තිවාරම් බීජ”/Foundation seed/F1
ගොවිපළවල් වල ඒ අභිජණන බීජ තවදුරට වගකරලා ඒ අස්වැන්න අරගන ගොවිතැන වෙනුවෙන් යොදාගන්න ඒවා “අත්තිවාරම් බීජ” ලෙස නිකුත්කරනවා ..
“ලියාපදිංචි බීජ “/ Registered seed
එසේ වගකරණ ලද බීජ වර්ග ඉතාම සුළු ප්‍රමාණවලින් “ලියාපදිංචි බීජ වී” ලෙස මිළදී ගැනීමට රජයේ බීජ ගොවිපළවල් වෙතින් හැකියාව තියනවා .
"සහතික කළ බීජ"/ Certified seed
ගොවිපළවල් වලින් බීජ වී නිෂ්පාදනයක් වෙනුවෙන් ලියාපදිංචි ,ඒ වෙනුවෙන් කැපවීමෙන් තාක්ෂණික පුහුණුව සහිත ගොවියන් හෝ ආයතන වෙතට දීලා , ඒ නිපදවන බීජ සහතිකකිරීම වෙනුවෙන් නැවතත් යොදාගන්නවා . එම සහතික කර අනුමත ප්‍රමිති සහතිකය සහිත වී තමා "සහතික කළ බීජ" වී ලෙස ලේබල් වෙලා වෙළඳපලේ විකිණීමට තියන්නේ .
විශේෂයෙන්ම සඳහන් කළ යුත්ත නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික කළ මේ වර්ග සඳහා නිසි ප්රමිතියක් තිබීමයි.
සහතික කළ බීජ ප්‍රමිතිය.
1. තෙතමනය 13% (උපරිම)
2. පැළවීමේ ප්‍රතිශතය 85% (අවම පරෝහණ ප්‍රතිශතය)/ Higher germination
බීජ සුප්තතාවය/ seed dormancy
සරු කාලය Longevity of Seed is defined as seed viability after seed dry storage
3. පාරිශූද්ධතාවය 98%(අවම) / Higher physiological vigor and stamina.
උසස් ගුණාත්මක ප්‍රබේදය වෙනසක් නොමැතිව
4. අපද්රව්ය 2%(උපරිම)/ Higher physical purity for certification./පිරිසුදු බව
5. හඳුනාගත හැකි වෙනත් වර්ග බීජ100 (ග්රෑම් 500 ක උපරිම)/ Higher genetically purity: කලවන් /මිශ්‍ර නොවූ
හැඩය ./ප්‍රමාණය .වර්ණය Possession of good shape, size, color, etc.,
According to specifications of variety.
6. වල් පැළෑටි බීජ බීජ 10(ග්රෑම් 500ක උපරිම)/
7. කෘමි හානි යාන්ත්රික හානි වූ බීජ බීජ 200 (ග්රෑම් 500ක උපරිම)/
බීජයේ බර සහ භාහිර ස්වභාවය/ Higher physical soundness and weight
සහතික කළ බීජ නිෂ්පාදනයේදී එම ප්‍රමිතියට නැත්නම්, ඒවා සහතික කරන ලද බිත්තර වී යනුවෙන් ලේබල් කරන්න බෑ . එම බීජ ප්‍රමිතියෙන් යම් තරමක් අඩු වෙන්න පුළුවන්.
ඒවා "වෙළෙඳ බීජ" කාණ්ඩ ලෙස වර්ගීකරණය කරලා වගා කිරීම සඳහා ගොවින් වෙත නිකුත් කරනවා. එම වී පැළවීම පමණක් පරීක්ෂාකරන ලද බිත්තර වී වශයෙන්ද වෙළඳපලේ තියනවා..
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ "බීජ සහතික කීරීමේ සේවයේ කාර්යාල" ලංකාව පුරාම තියෙනවා
අපිට හැකියාව තියනවා නිසි ප්‍රමිතියට සාර්ථක බිත්තර වී වගාවක් කරලා ඒ අස්වැන්න අරගන සහතික කරගන්න .
ඒ සහතික වී ලේබල් සහිතව ගොවියන්ට වගාවට වෙළඳපල වෙතට යවන්න .
ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කැමතිනම් ඔන්න අවස්ථාව තියනවා .
ඒ නැතත් හැමදාම ගොවිතැන කරන අපිට අපේ අවශ්‍යතාව වෙනුවෙන්
වගාවේ වී ගස් වලට වඩා බජිරි ,මාරුක් ,වල් වී නැති ,
සම්බා නාඩු කළවම් නැති පිරිසිදු ,
උස ,මිටි තට්ටු පීදෙන්නේ නැති ,
එකට පීදිලා එකටම කිරට නැවිලා පැහිලා තියන
රතු නිවුඩු ,සුදු නිවුඩු කලවම් නැති ,
තවත් කන්න දෙක තුනක් ඉහින්න පුළුවන් වී ටිකක් හදාගන්න පුළුවන්නම් ...
අපි හැමදාම කථාකරන
අඩුවියදම් ගොවිතැන වෙනුවෙන් ඒ මහන්සිය ගොඩාක් වටිනවා නේද ?
තෙත් කළාපයේ අස්වැන්න අඩු උනත් ,වියළි ,අතරමැදි කළාපවල සාමාන්‍ය අස්වැන්න සළකන්නේ කිලෝ 20ට කිලෝ 800-1600 වගේ අතර .
ඒ වෙනුවෙන් අපි කොච්චර මහන්සිවෙලා දාඩියහෙළනවද ? වියදම් කරනවද ?
එහෙම ගොවිතැනක සාර්ථක බව පවතින්නේ ලැබෙන අස්වැන්න අනුව .
තමුන්ගේ කුඹුරට ගැළපෙන වී වර්ගය සහ පැළවීම විතරක් හිතලා වී ගොවිතැන කරන්න බෑ .
දරුවෝ යහපත් වෙන්න දෙමවුපියෝ යහපත් වෙලා හොදට කන්න බොන්න දීලා බලාගන්න ඕනේ .
බීජ පරික්ෂණාගාර වලට යවලා තහවුරු කරලා ලේබලයක් එල්ලගන්න එක අමතක කරන්න පුළුවන් උනත් ,
ඒ සහතික ලේබල් එකේ වටිනාකම දන්නවානේ දැන් .
අමාරු දේවල් නෙවේනේ ....
සාමාන්යයෙන් අනෙක් කුඹුරක කරන සියලුම කටයුතු එනම් පොහොර යෙදීම ජල පාලනය, වල් පැල පාලනය, රෝගපාලනය, කෘමි පළිබෝaධ පාලනය ආදිය මනා සැලකිල්ලෙන් හා වැඩි අවධානයකින් යුතුව කරන්න වෙනවා
කවලම් වී කරල් ඉවත් කරනවා... වගාවේ තිබෙන වර්ගයට අනුකූල නොවන වෙනත් වර්ගවල කරල් ඉවත් කිරීම, වල් බීජ කරල් ඉවත් කිරීම නිරන්තර අවධානයෙන් යුතුව කිරීම වගේම වගාව පිදීමට පෙරත් පීදුනු පසුවත් පැසුණු පසුවත් වර්ගයට අදාළ නොවන කරල් හා වල් බීජ කරල් කපා ඉවත් කළ යුතුමය්.
උස වැඩි හෝ අඩු ගස් ඉවත්කරනවා ..
කළින් පූදින හෝ පහුවෙලා පූදින ඒවාත් ගලවනවා ..
වල් වී , මාරුක් ,බජිරි නැති වගාවක් හදාගන්නවා ..
අස්වැන්න නෙළන්න පෙර නිසියාකාර සැළසුමකින් ක්‍රියාත්මක වෙනවා .. වෙනත් වර්ග කළවන් නොවීමට බලා බලා ගැනීම ඉතා වැදගත්. කොළ පෑගීමේදීත්, වී වේලීමේදීත්, අවධානයකින් යුතුව කිරීම වැදගත්.
අවශ්‍ය සියළු උපදෙස් තමන්ගේ ගොවිජන බල ප්‍රදේශයේ අදාළ කෘෂි නිළධාරීන් දැනුවත් කරළා ලබාගන්න පුළුවන් වගේම ඔවුන් නිරතුරු ක්ෂේත්‍ර පරීකෂා කිරීමටත් ගෙන්වාගන්න පුළුවන්.ඒ වෙනුවෙන් අපේ බදු මුදල් වලින් රජයෙන් ඔවුන්ට දීමනාවක් ලබාදෙනවා කියලත් අමතක කරන්න එපා .
සාමන්‍ය වී වගාවකට වඩා බිත්තර වී වගාවකදී වෙනස තමා ඉතාමත් කෙටියෙන් ලීවේ .
එහෙමනං ...
මේ එන යල් කන්නය වෙනුවෙන් පුළුවන් විදිහට බිත්තර වී වගාවක් කළොත් ...
ඒ සියළු තොරතුරු පිළිවලට ලියාගන ,ෆොටෝ අරගන තියාගන ,
අවසානයේ අස්වැන්න අරගන ඒවාට සහතිකයක් ගන්න හැකියාව ලබාගත්තොත් ..
ඔන්න ඔයාලට පුළුවන් 'කෘෂි අරුණෝදය "සමූහයට පෝස්ට් එකක් එවන්න ...
"සහතික කළ බිත්තර වී විකිණීමට තිබේ"
අමතක නොකර පිළිවලට අරගත්ත ලස්සන ෆොටෝ ටිකත් ඒ පෝස්ට් එකේ එල්ලන්න ඈ....
ජයවේවා !
කෘෂි අරුණෝදය වෙනුවෙන් මා
විජිත රණසිංහ
2023.04.25
https://web.facebook.com/groups/1010358815683325/posts/6363405527045267/?__cft__[0]=AZUKBtODjDqhsZuKsoVR0iOdKLuiH3t5Qsqk2QN813oU0ucg6d15oe4k-z9GM7Dtapa4s7zpoqlGMXqB4i4xVc9nCiMVxMghssuuBDOtwYn0ggr0EAWhBShvZh_yrmBPg-Ph2XRoxOah3BJ7zV4Y7lyM4oSTDETOgSCmMR99_Ii-sM24nwCYI6VUsrToYrN5g4c&__tn__=%2CO%2CP-R
https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fyoutu.be%2FPz_xxVvNSC8%3Ffbclid%3DIwAR2U4ppoKkr3aV6-TgOwdPk47q0Baloer-zSgyHPNH4vwzJEuYiiRzAI5pg&h=AT0dTaRQi7KA8HUEJe1JMfBS2haPOaPrOfv7ogwrr2xf3B1btu6OKZD2UEsI_d6WKTcdB8YRIS1mWWMMTCDjunABGMPXC2pZX0sTfj_SC9SAhhpunMygU4DlvsEyPEZhoMMk0BTs71xOutNs&__tn__=R]-R&c[0]=AT1z3nelpSYAuqhicsL9XjhfBqXQbKlrRrQBSghVT0axYXlvvZyN42NRpSPkwf6LG7s0CrQPG5J-rQq_Y571rgttQyWbkjT8-KLFXQWe7IqUp0XSKp7pxeF0uApCSneDlxmxfvW_Kp2VP2hPFJs6rFVMlR-hIJvf6PfQ98gvT5icbrYrNoFNRoKCEUQE6Wp6G4NA9NC2ORehmnS-FPOVME12ZUfX